විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට ජනපතිගේ අවධානය
Posted on March 5th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළයුතුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

එය ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා හෝ පවතින රජය වෙනස් වන විට වෙනස් නොවන ක්‍රමයක් විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු බවටයි.

දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළ පොතෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයාගේ  පැසසුමට ලක්ව තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress