CID හිටපු අධ්‍යක්ෂ ශානි, තිසේරා සහ නිශාන්තට නොතීසි
Posted on February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට, එහි සමූහ දූෂණ අංශයේ හිටපු ප්‍රධානී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට සහ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරාට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

ඒල රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතාල අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුවයි.

කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සැකකරුවෙක් ලෙස නම්කර ඇති රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ තමන්ට සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව සාක්ෂි විමසීම අද දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණා.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ හිටපු නාවික හමුදාපතිවරරයෙකු වූ ට්‍රැවිස් සින්නයියා මහතා එම ධූරයට පත්වීමට පෙර විශාල මුදලක් අවභාවිතා කරමින් සිදුව තිබූ නාවික යාත්‍රා ගනුදෙනුවකට වගකිව යුතුව සිටි නිසා එවක තමන් විසින් ඒ පිළිබඳ ජනාධිපති කොමිසමක් හමුවේ සාක්ෂි

ලබාදුන් අතර, තමන් ද ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව තුළ ස්වාධීන විමර්ශනයක් සිදුකළ නිසා ට්‍රැවික් සින්නයියා තමන් සමඟ අමනාපයෙන් සිටි බවයි.

මේ හේතුවෙන් තමන්ට විරුද්ධව අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බව දසනායක මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම නාවික හමුදාපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමූද්‍රීය කටයුතු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති බව ද දසනායක මහතා මෙහිදී පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 2002 වසරේ දී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ වෙනම ඒකකයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබූ බවයි

ඊට අධිකරණ, පොලීසි, සිරමැදිරි ඇතුළු සියලු අංග ඇතුළත්ව තිබුණත්, වරායක් සහ මුහුදු සීමාවක් අන්තර් ගත නොවූ නිසා එල්.ටී.ටී.ඊ. ය එම අංග 2 ද ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බව දසනායක මහතා කොමිසමේදී අවධාරණය කළා.

මෙහිදී සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේල එල්.ටී.ටී.ඊ. ය මුලතිව් වෙරළේ සිදුකළ කටයුතුවලට වර්තමාන ජනාධිපතිවරයාව කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ නොවුණේ ද යන්නයි.

මෙහෙයුම සාර්ථක කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහාය දැක්වූ බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුන් අවස්ථාවේ ඊට එරෙහිව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතු කරමින් නඩු කටයුත්තක් සිදුවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ දූෂණ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව යම්කිසි ප්‍රකාශයක් සිදුකරන ලෙස තමන්ට විටින් විට බලපෑම් කළේ දැයි නීතිඥවරයා දසනායක මහතාගෙන් මෙහිදී විමසීමක් කළා.

එවැනි බලපෑමක් සිදුවූ බව ඔහු කොමිසම හමුවේ පිලිගනු ලැබුවා.

එහිදී නීතිඥවරයා යළි විමසා සිටියේ අදාළ නඩුව ගොණු කළ පුද්ගලයෙකුගේ නමක්, පසුගිය රජය සම අනුග්‍රහය දැක්වූ යෝජනාවලිය සැකසූවන්ගේ නාම ලේඛණයේ ඇතුළත් වුණේ ද යන්නයි.

ගාමිණි වියන්ගොඩගේ නම එලෙස සඳහන් වී තිබූ බවයි දසනායක මහතා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ.

මෙහිදී කොමිසමල ඩීගකේගපීග දසනායක මහතාගෙන් විමසුවේ තමන්ට විරුද්ධව අධිකරණයේ සිදුකෙරෙන නඩු විභාගයේදී ට්‍රැවිස් සින්නයියා ඇතුළු පිරිසක් ලබාදී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේ කවුරුන්ද සහ ඒවා අධීක්ෂණය කළේ කවුරුන්ද යන්නයි.

එම පරීක්ෂණල  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ දූෂණ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් සිදුකළ බවත් සහකාර පොලිස් අධිකාරී ඩීගඑස්ග තිසේරා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඒවා අධීක්ෂණය කළ බවත්, දසනායක මහතා පැවසුවා.

අනතුරුව කොමිසම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාල සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඉදිරියේදී මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.

එමෙන්ම ලේක්හවුස්, ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ට ද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි මෙහිදී නොතීසි නිකුත් කෙරුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress