දේශපාලන හිතවතුන්ට රාජ්‍ය ආයතන තනතුරු දීමේ යුගය වෙනස් කළ බව ජනපති කියයි
Posted on March 6th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පෞද්ගලික ආයතන ශක්තිමත් කර ලාභ ලබන තත්ත්වයට පත් කළ අත්දැකීම් බහුල පිරිසක් වර්තමානයේ කිසිදු වරප්‍රසාදයක් නොමැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමන් සමග එක්ව සිටින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

රාජ්‍ය ආයතන කිහිපයකට අලූතින් පත් කෙරුණු සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress