මේ රටේ පන්සල් වලට සහ භික්සුන්ට දේසපාලනය අකැපද?
Posted on March 15th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර (ශ්රි.ලo.පසේ) මහනුවර සින්හල බෞද්ධ ජෙස්ඨ පුරවැසියන්ගේ සන්ව්ධානයේ සභාපති

මේ දිනවල සමාජගත වෙමින් පවතින මේ මාතෘකාව පිළිබද අදහස් කීපයක් ප්රකාශ කිරීමට මා අදහස් කළේ ජාතියේ ඉරණම විසදෙන මහ මැතිවරණයක් අතලන්ගම ඇති බැවිනි. පසුගිය දිනක මහනුවරට පැමිණි මැතිවරණ කොමිසමේ  සභාපතිතුමා  අස්ගිරි  හා මල්වතු නා හිමිවරුන් බැහදැකීමට ගිය අවස්ථාවේදි පන්සල් දේශපාලන වැඩ සදහා යොදා නොගත යුතු බවට ඔහු ප්රකාශකළ බවක් පුවත්පත් වල මම දුටුවෙමි.

 භික්සුව සහ දේසපාලනය යන කරුණ  බොහෝ සාකච්චාවට බන්දුන් වූ කරුණකි. මේ පිලිබද මනා විග්රහයක් විද්යාලන්කාර පිරිවෙනේ වැඩසිටි වල්පොල රාහුල හිමියන් විසින් භික්සුවගේ උරුමය නමැති කෘතියේ අගනා විග්‍රහයක් කොට ඇත. ඒ මගින් දේශපාලනය සහ භික්සුව පිලිබන්ද තිබුණු දුර්මත බොහොමයක් නිරාකරණය වුවද තවමත් පන්සලට හා භික්සුවට දේසපාලනය සුදුසු නැතයි යන අදහස නිතර නිතර අපට අහන්ට ලැබෙන බව පෙනේ.  භික්සූන් දේශපාලනයට සම්බන්ධ වීම නුසුදුසුයයි කියන හා ලියන වැඩිදෙනා එසේ කරණුයේ තමන්ගේ දේසපාලන පක්සයට අවාසි වන බව දැනෙන විට පමණි. එසේම මේ රට ගැන හෝ සින්හල ජාතිය ගැන හෝ ලන්කා ඉතිහාසය ගැන හෝ, මේ රටේ සන්ස්කෘතිය ගැන හා රාජ්ය පාලනය ගැන මෙලෝ  අවභෝදයක් නොමැති 1815 න් පසු උපන් අච්චාරු සින්හලයින් පමණි..

මෙම කෙටි ලිපියෙන් මම එම විශය පිලිබබ්න්ද ගැම්බුරු ශාස්ත්‍රීය විග්රහයක් කිරිමට අදහස් නොකරමි.

ලාන්කික සමාජයේ ඉතිහාශය දෙස විමසිල්ලෙන් බලන කිසිවෙකුට බෞද්ධ භික්සුව මේ රටේ පාලනයෙන් කිසි දිනක බැහැර කළ හැකි බවක් මටනම් නොපෙනේ. මන්ද මහින්දාගමනයේ සිටම මේ රට පැවතියේ සින්හල බෞද්ධ රාජ්යක් වසයෙන් බැවිනි. මේ රටේ ඉතිහාසය පුරාම රාජ්ය පාලනය කලේ භික්සුවගේ උපදෙස්මතය. රටේ රාජ්ය ප්රතිපත්ති සියල්ල සකස්වී තිබුණේ බෞද්ධ දර්ශනයේ එන රාජ්ය පාලනය පිලිබද නියමයන් අනුවය. සක්විති රජු පවා රට පාලනය කලේ දසරාජ ධර්මය අනුවය. ඒ සන්දහා උපදෙස් ලබාගත්තේ භික්සුන් වහන්සේගෙන්ය. ශින්හල බෞද්ධ රාජ්යයේ භික්සුව නිතරම සිටියේ රජුට ඉහලිනි.

යථා සන්කාර ධානස්මින් –උජ්ජිතස්මින් මහා පතේ
පදුමන් තත්ත ජායෙථ –සුචිගන්දන් මනොරමන්
ඒවන් සන්කාර භූතෙසු- අන්ද භූතෝ පොතුජ්ජනෝ
අතිරෝචතී පන්ග්නාය-සම්මා සම්බුධ්හ්ද සාවකො

                                                            (ධම්ම පදය්)

බෞද්ධ සමාජය තුල භික්සුව හැසිරියයුතු ආකාරයයි ඒ.භික්සුව නිතරම රජුට තම රාජ්ය දැහැමින් සෙමෙන් පාලනය කළයුතු ආකාරය ගැන අනුශාසන කළේය.

කුමාරයින්ට රාජ්ය පාලන විද්යාව ඉගැන්වූයේද භික්සූන් විසිනි. ඒ අනුව කොටින්ම කිවහොත් සින්හල රාජ්යයේ රජුන් තැනුවේත් හැදුවේත් බෞද්ධ භික්සුන් විසින්මය. රජු රට පාලනය කළයුත්තේ රටේ හා ජනතාවගේ යහපත සන්දහාය. රාජා භවතු ධම්මිකො යන්න උන්වන්සේලාගේ අනුසාසනාව විය. රජමාලිගාවෙන් හා රාජ්ය සභාවෙන් රට පාලනය වුවද ඒ සන්දහා මාර්ගදේශකත්වය ලැබුණේ පන්සලෙනි. පන්සල් එලොව මෙන්ම මෙලොවද ජනතා සුභසිද්ධිය වෙනුවෙන් අනුශාසනා කළ මධ්යස්ථානය වීය. ඒ තාක් දුරට රජය ,රජු මෙන්ම ගමද පන්සලෙන් හා භික්සුවගෙන් කිසිසේත්ම වෙන්කළ නොහැකිය. ඒ වූ කලී මේ සින්හල සමාජයේ ඉතිහාසය පුරාම අඛණ්ඩව පැවැති ජාතියේ සුවිශේස ලක්ශනයකි. ර්‍ජුත්, බුද්ධගමත් ජනතාවථ් යන කරුණු තුනම මේ රටේ එකක් බව මහාවන්ශයේද සන්දහන්කොට ඇත.   එම නිසා කිසි දිනෙක පන්සලත් භික්සුවත් මේ රටේ දේශපාලනයෙන් වෙන්කළ නොහැක. මන්ද මේ දෙකම සින්හල බෞද්ධ සමාජයේ ප්‍රධාන අන්ග තුනකි, එසේම භික්සුව මෙන්ම පන්සලද ඉතිහාසය පුරාම මේ රටේ  රාජ්ය පාලනයේම අනුබද්ධිත කොටසක්ව තිබුණු නිසාය. කොටින්ම මහින්දාගමනයේ සිටම වසර 2500 කට වැඩි කාලයක් මේ රට පැවැතියේ මෙකී ලක්ශන අවියෝජනීය කොටස් වූ.සින්හල බෞද්ධ රාජ්යයක් වශයෙනි.

එහෙත් වර්තමානයේ සිදුවන පරිදි භික්සූන් මහජන නියෝජිතයින් වශයෙන් කටයුතු කිරීම නම් මම කිසිසේත්ම  අනුමත නොකරමි.2004 හෙළ උරුමයෙන් රාජ්ය සභාවට ගිය භික්සුන්ට අත්වූ ඉරම මීට හොන්දම උදාහරනයකි. එසේම භික්සූන් දේශපාලන පක්සවල තනතුරු දරීම සහ එවාට අනුබද්ධිතව ක්‍රියාකාරි දේශ පාල්නයෙහි යෙදීමද මම අනුමත නොකරමි  එසේ පක්සයකට සම්බන්ධ වූ විට භික්සුවකට අපේක්ශිත අන්දමින් මද්දියස්තව කටයුතු කිරිම අපහසු වේ

මන්ද රාජ්ය නමැති රථය නිසිමග ධාවනය කරවීම මිස තමන්වන්සේලා  එහි රියදුරු නොවිය යුතු බැවිනි.   ඉතිහාශය පුරාම උන්වහන්සේලා සිදු කළේ රාජ්ය නමැති වාහනය නිසිමන්ග  ගෙනයාම සන්දහා පාලකයින් මෙහෙයවීමය.මේ රටේ පැවති අඛණ්ඩ සම්ප්රදාය එය නම් භික්සුව හෝ පන්සල කිසිදිනක දේසපාලනයෙන් ඉවත්කොට තැබීම හෝ  පාලකයින්ට  අනුසාසනා කිරිමේ ඇති අයිතිට වාරණ දැමීම පසෙක තබා  එම අයිතිය පිලිබන්ද ප්‍රස්න කිරීමට හෝ කිසිවෙකුට අයිතියක් නැත.

අනෙත් අතින් මේ තහනම වෙනත් ආගම් වල පුජක වරුන්ට නොපැනවීමද බරපතල ගැටළුවකි. එසේම් එය සින්හල බෞධයින්ට කෙරෙන බලවත් නීතිවිරොධී වෙනස්කමකි.මේ සින්හල බෞධ රට පුරා තිබෙන කෝවිල්, පල්ලි ආදිය සින්හල බෞද්ධ ජාතිය විනාශකොට රට ඇල්ලීමට කුමන්ත්රන කරද්දී දී  සින්හල ජාතියේ මුරකුටිය වන පන්සලට හා ජාතියේ  මුරදේවතාවුන් වහන්සේලාට කිසිවෙකු හෝ තහනම් දැමීම අපි කිසි සේත්ම අනුමත නොකරමු.මන්ද බෞද්ධ භික්සුව සින්හල ජාතියේ අත්තිවාරම මෙන්ම මුදුන් මුලද වන බැවිණි ඈත අතීතයේදි මේ රටේ භික්සුන් වහන්සේලා රට  හා ජාතිය අනතුරට පත්වු අවස්ථාවලදී ඇතැම් අවස්ථාව්ලදී උපැවිදිව යුධයට ගිය අවස්ථාද (ථේරපුත්ථාභය්) තවත් විටෙක රාජ්ය පාලනය භාරගත් අවස්ථාද ( ධාතුසේන සහ සෙනරත්) ඉතිහාසයේ එමට ඇත.1818 සහ 1848 සින්හලයේ මහා විමුක්ති සටන් සන්විධානය කලේත් ජාතික සට්න් මෙහෙයවූයේත්  වාරියපොල සුමන්ගල සහ කඩහපොල හිමියන් වැනි වැනි බෞද්ධ භික්සූන් බවද මෙහිදී අප මතක තබාගත යුතුය.

 මේ නිසා කිසිවෙකු කිසිවිට්ක මේ රටේ පන්සලට හෝ භික්සුවට රාජ්ය පාලනයට නැත්නම් දේශපාලනයට මැදිහත්විමට ඇති පරම අයිතියට අත නොතැබිය යුතුය.

තවද උපතින්ම් බෞද්ධයකු නොවූ කථෝලික පල්ලියේ පියතුමෙකු භික්සුව හා සින්හල ජාතිය  අතර  ඇති සනාතන සම්බන්ධතාව ගැන කර ඇති අගනා ප්‍රකාශයකින් මෙම කෙටි සටහන මම අවසන් කරමි.

ඇත්තක් ඇති සටියෙන් කිවයුත්තේ
සිවුරයි පණදී රට රැක ගත්තේ
සිවුරෙයි හෙළයේ අනුපණ ඇත්තේ
අදත් නසින්නේ මේ රට මත්තේ

(ගරු මෙර්ස්ලීනු ජයකොඩි පියතුමා)

මේ රටේ හා ජාතියේ දේශපාලනයේ පතුළටම කිදා බැස ඇති  භික්සුවගේ උරුමය සහ ඒ  පිළිබද අමන ප්‍රස්න නගන  අය නිරුත්තර කිරීම සන්දහා බෞද්ධයකුද නොවෙන පුද්ගලයකු විසින් අභීතව සිදුකොට ඇති මීට වඩා හොද පිළිතුරක් හෝ සර්වකාලීන සත්යක් ඇතැයි මම  නොසිතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress