කුන්ඥ ගැලවීමට ගිය වඳුරාට සිදුවූ දේ නොවීමටනම්
Posted on March 23rd, 2020

සුදත් ගුණසේකර මහනුවර 

කොරෝනා වසන්ඟතය විසඳීමට මේ රටේ ප්‍රවීන යයි කියාගන්නා දේශපාලන නායකයින් තිදෙනෙකුගේ විසඳුම්

1.වහාම පාර්ලිමෙන්තුව කැඳවන්ට- සජිත් ප්‍රේමදාස හිටපු විපක්ශ නායක

2.“වහාම  සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවන්ට” – කරු ජයසූරිය -හිටපු කථානයක

3.“පක්ස නායකයින්ගේ රැස්වීමක් වහාම කැඳවන්ට”- රනිල් වික්‍රමසින්හ”              

ප්‍රවුර්තිකීපයක්

(එකෙක් රැවුළ පත්තුවී එය නිවාගන්ට දඟලන විට තව එකෙක් සුරුට්ටුව පත්තු කරගැනීමට සූදානම් වෙනව සහ  ජරමර අස්සේ බරකරත්ත, කියන ගැමි කතා දෙක මට මතක් උනේ  මේ කථා දකින විටය).

මේ යෝජනා දකින විටම මට ඇතිවූ පලමු ගැටලුව මේ දේශපාලන පක්ශ කියන ඒවා අද කොහේද තියෙන්නෙ යන්නය.දෙවැන්න මේ පක්ශ නායකයෝ කියන අය කොහේද ඉන්නෙ යන්නය. තෙවැන්න ප්‍රවීන යයි කියාගන්න නායකයින් වශයෙන් පෙනී සිටින මේ අයගේ බුද්ධි මහිමය මෙවැනිනම් ඊට පහලින් සිටින දේශපාආලකයින්ගේ බුද්ධිය තියෙන්නේ කොහේද යන්නය.ඊලඟ ගැටළුව රටක් කරවීමට මෙවැනි අය තුළ ඇති ඇති හැකියාව කුමක්ද යන්නය. මෙය වූ කළී මේ රටේ දේශපාලන ක්ශේත්‍රයේ ලොකුම ඛේදවාචකය නොවේද.? මෙවැනි අයට රටක් භාරදීම නරින්ට කුකුල් කොටුවක් භාරදීමක් නොවන්නේද? එසේම මෙවැනි අයගෙන් රටක් පාලනය වේයයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරුත්තු විමක් වැනි දවල් හීනයක් නොවන්නේද.

ඔබ අප කවුරුත් මැනවින් දන්නා පරිදි මේ රටේ දැන් ශ්‍රි ළන්කා නිදහස් පක්සයක් නැත. එය 2014 නොවැ 10 වනදා පක්ශයේ නිර්මාතෘ බන්ඩාරනයක මහතාගේ අතිජාත දෝනියක් යයි කියන චන්ද්‍රිකා සහ එම පක්සයේ එවකට මහ ලේකම්වු අගමැති රෝගයෙන් දරුණු ලෙස පෙලුණු සිරිසේන විසින් කුමන්ත්‍රණකාරීව එය ඝාතනය කොට මිහිදන් කරන ලදී.

එසේම අද එක්සත් ජාතික පක්සයක්ද නැත.රනිල් වික්‍රමසින්හ සහ සජිත් ප්‍රේමදාස යන අඳ බාල මුග්ධයින් දෙදෙනාම එක්ව එයද විනාසකොට මේ වනවිට යළි කිසිදිනක නැගිටීමට නොහැකිවනසේ එයද මිහිදන්කොට හමාරය.

විජෙවීරගේ ජා,වි පෙ මුණද අනුර ප්‍රධානකොටැ ඇති දෙපයින් ලක්පොලවේ සිටියත් මනසින් රුසියාවේ  හෝ වෙනත් පිට සක්වලක මනෝලෝකයක සිටින දේශපාලන ලෝකයේ අතරමන්වූ පිරිසක් විසින් මරාදමා මිහිදන්න්කොට අවසානය.

දේශපාලන දාදු කෙළියේ සුදුවේ යෙදී සිටින දෙමළ සහ මුසල්මානුවන් වසර 2600 පැරණි ඉතිහාශයක් ඇති මේ ශින්හල බෞද්ධ රට අල්ලා ගැනිමට දිවා රෑ උගුල් අටවමින් නිදිවර්ජිතව සිටින ත්‍රස්ථවාදි කන්ඩායම් මිස කිසිලෙසකිනුත් දේසපාලන පක්ශ නොවේ. සමසමාජ් සහ කොමුනිස්ට් පක්ශද මියපාරලොව ගොස් වසර 70 කටත් වැඩිය.

මේ අනුව දැනට දේශපාලන කන්ඩායමක් ලෙස  ඉතිරිව ඇත්තේ පිපීමට දඟලන නෙලුම් පොහොට්ටුව පමණි. එහි නායකයා දැන් රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන නිසා අද රටේ දේශපාලන පක්සයක් වශයෙන් සැලකිය හැකි එකම කණ්ඩායම පොහොට්ටුව පමණි. වසර ගනනකට පසුව එනම් 2009 ට පසුව අද ඒ කන්ඩායම රට පාලනය කරන බව පෙනේ. එය රටවැසියන් වන අපට එක්තරා අන්දමක සැනසීමකි

එබැවින් මේ රටේ නැති පක්ස රැස්වීමක් හෝ නැති පක්ස නායකයින්ගේ රැස්විමක් හෝ එසේම වසර 4 1/2 ක් තිස්සේ පිස්සු කෙළිය නීත්යානුකූල නොවන පර්ලිමේන්තුවද කැඳවීමට කෙරෙන ඉල්ලිම පිස්සුවක් නොවේද.

අනෙක් අතට පර්ලිමේන්තුව හෝ පක්ශනායක රැස්විමක් තියලා මෙ ප්‍රස්නෙ විසන්දන්නේ කොහොමද කියන එකයි අපට තියෙන ප්‍රස්නෙ. එහෙම පුලුවන්නම් ඉතින් වයිද්ය වරු අවස්ය නෑ නෙ. එක අයගෙ රාජකරියක් මිස මෙ අසමජ්ජාති දේසපාලකයින්ගේ වැඩක් නොවෙන බව ඔනෑම ගොනෙකුට තේරෙනව. මේ ජාතික ප්‍රස්නය විසදන්ට ජනාධිපති වරයා ඇතුලු අමාත්ය මන්ඩලය අවස්ය දේශපාඅලන නායකත්වය නොඅඩුව දැනටමත් දෙනවා. බෙහෙත් කරන්ට වයිද්ය වරු නිදි නොලබා සේවය කරනව . ත්‍රිවිද හමුදාව සහ පොලීසිය මෙන්ම රටේ පරිපාලන යාන්ත්‍රනය පැය 24 ක්‍රියාත්මක වෙනවා. මේ වනතුරු එක් අයකු හෝ තවම මියගොස් නැති එකම රට මේක.

රට පුරා මිනිස්සු සියළුදෙනාම පක්ෂ පාට නොබලා, පිස්සෝ ටික දෙනෙක් හැර, රජයේ වැඩපිලිවෙලට සම්පූර්ණ සහාය දෙනවා. මේ රෝගය පිටින් රටට ඇතුල්වීමට ඇති සියලු මාර්ග ගුවන් හා මුහුදු මාර්ග තහනම් කිරීමත්ට සහ පිටින් දිවයිනට පැමිනෙණ සියලුදෙනාම සති දෙකක් දැඩි නිරෝධායනයට ලක්කිරීමටත්  රජය පියවර අරන් තියෙනව

මෙම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවස්ය සියළු පියවර අරන් තියෙනවා.  නීතිය අකුරටම ක්‍රියාත්මක් කිරීම සඳහා හදිසි නීතිය අවස්ය පරිදි ජනතාවට අවහිරයක් නොවෙන පරිදි යොදා ගෙන තියෙනව.  වගේම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සන්දහා අවස්ය රෝහල්  බෙහෙත් ද්‍රව්ය සහ පිරිස් බලය නොඅඩුව සම්පාදනය කොට තියෙනවා

l එසේම ජනතාවට අවස්ය අහාරපාන ලබා දීම සඳහා  ඒවා ප්‍රවාහනය හා ජනතාවට බෙදාහැරීම සඳහා සතොස, සමුපකාර සමිති හා පුද්ගලික වෙළන්දුන් මගින් කටයුතු යොදා තිබෙණවා. එ වගේම එදිනෙදා කුලිවැඩ කර වේල සොයාගන්නා අයට විශේෂ සහන මල්ලක් ලබා දිම්මටද පියවර අරන් තියෙනවා.

 ඒ අතර නීති කඩන පුද්ගලයින්ට විරුධව ක්‍රියාකිරීමටද පියවර අරන් තිබෙනවා.

වගකිවයුතු රජයක් වශයෙන්  මේ අන්දමින් තත්වය පාලනය කිරිමට අවස්ය සියළු පියවර ගෙන තිබියදී මා මුලින් සඳහන් කළ දේශපාලකයින් විසින් කරණු ලබන අමණ ප්‍රකාශ අපි බැහැර කරමු.

අන්නෙක් අතින් ඔය පාර්ලිමේන්තුව කියන කෙහෙල්මළ රැස්වෙලා ඇති වැඩේ මොකක්ද කියන එක පාර්ලිමේන්තුවේ  එදිනෙදා කටයුතු කෙරෙන හැටි මේ රටේ මිනිස්සු දන්නව නෙ. මාසෙතම රැස්වීමට ඇති දින 8 වත් නො එන , ආවත් එකිනෙකාට බැනගනිමින් සණ්ඩුවෙමින් සත්තුමෙන් හැසිරෙන , එක් දවසකට රුපියල් ලක්ශ 45 කට වැඩිය වියදම් වෙන  , මාසික පඩිය සහ පැමිනීමේ ගාස්තුව වන2500 ගැනීමට පමණක් එන, රටේ සන්වර්ධනයට කිසිදු මෙහෙයක් නොකෙරෙන පාර්ලිමේන්තුව හෝ තම තමන්ගේ මඩිය පුරවාගැනීම සහ තමතමන්ගේ දේශපාලන බලය රැකගැනීම එකම අරමුනින්  මෙවැනි විකාර ප්‍රකාශන නිකුත්කරණවා වෙනුවට ඔවුන් කළයුත්තේ දැනටමත් වැඩේ හරියෙට කරන රජයට සහාය දීම නොවේද.

 එදා දඹදිව බුදුන් වහන්සේ බුදු බනින් කෙළ ලක්ශ ගනන් නිවන් දක්වද්දී තමන්ලඟ මිස බුදුන් ලඟ රහත් බැව් නැතයි කියමින් නිර්වස්ත්‍රව වීදි දිගේ පෙළැහැර පාමින්, තමන් හෙලුවෙන් යන බවවත් නොදැන ගිය නිගන්ඨයින්මෙන් නොහැසිරී, විකාර බස් නොදොඩා, දැන්වත් තමතමන්ගේ හෙළුව සහ අමණකම් මුලු ලොවටම නොපා නිවෙස්තුළම සිට පණකෙන්දහෝ බේරාගෙන සිටියේනම් වඩා මැනවයි මම යෝජනා කරමි.

අවසාන වශයෙන් ලනකාවෙබ් නෙව්ස් සයිට් එකේ ලොව දැවැන්තම කොරෝනා ඇන ගැනීම සජිත්ගෙන්යන මැය යටතේ  පලවී ඇති නොදන්නා දේ කිමට ගොස් සජිත් හත්පොලේම ගාගෙන තිබීම ගැන හිරන්ති නැමැත්තෙක්  ලියා ඇති පහත සටහනින් මම මේ සටහන අවසන් කරමි

Sajith replaced Anasley Dias, Berty Gunathilaka and Samuel Rodrigo trio.

Sajith, Ranjan and Sujeewa can bring back that entertainment to the public if they get together and continue this way.

They can get Hirunika to replace Mercy Edirisinghe”

3 Responses to “කුන්ඥ ගැලවීමට ගිය වඳුරාට සිදුවූ දේ නොවීමටනම්”

  1. dhane Says:

    People in Sri Lanka know very well what happened with සිරිසේන රනිල් during the passed 4 1/2 years. Having informed by foreign intelligence Agents they took no action to prevent Good Friday incident. සිරිසේන went to Singapore for Holidays while රනිල් was out from Colombo for holidays. Finally IGP & Defence Secretary were arrested. It is UNP headed by රනිල් joked for Mahinda & Gotabaya the way conducting war against LTTE. But these two leaders successfully eliminated LTTE for ever which even most foreign powers too could not believed. Therefore due to some luck of Sri Lanka protected by Triple Gem Gotabaya & Mahinda had come back into the power. We have full confidence as වගකිවයුතු රජයක් වශයෙන් මේ අන්දමින් තත්වය පාලනය කිරිමට අවස්ය සියළු පියවරක් ගෙන තිබියදී දැනටමත් වැඩේ හරියෙට කරන්න රජයට සදහාය දීමවේ ..

  2. aloy Says:

    Paying the long suffering suppliers and the Contractors who have provided goods and services is fair. But the persons involved in paying jobless graduates (who will at least not be learning but staying at home under the circumstance) is a monkey job. Just imagine wasting Rs. 1 billion a month from tax payers money to mollycoddle a set of people who have been learning nothing useful but creating havoc on our roads most of the time is a monkey job indeed. This was even banned by Mako because it is politically motivated.

  3. aloy Says:

    Is this Prez not getting the same advise as his brother and can it not be compared to another Sil Redi type of operation?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress