මිහිපිට පහලවූ පාරාදීසයක් වශයෙන් විරුදාවළි ලත් මේ සින්හල දේශය……..
Posted on April 4th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර (අග්‍රාමාත්ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉස්තිර ලේකම්, ශ්රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු  සභාපති (1991-1994) සහ සභාපති මහනුවර සිංහල බෞද්ධ ජෙෂ්ඨ පුරවැසියන්ගේ සන්විධානය).

මිහිපිට පහලවූ පාරාදීසයක් වශයෙන් විරුදාවළි ලත් මේ සින්හල දේශය, සිංහල ජාතිය සහ මේ රටේ ශ්රේෂ්ඨ ශිෂ්ටාචාරය ආරක්ෂා කරගැනීම සඳහා මේ රටේ සෑම මිනිසෙකු, ගැහැනියෙකු සහ ළදරුවෙකුම මධ්යම කඳුරට තම හදවත මෙන් රැකගතයුතුය. එසේම මේ රටේ සෑම රටවැසියෙකුම මධ්යම කඳුරට සින්හලේ හදබිම” යන සන්කල්පය ආගමක්” ලෙස ඇදහිය යුතුය

ශ්‍රී ලන්කාවේ මධ්යම කඳුකරය මා සින්හලේ හදබිම” වශයෙන් හඳුන්වන්නේ ඇයි , මේ රටේ හා ජාතියේ පැවැත්ම සඳහා ඉන් ඉටුවන අපරිමිත මෙහෙය, එය මේ රටේ සෑම මිනිසෙකු, ගැහැනියෙකු සහ ළදරුවෙකුම තම හදවත මෙන් ආරක්ෂා කරගතයුත්තේ ඇයි  සහ එය රැකගත යුත්තේ කෙසේද යන කරුණු අලලා මේ ලිපිය සැකසේ.

හදබිම සන්කල්පයේ  උපත

මේ රටේ මධ්යම කඳුකරය ශ්‍රී ලන්කාවේ භූගෝලිය හදබිම වශයෙන් මවිසින් හඳුනා ගැනීම අත්ශයින්ම සුන්දර සිද්ධියකි. ඇත්තවශයෙන්ම කිවහොත් එය ආකිමිඩිස් ගුරුත්වාකර්ෂණය සොයාගනීමේ සිද්ධිය වැනි අහම්බෙන් සිදුවූ දෙයකි. 1991 වර්ෂයේ මම නැඩ්සා අදිකාරියේ අධ්යක්ශවරයා වශයෙන් සේවය කළ කාලයේ දවසක් එම වියාපාරය පිහිටි මධ්යම කඳුකරයේ භූරූපණ සිතියම පරික්ෂාකරමින් සිටි අතරතුරේ ඊසානදෙසින් ඇති දුම්බර කඳු පෙළ නැගෙන හිරින් සහ නිරිත දෙසින් පිහිටි රක්වාන කඳුපෙළ බටහිරින් ස්ථාන ගතවනසේ සිතියම අන්ශක 15 පමණ, හෝරා යන්තරයේ කටු කරකැවෙන දිසාවට හැරවුවෙමි. ඇස් අදහාගත නොහැකි ආස්චර්යකි. දෙපසින් වූ කඳු  පෙළ දෙකකින් මුර කෙරෙන මද්යම කඳුකරය තුලින් එක්වරම මා දුටුවේ පෙනහළු දෙකක් සහිත මද්යම කඳුකරයේ හදවතක අනුරුවකි.එක්වරම මට යුරේකා යුරේකා කියවින. මවිසින් මේ සොයාගත්තේ දේශයේ සහ ජාතියේ හදවත නොවේදැයි යන ප්‍රීතියෙන් පිනා ගිය මම අසුනේ වාඩිවී මෙය සිහිනයක්වත් දැයි නැවතත් සිතියම පරීක්ෂා කෙළෙමි. එය යථාර්තයක්ම  බව අවබෝධ වීමෙන් පසු මිනිස් සිරුරේ රුධිර සන්සරණ පද්ධතිය දැක්වෙන අනුරුවක් ඇඳ එය භූරූපණ  සිතියම මත තැබුවෙමි. ආස්චර්යෙකි . රූපණ දෙක අතර දක්නට ලැබුනේ පුදුමාකාර තුළනයෙකි.

රූපන දෙක අතර තුලනය දැකීමෙන් පසු මගේ ඊ ළඟ අරමුණ වූයේ කඳුරටේ භෞතික ක්‍රියාවළිය සහ මිනිස් සිරුරක හදවතක රුධිර සන්සරණ ක්‍රියාවළිය අතර සමානකමක් තිබේදැයි පරික්ශාකර බැලීමයි. මන්ද එය කළහැකි උනොත් නැඩ්සා අදිකාරියේ කටයුතු තුලින් මේ රටේ ජීව පධතිය සහ ශිෂ්ඨාචාර්ය රැකගැනීම සඳහා මධයම කඳුකරය තම හදවත මෙන් ආරක්ෂාකොට  ගැනීමේ ඇති වැදගත් කම  ගැන මේ රට තුළ ප්රබල ජනමතයක් ගොඩ නැගිය හැකියයි මා සිතු බැවිනි.

එම නිරීක්ෂණයේදී පහත සඳහන් කරුණු අනාවරණය විය. කඳු රටින් ආරම්භවන ගන්ගා තැනිතලා හරහා ගලාගොස් මුහුදට ගලාබසියි. මුහුදට වැටෙන ජලය අනතුරුව ජලවිද්යාත්මක චක්‍රය අනුව වාෂ්පීකරණය මගින් ඉහලට නැග වලාකුළු බවට පත්වී අවසානයේ වර්ෂාව වශයෙන් කඳු රටට වැටෙයි. එසේ වැටෙන ජලයෙන් කොටසක් නැවතත් ගහකොල සහ භූගත ජල සම්පත් පෝෂනයකොට ගන්ගා දිගේ පහලට ගලායන කොටස ජලවිදුලිය නිෂ්පාදනය, කෘෂිකර්මාන්තයට අව්ස්ය වාරි ජලය සපයා ගන් දෙපස ගහකොල පෝෂනය කොට ශේෂය මුදට ගලාබසී. මුහුදට වැටෙන ජලය ජල චක්රය ක්රියාත්මක් වීමෙන් වර්ෂාව වසයෙන්  නැවතත් මහපොලොවට පතිත වෙයි.

රුධිර සන්සරණ ක්රියාවලියේද මෙබඳුම චක්රාකාර ක්රියාවලියක් දැක්ක හැක. හදවතේ ඇතිවන පිරිසිදු ලේ ධමනි හරහා සිරුර පුරා දිවගොස් නැවතත් සිරා හරහා  හදවත කරාම පැමිණේ. එසේ පැමිණෙන අපිරිසුදු ලේ පිරිසිදුකොට නැවත ධමනි හරහා සිරුර පුරා බෙදා  හරියි.  හැබැයි මෙම ක්රියාදාමය සිදුවනුයේ හදවතේ ගැස්ම (ස්පන්දනය) පවතිනාතුරු පමණි.එහි ස්පන්ධනය නතරවුදාට මිනිසා මියයයි. එසේම මධ්යම කඳුකරයේ භෞතික ස්ථාවරය නැතිවූදට  ගන්ගා ගැලීම නතරවීම නිසා දිවයිනේ සමස්ථ ජීවී පද්ධතියම විනාශවි මේ රට ජලයෙන් හා ජීවයෙන් තොර මහා වාලුකා කතරක් වනු ඇත. ලන්කාවේ මධම කඳුකරය සින්හලේ හදබිම” වශයෙන් මා හන්වනුයේ මේ නිසාය.

 එසේ කිරීමේදී ඊළඟට මා නෙත ගැටුනේ රටේ සමස්ථ ගන්ගා පධතියම  ආරම්භ වනුයේද එසේම ඒ සියල්ලටම වසර පුරා දියවර සපයනුයේද මධ්යම කඳුකරයෙන් බවය. තවද කඳුකරය වසා සිටින වනගහනය සහ භූමියේ භෞතික ස්ථාවරභාවය සමස්ථ ගන්ගා පධතියේම වසර පුරා දියවර සැපයීම කෙරෙහි තීරනාත්මක අන්දමින් බලපාන බවට ය.එසේම දිවයිනේ වාර්ෂික වර්ෂාපතනය මෙන්ම වර්ෂාපතන රටාව කෙරෙහිද කඳුරටේ බලපෑම දැඩි බවය. මේ කරුණු සියල්ල එක්කොට ගත් විට පැහැදිළිවූයේ කඳුරටේ වනගහනය සහ භෞතික ස්ථාවර භාවය මුළු දිවයිනේම ගහකොල, සතා සර්පයා සහ මිනිසා ඇතුළු සමස්ථ ජීවී පද්ධතියේම පැවැත්ම කෙරෙහි දැඩිව හා තීරණාත්මකව බලපාන බවය.එසේම මෙම ගන්ගාවල ඉහල පෙදෙස සිඳී ගියහොත් ඒවා මුළුමනින්ම සිඳීගොස් මුළු දිවයිනම එකම වාලුකා කාන්තාරයක් බවට පත්වනු ඇත.

භූගත ජල සම්පත් පෝෂනයකොට ගන්ගාදිගේ පහලට ගලායන කොටස ජලවිදුලි නිෂ්පාදනය, කෘෂිකර්මාන්තයට අව්ස්ය වාරි ජලය සපයා ගන් දෙපස ගහකොල පෝෂනය කොට ශේෂය මුදට ගලාබසී. මුහුදට වැටෙන ජලය ජල චක්‍රය ක්‍රියාත්මක් වීමෙන් වර්ෂාව වසයෙන්  නැවතත් මහපොලොවට පතිත වෙයි.

හදබිම සංකල්පයේ” මූලාරම්භය මෙසේ ඇතිවූ අතර මධ්යම කඳුකරය  ජාතියේ හදබිම” (හෘද භූමි) ලෙස මවිසින් හැඳින්වීම ඉතිහාශයට මෙසේ එක්විය.

මේ අනුව ලන්කාවේ මධම කඳුකරය ස්වරූපයෙන් මෙන්ම ක්‍රියාකාරිත්වය අතින්ද මේ රටේ හදවත වැනිනිසා එ ය  ”සින්හලේ හදබිම වශයෙන් මම නම් කෙළෙමි

මෙම අදහස මට මුලින්ම ඇති වූයේ නිරිත දෙසින් රක්වාන  සහ ඊශාන දෙසින් දුම්බර කඳු පන්ති දෙක දෙපසින් පිහිටි මද්යම කඳුකරයේ සුවිශේෂී භූරූපණය පිළිබඳ භූගෝල විද්යා සිශ්යයකු වශයෙන් මා තුල වූ හුරුපුරුදුකම සහ සමස්ත දිවයින පුරා  කඳුරටින්  අටදෙසට වළයාකාරව  ගලාබස්නා අද්විතීය  ජලාපවහන රටාව සහ සමස්ත දිවයිනේ සකළවිධ ජීවීපධතියේ පැවැත්ම කෙරෙයි  මද්යම කඳුකරයේ ඇති තීරණාත්මක කාර්යභාරය නිසාය.

භූගෝලීය පිහිටීම අනුව එය දිවයිනේ මධ්යයේ පිහිටා තිබීම සහ තෙවනුව, මිනිසෙකුගේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාවළියට බෙහෙවින්ම සමාන බහුතික ක්රියාකවළියක් ඒ තුල සිදුවීම, 4 වන රූප සටහනඉන් පෙන්වා ඇති පරිදි ජල විද්යාත්මක චක්රයේ ක්‍රියාවලියට සමාන ක්‍රියාදාමයක්ද ඒ තුල සිදුවීමද මේ අනුව රුපණ තුල්ය අනුව මෙන්ම ක්‍රියාවලිය අනුසාරයෙන්ද මද්යම කඳුරට හදවතකට බොහෝ සෙයින් සමාන වන බැවින් එය ලන්කාවේ භූගෝලීය හදබිම වශයෙන්ද මම නම් කළෙමි.

                               සිතියම1

                          සින්හලේ හදබිම

මුලාශ්‍රය: සුදත් ගුණසේකර 1991

මෙම විෂය පිළිබඳ මගේ මුල් සංකල්පය 1991 වසරේදි අයිලන්ඩ් පුවත් පතේ පලකළෙමි. පසුව ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර සහිතව 2017 දෙසැම්බර් 2. දින අයිලන්ඩ් පුවත්පතේ සහ ලංකාවෙබ් පුවත් ප්‍රකාශනයේ පළ කරන ලදී. මා එහි දක්වා ඇති පරිදි, වඩාත් සමීපව විමසා බැලීමේදී ”හදවතේ ස්පන්දනය මිනිසෙකුගේ ඉරණම තීරණය කරන තරමටම, මධ්යම කඳුකරයේ භෞතික ස්ථායිතාව (ගැස්ම) මේ රටේ සමස්ත ජීව පද්ධතියේ සහ ශිෂ්ටාචාරයේ ඉරණම තීරණය කරයි. එම නිසා මේ රටේ සමස්ත ජීවන පද්ධතිය හා ශිෂ්ඨාචාරය ආරක්ෂාකොට  තිරසාරව පවත්වා ගැනීම සඳහා ශ්රී ලංකාවේ භූගෝලීය හදවත තම හදවත මෙන් ආරක්ෂාකර ගැනීමේ ඇති වැදගත්කම අනිවාර්ය බව අවධාරණය කරමි.

ඔනෑම රටක වනාන්තර, එම රටේ ජලසම්පත, කෘෂිකර්මාන්තය, ජල විදුලිය හා  කර්මාන්ත සහ මානව ශිෂ්ඨාඅචාරය මෙන්ම සමස්ත ජීවී පද්ධතියම පවත්වා ගෙනයාම සඳහා මූලික පදනම් වෙයි. මේ රටේ මුලු දිවයිනටම ජලය සපයන දිවයිනේ ගංගා 103 ම මෙම කඳුකරයේ ආරම්භවන අතර ඒවායේ ස්ථායිතාව ඉතිහාසය පුරා වනාන්තර ආවරණය මගින් තහවුරු වී ඇත. වනාන්තර නොමැති නම් වැස්සද නොමැති නිසා ගංගා ගලායාමද නතර වනු ඇත. ගංගාවල මුල්කොටස් වියළී ගියහොත් ඒවා මුලුමනින්ම වියළී සිඳී යනු ඇත. එවිට මුළු රටම මිනිස් වාසයට නුසුදුසු නිරුදක වැලිකතරක් බවට පත්වීම කිසිවෙකුටත් නොවැළැක්විය හැක.

මේ අනුව හදවත නතර වූ විට මිනිසා මිය යන්නා සේම, මධ්යම කඳුකරයේ භෞතික ස්ථායිතාව නැතිවූ දාට මුළුදිවයිනේම සමස්ථ ජීවන පද්ධතියම අතුරුදන්වී මුළු රටම මහා වැළිකතරක් වනු ඒකාන්තය.

මේ අනුව මුළු දිවයිනටම ජලය සපයන එකම ජලපෝෂක ප්‍රදේශය මෙය බැවින් අපේ ජාතියේ හදවත මෙන් මධ්යම කඳුකරය ආරක්ෂා කිරීමේ ඇති දැඩි අවශ්යතාව ගැන මම අවධාරණය කරමි. මෙය මුළු ලෝකයේම වෙනත් කිසිම රටක දක්නට නැති අද්විතීය සහ සුවිශේෂ තත්වයකි. එබැවින් ජාතියේ හදවත ලෙස එය ආරක්ෂා කිරීමේ අවශ්යතාව මෙම ජාතියේ ජීවිතය සහ මරණය මෙන්ම හුදු පැවැත්ම තීරණය කරණ සාධකයක්  බව ඔබ එකහෙලා පිළිගනු ඇතයි මම විස්වාස කරමි.

මධ්යම කඳුකරය දිවයිනේ සියලුම ගංගාවලට ප්රභවය සපයයි. ගංගා 103 න් හතළිහකට ආසන්න ප්රමාණයක් සෘජුවම මෙම උස් බිම්වල පිහිටා ඇත. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇළ දොළ පවා ඒවායේ ආරම්භය සහ ගලා යන දිසාවන් තීරණනය වී ඇත්තේද මධ්යම උස්බිම්වල භූරූපණ ව්යුහය (සිතියම 2 සහ 3 බලන්න) විසින් තීරණයකොට ඇති භූරූපන ආකෘතිවල පුළුල් පදනම මතය. 3 සිතියමෙන් දැක්වෙන දිවයිනේ භුරුපන ජාලය යටිකුරුකළ මත්ස්ය ඇටසැකිල්ලක් බඳුය. අවට ඇති කඳුකරය සහ වෙරළබඩ පහත්බිම්වල භූ දර්ශනය මූර්ති කිරීම සහ මුළු රටම තම ජල සම්පත් වලින් පෝෂණය කරණ, ගංගා මුළු දිවයිනේම සමස්ත ජීවී පද්ධතියම ජීවමානව පවත්වාගෙන යන ජාතියේ ශිරා සහ ධමනි පද්ධතිය වේ.

මැදරට ගිරි සිඛර වලින් පහලට ගලාබැස හාත්පසින් ඇති මුහුදුබඩ තැනිතලා පෝෂනය කරමින් සමස්ථ දිවයිනේම භූ දර්ශනයේ හැඩතළ මවමින් ගලායන ගන්ගා පද්ධතිය සමස්ථ දිවයිනේම සකළවිධ ජීවී පධතියම ආරක්ෂා කරන මුරභට පිරිසක් වැන්න.

                සිතියම  2

මූලාශ්රය ජලසම්පාදන මන්ඩලය

ගහකොල හා මහපොලවට උරා ගැනීමෙන් පසු ඉතිරිවන අහසින් වැටෙන වර්ෂා ජලය සහ  භූගත ජලයෙන් මුදාහරින ජලය ගන්ගා මඟින් හුදට ප්රවාහනය කරයි. වනාන්තර ආවරණය වර්ෂාපතනයෙන් කොටසක් වාෂ්පඊකරණය මගින් නැවත වායුගෝලයට ගෙනයයි. සාගරයෙන් වාෂ්ප වී අහසින් වැටෙන වැසි ජලය සූර්ය විකිරණ හා වායුගෝලීය සංසරණය මගින් සක්රීය කරන ලද වාෂ්පීකරණය හා වර්ෂාපතනය යන ක්රියාවලිය හරහා වර්ෂාව ලෙස නැවත මාහපොලවට පැමිණේ. නැවත වරක් අතිරික්ත ජලය ගංගා මගින් මුහුදට ප්රවාහනය කරනු ලැබේ. මෙය අපි හඳුන්වන්නේ ජල විද්යාත්මක චක්රය ව ශයෙනි.(සිතියම 4)

           සිතියම 3

මුලාශ්රය: සුදත් ගුණසේකර 1991

ඉහත 4 වන පිටුවේ සඳහන් කර ඇති වඩාත් සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇති මගේ සංකල්ප පත්රිකාවේ මා දැනටමත් පෙන්වා දී ඇති පරිදි හෘද ස්පන්දනය මිනිසාගේ ඉරණම තීරණය කරන තරමටම මධ්යම කඳුකරයේ භෞතික ස්ථාවරත්වය (ගැස්ම) මේ රටේ සමස්ත ජීවී පද්ධතියේ සහ අවසානයේ එහි ශිෂ්ඨාචාරයේ තිරසාර බව සහ ඉරණම තීරණය කරයි.” 

           සිතියම   4

මුලාශ්රය: සුදත් ගුණසේකර 1991

මේ රටේ සමස්ථ ජීවී පද්ධතියේ පැවැත්ම සහ ශිෂ්ඨාචාරය පවත්වාගෙන යාමේ දී හදබිම (මධ්යම කඳුකරයේ) ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම සහ එය ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම කියාදෙන හදබිම සන්කල්පය දිවයින් වාසි සියලුදෙනාම විසින් ආගමක්” ලෙස ඇදහ්හිය යුතු බව මා කියන්නේ මේ නිසාය. ඒ බව මේ රටේ සෑම පිරිමියෙකුට, ස්ත්රියකට හා දරුවෙකුටම ඉගැන්විය යුතු අතර මේ රට පවතිනාතුරුම මේ රටේ සියලුම පාසල් හා විශ්ව විද්යාලවලද එය ඉගැන්විය යුතුය.

එබැවින් මධ්යම කඳුකරය ආරක්ෂාකර ගැනීමේ පුළුල් ජාතික පරමාර්ථය ඇතිව, මූදු මට්ටමේ සිට අඩි 5000 ට වඩා වැඩි භූමිය දැඩි රක්ෂිත හා ආරක්ෂිත වනාන්තරයක් ලෙස ප්රකාශයට පත්කොට එය ආරක්ෂා කිරීම සඳහා සියලු ප්රමුඛතා ලබා දෙන ලෙස මම ජාතියෙන් ඉල්ලා සිටිමි.

පුරාණ කාලයේ රජවරුන් විසින් සිදුකළ පරිදි අඩි 3500 ට වඩා වැඩි කිසිම ප්‍රදේශයක ජනාවාස පිහිටුවා තිබුණේ නැත. කොත්මලේ, වැළිමඩ සහ මන්දාරම්නුවර ජනාවාස දෙස බැලුවහොත් අපගේ පුරාණ රජවරුන්ගේ දුරදක්නා නුවණ ඔබට  වටහා ගතහැක. ඔවුන් කිසි විටෙකත් මෙම මට්ටමට වඩා ඉහල ප්‍රදේශවල ජනාවාස පිහිටවූයේ නැත.

සිංහල රජවරුන්ගේ කාලයේ මු.ම. අඩි 3500 ට වඩා වැඩි ප්රදේශවල තබා  සෙන්කඩගල නුවර පිටුපස ඇති උඩවත්ත කැලේ (මූ.ම.සිට අඩි 1000-1050 ක් පමණ) පවා තහන්චි කැලෑ (දැඩි ලෙස වෙන් කර ඇති  තහනම් වනාන්තර) ලෙස ප්රකාශයට පත් කරන ලදී. එවැනි ප්රදේශවල, දැව, වනාන්තර නිෂ්පාදන හෝ දර එකතු කිරීම,  පතල් කැණීම්, දඩයම් කිරීම, අනවසරයෙන්  ජනාවාස ඉදිකිරීම වැනි සියළු කටයුතු සපුරා තහනම්කොට තිබිණ. එය උල්ලංඝණය කිරීම බරපතල දණ්ඩුවම් ලැබිය යුතුය වරදකි. පුරාණ කාලයේ අඩි 3500 ක උන්නතාංශයකට පවා ළඟාවූ ජනාඅවාස තිබුනේ තුනක් පමණි. ඒවා නම් කොත්මලේ (ක්රි.පූ. 2 පැරණිතම), වැලිමඩ (මධ්යතන යුගයේ මුල් භාගය (ක්රි.ව. 7 සිට ක්රි.ව.  13 දක්වා) සහ මන්දාරම් නුවර (කෝට්ටේ ය්ගයේ රාජසිංහ රජුගේ හින්දු පූජක කණ්ඩායම තාවකාලිකව පදින්චි කිරීම සඳහා විවෘත කරන ලද කුඩා ජනාවාසයක්) පමණි.

සිංහල රජවරුන් දේශයේ ඉතිහාසය හා භූගෝල විද්යාව දැන සිටි අතර ඔවුන් තම දිවි දෙවැනිකොට මව්බිමට ආදරය කළ අය වූ අතර ඔවුහු වර්තමානයේ ජනතාවගේ චන්දයෙන් පත්වූ කිසිදු දේශප්රේමයක් නැති දේශයේ ඉතිහාසය හා භූගෝල විද්යාව නොදත් ආත්මාර්ථකාමී දේශපාලනග්නයින් ලෙස ඡන්ද දඩයමේ පමණක් යෙදෙණු පුද්ගලයින්ට වඩා අහසට පොලව මෙන් වෙනස්වූහ. ජාතියේ ජලපෝශක ප්රදේශ ස්වාභාවික ජලාශයක් සහ මුළු රටේම ප්රධාන ජීවිතාරක්ෂකයා ලෙස ක්රියා කළ මධ්යම කඳුකරයේ භෞතික ස්ථායිතාව ඔවුන් විසින් සහතික කරන ලද අතර එමඟින් රටේ සමස්ත ගංගා ජාලයට ප්රභවය සපයන කඳුකරය ආරක්ෂාකොට කෘෂිකාර්මික හා සමාජයිය

තිරසාර පැවැත්ම සඳහා ඉතිහාසය පුරා බාධාවකින් තොරව ජල සම්පත සැපයීම සහතික කරනලදී. ඔවුන් වර්තමාන දේශපාලකයින් මෙන් යටත් විජිත පාලකයන්ගේ අනුප්‍රාප්තිකයින්ද නොවුණු අතර එංගලන්තයේ සිටින ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ යටත් විජිත න්යායපත්රයට අනුව ක්රියාකරණ පිරිසක්ද නොවූහ. ඊනියා ජනවාර්ගික සංහිඳියාව යන නාමයෙන් සිදුකෙරෙන විනාශය

මේ රටේ ඉතිහාසයේ  මහා පරිමාණ නීතිවිරෝධී සාපරාධී විනාශයවූ කඳුරටේ විනාශය මුලින්ම ආරම්භ කළේ යටත් විජිත බ්රිතාන්ය වැවිලිකරුවන් විසිනි. ඒ 1815 න් පසුවය.

මෙම මහා ඉඩම් මන්කොල්ලය ආරම්භ කරණලද්දේ 1840 අංක 12 දරණ රජයේ (බ්‍රතාන්ය) ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීමේ පණත නම්වූ සින්හලේ ඉඩම් බලහත්කාරයෙන් සුද්දන් විසින් අත්පත්කරගැනීමේ පණතිනි. 1853 පන්සල් ඉඩම් පනතින් විහාර දේවාල වලට අයත් ඉඩම්ද එලෙසින්ම බලහත්කාරයෙන් ඔවුන් විසින් අත්පත් කර  ගන්නාලදී. අවසානයේ 1897 අංක 1 දරණ මුණ්ඩුබිම් පනතින් සින්හලයින් සතු ඉතිරි ඉඩම් ටිකද ආදීවශයෙන් සියලුම රක්ෂිත වනාන්තර සහ අපේ මුතුන් මිත්තන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්නාලදී.මෙසේ පවරාගත් මුහුදු මට්ටමේ සිට අඩි 8000 ක් පමණ දක්වා පිහිටි කන්යා වනාන්තර සහ ජාතියේ  විශාලතම ස්වාභාවික ජලාශය සහ මුළු රටේම ප්රධාන ජීවිතාරක්ෂකයා ලෙස ක්රියාකළ මධ්යම කඳුකරයේ භෞතික ස්ථායිතාව ඔවුන් විසින් සහතික කරන ලද අතර එමඟින් රටේ සමස්ත ගංගා ජාලයට ප්රභවය සපයන කඳුකරය ආරක්ෂාකොට කෘෂිකාර්මික සමාජයක තිරසාර පැවැත්ම සඳහා ඉතිහාසය පුරා බාධාවකින් තොරව ජල සම්පත සැපයීම සහතික කරනලදී. ඔවුන් වර්තමාන දේශපාලකයින් මෙන් යටත් විජිත පාලකයන්ගේ අනුප්‍රාප්තිකයින්ද නොවුණු අතර අතර එංගලන්තයේ සිටින ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ යටත් විජිත න්යාය පත්රයට අනුව ක්රියාකරණ පිරිසක්ද නොවූහ.

නූතන ඉතිහාසයේ සිදුකරණලද  විනාශයන් සහ වර්තමානයේ සිදුකෙරෙන  විනාශය

මෙම මහා ඉදම් ආක්‍රමණය හා විනාශය ආරම්බකරණලද්දේ 1840 අංක 40 දරණ රජයේ (බ්‍රතාන්යා ඉඩම් අනවසරයෙන් අල්ලගනීමේ පනත නම්වූ සින්හලේ ඉඩම් බලහත්කාරයෙන් සුද්දන්විසින් අත්පත්කරගැනීමේ පනතිනි. 1853 පන්සල් ඉඩම් පනතින් විහාර දේවාල වලට අයත් ඉඩම්ද එලෙසින්ම බලහත්කාරයෙන් ඔවුන් විසින් අත්පත් කර  ගන්නාලදී. අවසානයේ 1897 අංක 1 දරණ මුණ්ඩුබිම් පනතින් සින්හලයින් සතු ඉතිරි ඉඩම් තිකද ආදීවශයෙන් සියලුම රක්ෂිත වනාන්තර සහ අපේ මුතුන් මිත්තන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්නාලදීඉ.මෙසේ පවරාගත් මුහුදු මට්ටමේ සිට අඩි 8000 ක් පමණ දක්වා පිහිටි කන්යා වනාන්තර අක්කර 600 000 ක් පමණවූ වනාන්තර ආවරණය විනාශකිරීම ඔවුන් කළ පළමු අපරාධයයි.

එසේ අත්පත්කරගත් ඉඩම්වල පළමුව කෝපිද දෙවනුව 1880 පමණ සිදුවූ කෝපි වසන්ගතයෙන් පසු තේද වගා කළහ. ඊට අමතරව ස්වදේශීන්ගේ ගෙ ගෙවතු සහ හේන් පමණක් නොව කුඹුරුද බලයෙන් අත්පත් කරගෙන එවායේද මෙම වානිජ භෝග වවන ලදී.

පන්සල් හා දේවාල ඉඩම්ද මීට ඇතුලත් විය. අපගේ මාතෘ භූමිය අනතුරේ දමා බ්රිතාන්යයේ ඔවුන්ගේ භාණ්ඩාගාරය පොහොසත් කිරීම සඳහා මෙම යටත් විජිත ආක්රමණය යටතේ කෝපි සහ තේ වගාවන් ආරම්භ කරන ලදී. මෙම ඉඩම්වල නෛතික හිමිකරුවන අවතැන්වූ අපගේ මුතුන් මිත්තන් නිම්න පතුලේ සිට ආක්රමණිකයන් තම රක්ෂිත වනාන්තර විනාශ කොට ඒවා කෝපි haa තේ වතු බවට පරිවර්තනය කරන ආකාරය සහ පසුව මෙම උස්බිම් පුරා පැතිරී යන සුදු අධිරාජ්යවාදීන්ගේ නිමක් කොනක් නැති තේවතු අධිරාජ්ය ව්යාප්තවන දෙස මොවුන් බලාසිට්යේ  අසරරණව සුසුම් හෙලමිනි. (මොයර්ගේ (1889) ලෙමෙසුරිය(1889), සැමුවෙල් බේකර් (1885), එෆ්.ඩී. වින්සන්ට්, පී.එම් ලුෂිංටන් සහ කැළනි වැලි දුම්රිය කොමිෂන් වාර්තාව (1894) වනි ලේඛන වැඩි විස්තර සඳහා කියවන්න)

මෙම ස්වාභාවික ව්යසනයෙන් පසුව උස්බිම් පුරා කඳුකරය හරහා මාර්ග සහ දුම්රිය මාර්ග කැපීම සහ වතුකරයේ වැඩ කිරීම සඳහා දකුණු ඉන්දියාවේ සිට ගෙනා ලක්ශ 12 කට ආසන්න ඉන්දියානු වහලුන්ට නවාතැන් ගැනීම සඳහා ගොඩනැගිලි සහ තේ කර්මාතය සඳහා කර්මාන්තශලාද ඉදිකිරීම ආරම්භ කරමින් සමස්ථ පරිසරයම විනාශ කරණ ලදී. එසේ ගෙනවුත් 1948 දී ඊනියා නිදහසක්යයි කියා දෙයක් අපට දී ඒ ඉන්දියානු කුලී හමුදාවද අපට උරුමකොට දී සුද්දෝ පිටව ගියහ. අද වනවිට සුද්ධන් අපේක්ෂා කළපරිදිම ඒ කුලි හමුදාව අප රටට දේශපාලන,  ආර්ථික හා සමාජ හිසරදයක් වී ඇති අතර මහා පාරිසරික තර්ජනයක්ද වී හමාරය. අද ඔවුන් රටේ හවතේ නියම උරුමකරුවන් බවට පත්වී හමාරය.

 නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළ සියළුම සින්හල දේශපාලකයින්  මෙම අවාසනාවන්ත තත්වයට රිජුවම වගකිව යුතුය. කන්ද උඩරට උරුමය සුරැකිමේ අධිකාරිය සඳහා යෝජිත පනතේ 9 වන වගන්තියෙන් පාරම්පරික සින්හල මිනිසෙකුට ඉඩම් කෑල්ලක් ලබාගැනිම සඳහාත් සෑමවිටකම වතු දෙමළ ඇමති වරයකු යටතේ පවතින කඳුකර ගම්මාන හා යටිතල පහසුකම් සංවර්ධනය විෂය භාරව කටයුතු කරන දෙමළ අමාත්යවරයාගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.

 1970 ගණන්වල මුල් භාගයේ ස්ටර්ලිං වතු ජනසතු කිරීමෙන් පසු එම වතු  වැඩිහරියක් නොසලකා හැරීම නිසා වැවිලිකරුවෙකු සහ පුරාවස්තුන් පිළිබඳ උනන්දුවක් දක්වන ජෝන් ස්ටීල් (1930) පුරෝකථනය කළ පරිදි මෙම ඉඩම් ස්වාභාවික වනාන්තර බවට පත්විමේ කාල පරිච්ඡේදයක් උදාවිය. එහෙත් යහපාලන රජය විසින් පිහිටුවනලද කඳුකර ගම්මාන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශය යටතේ එම රජය විසින් ආරම්භ කරන ලද කඳුකර ගම්මාන ජනාවාස හා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන මගින් ක්රියාත්මක කරනු ලබන ජනාවාස ව්යාපෘතිය නිසා එම බලාපොරොත්තුවේ සිහිනයද දැන් සදහටම පහව ගොස් ඇත. ඉන්දියානු රජයේ මූලිකත්වයෙන් වෙනත් විදේශ ආධාරද ඇතිව දැනට ක්‍රියාත්මක්වන නිවාස යෝජනා  වැඩසටහන මුහුදු මට්ටමේ සිට අඩි 8000 ක් පමණ දක්වාම ක්‍රියාත්මක වේ. සිංහලයාගේ මව්බිමෙහි හදවතතුල සිදුවන මෙම ඉන්දියානු නව යටත් විජිත ආක්රමණය වහාම නතරකිරීමට අප අපොහොසත් වුවහොත්, එය ඉතිහාශයේ කීර්තිමත් ජාතියක් වූ සින්හලයාගේ අවසානය වනු ඒකාන්තය.

ආ) දැනට සිදු වී ඇති අන්තරායන් සහ මහා විනාශයන්

ඉන්දියාව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් විදේශීය ආයතන විසින් අරමුදල් සපයනු ලබන ඉන්දීය රජයේ ප්‍රධානත්වය යටතේ කඳුකරයේ නව ගම්මාන සහ යටිතල ව්යුහ සංවර්ධන අමාත්යාංශය”  යටතේ යහපාලන රජය විසින්  2015 දී වතු දෙමළ ජනයා සඳහා මහා පරිමාණ නිවාස වැඩසටහනක් ආරම්භ කළේය. මෙම ක්රියාවලිය යටතේ නිවාස ඉදිකිරීම, මාර්ග, ජල සම්පාදන යෝජනා ක්රම, පාසැල්, රෝහල් සහ ප්රජා මධ්යස්ථාන වැනි වෙනත් පහසුකම් සපයයි.

මෙම සියලු විනාශකාරී ක්රියාකාරකම් නිසා පවත්නා වෘක්ෂලතාදිය (තේ සහ වනාන්තර) ඉවත් කිරීම සහ මෙම උස්බිම් හෑරීම නිසා සිදුවන අධික පාංශු ඛාදනය හේතුවෙන් භූමිය නිරාවරණය වීම නිසා බරපතල ඉඩම් හායනය, නායයෑම් සහ මෙම අධික බෑවුම් සහිත ඉඩම්වල දරුණුලෙස ඛාදනයද අතිවීම නිසා පහත් බිම්වල සිදුවන අධික ගංවතුර සහ ගං ඉවුර සේදීයාම ආදි වියසනයන් එම ප්‍රදේසවල මිනිස්  ජීවිත දුක්ඛිත තත්වයට මඟ පාදයි.

මෙම පසුබිම තුළ අධික බෑවුම් සහිත ඉහල කඳුකරයේ, නිවාස 65,000 ක් ඉදිකිරීමේ අන්තරාය සහ අපරාධය ගැන ජාතියක් වශයෙන් අප ඉතා ගැඹුරින් සිතා බැලියයුතු නොවන්නේද. අධික බෑවුම් සහිත අන්තරාදායක බිම්වල අඩි 7700 ක් දක්වා මේ අන්දමින්, ඉන්දියාව තම මව්බිම ලෙසින් සිහින ලෝකයේ මෙන්ම සැබෑ ලෝකයේද සිතන සහ සලකන, සහ ඔවුන්ගේ හදවත් සහ මනස ඉන්දියාවේ ස්ථිරව මුල් බැස ඇති මේ රටට කිසිදු ආදරයක් නැති ඉන්දියානු දෙමළ හමුදාවක් සිංහල ජාතියේ හදවත” තුල මේ අන්දමින් පදිංචි කිරීම ඉතාමත් භයානක වැඩපිළිවෙලකි.

 ඒ තුලින් අද සිදුවන්නේ සින්හලේ හදවතේ ඉන්දියානු මලයනාඩුව ගොඩනැගීම නොවේද. මෙම වැඩපිළිවෙල යටතේ පිදුරුතලාගල අධ්හික්ෂිතයේද අක්කර 300 ක් වතුදෙමලුන්ට පවරාදි ඇත.

.ජාතියේ හදවතේ සිදුවන මෙම සාපරාධී විනාශය පහත දැක්වෙන ප්රවෘත්තිය මගින් තවදුරටත් ඉස්මතු කරයි

ඉන්දියානු ආක්රමණය

හැටන්හි බොගවන්තලාව බ්රිඩ්වෙල් වතුයායේ ඉන්දියාව විසින් සාදා නිමකරණ ලද නිවාස 155 ක් ඉන්දියානු මහකොමසාරිස් වරයා විසින් භාර දෙයි.

(25 පෙබරවාරි 2019)

පෙබරවාරි 24 වන දින හැටන් හි බොගවන්තලාව බ්රිඩ්වෙල් වතුයායේ පැවති විශේෂ උත්සවයකදී ඉන්දීය නිවාස ව්යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස 155 ක් ප්රතිලාභීන් වෙත ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ ඉන්දියානු මහ කොමසාරිස් ටරන්ජිත් සිං විසින් භාර දෙන ලදී.

කඳුකරයේ නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්රජා සංවර්ධන අමාත්ය පලනි දිගම්බරම් මහතාද මෙහි වෙයි.

Xx Sudath                                                                                 No   Place   No of Houses                           Elevation

1          Dancinan         404      5500

  2        Dayagama       150      4800

3          Helboda           100      3600

4          Lidasal 160      7700

5          Sooriyakanda  36        5200

6          Harrow-kalappugala   15        3960

7          Sheen-Upper   25        4125

8          Sheen -Lower  25        3630

9          Frotop-mamalal          50        5115

10        Kandapola-Park street            20        6520

11        Boralanda       15        6200

12        Wewandan      58        3465

13        Wedamulla     20        4950

14        Ragala 35        4950

15        Agarapathna   32        4620

16        Thalawakale    15        4356

17        Holirood          35        3960

18        Kotagala          25        3960

19        Maifeld           35        4025

20        Unifeld 35        4290

21        Bogawanthalawa        50        4370

22        Bridwell                       1340

23        Kothmale                     3500

24        Mandarampura                      3500

25        Welimada- ***oya                  ****

 මෙම නිවාස හදා ඇති ස්ථාන්ය හා අකාරය දෙස බැලීමේදී මෙවැනි තැනීම් වලින් සිදුවියහැකි පරිසර විනාශය සහ ඉදිරියේදී මෙම නිවාසලාභීට පවා නාය යෑම් ආදී වියශන වලින් සිදුවිය හැකි හානි මේ රටේ අග්‍රාමාත්යවරයට හෝ නොපෙනීම මොන්නතරම් අභාග්යක්ද. මද්යම පරිසර අධිකාරිය, පඳුරක්  ගානේ සිටින  පරිසර වේදීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පරිසරය ගැන ලියන කියන මාද්යවේදින්ට මේ මහා ජාතික වියසනය නොපෙනෙන්නේ ඇයි.එසේම මෙම ප්‍රදේශ වල රජයේ ඉඩම් පිලිබඳ අධිකාරීන් වන දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ මහජන නියෝජිතයින්යයි කියන පාර්ලිමේන්තු, පලාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ජනතා සන්විධාන යන කිසිවෙකුට මේ  මහා ජාතික අපරාධය සහ විනාශය නොපෙනෙන්නේ ඇයි?

පහත දැක්වෙන තොරතුරුවලින් පෙනී යන්නේ වතුකරයේ යහපත සඳහා පිහිටුවා ඇති ආයතන ගණනාවකි.

වැවිලි මානව සංවර්ධන භාරය (පීඑච්ඩීටී) ප්රථම වරට 1992 සැප්තැම්බර් 18 වන දින වැවිලි නිවාස හා සමාජ සුභසාධන භාරය (පීඑච්එස්ඩබ්ලිව්ටී) ලෙස ආරම්භ කරන ලද අතර 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ ශ්රී ලංකාවේ සංස්ථාගත කරන ලදී. පසුව එම සංවිධානය 2002 ඔක්තෝම්බර් 10 දින පීඑච්ඩීටී ලෙස නැවත නම් කරන ලදී.

පීඑච්ඩීටී යනු ශ්රී ලංකා රජය (ජීඕඑස්එල්), ප්රාදේශීය වැවිලි සමාගම් (ආර්පීසී) සහ වතුකරයේ වෘත්තීය සමිති (ටියූ) යන ත්රිපුද්ගල සංවිධානයකි. වතු කම්කරුවන් මිලියනයක ජීවන තත්ත්වය නංවාලීම සඳහා සමාජ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා ජීඕඑස්එල් විසින් පිහිටුවන ලදී. පීඑච්ඩීටී අධ්යක්ෂ මණ්ඩලයක්  යටතේ ක්රියාත්මක වන අතර අධ්යක්ෂ ජනරාල් විසින් මෙහෙයවනු ලබන ජීඕඑස්එල්, ආර්පීසී සහ ටියූ හි නියෝජිතයින්ගෙන් සමන්විත වන අතර අභ්යන්තර අධ්යක්ෂවරුන්, අංශ ප්රධානීන්, කළමනාකරණ ප්රධානීන් සහ බත්තරමුල්ල ප්රධාන කාර්යාලයට අනුයුක්ත කාර්ය මණ්ඩලයද සහාය වේ. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා පීඑච්ඩීටී විසින් ගනු ලබන බොහෝ සැලසුම් ක්රියාත්මක කිරීම සඳහා සෑම කාර්යාලයකම ප්රාදේශීය අධ්යක්ෂවරුන්, කළමනාකරණ සහ කාර්ය

ක්‍රියාත්මක වන අතර අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙහෙයවනු ලබන ජීඕඑස්එල්, ආර්පීසී සහ ටියූ හි නියෝජිතයින්ගෙන් සමන්විත වන අතර අභ්‍යන්තර අධ්‍යක්ෂවරුන්, අංශ ප්‍රධානීන්, කළමනාකරණ ප්‍රධානීන් සහ බත්තරමුල්ල  ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කාර්ය මණ්ඩලය සහාය වේ. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා පීඑච්ඩීටී විසින් ගනු ලබන බොහෝ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම කාර්යාලයකම ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන්, කළමනාකරණ සහ කාර්ය මණ්ඩලය සමඟ වතුකරයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාල හතක් (7) ප්‍රධාන කාර්යාල කණ්ඩායම ශක්තිමත් කරයි.

සමහර නිවාස ව්යාපෘති පිළිබඳ තොරතුරු ඉහත වගුවේ දක්වා ඇත. මෙම නිවාස වලින් සමහරක් මූ.ම. අඩි 7700 ටත් වඩා ඉහලින් ඉදිකර ඇති බව ඔබට පෙනෙනු ඇත. අනාගතයේ දී දැවැන්ත සමාජ ගැටලු පැන නගින නාගරික මුඩුක්කු වැනි පොකුරු නිවාස මේ කඳු මුදුන්වල ඉදිකරන ආකාරය මින් පැහැදිළිය. එසේම කඳුකරයේ සහ පහත් බිම්වල ඇතිවිය හැකි දිගු කාලීන පාරිසරික විපත් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ශ්‍රි ලන්කා රජයේ අධිකාරයද තුට්ටුවකට නොසලකා ඉන්දියානු මහ කොමසාරිස්ගේ උපදෙස් පරිදි ඉන්දියාව විසින් මෙම ව්යාපෘති කෙතරම් අශෝභන ලෙස සිදුකර ඇත්දදැයි  මෙම ව්යාපෘති දෙස බැලීමේදී තව දුරටත් පැහැදිළිවෙයි. මධ්යම කඳුකරය දැනටමත් ශ්රී ලංකා රජය විසින් ඉන්දීය රජයට පවරා තිබේද යන ප්‍රස්නය මම අසමි?

මෙම ව්යාපෘතීන් සඳහා කුමන ඉඩමක් පවරා ගත යුතුද, නිවාස ඉදිකර දිය යුත්තේ කොතැනද, ඒ නිවාස දියයුත්තේ කාටද සහ මාර්ග ඉදිකළයුත්තේ කොතැනද යන සියල්ල තීරණය කරණුයේ වතුකරය නියෝජනය කරන දෙමළ ඉන්දීය මානසික දේශපාලනග්නයින් සමඟ ඉන්දීය රජයයි. ලන්කාවේ මහපොලව භාර මේ රටේ ජනාධිපති, අග්රාමාත්ය සහ ඉඩම් ඇමති ඇතුළු ලන්කා රජයටද එසේම ඒවා පිළිබඳ තීරණ ගතයුත්තේ ලන්කා රජයද එසේ නැතිනම් ඉන්දීය රජයද යන ප්‍රස්නයද මෙහිදී මතුවෙයි.

ඉන්දීය මහ කොමසාඅරිස් වරයාගේ ප්‍රධානවත්වයෙන් පැවැත්වෙන මේ ඉඩම් හා නිවාස ප්‍රදාන උත්සවවලට මේ රටේ  අගමැති ඇතුළු දේශපාලනයින්ට  සහ දිසාපති ප්‍රාදේසීය ලේකම්වරුන් ආදි ලන්කා රාජ්ය නිලධාරින්ට ආරාධනා කරන්නේ නිවාස හදා අවසන් වූ පසු පමණි.මා සිතන අන්දමට ඔවුන්ට එසේ ආරාධන කරනුයේ ඔවුන්ගේම රටේ හා ජාතියේ හදවත්භූමිය අනාගත ඉන්දීයාවේ ප්‍රාන්තයක, (මලයනාඩුවක දෙමළ මිනිසුන්ට  ‘පවරා ඇති අයුරු ආඩම්බරයෙන් පෙන්වීමට විය හැක. බොහෝවිට මෙවැනි උත්සව වලට ඉඩම් ඇමති සහ මුදල් ඇමතිද සාභාගිවනු මා දැක ඇත.තම මව්බිම විලිලජ්ජා නැතිව පාවා දෙන මේ දේශපාලුවන් එසේ කරණුයේ එක අතකින් කවදාවත්ම නොලැබෙන වතුකරයේ දෙමළ චන්ද ලබා ගැනීමේ එළුවා පසුපස ගිය නරි ගමනක් වන අතර අනෙක් අතින් ඉන්දියාව සතුටු කිරීමටය.

ශ්‍රී ලන්කා රජයේද පූර්ණ සහාය ඇතිව ඉන්දියානුවන් සහ වතුකරයේ සිටින ඉන්දියානු දෙමළුන් විසින් සින්හලේ හදබිම විනාශ කරන ඛේධවාචකය මෙසේ අද සිදුවෙයි. ක්‍රි.පූ. 2 සියවසේදි එලාරගෙන් දුටුගැමුණු මහරජතුමා විසින් බේරාගත්, 12 වන සියවසේදි විජයබාහු මහරජ තුමා විසින් මාඝගෙන් බේරාගත් එසේම 2009 දී මහින්ද රාජ්පක්ස ජනධිපති වරයා විසින් ප්‍රභාකරන්ගෙන් බේරාගත් මේ පින් බිම, බුදුන්වහන්සේ  තුන්වතාවක් වැඩිය බුදුන්ගේ දේශය, ලෝකයේ ඇති එකම සින්හල බෞද්ධ රට අපගේ ආදාර්නීය මව්බිම,  රට ජාතිය රැකීමටයයි මැතිසභයට ගොස් සිටින දේශපාලුවන් පිරිසක් විසින් මේ අන්දමින් විනාශ කරණතුරු එසේම රාම රාවණා යුගයේ සිටම අපට හතුරුවූ ඉන්දියාවට පාවදෙන තුරු සින්හලයිනි ඔබ දෑස පියාගෙන ගොළුවන් බීරන් මෙන් බීරන් මෙන් තව කොතරම් කාලයක් නිහන්ඩව බලාසිටිනවාද? 

එක් අතකින් ජේ. ආර්. ගේ 1987 විවස්ථාව හුදු කඩදාසි කැබෙල්ලක් බවට පත්කළ, ජේ. ආර්/රජිව් ගිවිසුම සහ යටතේ පිහිටවු පලාත්සභා හූනියමයය. අනෙත් අතින් අපේම චන්දයෙන් මැතිසභයට  බඩගාගෙන ගිය දේසපාලුවන්ය. මේ අතරේ අනෙක් පසින් දෙකටම මැදිවී  රට, ජාතිය සහ සසුන යන තුනම නැතිවී යන මරණ තුනක් දකිමින්, හන්ඩමින්, වැළපෙමින්, විලාපදෙමින් මහ පොලවේ හැපෙන ඔබත් මාත් ඇතුළු අප සියළු දෙනාම තුරුල්කරගෙන මියයන අපගේ සදාදරනීය මාතෲ භුමියය.”

මෙම පිස්සු නාට්යය දෙස බලන විට මධ්යම කඳුකරය සහ එහි වටපිටාව දැනටමත් ශ්රී ලංකා රජය විසින් ඉන්දියාවට භාර දී තිබේදැයි මට සිතේ. මේ දූපත් ජාතියේ අනාගතය ගැන කිසිසේත්ම සැලකිලිමත්වන රජයක් මේ රටේ තිබේදැයි මම දිවා රාත්‍රි කල්පනා කරන්නෙමි. මේ මහා ඛේදවාචකය දෙස අවම වශයෙන් සින්හල චන්දයෙන් තෙරී පත්වුණු එක සින්හල මන්ත්‍රීවරයෙක් හෝ ජාතික නායකයෙකු හෝ වසර 2600 පුරා මේ රට මත්තේ මැරුණු සිය පණද පුදමින් රට සහ ජාතිය රැකගත් ජාතියේ මුරදේවතාවුන් යයි” විරුදාවළි ලත් එකද භික්ෂුවක් හෝ විරෝධතාවක් පාන බවක් මටනම් පෙනෙන්නට නැත.

වෙරළබඩ පහත් බිම්වල කඩොලාන පඳුරු කිපයක්  වෙනුවෙන් මේ තරම් ඝෝෂාකාරී ලෙස උද්ඝෝෂනය කරන රාජ්ය නොවන සන්විධාන හෝ පරිසර රැකීමේ සන්විධාන සමස්ත දිවයිනේම ජීවී පද්ධතියේ පැවැත්ම සහ අපේ උතුම් සින්හල ජාතියේ සහ සි න්හල බෞද්ධ ශිෂ්ාචාරයේ ඉරණම තීරණය කරන මෙම විනාශකාරී මහා ඛේදවාචකය ගැන වචනයක්වත් කතා නොකරන්නේ ඇයි?

ලෝකයේ ඉර හඳ පෑයූදා සිටම මේ රම්ය දිවයින මධ්යයේ පිහිටි ජාතියේ හදබිමට සිදුකරන මහපොලව පවා නුහුලන මේ මහා විනාශය සහ ජාතික ඛේදවාචකය පිළිබඳව තමන්ගේ ක්ෂණික අවධානය යොමු කරන ලෙස මම පහියංගල ආනන්ද සාගර හිමියන්ගෙන් සහ දිවයින සහ මව්බිම වැනි ජාතික පුවත්පත්වල ක්ෂණික අවධානය යොමු කරනමෙන් ඉල්ලමි. අද වනවිට අපේ රට මුහුණ දී සිටින වැදගත්ම හා භයානකම  අර්බුදය මෙය ලෙස මම හඳුන්වමි. මන්ද ලෝකය පුරාම පැතිර ඇති කොරෝනා වසන්ගතය වුවද ටික කලකින් මර්ධනයවී කවදා හෝ ලෝකයම ලෝකයම යලිත් යථා තතවයට පත්වනු ඇත. එහෙත් මේ රටේ මධය්ම කන්දුකරයේ භවුතික ස්ථාවරභාවය විනාශවි ගියහොත් මේ දිවයිනට සහ සින්හල ජාතියට සිදුවන විනාශය යලි කිසිදිනක ප්‍රතිනිර්මාණයකළ නොහැකිවනු ඇත..

මෙම විනාශයේ බරපතල ප්රතිවිපාක වනුයේ රටේ හදබිමේ වනාන්තර ආවරණය, ජල සම්පත්, භූමියේ ගුණාත්මකභාවය රටට අහිමිවී දේශගුණය වෙනස්වී අවසානයේ මේ රම්ය දිවයිනේ සමස්ත ජීවී පද්ධතිය සහ සින්හල බෞද්ධ ශිෂ්ඨාරය මිහි පිටින් අතුරුදන් වීමය. මා මෙම ලිප්යෙන් මුළුමහත් ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ, මිනිසා විසින්ම  ජාතියේ හා රටේ හදවතට සිදුකෙරෙන මෙම මහා විනාශය වහාම නතර කරන ලෙසයි.

මෙම විනාශය රජය විසින් මුළුමනින්ම නොසලකා හැර ඇති බව පෙනේ. එසේවීමට එකම හේතුව බලය රැකගැනිම වෙනුවෙන් කිසිදිනක ඔවුන්ට නොlAබෙන වතු කම්කරුවන්ගේ ඡන්ද මිරිඟුව පසුපස දිවීමයි. රටේ හා ජාතියේ නාමයෙන් ඔවුන් බල තන්හාවෙන් කරන මේ එළු අණ්ඩකෝශය පසුපස දිවීම වහාම නතර කළයුතුය. එසේ නොකරන දේසපාලකයින් සියළු දෙනාම මේ රටේ දේශපාලනයෙන් වහාම සමුගැන්වීමේ කාලය දැන් එළඹ් ඇත.

මෙම සාපරාධී ව්යසනයෙන් රට හා ජාතිය බේරාගැනීමට තවත් මොහොතක් හෝ ප්රමාද නොවී වහාම පියවර ගන්නාමෙන් වර්තමාන රජයට සහ සියළුම දේශප්රේමී සින්හල සහෝදර ජනතාවට මම  ආයාචනය කරමි.

මෙම දිවයිනේ අක්ෂාංශ පිහිටීම සහ ගෝලීය දේශගුණික තත්ත්වයන්   තව බොහෝ කාලයක් ප්‍රබලව නොවෙනස්ව පවතිනු ඇතැයි උපකල්පනය කලහොත් දැනට පවතින වාර්ෂික වර්ෂාපතන රටාව ද නොවෙනස්ව පවතිනු ඇති අතර වර්තමාන දේශගුනික රටාවද නොවෙනස්ව පවතිනු ඇත. එමනිසා  මේ රටේ කඳුකරයේ දැනට සිදුකරමින් පවතින ඉහත සඳහන් විනාශයන් බරපතල ලෙස අනාගතයේ දී ජාතියක් ලෙස එහි අනාගත පැවැත්මට පමණක් නොව වර්තමානයේ ඇතිවන නියඟය, නායයෑම්, ගංවතුර, ජනවාර්ගික ගැටුම් සහ සමාජ අර්බුධ පැන නගින දේශපාලන, සමාජ හා ආර්ථික ක්ෂේත්ර කෙරෙහි එයින් ඇතිවිය හැකි ක්ෂණික බලපෑම් කෙරෙහි ද අප සියළුදෙනාගේම දැඩි අවධානය යොමුවිය යුතුය.

මෙම සාපරාධී ජාතික විනාශයෙන් රට හා ජාතිය බේරා ගැනීමට කළ යුත්තේ කුමක්ද?

මෙම ජාතික විනාශය වැළැක්වීම සඳහා පහත සඳහන් පියවර වහාම ගතයුතුයයි මම යෝජනා කරමි.

1 මූ.ම.මෙන් අඩි 5000 ට වඩා ඉහල කඳුකරයේ දැනට සිදු කරමින් පවතින සියලුම නීති විරෝධී පරිසර විරෝධී වන විනාශයන්, නිවාස ව්යාපෘති සහ සියලු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ආදී සියළු කටයුතු වහාම නතර කිරීම. (නුවර එලිය නගරය හැරා

2 කඳුකර ගම්මාන හා යටිතළ සංවර්ධන අමාත්යාංශය වහාම විසුරුවා හැරීම (වතු ද්රවිඩයන් සඳහා පමණක් පිහිටුවා ඇති අමාත්යාංශයක්, ස්වදේශික සිංහලයන්ට එරෙහිව දැඩි ලෙස වෙනස්කම්කොට සැලකීම සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලඝණය වන නිසා) එසේම. ඵාරම්පරික ස්වදේශිකයින් නොවන ඉන්දියානු සම්භවයක් ඇති වැවිලි අංශයේ ජනතාවට විශේෂ වරප්රසාද ලබාදීම සඳහා පිහිටුවා ඇති අනෙකුත් (වැවිලි මානව සංවර්ධන භාරය (පීඑච්ඩී) වැනී සියලුම ආයතන ස්වදේශික සිංහල භූමිපුත්රයන්ගේ මූලික අයිතිවාසිකම්වලට එරෙහිව දැඩි ලෙස බලපාන නිසා වහාම අහෝසි කිරීම.

3 අඩි 5000 ට වැඩි සියලුම ඉඩම් දැඩි ආරක්ෂිත හා රක්ශ්හිත වනාන්තර ලෙස ප්රකාශයට පත් කර මෙම උන්නතාංශයට ඉහළින් ඇති සියලුම ජනාවාස ඉවත් කිරීම. (නුවර එලියා නගරය හැර)

4 මූ.ම. අඩි 3500 ට වැඩි ප්‍රදේශවල සියලුම ජනාවාස ඉවත්කර තේ කර්මාන්තශාලා සහ ඊට අනුබද්ධ ගොඩනැගිලි හැර මෙම සීමාවට ඉහලින් ඇති සියලුම ජනාවාස ඉවත්කිරීම. එසේ කළවිට 3500 න් ඉහල හැටන්  තලවකැලේ වැනි නගර පවත්වාගෙන යාම අවශ්ය නොවනු ඇත

5 අඩි 3500 ත් අඩි 5000 ත් අතර ඉඩම JEDB සහ STPC වැනි රාජ්ය ආයතන විසින් කළමනාකරණය කරනු ලබන මහා පරිමාණ වතු වලට පමණක් සීමා කිරීම.

6 1954 නේරු / කොතලාවල ගිවිසුම යටතේ පමණක් ශ්රී ලන්කා පුරවැසිබව ලැබීමට ට සුදුසුකම් ලබණ ඉඩම් නොමැති සියලු ද්රවිඩ ජනතාව සහ ඉඩම් නොමැති ස්වදේශිකයින්ට අක්කර 2 1/2 ගොවිබිබම්වල අඩි (1000-3500 අතර) මිශ්ර ජනාවාස වශයෙන් පදින්චි කිරීම.( 1954 නේරු / කොතලාවල ගිවිසුම යටතේ හැර අනෙකුත් සියලුම පනත් යටතේ දී ඇති සියළුම පුරවැසිකම් වහාම අවලංගු කළ යුතුය)

 7මධ්යම කඳුකරය (සින්හලේ හදබිම) ඔබේ හදවත ලෙස ආරක්ෂා කර ගැනීමටත්, හදබිම සන්කල්පය” ආගමක් ලෙස ඇදහීඉමට ජනතාවට කීමටත් පාසැලේ 1 ශ්රේණියේ සිට විශ්ව විද්යාලයේ අවසාන උපාධි මට්ටම දක්වා පාසැල් විෂය මාලාවේ විෂයයක් ලෙස ඇතුළත් කරන ලෙසත් රජය විසින් විධි විධාන යෙදීම.

මාතෘ භූමියේ සහ සිංහල ජාතියේ නාමයෙන්, සෑම මිනිසෙකුටම මෙම පණිවිඩය ලබා දෙන ලෙස මම රජයෙන් සහ සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

ජාතියේ හදවත, ගස්, ගංගා, ජලය, පස්වලින් සහ ජීවීන්ගෙන් තොර පාළු කාන්තාරයක් බවට පරිවර්තනය නොවනු පිණිස වග බලා ගැනීම මේ රටේ උපත ලැබූ සෑම ස්ත්රි, පුරුෂයෙකු හා දරුවඅකුගේම පරම යුතුකමකි.

මේ රටේ සමස්ත ජීවන පද්ධතිය හා එහි ශිෂ්ඨාචාරය ආරෂාකර ගැනීමේදී හදබිම සංකල්පයේ” ඇති  තීරණාත්මක කාර්යභාරය සියළුම පුරවැසියන්ගේ සිත් තුළට ප්‍රබලව කා වැද්දිම සඳහා ළදරු පාසැල්වල සිට විශ්ව විද්යාල උපාධි මට්ටම දක්වා අනිවාර්ය විෂයයක් ලෙස පාසල් විෂය මාලාවට එය ඇතුළත් කළ යුතුය. මේ රටේ සමස්ත ජීවී පද්ධතියේ අනාගත පැවැත්ම සඳහා මධ්යම කඳුකරය ආරක්ෂා කිරීමේ ඇති තීරණාත්මක වැදගත්කම පැහැදිළිව  වටහා ගන්නා ජාතියක් බවට අප පත්විය යුතුය. එය සින්හල, දෙමළ  මුස්ලිම් යන සියලු දෙනාටම අදාලය. ව්ශේසයෙන්ම දැනට කඳු රටේ සිදුකෙරෙමින්  පවතින වැඩපිලිවෙලේ ප්‍රතිලාභින්වන වතුදෙමල ජනතාව අන් සියළු දෙනාටම වඩා මෙහි ඇති භයානකකම තේරුම්ගත යුතුය.

මේ නිසා රටේ හදබිම අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාඅකොට තැබීම ලක්වැසි සියලුදෙනාගේම පරම වගකිමයි. එමනිසාම තමන්ගේ හදවත මෙන් එය ආරක්ෂා කර තැබීම වර්තමාන පරම්පරාවේ දැඩි වගකීම වේ. ඒ සඳහා සමස්ත ජනතාව අතරම  කල්පවතින දැනුවත් කිරීමක් ඇති කිරීම සඳහා රටපුරා දැඩි දැණුවත්කිරීමේ ප්රචාරක ව්යාපාරයක් නොපමාව දියත්කළ යුතුය.

සාරාංශයක් ලෙස, ජාතියේ භූගෝලීය හදවත වන ශ්රී ලංකාවේ හදබිම ආරක්ෂා කිරීමේ අවශ්යතාවයට මා දී ඇති වැදගත්කම, ඡන්දය දඩයම් කිරීමෙන්  සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට දේශපාලකයින්ට අපි ඉඩ නොදිය යුතුය. මේ රට මධ්යයේ සිටින ඉන්දියානුවන් මෙන්ම ඉන්දියානු දේසපාලකයින්ද  ලන්කාව තුල මලයනාඩු සිහින දකිමින් සිටින බැවින් එය එසේ නොවීමටනම් ඉහත දැක්වෙන සියළු පියවර ගන්නාමෙන් රජයට බලකොට එය ඔබ ඔබේ හදවත මෙන් ආරක්ෂා කර ගන්නා මෙන් මම ඉල්ලාසිටිමි.

 සමස්ථ ජාතිය වෙනුවෙන්ම මා කරණ  මෙම ඉල්ලීමට ජනවාර්ගික, ආගමික, වාර්ගික, භාෂාමය හෝ දේශපාලන මතයන් නොමැති බව මම ඉතා පැහැදිලිව ප්රකාශ කළ යුතුය. අපේ මව්බිමත් අප්රිකාව හෝ මැද පෙරදිග රටවල ඇති ජීවින්ගෙන් තොර උණුසුම් කාන්තාරයක් බවට පරිවර්තනය කිරීම නැවැත්වීම සහ අවසානයේ මෙම පවුරාණික භූමියේ ශිෂ්ටාචාරය වඳවීයාම නැවැත්වීම එහි මූලික අරමුණයි.

මෙම විවෘත ලිපියෙන් මා සියලු දේශප්රේමී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් මෙම සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා රටපුරා දැඩි උද්ඝෝෂන ව්යාපාරයක් දියත් කරන ලෙසයි. මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලබන්නේ අපගේ මේ ශ්‍රේෂ්ඨ ජාතියේ මධ්යම කඳුකරය (හද බිම) තම රටට ආදරය කරනවාට වඩා තම ඡන්දයට ආදරය කරන මෙම දූපත් රාජ්යය්යේ භූගෝල විද්යාව සහ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් නොමැති කෙටිකාලීන දේශපාලන අරමුණු සහිත දෙමළ හා සිංහල දේශපාලනග්නයින් පිරිසක් විසින් විනාශ කරනු ලබන භයානක පසුබිමකය.

මෙම විනාශ කිරීමේ වැඩපිළිවෙල සිදු කරනු ලබන්නේ පසුගිය රජය විසින් ආරම්භ කරන ලද පැහැදිලි ජාත්යන්තර මැදිහත්වීම් සමඟ ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන වර්තමානයේදී ද අඛණ්ඩව සිදුකෙරෙන වතු දෙමළ ශ්රමිකයින් සඳහා නිවාස හා ඉඩම් ලබාදීමේ අඛණ්ඩ වැඩසටහන යටතේය. මෙම වැඩසටහන නිසා ඉතා තීරණාත්මක හා පාරිසරික වශයෙන් සංවේදී  මුහුදු මට්ටමේ අඩි 1000 සිට අඩි 8000 ක් පමණ දක්වා පිහිටි සියළුම තේ ඉඩම් මේ වන විටත් මහා පරිමාණයෙන් අන්තරාදායක ලෙස විනාශ වෙමින් පවතී. මධ්යම පරිසර අධිකාරියේ හෝ NBRO හි අනුමැතියකින් තොරව ඉතාමත් සන්වේදී ජාතියේ හදවතේ සීග්‍රයෙන් සිදුවන මෙම විනාශයේ පරිමාව හා භයානකත්වය පාඨකයින්ට අවබෝධ කර ගැනීම සඳහා උදාහරණ කිහිපයක් පහතින් දක්වමි.

තම දිස්ත්රික්ක හා කොට්ඨාශ තුළ රජයේ ඉඩම් සම්බන්ධයෙන් නෛතික බලයක් ඇතියැයි කියනු ලබන රජයේ නියෝජිතයින් වන දිසාපතිවරුන්ට හෝ දැනට ක්‍රියාත්මක්වෙමින් පවතින වැඩපිලිවෙල යටතේ මෙම කලාපයේ ප්රාදේශීය ලේකම්වරුන්ට, මෙම ඉඩම් අන්සතු කිරීම සහ නිවාස ඉදිකිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් කිසිදු පාලනයක් නැත. ස්වයිරී නිදහස් රටක් වන මේ රටේ ඉඩම් පිළිබඳ නීතියද නොසලකා ඉන්දීය රජයේ අනුග්රහය ඇතිව අනවසරයෙන් හදන 65,000 ක් පමණ වන නිවාස ව්යාපෘති නිසා අවසානයේදි, අප්‍රිකානු සහ අරාබියානු රටවල ඇති ජීවින්ගෙන් තොර උණුසුම් කාන්තාරයක් බවට මේ සුන්දර දිවයිනද පරිවර්තනය කිරීම නැවැත්වීම සහ අවසානයේ  මෙම පව්රාණික භූමියේ ශිෂ්ටාචාරය වඳවී යාම නැවැත්වීම එහි මූලික අරමුණයි.

ස්වඉරී නිදහස් රටක් වන්න මේ රටේ ඉදම් පිළිබඬ නීතියද නොසලකා ඉන්දීය රජයේ අනුග්‍රහය ඇතිව අනවසරයෙන් හදන 65,000 ක් පමණ වන මේ නිවාස  ගම්මාන ඉන්දීය රජයේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උතසව වලට සාභාගීවීම හැරෙන්නට වෙනත් කිසිම වගකීමක් මොවුන්ට නොමැති බව මම දනිමි. මෙම සාපරාධී විනාශය දෙස දුකින් බලාසිටින ජාතියේ වෛරය දැනටමත් මැතිසබයේ දොරටුවටම පැමිණ ඇත.

ජාතියේ ඉරණම තීරණයකරණු ලබණ හදබිමේ අතිෂයින්ම සන්වේදී ඉඩම් බරපතල මේ අන්දමින් දැඩි ලෙස පාංශු ඛාදනයකට නිරාවරණය කිරීම, ඉඩම් හායනය සහ ඉහළ කඳුකරයේ නායයෑම් වැනි හෘදභුමියේයේ භෞතික ස්ථායිතාවයට ඇතිවන අන්තරායන් සහ තර්ජනයන්ට අමතරව මුහුදුබද පහත්බිම්වල මිනිස් ජීවිත දුක්ඛිත තත්වයට පත්කරණ ගංගා පතුල් රොන්මඬින් පිරීයාම නිසා ඇතිවන ගංවතුර විනාශයන් කිසිවිටෙකත් තක්සේරුකර නොමැත.

මෙම සුන්දර භූමිය මතු උපදින අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමට අපට අවශ්යනම්, ජනරජයේ ජනාධිපතිවරයාගේ සිට මේ රටේ පාසැල් යන සෑම දරුවෙකුටම ජාතියේ හද බිම ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉගැන්විය යුතු බව මගේ අදහසයි. එම සන්දර්භය තුළ මෙම ව්යාපෘතියේ වටිනාකම සහ එහි අරමුණු පිළිබඳ පණිවිඩය සෑම පුරුෂයෙකුටම, ස්ත්රියකට හා දරුවෙකුටම ලබා දිය යුතුය. ජාතියේ භූගෝලීය හදවත වන කඳුකරයේ ආරක්ෂාව මෙම දූපත් ජාතියේ අනාගත පැවැත්ම සහ සමෘද්ධිය සඳහා ස්වර්ණමය යතුර බව මම තරයේ විශ්වාස කරමි. පාසැල් හා විශ්ව විද්යාල වල සිටින සෑම කෙනෙකුටම එය ආගමක්” ලෙස ඇදහීමට ඉගැන්විය යුතු බව මම ඉල්ලා සිටිමි.

ඔබද නිසැකයෙන්ම එකඟ වන පරිදි, කඳුකරයේ වැඩිපුර ගස් තිබීම යනු වැඩි වැසි, වැඩි ජලය, අඩු ඛාදනය හා අඩු ඉඩම් හායනය හා වඩා හොඳ පස, වෘක්ෂ ලතාවන්ගේ නැංගුරම් මූල පද්ධති සමඟ කඳු රටේ වඩා හොඳ භෞතික ස්ථාවරත්වයක්, වැඩි දිය ඇලි, වැඩි ජල විදුලිය, වැඩි කර්මාන්ත සහ සරුසාර iDam වැඩි ආහාර නිශ්පාදනයක්, වැඩි ජනගහනයක්  සහ සමෘද්ධිමත් සමාජයක් යන සියල්ල සාක්ෂාත් කරගත හැකිවනු ඇත.

මා යෝජනා කළ පරිදි දිවයිනේ හදබිම ආරක්ෂා කිරීමට රජය ක්ෂණික පියවර නොගන්නේ නම්, මෙම ලිපියේ මා විසින් දක්වා ඇති සියලු විනාශයන් තවත් වසර දහයක් ගතවීමට පෙර ජීවත්වක සැමට ඇස්පනාපිටම දැකගත හැකිවනු ඇති බව මම ස්ථිරවම පුරෝකථනය කරමි.

මගේ සිහින

මගේ තරුණ කාලයේ මට සිහින තුනක් තිබුණා. එම සිහින වුයේ

1 DRO කෙනෙක් වීම – අවුරුදු 10 + 10 දී ඇතිවිය

2 මගේ පළමු ආදරය විවාහ කර ගැනීම සිහිනය දුටුවේ වයස අවුරුදු 15 + 3 දී ය

3 දුම්බර කඳුකරයේ අනෙක් පැත්තේ නාරන් තලල සිට මීමුරේ ඔය දක්වා අන්තර්නිම්න වාරිමාර්ග ඇළක් හදා මගේ ගම සංවර්ධනය කිරීම (1959 අගෝස්තු මාසයේදී මම කළුපාන කඳු මුදුනට (5341) නැඟී රාත්රියේ එහි මුදුනේ රැඳී සිටියදී ඇතිවූ අදහසක්) ඒ මගින් 1) දලුක්ගොල්ල සහ 2) වෑකඩේ වැව් දෙකක් හැදීම සහ දලුක්ගොල්ල වැවේ දකුණු හා වම් ඉවුරු දෙකෙන් වාරිමාර්ග ඇළ මාර්ග දෙකක් හද මීමුරේ මගේ ගමට අලුතෙන් කුම්බුරු අක්කර 1000 කට වැදි ප්‍රමානයක් එකතු කිරීම සහ මගේ ගමට වාහාහන ගමන් කළ හැකි මාර්ගයක් සෑදීම- ( මෙය ඇති වූයේ මට වයස අවුරුදු 21 දී)

 4 මෙය ඇතිවුයේ 48 වියේදී මා පෙරාදෙනියේ nADsaa වියාපරයේ අද්යක්ෂ වසයෙන් පත්වී ආ අවස්ථාවේදී.

මෙම සිහ්හිනයේ අරමුන වූයේ මගේ මාතෘ භූමියේ සමස්ත ජීවී පද්ධතිය සහ ශිෂ් ඨාචාරය සුරැකීම සඳහා එම ව්යාපාරය ක්රියාත්මකවු ප්රදේශය වූ මධ්යම කඳුකර (මාතෘ භූමියේ හදබිම) ආරක්ෂා කිරීම සහ් 1815 සිට 1948 දක්වා සුද්දන් විසින් විනාශ කරනලද මැදරට නැවත පුනරුත්ථාපනයකොට යලිත් සමෘද්ධිමත් දේශයක්  ගොඩනැගීමයි

මා යෝජනා කළ පරිදි ක්‍රියා කිරිමට වර්තමාන රජය හෝ වහාම පියවර නොගතහොත් මවිසින් පුරෝකතනය කරන ලද මහා විනාසය තවත් වසර දහයක් ගතවීමට පෙර ජීවත්වන සැමට ඇස්පනාපිටම දැකගත හැකිවනු ඇති බව මම ස්ථිරවම ප්‍රකාශ කරමි.

(මෙය ඇතිවුයේ 48 වියේදී මා පෙරාදෙනියේ nADsaa වියාපරයේ අද්යක්ෂ වසයෙන් පත්වී ආ අවස්ථාවේදීය).   

මෙම සිහ්හිනයේ අරමුන වූයේ මගේ මාතෘ භූමියේ සමස්ත ජීවී පද්ධතිය සහ ශිෂ් ථාචාරය සුරැකීම සඳහා එම ව්යාපාරය ක්‍රියාත්මකවු ප්‍රදේශයවූ මධ්යම කඳුකරය (මාතෘ භූමියේ හදබිම) ආරක්ෂා කිරීම සහ් 1815 සිට 1948 දක්වා සුද්ධන් විසින් විනාශ කරනලද මැදරට ස්වාභාවික පරිසරය නැව්ත ස්ථාපිත කිරීම සහ උඩරට ප්රදේශයේ 1948 සිට  එතෙක් නොවිසඳා තිබුණු ඉඩම්,සමාජ අර්තික හා සන්ස්කෘතික ප්‍රස්න වලට පිලියමක් සෙවීම සහ අධිරාජ්ය වාදීන් විසින් අහිමිකරණ ලද ඔවුන්ගේ උරුමයන් ලබාදීම

මේ වන විට පළමු සිහින දෙකම සැබෑ වී ඇති අතර අනෙක් දෙක තවමත් සිහින දෙකක් වශයෙන්ම පවතියි, නමුත් අවම වශයෙන් මා මිය යාමට පෙර හෝ මේ දෙකද ඉස්ඨකර ගැනිමට  මම  දැඩිසේ අධිෂ්ඨාන කරගෙන සිටිමි.

ආශ්‍රිත ග්‍රන්ථ

1.මහාචාර්ය කුලරත්නම් කේ. (1954) The Facets of Ceylon’ 9th Association of the Ceylon Advancement of Science

2.මැකින්ඩර්, H.J. Democratic Ideals and Reality. Washington DC. National Defense University Press 1996 Pp175-194.

 3. Wikipedia, The True Encyclopedia-Jump to Navigation Search

4 මහාචාර්ය හන්ටිංඩන් සැමුවෙල් Clash of Civilization and the Remaking of the World Order 1997.

 5. Gunasekara Sudath. The Central Hill Country; Geographical Heartland of Sri Lanka. Concept Paper. 1991

6.Gunasekara Sudath Indigenous Technology and Sustainability of Peasant Agriculture in Sri Lanka                                                   PhD Thesis

7  Maddumabanda, C.M. ( 1984) ‘Mahaweliya Saha Sinhale Hadabima’  Vol.1 Mahaweli Vansaya

(මිහිපිට පහලවූ පාරාදීසයක් වශයෙන් අතීතයේ සිටම  මුලු ලොවම පිලිගත් මේ සුන්දර දිවයිනත් සිංහලජාතිය සහ මේ රටේ අද්විතීය ශිෂ්ටාචාරයත් ආරක්ෂා කර ගැනීම සඳහා මව්බිමේ හදබිමපුරා (මධ්යම කඳුකරයේ) ඉන්දීය රජයේ මූලිකත්වයෙන් පසුගිය යහපාලන රජය විසින් වතු දෙමළ චන්දය ලබා ගැනීමේ එකම අරමුනින් ආරම්භ කරනළදුව  මධ්යම පරිසර අධිකාරියේ  සහ  ජාතික ගොඩනැගිලි  පර්යේෂන සන්විධානයේ අනුමතියක්ද නොමැතිව සින්හලේ හදබිම වන  මධ්යම කඳුකරයේ වන්නාතර, භූමිය, පස, ජලසම්පත්  ඇතුළු සමස්ත පරිසරයම විනාශකරමින් රටේ පවතින  සියළුම පිළිගත් නීතිද උල්ලන්ඝනය කරමින් අදාල ප්රදේශවල රජයේ ඉඩම් පිලිබඳ නිසි බලධාරීන් වන දිසාපතිවරුන්ගේ හෝ ප්රාදේශීය උප දිසාපතිවරුන්ගේ  අවසරයක් හෝ අනුදැනුමක් හෝ නොමැතිව දැනට රට මැද මු.. අඩි 8000 දක්වාම් සිදුකරමින් පවතින තනි දෙමළගම්මාන සෑදීමේ මහා ජාතික අපරාධය සහ පාරිසරික  විනාශය වර්තමාන රජය ලවා වහාම  නතරකරගැනීම මෙම ලිපියී ආසන්නතම අරමුණය)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress