කොළඹ, ගම්පහ, කලූතර ප‍්‍රදේශවල ඇඳිරිනීතිය නිසා සිරවී ඇති පිරිස් පිළිබඳවයි.
Posted on April 2nd, 2020

ජනමාධ්‍ය නිවේදනයයි.අන්තර් සමාගම් සේවක සංගමය.

2020. 04. 02

ගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

කොළඹ, ගම්පහ, කලූතර ප‍්‍රදේශවල ඇඳිරිනීතිය නිසා සිරවී ඇති පිරිස් පිළිබඳවයි.

රටේ පවතින කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග හේතුවෙන් ඉහත දිස්ත‍්‍රික්කවල සිරවී සිටින පිරිස් පිළිබඳව විධිමත් ක‍්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවෙන් ඔබතුමාගේ අවධානය සඳහායි. මෙම වසංගත තත්වය පාලනය කිරීමට මිනිස් ක‍්‍රියාකාරකම් අඩු කිරීම සඳහා රට තුල පනවා ඇති ඇඳිරි නීති තත්වය හේතුවෙන් ඉහත සඳහන් කරන ලද දිස්ත‍්‍රික්කයන්හි තම රැකියාවට හෝ නිවෙස් වෙත යාමට නොහැකිව විශාල පිරිසක් සිටිති. එම පිරිස් තාවකාලික නවාතැන්වල රැඳී සිටින අතර ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් වන ආහාරවල දැඩි හිගයක් පවතී.

විශේෂයෙන්ම කඩ හා සාප්පුවල සේවය කළ සේවකයින්, කුලී රථ රියදුරන්, ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ නියෝජිතයින්, කුඩා වැඩබිම්වල හා ආයතනවල සේවය කළ සේවකයින් මෙසේ දෛනික ආදායම් නොමැතිව, මාසික වැටුප්ද අහිමිව, ආහාර සපයා ගැනීමට ක‍්‍රමයක් නොමැතිව සිරවී සිටින ජනතාවගේ තොරතුරු අප වෙත ලැබෙමින් පවතී. මෙම පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර සහ ඔවුන්ව මෙම තත්වය තුළ කළමණාකරනය කරගැනීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බව අපගේ අදහසයි.

කොරෝනා තත්වය ව්‍යාප්තවීම වළක්වා ගැනීම මෙන්ම මෙම පුද්ගලයින්ගේ ආහාරපාන සකස් කරගැනීම අඛණ්ඩව පවතින ඇඳිරි නීති තත්වය ගැටලූවක්ව පවතින බැවින් මෙම දිස්ත‍්‍රික්කවලට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එබැවින් මෙසේ කලූතර, කොළඹ, ගම්පහ ප‍්‍රදේශවල සිරවී සිටින පුද්ගලයන්ට සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙලක් සකසා කටයුතු කරන ලෙස අදාල අංශ වෙත කඩිනමින් උපදෙස් දියුයුතු යැයි අපි විශ්වාස කරමු.

විශේෂයෙන් මෙම තත්වය හමුවේ මෙම දිස්ත‍්‍රික්කවල සිරවී සිටින ජනතාවට තම ගැටලූ ඉදිරිපත් කිරීමට මධ්‍යස්ථානයක් ගොඩනැගීම, එමෙන්ම දුරකතන අංක කිහිපයක් ප‍්‍රසිද්ධ කිරීම මෙන්ම මෙතෙක් සිරවී සිටින ජනතාවගේ ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කිරීම වැනි කරුණු සැලකිල්ලට ගෙන අදාල අංශ ඒ සඳහා යොමුකර මෙම දිස්ත‍්‍රික්කවල සිරවී සිටින පුද්ගලයන්ට ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

විශ්වාසී,
වසන්ත සමරසිංහ
සභාපති.

පිටපත් – යුධ හමුදාපති  – ශවේන්‍ද්‍ර සිල්වා මැතිතුමා  – අදාල මැදිහත්වීම සඳහා

One Response to “කොළඹ, ගම්පහ, කලූතර ප‍්‍රදේශවල ඇඳිරිනීතිය නිසා සිරවී ඇති පිරිස් පිළිබඳවයි.”

  1. Caesar Says:

    I am stranded single person living in Mt. Lavinia in a rented room without access to food since 21st March. Curfew prevent me obtaining a meal from friends living in close proximity, despite they are ready to provide me food. I have been on biscuits and water for over 10 days, becoming weaker day by day,

    No supplies coming in any roads here, even if they come I cannot eat raw food. Not even a choon paan coming here at least I could buy buns, short eats to survive but to no avail I am closing to death.

    There are thousands others stranded like me with no voice, the continues curfew will kill people than corona the hard truth the pundits advising govt. to continue curfew to curb virus! How can Curfew contain virus ? If so other countries would have done it long ago, it does not work, let the people take their responsibility in their hand.

    Virus is a natural enemy, it will anyway take its toll, under whatever man made laws, the nature does it what it came for and punishment will be meted out to enemy.

    Curfew will soon create public unrest, looting and eventually lead to public agitations, shooting down, then the hell and end of it! Hunger is more powerful than any other issue and power.

    Rulers should understand this basic truth.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress