UNP සහ JVP මඩ බලකාය ක්‍රියාත්මකයි – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත
Posted on January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මඩ බලකාය විසින් අයුක්තිය, අසාධාරණත්වයට එරෙහිව ක්‍රියාකරන භික්ෂූන් වහන්සේට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

>උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද කැඳවා තිබූ  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර, රංජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී විකාශනය වූ හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රාවනා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අද කොළඹ අපරාධ කොට්ඨාශය  වෙත කැඳවා තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress