නෞකා සමග ඍජුවම සම්බන්ධව කටයුතු කරන සේවකයන් වෙත කොරෝනා වෛරසය ආසානය වැළැක්වීමට ක‍්‍රියා කිරීම
Posted on March 17th, 2020

සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය

සභාපති,
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය,
කොළඹ.

ගරු සභාපතිිතුමනි,

අත්‍යවශ්‍ය සේවා යටතේ ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික හා ක‍්‍රියාකරවන කොට්ඨාශ තුල නෞකා සමග ඍජුවම සම්බන්ධව කටයුතු කරන සේවකයන් වෙත කොරෝනා වෛරසය ආසානය වැළැක්වීමට ක‍්‍රියා කිරීම.


අප වෘත්තීය සමිතිය මගින් 2020. 01. 29 දින ඔබ වෙත යොමුකළ ලිපියේ සඳහන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා සියලූ වරායන් සෞඛ්‍ය ආරක්‍ෂිත කලාපයක් බවට තහවුරු කිරීමට වැඩපිළිවෙලක් ඇති කිරීමට එහිදී යෝජනා කරන ලදී.

මේ වන විට රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් වෙත නිවාඩු ලබා දී ඇතත් අත්‍යවශ්‍ය සේවා කටයුතු අනිවාර්ය කර ඇත. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අත්‍යවශ්‍ය සේවා කටයුතු වන ආරක්‍ෂක, නාවික හා ක‍්‍රියාකරවන කොට්ඨාශ තුල සේවය කරන සේවකයින් ඍජුවම නෞකා සමග කටයුතු කරනු ලබයි. එහිදී සේවකයින්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ආයතනය මගින් කටයුතු සිදුකොට නොමැති වීම මගින් රාජකාරිවල යෙදීමේදී බියෙන් හා පිළිකුලෙන් යුතුව කටයුතු කරනු ලබයි.

එබැවින් මේ පිළිබඳව කරුණු සොයා බලා සේවකයින් හට විශ්වාසයෙන් කටයුතු කිරීමට හැකි පරිසරයක් ගොඩනැගීමටත්, වෛරසය ආසාදනය නොවීමට ආරක්‍ෂිත පලඳනා හා විශබීජ නාශක භට අයත් උපකරණ ලබාදීමටත්, වරාය පරිශ‍්‍රය පිළිගත හැකි සෞඛ්‍ය ආරක්‍ෂිත කලාපයන් බවට පත්කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්
චන්ද්‍රසිරි මහගමගේ
ප‍්‍රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress