INNOTECH 2020 – තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය මාර්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා හෝමාගම දි.
Posted on March 5th, 2020

ප්‍රවෘත්ති නිවේදනයයි තාක්ෂණ හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය (MHETI) සහ  තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය (SMTI) විසින් එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන (GRI), විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් සංවිධාන කරන  INNOTECH 2020  – තාක්ෂණ හා නවෝත්පාදන ජාතික  ප්‍රදර්ශනය  මාර්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා හෝමාගම, පිටිපන අධි තාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේ  දී පැවැත්වේ.

සමාජයේ සියලු ස්තරයන්හි විද්‍යා හා තාක්ෂණ සාක්‍ෂරතාව ප්‍රවර්ධනය කරවීමත්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පර්යේෂණ ආයතනයන්හි සහ විශ්වවිද්‍යාලන්හි පර්යේෂණ හා සංවර්ධන අංශවල පර්යේෂණ හරහා බිහිවන නව දැනුම සහ සොයාගැනීම් ප්‍රදර්ශනය කිරීමත්  යන ප්‍රමුඛ  පරමාර්ථයෙන්   INNOTECH 2020” ප්‍රදර්ශනය පැවැත්වේ.

ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය, NSBM හරිත සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය, මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව යන පරිශ්‍රවල දී පැවැත්වෙන ප්‍රදර්ශනය අධ්‍යාපනික කලාපය,  නවෝත්පාදන කලාපය සහ පර්යේෂණ හා සංවර්ධන කලාපය  ලෙස ප්‍රධාන කලාප තුනකින් සමන්විත වේ.පර්යේෂණ ආයතන සහ විශ්ව විද්‍යාලයන්හි පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස බිහි වූ නිෂ්පාදන, මුලාකෘති සහ නව නිපැයුම්, ස්වාධීන නව නිපයුම් කරුවන්ගේ  නව නිපැයුම්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නව නිපැයුම් සහ ප්‍රදර්ශන භාණ්ඩ, අධ්‍යාපනික විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම් (ගණිත විද්‍යාගාරය, අධ්‍යාපනික ක්‍රිඩා ආදිය),  නවීන සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ දැනුම, නිර්මාණ සහ ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම්  (සුර්ය බල ශක්ති භාවිතය, 5G & IOT, ස්නායු තාක්ෂණය, ඩ්‍රෝන යන්ත්‍ර භාවිතය ආදිය)  ජංගම ග්‍රහලෝකාගාරය, රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරු,, ජල රොකට් ප්‍රදර්ශනය, NSBM ශිෂ්‍යයින්ගේ ප්‍රදර්ශන භාණ්ඩ, STEM සහ වෙනත් අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම වර්ධනය සඳහා දැනුවත් කිරීමේ උපාංග, විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම් (සුනඛ සංදර්ශන, තුරඟ සංදර්ශන, වීදි නාට්‍ය, සංගිත සහ සංස්කෘතික සංදර්ශන) ආදී පුළුල් පරාසයක ප්‍රදර්ශන අංග INNOTECH 2020 ට ඇතුළත් වේ.

ප්‍රදර්ශනය පැවැත්වෙන දින හතර පුරා පෙ.ව. 9.00 සිට ප.ව.10.00 දක්වා එය විවෘතව තැබෙන අතර ඇතුළත්වීමට කිසිදු මුදලක් අය නොකෙරේ.

මාධ්‍ය ඒකකය

තාක්ෂණ හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress