ආණ්ඩුව සහ රුහුණ සිසුන් අතර සාකච්ඡුා සාර්ථකයි
Posted on February 8th, 2020

උපුටා ගැන්ම –මට කියලදෙන්න ප්‍රවෘති-

රුහුණ විශ්වවිද්‍යාලයේ මේ වන විට පවතින අර්බුදකාරී වාතාවරණය විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වූ සිසුන් පිරිසකට අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත් වී විසඳුම් ලබා දී ඇති බව වාර්තා වේ. කළමනාකරණ පීඨයේ සිසුන් නව දෙනෙකුට ජීවිතාන්තය දක්වා ලබාදී තිබූ පන්ති තහනම් ඉවත්කිරීම පිළිබඳව මෙම සාකච්ඡුා පැවති අතර ඒ අනුව එහිදී කරගන්නා ලද එකඟතා අනුව මෙම පන්ති තහනම් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු සිදුවනු ඇත.
සිසුන් විසින් මෙතෙක් සරසවිය තුල සිදුකළ නවකවදය හා වෙනත් වැරදි වෙනුවෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කරන අතරම මින් පසු ආණ්ඩුවේ නවකවදය නැවැත්වීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමටද අදහස් පලකර තිබේ. ඒ අනුව මෙම පෙබරවාරි මස මැදදී පත්වන නව ශිෂ්‍ය සංගමය නවකවද විරෝධී ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙනුවෙන් කටයුතු කරන බවත් එහි දේශපාලන අතපෙවීම් වැනි සිදුවීම් සඳහා ඉඩක් නොදෙන බවත් අමාත්‍යවරයා හමුවේ සිසුන් අවධාරණය කර තිබුණි.

තවද වීරවංශ අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ කළමනාකරණ පීඨය විසින් ඉදිරියේදී වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමටද කටයුතු යොදා ඇති බවටද සඳහන් වේ.

වාර කිහිපයකදීම පැවති මෙම සාකච්ඡුාවල අවසන් සාකච්ඡුාව ජනවාරි මස පළමුවන දින පැවැත්විණි. මේ සඳහා සම්බන්ධීකරණය රුහුුණ කළමනාකරණ පීඨයේ ආදි සිසුවකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා විසින් සිදුකර තිබේ තවද ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද කිහිපවිටක් සම්බන්ධ විය. සිසුන්ගේ පාර්ශවයෙන් මේ සදහා සුදර්ශන බණ්ඩාර, ලහිරු මධුසංඛ හා සංජීව ගයාන් යන ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු තවත් කිහිදෙනෙකු සම්බන්ධ වී තිබුණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress