සතොසින් ගසා කෑ හැටි ෆයිල් පිටින් හසුවෙයි… රිෂාඞ්ගේ සියලූ ගේම් හෙළි වන හැඩයි!!
Posted on February 24th, 2020

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

sathosa2


ඉකුත් සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු රටම හෙල්ලෙන තරමේ පුවතක් මාධ් මගින් වාර්තා කර තිබිණි. පාර්ලිමේන්තු මන්තී රිෂාඞ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසක් පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී සතොස ආයතනයට අදාළව සිදු කළ කෝටි ගණනක් වටිනා අයථා ගනුදෙනු 67 ලිපිගොනු සහ ඉඩම් ඔප්පු විශාල රමාණයක් සොයා ගැනීම එම පුවත විය.

මෙතෙක් කලක් මේ රටේ මිනිස්සු සිතාගෙන සිටියේ රිෂාඞ් බදියුදීන් යනු විල්පත්තුවේ වනස්පතීන් කුට්ටිකර භූමිය කට්ටිවලට බෙදා මිනිසුන් නැති නිවාස ව්යාපෘති කරවමින් මුස්ලිම් ජාතිය වෙනුවෙන් පෙනී සිටින උග ජාතිවාදී ආගම්වාදී පට්ට චරිතයක් ලෙසින් වූහ.

එහෙත් පොලිසිය සිදු කළ මේ වැටලීමත් සම` සිදුවූයේ මෙතෙක් රිෂාඞ් `ගවාගෙන සිටි සියල්ල එළියට එන අතරේ හැඳ සිටි කලිසම ඔලූවෙන් ගැලවී උඩු සුළෙ`ග් ගසාගෙන යෑමක් විය.

දශක දෙකකට ආසන්න රිෂාඞ්ගේ දේශපාලනය තුළ එහෙට මෙහෙට පනිමින් කවුරුන් රට කළත් ආණ්ඩුවේ යාවජීව ඇමැතිවරයකු වූ රිසාඞ් හැදාමත් පෙනී සිටියේ තමන් මෙරට මුස්ලිම් ජනතාව නියෝජනය කරන සර්වබලධාරී දේශපාලනඥයා ලෙසිනි.

එහෙත් දැන් එය අමු ව්යාජයක් බව රට සහ සමාජය ඉදිරියේ තහවුරු වන කාලය එළැඹෙමින් ඇත. මෙය මීට බොහෝ කලකට ඉහත සිදුවිය යුතුව තිබුණකි. සුළු ජාතික ඡන්ද මත යැපුණු දකුණේ දේශපාලනයේ තිබූ නපුංශක බව ඉදිරියේ හැමදාමත් රිෂාඞ්ලා පොරවල් වී සිටීම නිසා සියල්ල වූයේ දිනෙන් දින යටපත් වෙමිනි.

සැබැවින්ම මේ රිෂාඞ් බදියුදීන් යනු කවරෙක්ද? ඔහු මෙරට දේශපාලනයේ මුස්ලිම් ජාතික කඳවුරේ රබල නියෝජිතයකු ලෙස පෙරට පැමිණියේ කෙසේද?

වේලූපිල්ලේ රභාකරන් ඇතුළු එල්ටීටීඊ රස්තවාදීන් ඉකුත් 1990 වසරේදී උතුරු නැගෙනහිර පළාත්හි විසූ සියලූ මුස්ලිම් ජාතිකයන් එම පළාත්වලින් පන්නා දැමීමට තීරණය කරනු ලැබීය. මේ අනුව එකල සුළු ව්යාපාරයක් කරගෙන මන්නාරමේ ජීවත්වූ රිෂාඞ්ගේ පියා බදියුදීන්ටද සිය දරු පවුල සමගින් මන්නාරමෙන් පිටවීමට සිදුවිය.

1972
වසරේ උපන් රිෂාඞ් මේ කාලයේ හොඳ යෞවනයකු වූ අතර අවසානයේ සිය පියා සහ මව ඇතුළු සහෝදරයන් සම` මන්නාරමේ සිට අනාථයන් ලෙස පැමිණි ඔවුන් පුත්තලම රදේශයේ වූ හිස් භූමියක පදිංචි විය.

රිෂාඞ් පවුල පිළිබඳ හොඳින් කරුණු දන්නා මොහොමඞ් ඛාන් පවසන්නේ එකල මහා ධනස්කන්ධයක් රිෂාඞ්ලා සතු නොවූ බවකි. පුත්තලමට පැමිණීමෙන් පසුව අධ්යාපන කටයුතු සඳහා කොළඹට පැමිණ මරදාන සහිරා විදුහලට ඇතුළත් වූ රිෂාඞ් බදියුදීන් උසස් පෙළ දක්වා අධ්යාපනය හදාරා පුහුණු පාඨමාලාවක් සඳහා ජර්මන් කාර්මික විදුහලට ඇතුළත් වූ බවද මෙහොමඞ් ඛාන් සඳහන් කළේය.

මේ මොහොමඞ් ඛාන් යනු ඉකුත් 2015 වසරේදී රිෂාඞ් බදියුදීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ එකම පුද්ගලයා වේ.

මේ අන්දමට කොළඹට පැමිණ අධ්යාපන කටයුතුවල නිරත වූ රිෂාඞ් බදියුදීන් හාපුරා කියා සිය දේශපාලන ගමන අරඹන්නේ මෙරට දේශපාලනයේ ජේ්යෂ්ඨ චරිතයක්වූ . එච්. එම්. ෆවුසි මහතා සමගිනි. අනුව 2000 මැතිවරණයේදී වන්නි දිස්තිරත්කයට තරග වැදුණු රිෂාඞ් එහිදී පරාජයට පත්විය.

පසුව 2001 වසරේදී පැවති මැතිවරණයට යළි ඉදිරිපත් වූ රිෂාඞ් බදියුදීන් එය ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත් විය. අනතුරුව ඉකුත් 2004 වසරේ පැවති මැතිවරණයෙන්ද ජයගත් රිෂාඞ් පළමු දේශපාලන ගේම ලෙස රාවුෆ් හකීම් මහතා කපාගෙන ගොස් චන්ද්රිකා බණ්ඩාරනායක රජය සමයේදී ඇමැති ධුරයක් ලබා ගැනීමටද සමත් විය. එහිදී එතෙක් තරග කළ මුස්ලිම් කොන්ගරසයෙන් ඉවත් වන්නටද හේ කටයුතු කළේය.

අනතුරුව මහින්ද රාජපක් මහතා සම` එක්වූ රිෂාඞ් බදියුදීන් එතැන් පටන් තමන්ගේම කියා තනි පක්ෂයක් ගොඩන`ගාගෙන කුපරකට වූ සිය විජයගරාහී දේශපාලන ගමන ඇරඹීය. මොහොමඞ් ඛාන් මහතා පවසන ආකාරයට රිෂාඞ් බදියුදීන් සිය දේශපාලන ගමනේදී පළමු පාවාදීම සිදු කරනුයේ ඉකුත් 2002 වසරේදී බලයට පැමිණි එක්සත් ජාතික පක් රජය සමයේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදීය.

එහිදී මුස්ලිම් කොන්ගරසයේ දේශපාලනය අමතක කළ රිෂාඞ් බදියුදීන් කථානායකවරයා පත්කර ගැනීම සඳහා එජාපය සහ ශීරලනිපය අතර පැවති තරගයේදී ශීරලනිපයෙන් ඉදිරිපත් වූ විජමු ලොකුබණ්ඩාර මහතා කථානායකවරයා ලෙස පත්කර ගැනීමට චන්ද්රිකා කුමාරතුංග මහත්මියට සහාය ලබා දෙමින් පාර්ලිමේන්තුවට පළමු අවස්ථාවේදීම සිය ඡන්දය රකාශ කරනු ලැබීය.

පසුව මහින්ද රාජපක් රජය සමයේ නැවත පදිංචිකිරීමේ ඇමැති ධුරයට පත්වූ රිෂාඞ් බදියුදීන් මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාවගේ කනෙන් රිංගා යමින් සිය රකෝටිපතියකු වීමේ ගමන අරඹන්නේ එතැන් සිටිය.

එකී නැවත පදිංචි කිරීමේ ව්යාපෘතිය යටතේ සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පමණක් මන්නාරම සහ පුත්තලම රදේශයේ ඉඩම් අක්කර 3000 ක් බෙදාහදා ගෙන ඇති රිෂාඞ් බදියුදීන් එහිදී රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් වැයකර කළ ඉදිකිරීමක් කර මෙගා කන්ටරක්ෂන් නමින් පවුලේ සාමාජිකයන් සම` එක්ව ආයතනයක් පවා පිහිටුවාගෙන රාජ් මුදල් අවභාවිත කළ බව මොහොමඞ් ඛාන් මහතා පවසන්නේය.

රිෂාඞ් බදියුදීන්ගේ රුපියල් කෝටි ගණනින් වන මෙකී ගසා කෑම් පිළිබඳ ඉකුත් 2015 වසරේදී තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත සියලූ තොරතුරු සම` පැමිණිල්ලක් ඉදිරිපත් කළද මේ දක්වා පිළිබඳ විමර්ශනයක් සිදු නොකෙරුණු බවද ඛාන් මහතා කීය.

මෙසේ රජයේ මුදල් ගසාකන අතරේ සිය ඇමැති ධුරයට මුවා වී අරාබි රටවල ධන කුවේරයන් සහ රාජ් බලධාරීන් මුණගැසී ශී ලංකාවේ මුස්ලිම් ජනතාව නගාසිටුවන්නට යැයි සඳහන් කරමින් රුපියල් කෝටි ගණනින් ආධාර ලබා ගැනීමේ ව්යාපෘතියක් රිෂාඞ් බදියුදීන් දියත් කර තිබුණු බවද මොහොමඞ් ඛාන් මහතා කරන තවත් චෝදනාවකි.

දේශපාලනයට මුවා වී අත් කුරානයත් හිතේ සාතනුත් තබාගෙන කටයුතු කර තිබෙන රිෂාඞ් බදියුදීන්ගේ ගසාකෑමේ භූමිකාව පිළිබඳ හෙළිවන කරුණු මෙසේ වෙද්දී පසුගිය කාලයේ ඔහුට එල්ල වූ තවත් චෝදනාවක් වූයේ පාස්කු රහාරය එල්ල කර රටම හැ`ඩවූ සහරාන් හෂීම්ලා ` කියා දුන් ගෝඞ් ෆාදර් කෙනකු ලෙස හේ කටයුතු කළ බවයි.

මේ රටේ දේශපාලනයේ තිබූ ජරා ජීර්ණ බව නිසා පසුගිය කාලයේ පිළිබඳ කිසිදු විමර්ශනයක් කිරීමට කිසිවකුත්ම නොමැති විය. දේශපාලන අතපෙවීම් හමුවේ පොලිසිය සිටියේ රිෂාඞ්ලා බදාගෙන උම්මා දෙන තැනකය.

පසුගිය කාලයේ තමන්ට අයත්ව තිබූ මන්නාරම රදේශයේ ඉඩමක් රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රිෆ්ඛාන් බදියුදීන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ව්යාජ ඔප්පුවක් සකසා විකුණා ඇතැයි කියමින් එක්තරා මුස්ලිම් ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එය නඩු නිමිත්තක් ලෙස අධිකරණය දක්වා ගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණද රිෆ්ඛාන් බදියුදීන් අත්අඩංගුවට ගැනීමක් නම් සිදු නොවීය. රිෂාඞ් බදියුදීන් සතුව තිබු දේශපාලන බලය එතරම් රබල තැනක විය.

අවසානයේ රිෂාඞ්ගේ සොහොයුරු රිෆ්ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවේද ගෝඨාභය රාජපක් රජය බලයට ඒමෙන් පසුවය. හේ දැන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේය.

මෙසේ අද විවිධ අන්දමින් දූෂිත චෝදනා එල්ල වන රිෂාඞ් බදියුදීන් සිය දේශපාලන බලය යොදාගෙන පසුගිය කාලයේ විල්පත්තු වන රක්ෂිතයට සිදුකළ විනාශයම ඔහුව මේ දැන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු අන්දමේ අපරාධයක් බව එකී විල්පත්තු වනාන්තර සීමාවට යන ඔනෑම අයකුට පැහැදිලි වන කරුණකි.

එහෙත් මේ රටේ ස්වභාවධර්මයට ඒසා විනාශයක් කළ රිෂාඞ් බදියුදීන් තවමත් නිදැල්ලේය. එසේ නිදැල්ලේ සිටින රිෂාඞ් මේ දිනවල සිය සමාජ ජාලා කිරයාකාරීන් සහ අනෙකුත් පාර්ශ්ව ඒකරාශී කරගෙන අපූරු රචාරක වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත.

එකී රචාරක වැඩපිළිවෙළේ කිරයාදාමය වී තිබෙන්නේ ශී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක් මහතා තමන් සම` සිටින බැවින් මීළ` මැතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක් රජයේත් ඇමැතිවරයකු ලෙස තමන් කටයුතු කරන බව සඳහන් කිරීමය.

වත්මන් ආණ්ඩුව කෙරෙහි වහා අවධානය යොමු කළ යුතුව ඇත. මන්ද එකී රචාරය තුළින් ආණ්ඩුවේ ජනපිරයත්වයට බරපතළ හානියක් සිදුවීමේ අවදානමක් පවතින නිසාය.

මේ අතරේ ඉකුත් සතියේ ඇමැති විමල් වීරවංශ මහතාද රිෂාඞ් බදියුදීන් පිළිබඳ ඉතා වැදගත් හෙළිදරව්වක් කරනු ලැබුවාය. විමල් වීරවංශ මහතා කියා සිටියේ පසුගිය දින 52 ආණ්ඩුව සමයේ හදිසියේම රිෂාඞ් බදියුදීන්ගේ නමින් ඇමරිකාවේ පවත්වාගෙන යන ගිණුමකට ඩොලර් ලක්ෂයක මුදලක් බැරවී තිබෙන බවය.

එකී හෙළිදරව්ව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කිරීමටද ඇමැති විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ කටයුතු කර ඇත. එහෙයින් මේවා පිළිබඳ කඩිනම් විමර්ශනයක් ආරම්භ වියයුතු ඇත.

අනාවරණය වන කරුණු අනුව නම් මේ රටේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටික පෙන්වා රජයෙන් රජයට බලයට පැමිණි රිෂාඞ් බදියුදීන් සියල්ල සුළුවෙන් නොව සවානේ දමාගෙන අනුභව කර තිබෙන බව හොඳින්ම පැහැදිලි වන කරුණක් බවට අද පත්ව ඇත.

රිෂාඞ් මේ අන්දමින් ගසාකමින් එක්රැස් කර ඇති මේ සුවිශාල ධනස්කන්ධය මොන මොන අතට බෙදී ගියේද? මේ බිම තුළ ඉස්ලාම් රාජ්යයක් බිහිකිරීමේ අන්තවාදයක් දැඩිමතධාරී කිරයාත්මක මේ මොහොතේ රිෂාඞ්ලා ගසාකමින් හරහම්බ කළ එකී ධනය සහරාන් හෂීම්ලා අතරත් බෙදුණේද?

මේවා දැන් වහා වහා සොයා බැලිය යුතු කරුණුය. අරයගේ පැටිකිරිය මේකයි, මෙයාගේ මෙහෙමයි කියමින් රටේ ජනතාවට තොරම්බල් නාටක පෙන්වීමෙන් පලක් නැත. මේ දේශපාලන අපතයන් වහා අත්අඩංගුවට ගතයුතුව ඇත.

කවුරුන් කුමක් කීවත් කොහොමත් රිෂාඞ් බදියුදීන්ලා මෙතෙක් කරගෙන ගිය දේශපාලනය ඉස්ලාම් අන්තවාදය මායිමේ තිබෙන්නක් බව පසුගිය කාලයේ ඔවුන් දේශපාලනයට මුවා වී කළ කී දෑ හමුවේ පැහැදිලිවම පෙනී යන්නකි. දේශපාලන බලයෙන් පිම්බී ඔවුන් දිගින් දිගටම පහර දුන්නේ මේ රටේ චිරාත් කාලයක සිට පැවති සිංහල මුස්ලිම් සහෝදරත්වයටය.

විමසීමෙන් බලන කල පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ රිෂාඞ් යනු දේශපාලනයේදී කපටියෙකි, ගසා කෑමේදීද කපටියෙකි. අන්තවාදයේ විෂබීජවලින් මෙරට මුස්ලිම් සහෝදරත්වය ඉතා සූක්ෂම ලෙස සමස්තයෙන් ඈතට රැගෙන යමින් සිටින ඔහු වැන්නන් එහිදීද ඉතාම කපටියෙකි. මේ සියල්ල තුළ තිබෙන්නේ මමත්වය පමණි.

අනුව බලන කල මෙවන් දේශපාලන කපටි නරි සදහටම මෙරට දේශපාලනයේ ඉවතට ඇද දැමීමේ කාලය දැන් උදා වී තිබේ. අවශ් වන්නේ එයට ආරම්භයක් දීම පමණකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress