වසර 58කට පෙර සිදුවූ අසාර්ථක රාජ්‍ය-විරෝධී කුමන්ත්‍රණය
Posted on January 27th, 2020

ජානක පෙරේරා විසිනි

 බ්රිතාන් පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ලංකාවේ සිදුවූ ප්රථම අසාර්ථක රාජ් විරෝධී කුමන්ත්රණය සිදුවී මෙම ජනවාරි 27 දාට වසර 58කි. මෙරට නීත්යානුකූල රජයක් පෙරලා දැමීම්ට ගත පළමු උත්සාහයයි.

කුමන්ත්රණ කරුවන් වුයේ ඉහල නිලයන් දැරූ යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසකිඑවකට ලංකාවේ ත්රිවිධ හමුදාවන් අදට වඩා බෙහෙවින් කුඩා විය. හමුදාපති  වරුන්ගේ ඉහලම නිලයන් වුයේ මේජ ජෙනරල් (යුද හමුදාව) රිය අද්මිරල් (නාවික හමුදාව) සහ එයා වයිස් මාෂල් (ගුවන් හමුදාව). 

වසර 1962 ජනවාරි 27දා දහවල් 12 පමණ එවකට රහස් පොලිසිය භාර නියෝජ් පොලිස්පති එස්.. දිසානායක මහතාට මහතාට එවන් කුමන්ත්රණයක් පිලිබඳ සැක සිතීමට තුඩු දෙන තොරතුරක් ලැබී තුබුනි. පිළිබඳ එවකට සිටි පොලිස්පතිව සිටි වෝල්ට අබේකෝන් මහතාට සහ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියට දැන්වීමට පෙර මෙහි ඇත්ත නැත්ත කුමක්දැයි ස්ථිර වශයෙන්ම දැනගැනීමට දිසානායක මහතාට අවශ් විය.

එදින සවස 5.15 පමණ කොළඹ ඔරියන්ට් සමාජ ශාලාවේ සිටි පොලිස්පති අබේකෝන් මහතාටද මේ ගැන ඉඟියක් ලැබී තිබුනි. එය ඔහුට දැනගන්නට ලැබුනේ එවකට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේක්ම්වරයෙකුව සිටි මෙරට ප්රධාන පෙලේ අධ්යාපනඥයකු වූ පී එස්.කුලරත්න මහතාගෙනිකුලරත්න මහතාගේ දියණිය වූ මායා විවාහ වී සිටියේ එවකට කොළඹ නගරය භාර පොලිස් අධිකාරීව සිටි ස්ටැන්ලි සේනානායක මහතා සමගය. ප්රධාන කුමන්ත්රණ කරුවෙකු  වූ  නියෝජ් පොලිස්පති සී.සී. දිසානායක රජය පෙරලා දැමීමට සේනානායක මහතාගේ සහාය ලබා ගැනීමට තැත් කල නමුත් ඊට තමා තුල ඇති විරුද්ධත්වය මතුපිටින් නොපෙන්වූ සේනානායක මහතා ගැන සිය බිරිඳ වූ මායාට දැන්වීය. ඇය එය වහාම මොහොතේ අම්බලන්ගොඩ සිටි සිය පියාට දුරකථනයෙන් දැන්වූවාය. කුමන්ත්රණය දියත් කිරීමට සැලසුම් කර තිබුනේ එදින රාත්රියේය. (සී.සී. දිසානායක සහ එස්.. දිසානායක දෙසොහොයුරන් වූ නමුත් යම් හේතුවක් නිසා දෙදෙනා සිටියේ අමනපයෙනි) 

කුමන්ත්රණය ගැන සියලු තොරතුරු වහාම තහවුරු කරගෙන තමන්ට දන්වන ලෙස පොලිස්පතිවරයා එස්.. දිසානායක මහතාට උපදෙස් දුන්නේයඑදින රාත්රී 7.00 පමණ එවකට මුදල් ඇමතිව සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මේ ගැන දැනගත් වහාම පොලිස්පතිවරයා සිය නිවසට කැඳවා  එස්.. දිසානායක මහතා සමග අගමැතිනිය හමුවන ලෙසට පැවසීය.

ඔවුන්ගෙන් සම්පූර්ණ විස්තර දැනගත් ඇය බම්බලපිටිය ඩිපෝ පොලිසියට  (වත්මන් පොලිස් ක්ෂේත් බලකා මූලස්ථානය) සීල් තබා එතැනින් කිසිදු අවි ආයුධ හෝ වාහන හෝ  කිසිම කටයුත්තක් සඳහා පොලිස් භටයන් ගෙනයාම තහනම් කරන ලෙසට අණ දුන්නාය. එමෙන්ම කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ ගුවන් විදුලි පණිවුඩ සහ ටෙලිටයිප් යන්ත් කාමරයටද සීල් තබන ලෙසටද ඇගෙන් අණ ලැබින.

ඉන්පසු ඇය ත්රිවිධ හමුදාපතීන් අරලියගහ මන්දිරයට කැඳ  වූවාය. මුලින්ම පැමිණියේ වැඩබලන නාවික හමුදාපතිව සිටි කොමදෝරු රාජන් කදිරගාමර් මහතාය (ඔහුගේ බාලම සොහොයුරා වුයේ පසු කලෙක විදේශ ඇමති වූ ලක්ෂ්මන්  කදිරගාමර්ය).  අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට නාවික හමුදා භට පිරිසක් යොදවන ලෙසට රාජන් කදිරගාමර්ට අණ ලැබින. එවකට යුද හමුදාපතිව සිටි මේජ ජෙනරල්  වින්ස්ටන් විජේකෝන් මහතා, ගුවන් හමුදාපති එයා වයිස් මාෂල් ජේ. එල්. බාක මහතා සහ රාජන් කදිරගාමර් මහතා යන තිදෙනම පවසා සිටියේ තමන් කුමන්ත්රණය ගැන කිසිවක් නොදන්නා බවයි.   (බ්රිතාන් රාජකීය ගුවන් හමුදා නිලධාරියෙකු වූ බාක මහතා රාජකීය ලංකා ගුවන් හමුදාපති ලෙස අනුයුක්ත කරනු ලැබ සිටියේය)

අගමැතිනියගේ උපදෙස් පරිදි පොලිස්පති අබේකෝන් මහතා තමාගේ අනුමැතියෙන් තොරව සාමාන් රාජකාරි පිළිවෙතින් බැහැර වූ කිසිම අණක් ක්රියාත්මක නොකරන ලෙසට දිවයිනේ සියලුම පොලිස්ථානවලට දැන්වීයසාමාන් රාජකාරි පිළිවෙතින් බැහැරව සී. සී. දිසානායක මහතා වෙතින් එවැනි අණ ලැබූ කොළඹ කොට්ටාශයේ සහ බස්නාහිර පළාතේ පොලිස් අධිකාරී වරුන් සහ සහකාර පොලිස් අධිකාරී වරුන් රැසක් අරලියගහ මන්දිරයට කැඳවන ලදහ.

අගමැතිනිය ඇතුළු කැබිනට් ඇමතිවරුන්, පොලිස්පති සහ ත්රිවිධ හමුදපතීන් සමග කෙරුනු සාකච්චාවකින් පසු කුමන්ත්රණකරුවන් අත්අඩංගුවට ගැනීමට තීරණය කෙරුනි. එදිනම මැදියම් රැයෙන් සුළු වෙලාවකට පසු සී. සී. දිසානායක මහතා ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගන්නාලදී.  පසුදා අලුයම 4.00 පමණ සහකාර පොලිස් අධිකාරී (රථ වාහන) බී. ජෝන්පිල්ලේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැනින. දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ රඳවන ලදහ.

අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් වුයේ  පොලිස් අධිකාරී (බටහිර කොළඹ) එල්.සී එස්. ජිරසිංහ, කර්නල් මොරිස් මෙල් (ස්වෙච්චා බලකායේ අණදෙන නිලධාරී), කර්නල් එෆ්.සී. සේරම් (ස්වෙච්චා බලකායේ නියෝජ් අණදෙන නිලධාරී). හිටපු නියෝජ් පොලිස්පති සිඩ්නි සොයිසා, ලුතිනන් කර්නල් බී.ආර්. ජෙසුදාසන්  (ස්වෙච්චා සංඥා බලකායේ අණදෙන නිලධාරී) ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඒබ්රහම් (තුන්වැනි ක්ෂේත් කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී), මේජ් බී. අයි. ලෝයලා (තුන්වැනි ක්ෂේත් කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරී) මේජ් ඩබ්ලිව්. ජී. වයිට් (තුන්වැනි ක්ෂේත් කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරී) මේජ් එල්. පී. ජෝසෆ් (සන්නද්ධ බලකාය),  ලුතිනන් කර්නල්  ජේ.එච්.වී. අල්විස්  (ස්වෙච්චා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී). කපිතාන් ජේ .ආර්. ෆීලික්ස්  (ස්වෙච්චා බලකා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී), පොලිස් අධිකාරී වී . පෙරේරා, ඩග්ලස් ලියනගේ (ඉඩම් සංවර්ධන නියෝජ් අධ්යක්ෂ), සහකාර පොලිස් අධිකාරී ටී.වී. විජේසිංහ, ලුතිනන් කර්නල් නොයෙල් මතායෙස්, (විදුලි සහ යාන්ත්රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී) කපිතාන් ඩී.. වීරසිංහ (තුන්වැනි ක්ෂේත් රෙජිමේන්තුව) කපිතාන් .ජේ බී අන්ගි  (තුන්වැනි ක්ෂේත් රෙජිමේන්තුව), පොලිස් අධිකාරී ඩේවිඩ් තම්බයියා, සහකාර පොලිස් අධිකාරී කොලින් වැන්ඩ්රීසන් (ඩිපෝ පොලිසියකපිතාන්  එන්.එස්. ජයකොඩි (තුන්වැනි ක්ෂේත් රෙජිමේන්තුව) , අනුර සිල්වා, පොලිස් අධිකාරී  ඩබ්ලිව්..සී. ජෙබනේසන් (කොළඹ අපරාධ අංශය),  උප පොලිස් පරීක්ෂක සිරි චන්ද් (පොලිස් අභ්යාස විද්යාලය). හිටපු  පොලිස් අධිකාරී ආර්. . කිටෝ, හිටපු  සහකාර පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක. මේජ  වී.ජී.එච්.ගුණසේකර ( ස්වෙච්චා ) සහ ඔසී කොරෙයාය .

පසුව අත්අඩංගුවට පත් තවත් සැක කරුවෙකු වුයේ හිටපු නාවික හමුදාපති රොයිස් මෙල් මහතාය (ඔහු මොරිස් මෙල් ගේ සොහොයුරෙකි).  කුමන්ත්රණය සැලසුම් කිරීමේදී ඔහු සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කලේය.  රොයිස් මෙල් මෙරට නාවික හමුදාවට පත්වුනු ප්රථම ලංකික සහ ප්රථම සිංහල නාවික හමුදාපතිවරයා වියවසර 1955 දී කොමදෝරුවරයෙකු ලෙස නාවික හමුදාපති පත් පදවියට වුනු ඔහු 1959 දී රිය අද්මිරාල් නිලයට උසස් කරනු ලැබීය. ත්රිකුණාමලයේ බ්රිතාන් රාජකීය නාවික හමුදා කඳවුරු මෙරට රජයට පවරා ගනු ලැබුවේ ඔහු නාවික හමුදාපතිව සිටි කාලයේදීය. එවකට අගමැතිවරයා වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය.

වසර 1960 දී පෙරදිග සංචාරයක යෙදුනු අප නාවික හමුදාවේ නැව්  කිහිපයක් නැවත මෙරරටට පැමිණියාට පසු සෝදිසියකට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස ගෙන්වන ලෙස භාණ්ඩ රැසක් හසු විය. පිළිබඳව සැකයට පාත්රවුවන් අතර රොයිස් මෙල් විය. එහි ප්රතිපලයක් වශයෙන් රිය අද්මිරාල් මෙල් ඇතුළු නාවික නිලධාරීන් කිහිප දෙනෙකු 1961 දී අනිවාර්ය ලෙස විශ්රාම ගන්වනු ලැබූහ.

රාජන් කදිරගාමර් නාවික හමුදාපති ලෙස පත්වුයේ ඉන් පසුවය.              

කුමන්ත්රණය ක්රියාත්මක කිරීමට නියමත වූ 1962 ජනවාරි 27 දින අගමැතිනිය කතරගම යාමට සුදානම්ව සිටියාය. කුමන්ත්රණයේ යුද හමුදා කටයුතු භාරව සිටියේ කර්නල් මොරිස් මෙල් සහ කර්නල් එෆ්. සී. සේරම්ය (ඔහු එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඥාති  සොහොයුරෙකි ). පොලිස් කටයුතු භාර කුමන්ත්රණ කරුවන් වුයේ සී සී. දිසානායක සහ සිඩ්නි සොයිසාය. ඊට අමතරව යුද හමුදා සහ පොලිස් කටයුතු සම්බන්ධීකරණය කිරීමද සොයිසාට භාර විය.

රජයේ ඇමතිවරුන්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්යංශයේ ස්ථිර ලේකම්, පොලිස්පති. රහස් පොලිසිය භාර නියෝජ් පොලිස්පති, රහස් පොලිසිය භාර  පොලිස් අධිකාරී, ඇතැම් වාමාංශික දේශපාලන පක්ෂ නායකයන් සහ වැඩබලන නාවික හමුදාපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට කුමන්ත්රණ කරුවෝ සූදානමින් සිටියහ. අනෙක් හමුදාපතිවරු එදින රාත්රියේ ඔවුන්ගේ නිවෙස් වලම කොටුකර තැබීම කුමන්ත්රණ කරුවන්ගේ අදහස විය

මැදියම් රැය පසුවුනු වහාම කොළඹ නගරය තුල ඇඳිරි නීතිය ප්රකාශ කර ගැන ජනතාවට දැනුම් දීමට ශබ්ද විකාශන යන්ත් සවි කල පොලිස් රථ මගින් ජනතාවට දැනුම් දීමට නියමිත වියකොළඹ කොටුවේ මධ්යම විදුලි පණිවුඩ කාර්යාලය සහ අනෙකුත්  විදුලි පණිවුඩ හුවමාරු ක්රියාවිරහිත කිරීමටත්, පුවත්පත් කාර්යාල ගොඩනැගිලි. කොළඹ පොලිස් මූලස්ථානය, රහස් පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඇතුළු අනෙක් වැදගත් ස්ථාන සිය  ගැනීමත් කුමන්ත්රණ කරුවන්ගේ අදහස වී තිබුනි. සිය අරමුණ සාර්ථක කරගැනීමට නගරයේ ඇතැම් තැන්වල සන්නාහ සන්නද්ධ රථ නවත්වා තබා පනාගොඩ යුද හමුදා කඳවුරේ  සෙබළුන් එදින රාත්රියේ කොළඹට පැමිණීම කෙසේ හෝ වැලක්වීමට කුමන්ත්රණ කරුවන්ට වුවමනා විය.   

ගුවන්විදුලි පණිවුඩ හුවමාරු යන්ත්  සවිකළ යුද හමුදා රථ කිරුලපන පාලම, කැළණි පාලම් දෙක ඇතුළු ස්ථාන කිහිපයකම රඳවා තැබීමත් අවිගත් පොලිස් යතුරුපැදිකරුවන් එදින රාත්රී 11 සිට ටොරින්ටන් (නිදහස්) චතුරශ්රයේ රඳවා තැබීමත් කුමන්ත්රණයේ සැලසුමට අයත් විය. හමුදා නිලධාරීන් ගේ  ප්රයෝජනය සඳහා කලින් දින ලේක් පාරේ සිට එචිලන් චතුරශ්රය දක්වා විශේෂ දුරකථන කම්බියක් අදින ලදී.    

දිනවල යාපනයේ රාජකාරිවල නියැලී සිටි කර්නල් රිචඩ් උඩුගම (පසුව යුද හමුදාපති) ගේ ලුනාවේ නිවස කුමන්ත්රණ කරුවන්ගේ අවධානයට ලක් වුයේ ඔහු  රාජකාරි නිමවා නැවත එහි පැමිණ හැකිය යන සැකයෙනි. පනාගොඩ හමුදා කඳවුරේ නිලධාරීන් මෙන්ම උඩුගම මහතාද රජයට පක්ෂපාති බව කුමන්ත්රණ කරුවෝ දැන සිටියහසන්නාහ සන්නද්ධ රථ බලකායේ අණ දෙන නිලධාරී කර්නල් සේපාල ආටිගල (පසු කලෙක යුද                                                                                                                                                                                                    හමුදාපති) කුමන්ත්රණයට හරස් වීම වැලැක්වීම සඳහාද පියවර ගැනීමට තීරණය විය.  

ජනවාරි 27දා රාත්රී කුමන්ත්රණයට ක්රියාකාරීව සහභාගී වන සැම දෙනෙක්ම හොඳින් සන්නද්ධ විය යුතු විය. ඔවුන්ට ලබාදීමට නියමිත වූ අවි අතර ස්ටර්ලිං සබ්මැෂින් තුවක්කුස්ටෙන් සබ්මැෂින් තුවක්කු ලැන්කැස්ටර් සබ්මැෂින් තුවක්කු බ්රේන් වර්ගයේ මැෂින් තුවක්කු සහ 303 රයිෆල් වූ අතර ඒවාට සරිලන වෙඩි උණ්ඩ සපයා දීමටද සැලසුම් කර තිබුණි. (එවකට අද මෙන් අපේ පොලිසියට හෝ හමුදාවන්ට  T56 ස්වයංක්රීය තුවක්කු නොවීය)  

අවසන් කුමන්ත්රණ නඩු විභාගය 1963 ජුනි 3 සිට දින 324ක් පැවති අතර අත්අඩංගුවට පත්වූ චුදිතයන් 24 දෙනාගෙන් 11 දෙනෙක් වැරදි කරුවන් බවට ඔප්පු විය. ඔවුන් අතර මොරිස් මෙල්, රොයිස් මෙල්, ඩග්ලස් ලියනගේ, සිඩ්නි සොයිසාඩබ්ලිව්. ඒබ්රහම් බී. අයි. ලෝයලා ඩබ්ලිව්. ජී. වයිට් නොයෙල් මතායෙස්, එන්.එස්. ජයකොඩි ඩේවිඩ් තම්බයියා ජේ .ආර්. ෆීලික්ස්  සහ ඩබ්ලිව්. ඒබ්රහම් වියඔවුන් සැම දෙනාටම දස වසර බැගින් සිර දඬුවම් නියම වූ අතර ඔවුන්ගේ සියලු දේපල රාජසන්තක කිරීමටද නියම විය. ඒබ්රහම් පසුව 1964 දී සිර ගෙදර දී මිය ගියේය. මෙය සිය දිවි හානි කරගැනීමක් ලෙසද වාර්තා විය.

එහෙත් එවකට පවතී සෝල්බරි ආණ්ඩුක්රම  ව්යවස්ථාවට අනුව විත්තිකරුවන්ට එංගලන්තයේ ප්රිවි කවුන්සලයට අභියාචනයක් ඉදිරිපත් කල හැකි විය

ප්රිවි කවුන්සලය මගින් 1965 දෙසැම්බර් 21 වන දා දෙන ලද තීන්දුවට අනුව කුමන්ත්රණ සැකකරුවනට විරුද්ධව නීතිමය පියවර ගැනීමට හඳුන්වාදෙන ලද 1962 විශේෂ ආඥා පනත ව්යවස්ථා විරෝධී විය අනුව විත්ති කරුවන් සියලු දෙනාම නිදහස් වූ නමුත් එය නිදොස් කොට නිදහස් කිරීමක් නොවීය.  

 කුමන්ත්රණයෙන් පසු ඊට තුඩු දුන් පසුබිම ත්රිවිධ හමුදාවන් තුල විශාල වෙනසක් ඇතිකිරීමට රජය පෙළඹ වීයමේ පසුබිම කුමක්ද?  

ඕනෑම නිදහස් රටක ත්රිවිධ හමුදාවන් තුලින් එරට ජන සංයුතිය නියෝජනය විය යුතුය. එහෙත් වසර 130කට වඩා පවතී බ්රිතාන් පාලනයේ ප්රතිපලයක් වසහයෙන් ලංකාවේ සිදුවුයේ එහි අනෙක් පැත්තය. කුමන්ත්රණයෙන් පසු ඊට තුඩු දුන් පසුබිම ත්රිවිධ හමුදාවන් තුල විශාල වෙනසක් ඇතිකිරීමට රජය පෙළඹ වීය

මේ පසුබිම කුමක්ද?   ඕනෑම නිදහස් රටක ත්රිවිධ හමුදාවන් තුලින් එරට ජන සංයුතිය නියෝජනය විය යුතුය.  එහෙත් වසර 130කට වඩා පවතී බ්රිතාන් පාලනයේ ප්රතිපලයක් වසහයෙන් ලංකාවේ සිදුවුයේ එහි අනෙක් පැත්තය. එනම් ත්රිවිධ හමුදාවල ඉහල නිලයන් දැරූ වැඩි දෙනා මෙරට සිංහල වැඩි ජනතාවගේ අභිප්රායයන්, පාරම්පරික සංස්කෘතිය සහ ඉතිහාසය තේරුම් නොගත් හෝ ගැන තැකීමක් නොකල, යටත් විජිත මානසිකත්වයෙන් යුතු, බටහිරට ආවඩනසංකර මධ්යම පන්තිකයෝ වුහ. වසර 1956 දී සිදුවූ දේශපාලන පෙරලියට තුඩු දුන් කරුණු වල යථාර්තය (එහි අඩුපාඩු කුමක් වුවත්) ඔවුන්ට වටහා ගත නොහැකි විය.   

සිරිමා බණ්ඩාරනායක රජය සමාජවාදී රටවල් සමග කිට්ටු සබඳකම් පැවැත්වීමද ඔවුනට රිස්සුවේ නැත.   එවකට යුද හමුවේ ඉහල නිලයන් දැරූ පිරිසෙන් පහෙන් තුනක් කිතුනුවන් වූ අතර කුමන්ත්රණයට හවුල් වූ හැම දෙනාම පාහේ අබෞද්ධයෝ වූහ. කුමන්ත්රණ කරුවන් එක්සත් ජාතික පක්ෂයට ලැදි වු නමුත් කුමන්ත්රණයට එම පක්ෂයේ සම්බන්ධයක් තිබු බවක් හෙලි නොවීය.

කුමන්ත්රණකරුවන්ගේ අවාසියට සිටි තව කරුණක් වුයේ ඔවුන්ට විරුද්ධව ක්රියා කල නියෝජ්ය පොලිස්පති එස්.. දිසානායක මහතා (පසු කලෙක පොලිස්පති) සහ ඇමති ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා යන දෙදෙනාම අබෞද්ධයන් වුවද ඔවුන් නීත්යානුකූල රජයට ද්රෝහී නොවීමය

(මෙම ලිපියට ප්රධාන වශයෙන් පදනම් වු මූලාශ් අතර කුමන්ත්රණය අසාර්ථක වීමෙන් පසු ඇමති ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේදී කල කතාවද වෙයි)                                                                                                               

One Response to “වසර 58කට පෙර සිදුවූ අසාර්ථක රාජ්‍ය-විරෝධී කුමන්ත්‍රණය”

  1. S.A Says:

    විවිද කුමන්ත්රdණ මගින් රජයන් පෙරළීම සහ දෙමල බෙදුම් වාදයට එරෙහිව තම රාජකාරිය නොපිරි හෙලා ඉටුකල රණ විරුවන් සිරගතකොට දෙමල බෙදුම් වාදීන්ගේ මනදොල පිරවීම පිලිබඳව එජාපයේ නායකයින්ට මනා ඉතිහාසයක් ඇත.
    1961දී පාසැල් රජයට පවරා ගැනීමත් සමඟ හමුදාවන්හි සහ පොලිසියේ ඉහල තනතුරු හෙබවූ ක්රිරස්තියානි ප්රැභූන් සමූහයක් (12 – සිoහල, 6 – ද්රාවිඩ 6 – බර්ගර්) රාඡ්යි විරෝධී කුමන්ත්රාණයක් සැලසුම් කර 1962 ජනවාරි 27 දින රාත්රිතයේදී ක්රි යාත්මක කිරීමට නියමිතව තිබින. කොළඹ නගරය, ගුවන් විදුලි සහ දුරකථන සේවාවන් වටලා ඇඳිරි නීති පනවා අගමැතිනිය හා ඇගේ දරුවන්,, ඇමතිවරු, වාමාoශික නායකයින්, ත්රියවිධ හමුදාපතිවරු, පොලිස්පති හා අනෙකුත් අදාල නිළධාරීන් අත්අඩoගුවට ගෙන පාලනය අත්පත් කරගැනීමේ සැලසුම අවසන් මොහොතේ හෙලිවීමත් සමගම කුමන්ත්රගණ කරුවන් අත්අඩoගුවට ගැනීමට රජයට හැකිවිය. විශේෂ අධිකරණයක් මගින් චූදිතයින් වරදකරුවන් කොට දස අවුරුදු සිරදඩුවමක් හා දේපල රාජසන්තක කලද, එoගලන්තයේ ප්රිරවි කවුන්සලය නීති ප්රතස්නයක් මත ඔවුන් නිදහස් කරනලදි.
    අසාර්ථකවූ මෙම රාඡ්යි විරෝධී කුමන්ත්රිණය එජාපයේ නායක ඩඩ්ලි සේනානායක සහ ඊට පෙර සිටි නායකයෙකුවන සර් ජෝන් කොතලාවල ගේද අනුදැනුම පිට සිදුවූවක් බවට පසු කළෙක වාර්තාවිය. (http://www..sundaytimes.lk/120129/Plus/plus_05.html).
    අදාල කුමන්ත්රසණ නඩුවේ පළමුවෙනි විත්තිකරුවූයේ එකල ඉඩම් සoවර්ධන නියෝඡ්යම අධ්ය ක්ෂක දුරය දැරූ ඩග්ලස් ලියනගේ නමැත්තෙකි. පසු කලෙක එජාප රජයක් යටතේ ඔහු රාඡ්යු අමාත්යායoශයේ ලේකම් තනතුරටද පත්විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress