පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත්කළ ඇතැම් කමිටු ක්‍රියාකළේ සත්‍ය වසන් කිරීමට දැයි සැකයි – අගරදගුරු හිමිපාණන්
Posted on February 18th, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇතැම් කමිටු ක්‍රියාත්මක වූයේ සත්‍ය වසන් කිරීමට දැයි සැකයක් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
පාස්කු ප්‍රහාරයේ පළමු සැමරුම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ දී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.