හිරු CIA කොටුකළ ජාවාරම්කරු
Posted on January 31st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මුන්දලම ප්‍රදේශයේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සාදන ජාවාරම්කරුවකු පිළිබඳ හිරු සී.අයි.ඒ. ඊයේ අනාවරණ කළා.

අප කළ එම අනාවරණයෙන් අනතුරුව එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ජාවාරම්කරු කූට ලෙස පවුල් පසුබිම් වාර්තා සකසා කාන්තාවන් විදෙස් ගත කිරීමේ ක්‍රියාවලියක ද නිරත වන බව එහිදී අනාවරණය වුණා.

පුත්තලම – මුන්දලම බරණංකට්ටුව ප්‍රදේශයේ පදිංචි සිටින මෙම පුද්ගලයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයට පෙනී සිටීමකින් තොරව වංචනික ලෙස රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා මුදල් අය කර තිබුණා.

එලෙස ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සෑදීම සදහා මොහු අයකරන මුදල රුපියල් 20000 ක්.

හිරු සී.අයි.ඒ. හරහා මේ පිළිබද අණාවරණය කිරීමත් සමග මුන්දලම පොලිසිය ඔහුගේ නිවස සොයා ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළේ අප හෙළිකළ ප්‍රවෘත්තිය ද සැකකරුට පෙන්වමින්.

පළමුව මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව පැවසු ජාවාරම්කරු පසුව තැරව්කරුවන් හරහා අදාල ජවාරම සිදුකරන බව පිළිගත්තා.

මොහුගේ නිවස සෝදිසි කිරීමේදී ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල ලිපි ශීර්ෂ සහිත හිස් කොළ, විවිධ පුද්ගලයන්ගේ උප්පැන්න සහතිකවල ජායා පිටපත්, කාන්තාවන් විදේශගත කිරීමට අදාළ පවුල් පසුබිම් වාර්තා ඇතුළු ලිපි ලේඛණ රැසක් සොයා ගැනුණා.

කලකට ඉහත මුන්දලම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ මුරකරුවෙකු ලෙස සේවය කර ඇති මොහු වැඩතහනමකට ලක්ව ඇත්තේ ද කූට ලේඛණ සැකසීමේ සිද්ධියක් මුල් කර ගෙනයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

>එහිදී අනාවරණය වුනේ කූට ලේඛණ සැකසීමේ සිද්ධි සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ මොහුට විරුද්ධව මේ වනවිට තවත් නඩු දෙකක් ද පවතින බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress