අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීමේ දී මාස 04 සේවා කාලයක් අහිමි කිරීම අසාධාරණ ක‍්‍රියාවක් බව දන්වමු.
Posted on February 6th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි සංවර්ධන නිලධාරී සේවා සංගමය.

ප‍්‍රවෘත්ති කර්තෘ/ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂක
රූපවාහිනිය/ගුවන් විදුලිය/පුවත්තපත

ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය,   ජනක බණ්ඩාර තෙත්නකෝන් මැතිතුමා,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය,
කොළඹ 07.

ගරු අමාත්‍ය තුමනි,

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීමේ දී මාස 04 සේවා කාලයක් අහිමි කිරීම අසාධාරණ ක‍්‍රියාවක් බව දන්වමු.


2018 අගෝ්ස්තු 20 දින අභ්‍යාසලාභී පුහුණු කාලයට ඇතුළත් වූ උපාධිධාරීන් ස්ථීර කිරීමේ දී ඔවුන්ට මාස 04 ක කප්පාදුවක් සිදුවන බවත් එවැනි අසාධාරණ ක‍්‍රියාමාර්ගයක් ගැනීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් පළමු ව ඉල්ලා සිටිමු.

02. 2018.08.20 දින අභ්‍යාසලාභී පත්වීම් යටතේ අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීම ස`දහා පත්වීම් දිනය ලෙස 2020.01.01 දින බව රාජ්‍ය සේවා කොමිෂම මගින් තීරණය කර ඇති බව වාර්තා වේ.

03. 2018 අගෝ. 20 දින අභ්‍යාසලාභී පදනම යටතට ඇතුළත් වූ උපාධිධාරීන්ගේ පත්වීම් දිනය බවට පත්විය යුත්තේ 2019 අගෝස්තු 21 හෝ ඊට ආසන්න දිනයකි.

04. නමුත් රජය හා රාජ්‍ය සේවා කොමිෂම ස්ථීර කිරීමට නියමිත අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පත්වීම් බලාත්මක දිනය 2020.01.01 දින බවට තීරණය ගැනීමත් සම`ග 2019 අගෝස්තු 21 සිට 2019 දෙසැම්බර් 31 දක්වා මාස 04 ක වැඩි කාලයක් ස්ථීර පත්වීම් කාලයට අහිමි කර ඇත.
 
05. අභ්‍යාසලාභී පුහුණු කාලය මාස 12 ක කාලයක් වන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර ඇති ආකෘති අංක II නිවාඩු වාර්තා ගැනීමේ දී මාස 16 ක නිවාඩු සලකා බැලීම ද සාධාරණ නොවන බවද දන්වා සිටිමු.

06. අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ ස්ථීර කිරීමේ බලාත්මක දිනය අවම වශයෙන් 2019 සැප්. 01 දින වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කරන මෙන් ඉල්ලා සිටිමු.

අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර කිරීමේ දී 2019 අගෝස්තු සිට 2019 දෙසැම්බර් දක්වා අහිමි වන මාස 04 ක සේවා කාලය ස්ථීර පත්වීමට ඇතුළත් වන පරිදි ස්ථීර පත්වීම්

 දිනය 2019 සැප්තැම්බර් 01 බවට පත් කිරීමට රජය විසින් තීරණය කරන ලෙස අප සංගමය ඉතා වගකීමෙන් රජයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්

සම්බන්ධීකරණය – 0718 178268
Coordinating – +94718 178268

පිටපත් –
1. ගරු ජනාධිපති – ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (දැ.ගැ.පි./අ.ක.ස.)
2. ගරු අග‍්‍රාමාත්‍ය ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍ය – මහින්ද රාජපක්ෂ මැතිතුමා (දැ.ගැ.පි./අ.ක.ස.)
3. ලේකම් – මුදල් අමාත්‍යාංශය (දැ.ගැ.පි./අ.ක.ස.)
4. ලේකම් – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (දැ.ගැ.පි./අ.ක.ස.)
5. සභාපති – රාජ්‍ය සේවා කොමිෂම (දැ.ගැ.පි./අ.ක.ස.)
6. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් (දැ.ගැ.පි./අ.ක.ස.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress