මගී ජනතාවගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සේවකයින්ගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සියලූම රියදුරු කොන්දොස්තර මහතුන් හට මුඛ ආවරණ ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
Posted on March 15th, 2020

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

ගරු ප‍්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා,
ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය,
7 වන මහළ, සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

ගරු ඇමතිතුමනි,
මගී ජනතාවගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සේවකයින්ගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සියලූම රියදුරු කොන්දොස්තර මහතුන් හට මුඛ ආවරණ ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.


මේ මොහොත වන විට අප රට තුල උද්ගත වී ඇති කොරෝනා වසංගතය නිසා ජනතාව ඉමහත් අසීරුතාවයන්වලට පත්වී ඇත. ශ‍්‍රී ලංගම සේවය කරනු ලබන රියදුරු කොන්දොස්තර මහතුන් දෙපළ දිනකට 1000 කට වඩා ජනතාව සමග අනිවාර්යයෙන්ම ඇසුරු කිරීමට සිදුවේ. බස් රථවල ගමන් කරන මගීන් පිළිබඳව විධිමත් අවබෝධයක් නොමැති නිසා ශ‍්‍රී ලංගම සේවකයින් ආරක්‍ෂා කර ගැනීම අපගේ වගකීමකි.

ආරෝග්‍ය ශාලාවල සේවය කරනු ලබන බොහෝ සේවකයින් මුඛ ආවරණ පැළඳ සිටිමින් සේවය කරයි. ඒ හා සමානවම ශ‍්‍රී ලංගම බස් රථවල සේවය කරන රියදුරු කොන්දොස්තර මහතුන්ද විශාල සේවාවක් ඉටු කරයි.

ගරු ඇමතිතුමනි,
මගී ජනතාවගේ ආරක්‍ෂාව සඳහා ශ‍්‍රී ලංගම සේවකයින්ගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සියලූම රියදුරු කොන්දොස්තර මහතුන් හට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress