නිවාස අධිකාරියේ සේවකයන්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විරෝධයක්
Posted on February 27th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් දින 10ක් පුරා සිදු කරගෙන ගිය උද්ඝෝෂණය ඊයේ රාත්‍රීයේ අවසන් කෙරුණා.

ඒ, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුවයි.

2015 වසරේ සිට නිවාස සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයින් පසුගිය 17 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළේ තමන්ගේ සේවය අත්හිටුවීමට විරෝධය පල කරමින්.

ඔවුන් දින 10ක් පුරා ගාලු මුවදොර පිහිටි උද්ඝෝෂණ ස්ථානයේ රැදී සිටි අතර නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමඟ ඊයේ සාකච්ඡාවක් පැවැත්වුයේ නිවාස අමාත්‍යංශයේදීයි.

සාකච්ඡාවෙන් අනතුරුව සිය උද්ඝෝෂණය අවසන් කිරීමට එම සේවකයින් තීරණය කළ අතර, එහිදී ඔවුන්ගෙන් හිටපු විෂය භාර අමාත්‍ය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විරෝධයක් එල්ල වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress