කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC
Posted on March 11th, 2020

උපුටා ගැන්ම ලංකා ඊ නිව්ස්

කොරෝනා වෛරසය දැඩිව පැතීරී ඇති දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරොධායනයට ලක් කිරීම මේ වන විට රජය විසින් අනිවාර්ය කර ඇත.

නමුත් රජය විසින් නොමිලයේ ලබා දෙන ආහාර, කාමර පහසුකම් නැතැයි පවසන පුද්ගලයන් වෙත විකල්පයක්ද මේ වන විට සාකච්චා වෙමින් තිබේ.

මෙරට පිහිටි ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් සමග සාකච්ඡා කරමින් එම පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වායුසමීකරණය කරන ලද කාමර ආහාරපාන ලබා දීම සම්බන්ධයෙන් අවදණාය යොමු කර ඇත.

මේ දිනවල සංචාරකයන්ද පැමිණීමේ විශාල අඩුවක්ද ඇති නිසා සංචාරක හෝටල්වලට ද අමතර ආදායමක් ලෙස මෙම වැඩපිලිවෙල යෝජනා කර ඇත.

ඒ අනුව අවශ්‍ය පුද්ගලයන් දින 14ක කාලයක් එම හෝටල්වල නේවාසිකව නිරෝධායන කටයුත්ත සසිදු කර ගැනීමට හැකි අතර ඒ සඳහා හෝටලයේ ගාස්තුවට අමතරව නිරෝධායනය සඳහා අමතර ගාස්තුවක්ද එක් කිරීමට යෝජිතය.

සාමාන්‍යයෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක් දිනක් සදහා රුපියල් 20,000 කට ආසන්න මුදලක් අය කෙරෙන අතර ඊට නිරෝධායනය වෙනුවෙන් අමතර ගාස්තුවක්ද එක්වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress