හොඳ ළමයා හා නරක ළමයි හෙවත් බබාලා
Posted on February 8th, 2020

දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

මේ අද සාර පොහොය දිනේදී මා කතා කිරීමට යන්නේ හොඳ ළමයා හා නරක ළමයි රෑනක් ගැනය. කථා පුවත සිතට ආයේ නරක මන්ත්‍රී ළමයි රෑනක් විසින් තමන්ලා ලොකු කියා පෙන්නවිමට හොඳ ළමයි ගැන හා ඒ ළමයින්ගේ ස්වරුපය මාධ්‍යය තුලින් විකට ස්වරුපයෙන් කියාපෑමට උත්සාහ ගැනීම නිසාය.  රූපවාහිනියෙන් දුටු ඒ විකට ආකාරයෙන් මිනිස්සු සිනස්වා හොඳ ළමයිට මඩගැසීමට කථා පුවතක් මැවූ නරක ළමයි මිට පෙර තිබු යහපාලන ළමා රජය ඇති කිරීමට කැනඩාවේ ටොරොන්ටෝ සිට 2015-01-04 දින අජිත් ළමයා,කරුණාරත්න ළමයා ඇතුළුව චන්දරතන,අජිත් බන්දු , ජයරත්න,කිත්සිරි, මනොරන්ජන් යන බබ්බු ද එහි සිටියේය . එම රැස්වීමේ අඩුව සිටි එකම ළමයා උයේ ඒ හොඳ ළමයිට කුඩුකේඩු කතා කියන කොළ පාට සාරියක් ඇඳි ගැහැණු ළමයා පමණි.

ඉතින් දැන් අපි පළමුවෙන්ම අප රටට වින කැටීමට අහම්බෙන් අපේ කරුමෙට පාවී ආ නරක නපුරු ළමයෙක් දෙස හැරෙමු. ඒ අත්භුත ළමයාගේ නම ලොරෙන්සෝද අල්මේදා විය ඔහු සමග තව පෘතුගීසි ළමයින්ද ප්‍රධාන වශයෙන් පැමිණි අතර රට ,ආගම, ජාතිය විනාශ කිරීම,ස්ත්‍රී දුෂණය, මංකොල්ල කැම්ද , රතු වයින් බිබී මස් කෑමද සිදුකළේය. අප රටේ සිටි විරෝධාර හොඳ ළමයි මේ අලුතින් ආ නරක ළමයින් මේ රටේන් පැන්නීමේ අදහසින් ඔවුන් සමග සටන් කිරීමට උත්සහා කරද්දී එම සම කාලයේම ඇතිවූ විජබා කොල්ලය අශ්‍රිතයෙන් පැන නැගුණු අභ්‍යන්තර ආරවුල් ප්‍රයෝජනයට ගෙන මුළු සිංහලේටම ඇගිලි ගසා විනාශ කිරීමට පටන්ගත්තේය. එතනදිත් නරක ළමයි හා හොඳ ළමයි හා රට තුල සිටි අප රට අද වාගේම පාවාදෙන ළමයි අතර නොයෙකුත් ප්‍රශ්න දික් ගැස්සි යුද්ධ පවා ඇතිවිය.

ඔය පිටින් ආ නරක ළමයින්ට පසුව ලන්දේසි ළමයින්ද , ඉංග්‍රීසි ළමයින්ද අද ලංකාව කැලි කඩා ඉල්ලන දෙමළ හා මුස්ලිම් ළමයින්ද අර කියූ සිංහලේ නිදහසේ සිටි හොඳ ළමයින්ගේ රටට ඇතුළුවිය.

මිදුම ගණන් එන්ගලන්තයේ  සිට පැමිණි ඉංගිරිසි ළමයින් ඔවුන්ගේම කලාපයන් වලින් පැමිණි ලන්දේසි ළමයින් ඉවත් කොට ක්‍රමානුකුලව අප රට අද වගේම පාවාදෙන නරක ළමයින් යොදාගෙන සිංහලේ අත් පත් කරගැනීමට පාර කපා ගත්යේය. ආගම් මාරුව හා භාෂා කුමන්ත්‍රණ ඒ කියූ ඉංග්‍රීසි හා ඔවුන්ගේ මිෂනාරි ළමයින් පටන් ගත් අතර ලක්ෂ තුනාහ මාරකට වඩා හොඳ ළමයින්ව මරා දැමු අතර හොඳ ගැහැණු ළමයින් පාරට ,කැලයට ඇද දමා ඔවුන්ගේ ඥාතින්ට පවා පෙනීමට දුෂණයට ලක්කොට සමහර විට වෙඩි තබා ඝාතනය කළේය.

අද වනවිට රුපවාහිනියේ එනම් ”තෙල දසුන” උපයෝගී කරගෙන කෙල තොල් ළමයින් මෙන් රට ආරක්ෂා කරන හොඳ ළමයින් වන ඇතැම් මන්ත්‍රී ඇමති ළමයි හා ඔවුන්ගේ නායකයන් වන ජනධිපති උතුමන්ලා හට අපහාස උපහාස කරයි. රට සාම කාමිව දේශපාලනමය වශයෙන් තිබීම හා රට අහම්බෙන් හෝ සංවර්ධනය වී දියුනුවූවහොත් හොඳ ළමයා වන නායක ළමයාගේ චන්දය වැඩි වුනොත් නපුරු ළමයින්ට පාර්ලිමේන්තු ආසන අඩුවී හෝ තම පක්ෂය අතුගැවී යාම නිසා හා කිසවක් නොදන්නා නිසා අත ලෙව කා හෝ ජිවත් වීමට බැරිවන බව දැන ( පාර්ලිමේන්තු සුපිරි ජිවිත ) ගෙන තිබීම නිසා හොඳ ළමයින් හට නපුරු ළමයි සාරි හැට්ට ඇඳගෙන හෝ නැතිව, කුහක සට කපට අදහස් ඇතුව මෝඩ බබාලාගේ චන්දය ගැනීමට උසුළු විසුළු කරයි. මේ ආකාරී කුමන්ත්‍රණ කාරී බබාලා හෙවත් නරක ළමයි ගැන බලාගෙන සිටින අපි (සිංහල බෞද්ධයන් ) සමාජය ඉදිරියටත් දැනුවත් කිරීමට ලිපි ලියන්නෙමු. නමුත් නපුරු බබාලා වැනි කැත අදහස් අපට නැත්තෙමු. ඇත්ත ඇති සැටියෙන් ලියන්නෙමු කියන්නෙමු.

අන්තවාදී නපුරු අදහස් ඇති සමහර දෙමළ නරක ළමයින් පිරිභාහරන් බබෙක් නිර්මාණය කරගෙන අවුරුදු තිහකට වඩා කාලයක් හොඳ ළමයින්ව කපා කොටා වෙඩි තබා ,ගිණි තබා ,බෝම්බ ගසා විනාශ කළේය. ඒ දුක් ගිනිදැල් , යුධ භියට යුරෝපයේ සිටින විවිධ රවල්වල සිටි හා ලොරෙන්සෝද බබාල හෙවත් ලෝක හොඳ බබාලාද අත් පොළසන් දුන්නේය. එය ඔවුන්ගේ මානව හිමිකම් යැයි කියා නොකියා කිවේය. ඒ පිට රටවල් වල සිටි ඒ නරක ළමයින් ඔවුන්ට පමණක් හොඳ ළමයි සේ පෙනෙන අප රට කැලි කැලි කැබලිවලට කඩා බිඳ දැමීමට සුදුසු මානසිකත්වයෙන් පෙලෙන රට සල්ලි කන , හිඟන ළමයින් අල්ලාගෙන ”අරේහේ යුධ වදිනවා නෙවයි මේ කැලේ යනවා ,මෙහෙ යනවා නොවෙයි අරහේ යනවා කිවේය”. හරියට රෙද්ද අස්සේ ඉන්න නයින්ව දන්නේ නැති එන්.ජි.ඕ බබාල හෙවත් සිංහල අපි ශිෂ්ටාචාර කොරන්න පැමිණි පන්සිල් පද පහවත් දන්නේ නැති. නිරිවතින් එලිමහනේ පවා අශික්කිත ලෙස , තිරිසන් සතුන් මෙන් නිරුවත්ව හැසිරෙන ලොව වෙනත් රටවල් තම වහලුන් ලෙස යොදා ගැනීමට දඟලන ඒ ඔස්සේ ඔවුන්ගේ ”කාම ලන්තය” මේ රට තුල ගොඩනගා ගැනීමට හා ඔවුන්ගේ දෙවියන්ට මේ උතුම් දේශය අවසානයේ පුජා කිරීමට නලියන වුන් දැනගත යුත්තේ ” අපි ” එනම් හොඳ ළමයින්  (සිංහල බෞද්ධයන් ) ඉන්නා තාක් කල් නරක ළමයින්ට මෙහි ”සෙල්ලම් ” දැමිමිට ඉඩ නොදෙන බවය.

ඒවගේම ඔය ඉහත කි නරක බබාල හෙවත් නරක ළමයින් අභිනවයෙන් ගෙන එන ”කුණු බිත්තර ” ,”මඩ ප්‍රහාර ”, නින්දා ,අපහාස,තාඩන පීඩන , පස්චාත් භාගයෙන් සබ්බද නගමින් පිටවෙන වාතය යෑමක් තරම් වත් ගණන් නොගන්නා බවයි. නරක ළමයින්ගේ සමහර උපකර ලද හොඳ ළමයි (සිංහල බෞද්ධයන් ) කියූ නමුත් නොඇල්ලු  හා ඔවුන් කි  දේ නැසූ හිස්බුල්ලා, රිෂාඩ්,අසාද් සාලි, සාෆි, රහක්මාන්ලා, කබීර් ලා  වැනි බබාල තම දෙවියන් වෙනුවෙන් හෝ දිව්‍ය ලෝක ගැනුණුන් සමුහයක් හම්බවිම්ට කිතුණු දේවස්ථාන හා සමහර හෝටල් බෝමබයෙන් දෙබෑ කොට ගිය නරක බබෙක් ( නරක ළමයෙක් ) වූ ” අසහරන් ” දේව දුතයෙක්ද ? ඒ අප්‍රේල් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියේද මේ රටේ සිටි හොඳ බබාල පිරිසකි, නරක බබාල විසින් මැවූ අන්තවාදයේ කුරිරු මිනිස් බෝම්බයකට මැදිවී අසරණව ඔවුන් මිය ගියේය. එම සිද්ධිය දැක කොක් හඬලා සිනාසුනු නරක ළමයි රජ කරවීමට ඔබ හොඳ ළමයින්ගේ කිර්ති නාමයට කැළැල් සිදුකරන්නේ නැවත් මේ රට එවැනි ගණයේ මාරයන්ටම බිලිදීමට බව අප සියල්ලෝම දන්නේය.

හොඳ ළමයගේ කැරැට්ටුව හෙළි කිරීමට හා රහස් සෙවීමට රන්ජන් මන්ත්‍රී බබා ,හිරුණීකා පාර්ලිමේන්තු බබා, පියුමි නිළි බබාල (ලෝක හොඳ ළමයි කල්ලිය ) අනුන්ගේ හා තමන්ගේ පස්චාත් භාගයන් ගැන උදන් ඇනීම හා ඒවා සමහර කෘත්‍යන් කරගනීමට යොදවාගන්න ආකාරය හා ඒවා කා හට කොයි අවස්ථවේ පල ප්‍රයෝජනයට ගැනීමට දියයයුතුද යන කාරණා හා නපුන්සක හා ඝණිකා ජිවිත හොඳ ළමයින්ගේ චරිතවලට වඩා හොඳ බව පෙන්වීමට හා ඔවුන්ගේ ජඩ හා කාමුක වැඩ විවේචනය නොකට හොඳ ළමයි හා පරණ ආමි කාරයන් රට පාලනය කරන්න පුලුවන්ද කියා  හංවඩු ගැසීමෙන් ”අපි හොඳයි  වශයෙන්” පෙනී සිටින නරක ළමයින් උත්සාහ ගන්නේ අර වර්ෂ 1505 දී අපරටට ආ ඒ වනචර විදේශික නොරටෙක් වූ ඒ ආගමික ළමයා ගෙන ආ නරක පුරුදු තව දුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට අපරට තුල පැළ පදිංචි කරවීමටත්. ඒ අප මහා සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඒ බෞද්ධ දේශය මෙලොවින් තුරන් කරවීමටද ?

රතු තොප්පි,කහ තොප්පි.නිල් තොප්පි ,මදට පැහැය තොප්පි ,සුදු කළු ඉස්ලාම් හෝ කොටි  තොප්පි නොව සැම ළමයෙකුම පැලඳිය යුත්තේ. රටේ ආරක්ෂාව ලබාදිය හැකි උසස් හිස් වැසුමකි . එනම් බුද්ධිමත් හා සවිමත් නායකයෙකුගේ අවශ්‍යතාවයයි.

නිකරුනේ හොඳ ළමයයින්ට ගහල හරි යනවද.? ඕගොල්ලොත් එයා වගේ ‍හොඳ ළම‍යෙක් වෙන්න. සට කපට්කම් ,බක පණ්ඩිත කම් ,වාචාල කම් අතහරින්න  එයාව ආදර්ශයට ගන්න. එවිට ඔබටත් හොඳ අවස්ථාවක් ද ගෞරවය ද ලැබේවි.

ඔබ සැමට තෙරුවන් සරණයි !

දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

2020-2-8 නවම් පුර පස‍ළොස්වක පෝය දින

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පස‍ළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි දිනක ය.

සම්බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සම්මේලනය ද අද වැනි දිනක පවත්වා තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress