ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි
Posted on February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට තම කාලය වැය කිරීමට සිදුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සම්මාන ප්‍රදානෝත්සවයකට එක්වෙමින්.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවට අනුව, 2018 වසරේදී ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කර ගත් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන 110 කට සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවුණා.

එම අවස්ථාවට එක්වෙමින් කතානායක කරූ ජයසූරිය අදහස් දක්වා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress