වගකිවයුතු රජයක් ලෙස මෙම බැරෑරුම් අවස්ථාවේ දී රටේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂණය මෙන්ම එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමට බැඳී සිටිනු ඇත.
Posted on March 23rd, 2020

මාධ්‍ය නිවේදනය. චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ මාධ්‍ය ඒකකය.

වගකිවයුතු රජයක් ලෙස මෙම බැරෑරුම් අවස්ථාවේ දී රටේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂණය මෙන්ම එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමට බැඳී සිටිනු ඇත. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන් කි්‍රයාත්මක වී රජයේ ආහාර ගබඩා වල මෙන්ම සතොස ආහාර ගබඩාවලත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචිත මාස කිහිපයකට ප්‍රමාණවත්ව ගබඩා කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සකසන ලදී. ඇඳිරිනීතිය පැනවුවද එය තාවකාලිකව ඉවත් කරන සෑම අවස්ථාවකදීම සතොස වෙළඳසැල් වලින් සහ අනෙකුත් සුපිරි වෙළඳසැල් වලින් හිගයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව ජනතාව වෙත සලස්වා ඇත.

එමෙන්ම භාණ්ඩ වර්ග කිහිපයකින් යුත් පාර්සල් රුපියල් 500 සහ 1000 ආදී පැකේජයන් ලෙස නිවාස සංකීර්ණවලට හා ජනතාව වැඩි වශයෙන් පදිංචි වීඵි වලට සිවිල් ආරක්ෂක බලකායේද සහය ඇතිව ඛෙදාහැරීමේ වැඩපිළිවෙලක් සුදානම් කරමින් පවතී.
මීට අමතරව දඹුල්ල, මීගොඩ, නාරාහේන්පිට ඇතුළු දිවයිනේ පිහිටි සියළු ආර්ථික මධ්‍යස්ථානවල සිට එළවළු ලොරි මේ වන විටත් දිවයින පුරා ඛෙදාදීම සදහා පිටත් වී ඇත. එමෙන්ම ජාතික පශ= සම්පත් මණ්ඩලය සතු වතු වල පොල් අස්වැන්න හෙට දිනයේ පටන් ජනතාව වෙත සාධාරණ මුදලකට ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ජනතාවගේ පරිභෝජනය සඳහා සහාය වන ලෙසට ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පී්‍රමා ලංකා සමාගම විසින් තිරිගු පිටි මෙට්්‍රක් ටොන් 200, කුකුල් මස් ටොන් 20, සොසේජස් ටොන් 2, බිත්තර 100000 සහ යෝගට් 5000ක් ලබාදුන් අතර, ඒවා නිසි කළමනාකාරීත්වයකින් ඛෙදා හැරීම සඳහා ශී්‍ර ලංකා යුධ හමුදාව වෙත භාරදී ඇත.
ඉදිරියේදී අත්‍යාවශ්‍ය ආහාර සදහා කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, ඇදිරි නීතිය ඉවත් කරන අවස්ථාවේදී රැස්කමින් කඩ සාප්පු වල රැදි නොසිටින ලෙසත්, අත්‍යාවශ්‍යම භාණ්ඩ පමණක් මිලදී ගැනීමට නිවසකින් එක් අයෙකු පමණක් පැමිණෙන ලෙසටත්, අනෙක් සෑම විටම තම නිවසට වී නිරෝධායන කටයුතු වලට සහයෝගය ලබා දෙන ලෙසට ශී්‍ර ලංකා රජය වෙනුවෙන් ලංකාවාසි ඔබ සැමගෙන් ඉල්ලා සිටි.
චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ මාධ්‍ය ඒකකය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress