තරගකාරී විභාග මූලික අධ්‍යාපනය නිසා දරුවන්ට දහම් අධ්‍යාපනය මෙන්ම නිදහස අහිමි වෙලා
Posted on February 13th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

තරගකාරී විභාග මූලික කරගත් අධ්‍යාපනික ක්‍රමය හේතුවෙන් මෙරට දරු පරපුරට දහම් අධ්‍යාපනය මෙන්ම නිදහස ද අහිමි වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සමඟ ඊයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉරුදින සහ පොහොය දින උපකාරක පන්ති පැවැත්වීම තුළින් දහම් පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ ශීඝ්‍ර ලෙස අඩුවන බවට සමස්ත ලංකා ශාසනාරක්ෂක

බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේ අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ රජයක් වශයෙන් ඉරුදින දහම් පාසල් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු තමන් සිදුකරන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress