මැරිලා උපන් සජිත් ප්‍රේමදාස අවතාරය.
Posted on January 29th, 2020

චාල්ස් පෙරේරා  විසින් 

ජනාධිපති තේරීමේ චන්දය ඉවරවෙලා දැන් මාස දෙකකුත් වෙනවා . ගෝඨාභය රාජපක්ස මහත්මා ලක්ෂ 70කට කිට්ටු චන්ද ගනනාවකින් ජනාධිපති ධුරයට පත්වෙලා ඉතාමත්  වගකීමකින් යුතුව යහපාලනය විසින් කඩා බිඳ දැමු පාලනශේත්‍රය ක්‍රමක්‍රමයකින් නගාසිටුවීමටත් ඉන් ජනතාවගේ බිඳී තිබෙන ජීවනරටාව ගොඩනැංවීමටත් මහත් උත්සාහයක් ගනිද්දී සජිත් සහ  යහපාලනයේ භූතයින් කියනවා එළවලු ගණන්, ගොවියන්ට සහන දීල නෑ, දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන්නේ නැතිව ජනතාව රවට්ටනවා කියල. 

මුන් අවුරදු හතරක්ම කලේ මිනිස්සු රවටලා හොරකම්කරලා උන්ගේ මඩි  තරකරගන්න එක. දැනුයි උන්ට මිනිස්සු ගැන කැක්කුමක් ඇතිවෙලා තියෙන්නේ. ජනතාව ගැන හිතනවානම් උන්ට තිබුන අස්වෙලා පාර්ලිමේන්තුව විසුරුවහැරලා චන්දයකට යන්න. 

එතකොට ගෝඨාභය ජනාධිපති තුමාට තිබුනා ආණ්ඩුවක් හදාගෙන අවශ්‍ය මුදල් ප්‍රදිපාදන ඇතුව රටේ නියත ආණ්ඩුවක් පිහිටවලා ජනතාවට ලැබිය යුතූ  පහසු කම් ලබාදෙමින් ඔහුගේ ආණ්ඩුවකින් රටගෙනයන්න. සජිත්ලා කෑ මොර තිබ්බට ගෝඨාභය ජනාධිපති තුමාට ඔවුන් සම්පුර්ණ සහාය දෙනවා කියල, ඔවුන් ව විශ්වශකළ හැකිද?ඒකෙන් උන් හදන්නේ ජනාධිපතිතුමාගේ වැඩ කටයුතුවලට උදව්කරනවා කියන මුවාවෙන් ඇවිත්  උන්ට අහිමි වූ ජනතා විශ්වාශය දිනාගන්නද ?  

කෙසේවෙතත් ජනතාව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ තුමා කෙරෙහි තබා ඇති විශ්වාශය කඩනොකරන්නේ ඔවුන්  රනිල් සජිත් ඇතුළු එක්සත්ජාතික පක්ෂය හා ඔවුන් සමග එක්ව සිටින චම්පික, මනෝ ගනේෂන්, හකීම්, මරික්කාර්, මුජුබු රහුමන්, අසාද් සාලි,ර්ශඩ් බද්යුදීන්  හැතිකරය, මේ රට ආගාතියට ඇද දැමූ දේශද්‍රෝහීන් බවට හඳුනාගෙන සිටින බැවිනි. 

මේ රට සිංහල බෞද්ධරටක් වියයුතුය. ඒ  සාමන්‍ය දෙමල, මුස්ලිම් හා අනිත් රටවැසියන්ගේ ආරක්ෂාව හා එකමතුකම,ආරක්ෂාකරගත හැක්කේ  සියයට 75ක් තරම් වන සිංහල බෞද්ධයයන් විසින්මය. ජනාධිපති නීතින්ඥ අලි සබ්රි මැතිතුමාද සිටින්නේ මේ මතයේය. ජාතික එකමුතුව, සමගිය කඩා දමන්නේ ආත්මාර්ථකාමී දෙමල, මුස්ලිම් දේශපාලන නායකයන් විසින්ය. එබැවින්  ශ්‍රී ලංකා ආණ්ඩුව කලයුත්තේ ඒ දෙමල මුස්ලිම් දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් සපුරාලීම නොවේ, දෙමල මුස්ලිම් සාමාන්‍ය ජනතාවගේ ඔනෑ එපාකම් සපුරාලීමයි. 

සජිත්  ප්‍රේමදාස පසුගිය අවුරුදු හතරේම රනිල්ගේ යහපාලනයේ සහකාරයෙක්ව සිටියේය. එබැවින් සජිත්  ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මුල සිටම කල සියලූ විනාශකාරී දේශපාලන වැඩපිළිවෙලේ ක්‍රියාකාරී සාමාජිකයෙක්  වී සිටියේය. නමුත් අද සජිත් ප්‍රේමදාස කතාකරන්නේ රටේ ජනතාවට ඒ සත්‍ය අමතකවී ඇතියයි සිතන මැරිලා උපන් අවතාරයක් වගේ. 

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අමෙරිකාවත් සමග අත්සන්කරන්න සුදානම්ව සිටි රටට කිසිසේත්ම සුදුසු නැති ගිවිසුම් වලට  විරුද්ධව පාරලිමේන්තුවේදීවත් ප්‍රකාශයක් නොකළ සජිත් ප්‍රේමදාස, අද ජනාධිපති ගොටාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට බෙරිහන්දෙනවා අමෙරිකාව ඉදිරිපත්කර තිබෙන  ගිවිසුම් හා සින්ගප්පුරුව සමග අත්සන් කර ඇති වෙළඳ ගිවිසුම් ඉරා දමන්න කියල. ඇයි මේක රනිල් වික්‍රමසිංහට යහපාලන ආණ්‌ඩුකාලයේ කියන්න බැරි උනේ, කටේ ගෙඩිදාලා තිබුනද ? 

සජිත් ප්‍රේමදාසට දේශපාලන  දැක්මක් නෑ. ඒක අපි හොඳට ජනාධිපති චන්දයේදී දුටුවා. ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය පමාකලා ගොටාභය මැතිතුමාගේ රටහදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනය කරනකම් . ඊට පසුව සජිත් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාෂණය  සකස්කළේ ගොටාභය මැතිතුමාගේ රටහදන සෞභාග්‍යයේ දැක්ම පදනම්කරගෙන. ඒක හින්දා වෙන්න ඇති දැන් සජිත් ප්‍රේමදාස හැම තැනම කියා කියා යන්නේ ජනාධිපති ගොටාභය රාජපක්ස මැතිතුමා සමග වැඩකරන්න ඔහුට කිසිම ගැටලුවක් නැති බව. නමුත් රටේ ජනතාව දන්නවා එක්සත්ජාතික පක්ෂයත් සමග  හෝ ඊට සම්බන්ධ කිසිම දේශපාලන සංධානයක් සමග එක්ව පොහොට්ටුවට ගමනක් නැති බව. ඒ එල හරකයි මී හරකයි වගේ . සජිත් ප්‍රේමදාසගේ ඒ කතාවට රැවටෙන්න එපා.

අද අගමැතිකම බලාපොරොත්තුවෙන්  මැතිවරණයට තරඟ කරන්න හදන්නේ එදා ජනාධිපතිවරණයට තරඟ  කල සජිත් ප්‍රේමදාසගේ අවතාරයමයි. එදා ජනාධිපති ධුරයටමෙන්ම අද අගමැතිධුරයටත් සජිත් ප්‍රේමදාස සුදුසු නොවන්නේ ඔහුගේ බලවත් මමත්වය මම සජිත් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ  ජාන තියෙන පුතා කියා කියා තප්පුලමින් කරන අනාර්තවත් කතාව. 

රණසිංහ ප්‍රේමදාස  ජනාධිපති තුමා ගැන ජනතාව දන්නවා නේද ? ටයර් ගිනි  සෑයවල් අමතක නෑ නේද ? සජිත් ප්‍රේමදාස මොනවාද කලේ ? කිසි තේරුමක් නැති ගම්මානවල් හැදුව. නමුත් ඒ නිවාස ලත් මිනිස්සු බැංකුවලින් ලබාගත් නය ගෙවාගන්න බැරිවී සිටිනවාලු. ඇරත් ඒ නිවාස  සංකීර්ණ උනත් නවතම ක්‍රමයකට හැදුවේ නැ . නිවාස හැදුවා කියන්න හැදුවා මිසක් අලුත් විධියක් ක්‍රමයක් ගැන කල්පනා කරලා හැදුවේ නෑ. ඔහු හැදුවේ දුප්පත් මිනිස්සුන්ට සුදුසු දුප්පත් ගෙවල්. ඔන්න මහලොකුවට කතාකරන සජිත් ප්‍රේමදාස කල දේ.

එහෙම කෙනෙකුගෙන් කොහොමද මොනම  සංවර්ධන කටයුත්තක් අනාගතයට සුදුසු විධිමත් සැලැස්මක් අනුව සාදාගැනීමට බලාපොරොත්තුවෙන්නේ ?

ගොටාභය ජනාධිපතිතුමා සාමාන්‍ය චන්දයෙන් නැවත බලයට ඒමේ බලාපොරොත්තුවෙන් බල හා තනතුරු ලෝභයෙන් වැඩකරන දේශපාලකයෙක් නොවේ. ඔහු දේශපාලකයකුගේ එවැනි මනසින් යුත් කෙනෙක් නොවේ. ඔහුට උවමනා ඔහු ලැබූ තනතුරෙන් ලංකාව සෞභාග්‍යමත් ඉදිරිගමනක් සඳහා  අද ආසියාකරයේ දියුනුවෙමින් පවතින රටවල් වලට නොදෙවෙනි රටක් බවට සංවර්ධනය කිරීමටයි.

ඒ කාර්යට ඔහු සමග  ඒ සංවර්ධනයට සම්පුර්ණ සහාය දෙන විශ්වාෂ අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් ඔහුට අවශ්‍යයි. ඒ සඳහා ජනතාවගේ ආදරය අඩුවක් නැතිව තිබෙන විශ්වාසාත්මක අගමැතිධුරයට වඩාත්ම සුදුසු ඔහුගේම ආදර වැඩිමහල් සොහොයුරා මහින්ද රාජපක්ස මැතිතුමා සිටිනවා. ඇමති මණ්ඩලයකට සුදුස්සන් දැනටමත් ඔහුවටා රැස්ව සිටිනවා. එබැවින් ගොටාභය  රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍යවන්නේ ලබන මැතිවරණයේදී ජනතාව ඔවුන්ගේ චන්දයෙන් මහින්ද රාජපක්ස මැතිතුමා ඇතුළු පාරලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සඳහා පොහොට්ටුව වටා රැස්ව සිටින පක්ෂවලින් පමණක් ඉදිරිපත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් තොරාපත්කරදීමට ජනතාවගේ සහායයි.  

එබැවින්  සජිත් ප්‍රේමදාස වැනි බලලෝභී ආත්මවර්ණනාවෙන් පුම්බවාගත් අහංකාර, විෂවාශයක් තැබිය නො හැකි කෙනෙක් අගමැතිවශයෙන් හෝ සරත් ෆොන්සේකා, චම්පික රණවක, රාජිත සේනාරත්න මනෝගනේෂන්, මුජිබු රහුමාන්, මර්ක්කර්, රංගේ බණ්ඩාර වැනි වැඩකට නැති මිනිසුන් මන්ත්‍රීවරුන් වශයෙන්  පත් උනොත් ජනාධිපති ගොටාභය රාජපක්ස මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට කුමක් වේවිද ? ඔවුන් එතුමාගේ ඒ අපුර්ව ගමනට භාදාවක් වන බව ජනතාව නොදන්නේද ? 

මේ පිළිබඳව බුද්ධිමත්  සිංහල දෙමල මුස්ලිම් ජනතාව හොඳට හිතාබලා ඔබේ චන්දයෙන් සජිත් ප්‍රේමදාසත් ඔහුගේ දේශපාලන සගයනුත් දේශපාලන වේදිකාවෙන් සදහටම අතුගාදැමිය යුතුය. ඔවුන් මෙන්ම නිතරම රාජපක්ෂ මැතිතුමන් නියෝජනයකරන සමාජවාදී දේශපාලන පක්ෂ විවේචනය කරන ජනතා විමුක්ති පෙරමුණද  ගොටාභය රාජපක්ස්ෂ ජනාධිපතිතුමා සෞභාග්‍ය සඳහා යන ඉදිරි ගමනට භාධාවක් නිසා අහිතකරය . ඔවුන්ගෙන් රටට කිසිම සේවයක් මෙතෙක් නොලැබින . 

විවේචන  අවශ්‍යයි නමුත් එයත් සීමාවක් දැන රටවෙනුවෙන් කලයුතුය. නමුත් ජනතා විමුක්ති පෙරමුනේ විවේචනය  ඔවුන්ගේ බලතන්හාවෙන් හොඳ වැඩ හොඳ නොවන වැඩ නොබලා ඔවුන් විසින් බලය ගන්න තන්හාවෙන් කරන්නෙකි. එය සුදුසු නැත. 

මාර්කස් වාදයේ තියෙනවා මාර්ක්ස් වාදී පක්ෂ බලය පැමිණීමට නම්,   තිබෙන සමජවාදී පක්ස සමග එක්ව කටයුතු කලයුතු බව. නමුත් ජනතා විමුක්ති පෙරමුණ  ධනවාදී පක්ෂ, සමාජවාදී පක්ෂ හඳුනා නොගෙන ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් සමඟ අත්වැල් බැඳගෙන  ස්මජවාදිපක්ෂවලට විරුද්ධව කටයුතුකරනවා. එබැවින් ජනතාව ඔවුන් කෙරෙහි විශ්වාශය තබන්නේ නෑ . 

ජනාධිපති  ගොටාභය රාජපක්ෂ මැතිතුමන්ට විරුද්ධව  ජනතා විමුක්ති පෙරමුණත් සජිත් ප්‍රේමදාස  ඇතුළු එක්සත් ජාතික පක්ෂ කාණ්ඩායම, බැංකු වෝහාරික රපොර්තුවේ දැක්වෙන කරුණු  කෙලින්ම රනිල් වික්‍රමසිංහ ඇතුලු කාණ්ඩායමට බලපාන නමුත්, එයත් මහින්ද රාජපක්ෂ කඳවුරට පටවන්න හදනවා. මෙය ජනතා විමුක්ති පෙරමුණේ  නින්දිත හෙළාදැකිය යුතු ක්‍රියා පිළිවෙලක්. මෙයින් ජනතා විමුක්ති පෙරමුණ කෙලින්ම එක්සත් ජාතික පක්ෂ කඳවුරට වැටෙනවා. ජනතාව මෙය හොඳින් අවභෝධ කරගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණට චන්දයදීම එක්සත් ජාතික පක්ෂයට චන්දය දෙනවා වගේම විනාශයකරා  රට ගෙනයාමක්.   

වෝහාරික  බැංකු රපොර්තුව වෙනම කතාකරමු. දැනට ලබන මාර්තු මාසයේ පැවැත්වීමට යෝජිත් පාර්ලිමේන්තු චන්දය පිළිබඳව මැරී උපන්න සජිත් ප්‍රේමදාසගේ ඒ සඳහා ප්‍රවේශවීම පිලිබඳ වචනයක් කියා මේ ලිපිය අවසන්කරමු. සජිත් ප්‍රේමදාස මහත්මයා  එක්සත් ජාතික පක්ෂයේ අද පවත්නා ගැටලුසහිත වාතාවරනයෙන් ගැලවී චන්දයට ඉදිරිපත්වන්න හදන්නේ රටේ අගමැතිවරයා වෙන්නලු . මේ ප්‍රකාශනයත් සමග ජනතාවට හිතෙන්නේ චන්දය ඉල්ලන්න ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ මොලය පරික්ශාකරගතයුතු බවයි. සජිත් ප්‍රේමදාස ඉදිරිපත්වෙන කොයියම් පක්ෂයකින් උනත් බලාපොරොත්තු වියයුත්තේ සැලකියයුතු  ප්‍රමානයක ආසන දිනාගැනීමයි. එසේ තිබියදී ඇතිකරගෙන තියෙන අගමැතිගාය තේරුම්ගන්න බැහැ. 

රටට දැනටමත් අගමැතිවරයෙකු සිටින නිසා එම තනතුර සඳහා සජිත් ප්‍රේමදාස  රටට අවශ්‍ය නැත. මෙතරම් දුරට යහපාලනයත්, විනාශකාරී එක්සත් ජාතික පක්ෂයත් 69 ලක්ෂයක චන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේපකර ජනතා හිතකාමී දේශපාලන දැක්මක් ඇති ගොටාභය රාජපක්ෂ මැතිතුමා  ජනාධිපති වශයෙන් තෝරා පත්කරගෙන සිටින බැවින්, එක්සත් ජාතික පක්ෂයේ රටට අහිතකර ප්‍රතිපත්ති හිසේ තියාගෙන එන සජිත් ප්‍රේමදාස චන්දයෙන් දිනුවත් ඔහුව අගමැති වශයෙන් තෝරාගැනීමට ජනාධිපති  ගොටාභය රාජපක්ෂ මැතිතුමාට කිසිම උවමනාවක් නැත. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress