මුජිබර් රහුමාන්ගේ ප්‍රකාශය අසත්‍යයි – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ප්‍රජාව
Posted on February 17th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

වෙළඳ පොළේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ප්‍රජාව පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එළවළු මල්ලක්ද රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වෙළඳ පොළේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට රජයට චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ප්‍රජාව අද ප්‍රතිචාර දැක්වූවා.

එළවළු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් මෙලෙස අදහස් දැක්වූවා.

පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress