කොරෝනා වෛරසයේ දේශපාලනය
Posted on March 26th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

මේ දිනවලදී කොරෝනා වෛරසය ජාත්‍යන්තර දේශපාලනයේදී හා ජාතික දේශපාලනයේදී මනරම් කාර්යභාරයක් ඉටුකරමින් සිටි. අප මේ වෛරසය හා ගනුදෙනු කිරීමේදී, ඉතා බුද්ධිමත්ව කටයුතුකර කොරෝනා වෛරසය ඉතිහාසයේ, විමුක්තිදායකයකුගේ කාර්යභාරය ඉටුකළ දෙවාශිර්වාදයක් බවට පරිවර්තනය කරගත හැක.

ඉපදෙන සෑම සියලු දෙනෙක්ම මැරෙන අතර, කොරෝනා වෛරසය විසින් මේ මතක්කර දෙන්නේ, අමරණීයයි සිතාගෙන කටයුතු කරන මිනිසුන්ට මරණය ඔවුන් කරා ඕනෑම අවස්ථාවකදී ලඟා විය හැකි බව පෙන්වාදීමයි. අපි ඉතිහාසයේ, වෛරස් ගණනාවක් සමග ඇසුරුකර ඇති මිනිසුන් වශයෙන් ඒ ඒ වෛරසයන් විසින් ඉටුකරන ලද දේශපාලන කාර්යයන් සම්බන්ධව මනා අවබෝධයකින් සිටින්නෝ වෙමු. වසුරිය, සරම්ප, පැපොල, ඒඩ්ස්, ඉබෝලා, සාස්, දැන් කොරෝනාව දිදුලමින් සිටියි.

ඇමරිකාවේ මුල්පදින්චිකරුවන් වන රතු ඉන්දියානුවන්ව මිලියන ගණනින් වනසන්න එදා බටහිර ජාතින් පාවිච්චි කලේ වසුරිය වෛරසයයි. ඒ එරට තුල අධිරාජ්‍යවාදය ස්ථාපනය කල මුල් අවදියේදී වෛරසය සිදුකල දේශපාලනයයි. එදා ඒ ආකාරයෙන් ආරම්භවූ ඒ වෛරස් දේශපාලනය ඉතා දරුණු ආකාරයෙන් ජනතාව පෙළමින් මුළු ලොවම පාලනය කලේ දැඩි මර්ධනකාරී පිලිවෙතකිනි. වෛරසය, විෂ රසායනිකයන්, පරමාණු බෝම්බ, හා විවිධ බෝම්බ වර්ග, මත ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය යන සියලුම මර්ධනකාරී යාන්ත්‍රණයන් ඉටුකළේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාව මර්ධනයකර සුලුතර පාලනයක් ලොව පුරාගෙන යාමයි.

අධිරාජ්‍යවාදීන් පසුකලෙක ප්‍රබලව පාවිච්චිකරන ලද වෛරසය වුයේ, ඒඩ්ස් වෛරසයයි. මෙය අප්‍රිකා මහාද්වීපය ඉලක්ක කර ස්ථාපනය කරන ලද අතර, මෙය විසින් මරා දමන ලද මිනිසුන්ගේ සංක්‍යාව හා මරා දමමින් ඉන්නා සංක්‍යාව සම්බන්ධව අද කිසිවෙක් ප්‍රශ්න නොකරන තරමට මෙය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒඩ්ස් අප්‍රිකාව පුරා සුවසේ සිය බලය පාවිච්චිකරමින් මිනිස් ජිවිත විනාශ කරන අතර, ඒඩ්ස් වයිරසයට පැතිරීමට ලබාදී ඇති පහසුකම් දෙස බලන විට මේ මිනිසුන් මොන තරම් තුච්ච පහත් පෙලේ අය දැයි යන්න අපට වැටහේ. ඒඩ්ස් වැළදුන රෝගියාගේ මානව අයිතිවාසිකම් සුරැකීම අනිවාර්යෙන් කලයුතු කාර්යක් සේ හඟවා රෝගියා නිරෝගී මිනිසුන් අතර රදවා ඒඩ්ස් රෝගයට හිත සුව සමාජයක් අප්‍රිකාව පුරාම නිර්මාණය කර ඇත. ඒ අධිරාජ්‍යවාදීන් අප්‍රිකාව කොල්ල කෑමට මේ වනවිටත් යොදාගෙන ඇති වෛරස් කෙවිටයි.

වර්තමානයේ ලොවපුරා රංග දෙන මේ කොරෝනා වෛරසයේ උපත අප නොදන්නා බැවින්, ඒ සම්බන්ධව පවතින කතා සම්බන්ධව අපේ අවධානය ඉවතලා, මේ වෛරසය සිදුකරන දේශපාලන අපට හිතකර ආකාරයට පාවිච්චි කිරීමට වෙර දැරිය යුතුය. දැන් මේ වෛරසයෙන් ප්‍රබලව බැටකන්නේ, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥය, ඇමරිකාව, කැනඩාව යන රාජ්‍යන් වීම විශේෂිතය. දැන් සිදුව ඇත්තේ ශත වර්ෂ ගණනාවක් පුරා ලොව මරණය අන්ජාතීන්ට උරුමකරමින් අමරණිය ලෙස ජිවත්වුවන්ට වෛරසය පාරා වළල්ලක් බවට පත්ව තිබීමයි. අප ඒ දෙස බලාසිටිනවා මිස අන් කිසිවක් කිරීමට වෙහෙසීමක් නොකළ යුතුය. නමුත් අපි අප රට තුල මෙය මර්ධනය කර අනාගතයේ බිහිවෙන සොදුරු ලෝකයක බලය හොබවන්නේක්ගේ තත්වයට අප රට නිර්මාණය කිරීමට මග පැදිය යුතුය.

One Response to “කොරෝනා වෛරසයේ දේශපාලනය”

  1. Caesar Says:

    Contrary to any;

    Thanks to Corona, Dictatorship established!

    Innocent people without money, income stranded and locked in homes due to damn curfew, no access to food. Govt. boasts and doing road shows on media, no food has arrived any home yet. People flock every place and corner where grocers and food outlets, but to no avail none are opened, no food.

    Now the govt. is enforcing indefinite curfew with fear psychosis on public and slowly establishing police state, depriving right to food an freedom to move and live.

    A disaster ahead, soon there will be bullets fired against desperate and hungry people who will amass and come forward for human rights.

    There will be deaths from hunger and starvation and from bullets than corona!

    Thanks to the choice of 69 lakhs!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress