කිරි මිලදී ගැනීමට මිල්කො සමාගම සුදානමින්
Posted on March 17th, 2020

ලසන්ත වික්‍රමසිංහ

කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය මිල දී ගැනීමට මිල්කො සමාගම සූදානම්.

මේ වන විට රටේ පවතින වාතාවරණය හේතුවෙන් ඇතැම් කිරි ගොවීන් හට ඔවුන්ගේ කිරි අලෙවි කර ගැනීමේ අපහසුතා ඇති වන බව අපට වාර්තා වී ඇත. එය සැළකිල්ලට ගෙන කිරි ගොවීන් නිපදවන දේශීය කිරි අඛණ්ඩව මිල දී ගැනීමට මිල්කො සමාගම විසින් තීරණය කර තිබේ.

එබැවින් මහවැලි, කෘෂිකර්ම, වාර්මාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ පූර්ණ රාජ්‍ය සමාගමක් වන මිල්කො සමාගමේ දිවයින පුරා පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා කිරි ගොවීන් සපයනු ලබන එළ කිරි මිල දී ගැනීමට මිල්කො සමාගම සූදානමින් සිටින බව දන්වා සිටිමු.

වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න.

මහින්ද දිසානායක මහතා                        077 328 9288

කේ කනගරාජා මහතා                             077 612 8579    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress