Corona : මුල් දින 15 ලංකාවේ 100යි.. ඇමරිකාවේ 75යි, ස්පාඤ්ඤයේ 84යි, ජර්මනියේ 13යි.. ලංකාවට දැඩි අවදානම් වාර්තාව මෙන්න..
Posted on March 28th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

Corona : මුල් දින 15 ලංකාවේ 100යි.. ඇමරිකාවේ 75යි, ස්පාඤ්ඤයේ 84යි, ජර්මනියේ 13යි.. ලංකාවට දැඩි අවදානම් වාර්තාව මෙන්න..

ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තියේ මුල් දින 15ක කාලය ජර්මනිය, ස්පාඤ්ඤය, ඇමරිකා යක රටවල මුල් දින 15 සමග සසදද්දී අවදානම් තත්ත්වයක ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දත්ත සටහනක් ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

එම සටහන අනුව කොරෝනා ආසාදිතයන් මුල් දින පහළොවේ දී ශ්‍රී ලංකාවෙන් 100ක් වාර්තා වෙද්දී ජර්මනියෙන් 130ක්, ස්පාඤ්ඤයෙන් 84ක්, ඇමරිකාවෙන් 75ක් වාර්තා වී ඇත.

නමුත් ඊළඟ දින 15දී සහ දින 25 වැදී එම රටවල තත්ත්වය බොහෝ දරුණු බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි දින 15 මෙරටට ඉතා තීරණාත්මක බව ද වෛද්‍ය ලේකම්වරයා කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress