ප්‍රජා -තන්ත්‍ර-වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු! (හතර‌‌වෙනි කොටස)
Posted on April 17th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මේ සිංහල අපගෙ රටයි
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙණ රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

අහස සිඹින ගිරි කඳුරූ
අහස සිඹින ගිරි කඳුරූ
පොලොව තෙමන වැව් සයුරූ
මුහුද අවට බැඳි පවුරූ
එරට අසිරි සිරි එයුරූ

මව්බිම වෙනුවෙන් පොරණේ
දිවිදුන් විරු දරුවන්නේ
ලේ වලිනුයි ඒ දෙරණේ
මිණිකැට මුතු ඇට මැවුනේ

සමනොළ ගිරි වළළු බිමේ
සමනොළ ගිරි වළළු බිමේ
සුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ

මේ සිංහල අපගෙ රටයි…

ගායනය: නන්දා මාලිනී, පද බැඳුම: මහගමසේකර (සාරවිට චිත්‍රපටිය, 1965)

ඕ මයි ගෝඩ් ලංකාව හා බුදු අම්මෝ ලංකාව

පසුගිය (තුන්වන) කොටසේ සඳහන් කල උපුල් ශාන්ත සන්නස්ගලගේ වීඩියෝවෙන් එලිදරව්වන්නේ ලෝකයේ ලොකුම ස්ථූපය ලංකාවේ ඉදිකරනවා කියූ රනිල්, හිත ඇතුලෙන් මිහිඳු මහරහතන් වහන්සේව යුද සොල්දාදුවෙක් ලෙස සළකන බවය. වි. ජ. මු. ලොකුබණ්ඩාරලා යනාදීන් ගැන ඔහු කියන කතාව අදහන්නටත් බැරි තරම්‌ය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් ඕ මයි ගෝඩ් ලංකාව ලෙස හැඳින්‌වූයේ, වෙන මොනවා නැතත්, රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදත් මේ කළු සුද්දන් පිරිසවය. ලංකාවේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය යනු මේ මයි ගෝඩ් සුළු පිරිස, බුදු අම්මෝ මහ ජනයා තම යටතට ගැනීමය. යමෙකුට යම් හදිසි අනතුරකට, යම් ඇබ්බැද්දියකට මුහුණදීමට සිදුවූවිට හෝ සුසාන භූමියක් ලඟින් යනවිට අවතාරයක් දුටු විට, බලාපොරොත්තු සුන්‌වීමක් වූ විට ඉබේම කටින් පනින්නේ මේ දෙකෙන් එකක්‌ය.
හ්ට්ට්ප්ස්://www.යොුටුබෙ.චොම්/wඅට්ඡ්?ව්=_උ2ඩ්MEOH3Cස්&ට්=235ස්
(2020 Sඅන්නස්ගල, Mඅර්ඡ් 6, 2020))

පන්සලේ ඉතිහාසය

1802 න් පසු ලංකාවේ ඉතිහාසය, මේ දෙපිරිස අතර ඇතිවූ ගැටුමේ ඉතිහාසය හෙවත් පන්සල හා සුද්දන්/කළු සුද්දන් අතර ගැටුමේ ඉතිහාසයය. මෙම ඉතිහාසයේ අවධි, විශේෂයෙන් 1815 න් පසු, දැන් කාලයේ මානව අයිතිවාසිකම් යන කඩතුරාව යටතේ මෙන්, යටත් විජිත කාලයේ සාමය හා මනාපාලනය යන කඩතුරාව යටතේ, සිංහල බෞද්‌ධයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ හා ඊට විරුද්‌ධව පන්සල කල සටනේ අවධිය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාලාවක් ධ‌ර්‌මපාල ශාලාව කියා ඒ කාලයේවත්, දැන්වත් නම් නොකලේ කවුද? මේ සිංහල අපගෙ රටයි සිංදුවට භයවූ රාජ්‍ය පාලකයා කවුද? එය තහනම් කිරීම නිවට කමක් මිස, ඉන් සාමයක් ලැබුණාද? මිසිස් චන්ද්‍රිකාගේ මනෝ ගනේෂන්ගේ සංහිඳියා නැටුමම නොවේද? ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වැඩි වුනාද? මේවායේ ප්‍රතිඵලය නම් විග්නේෂ්වරන් විසින් දේවානම් පිය තීෂන් කෙනෙක්ව මැවීමය.

රතන සූත්‍රය හා පැටන් ප්‍රෙයර්

අසල පන්සලේ පිරිත් නිසා, රෑ එලිවෙනකං පාටි දමා, මහදවල් වනතුරු නිදාගන්නට නොහැකි නිසා උසාවි ගිය කතෝලික, එහෙත් කෝට්ටේ රජමහා විහාරයේ ප්‍රධාන දායක කම හාමදුරුවන් රවටා (අල්ලසක් දී?) ලබාගත්තා යැයි අනුමාන කල හැකි රවි කරුණානායකලා වැනි අයට, (කැළණියේ දායක සභාවෙන් රනිල්ව ඉවත් කරණ ලදී), රතන සූත්‍රය අසණ ලෙස කාදිනල්තුමා කල දැනුම්දීම චමත්කාර ජනකය. ඇමෙරිකාවේ දැනටත් භාවිතා වන <පැටන් යාඥාව> මීට සමානය. දෙවන ලෝක යුද්‌ධයේදී ජෙනරාල් ජෝර්ජ් පැටන්ට තිබුණු ලොකුම හිසරදය වූයේ දිගටම නොකඩවා වහින වර්‌ෂාවය. සැප්තැම්බර් මාසයේ සිටම නොකඩවාම ධාරානිපාත වැසි වැස්සේය. 1944 දෙසැම්බර් 8 දා ප්‍රංශයේ නැන්සි අසළ යුද පෙරමුණේ සිටි ඔහු හමුදාවේ චැප්ලින් (පූජකවරයා) ට කතා කර ජර්‌මන් සතුරාට සාර්‌ථක ලෙස පහර දීම සඳහා යහපත් කාලගුණයක් පතා කල හැකි යාඥාවක් තිබේදැයි විමසුවේය. එවැන්නක් සොයාගත නොහැකිවූ ඔහු අළුතින්ම යාඥාවක් ලියුවේය. මෙය කියවූ පැටන් එහි කොපි ලක්‍ෂ දෙකහමාරක් මුද්‍රණය කර හැම සොල්දාදුචාටම නත්තල් පණිවුඩයක් ලෙස බෙදන්නට අණ කලේය. පුදුමයක මහත! හැම දෙනා විෂ්මයට පත් කරමින් වැසි නතරවී ඉතා පැහැදිලි අහසක් දිස්විය. සතුරා පරාද කෙරිණ. ලෝක යුද්‌ධය අවසානය කරා ගියේය.

භූගෝල විද්‍යාව දිණවූ කොරෝනාව

Yඔඋ චන්නොට් ලෙගිස්ලටෙ අගෛන්ස්ට් ගෙොග්‍රඵ්‍ය්

යුරෝපයේ භූගෝල විද්‍යාව (නව යටත් විජිත වාදය) විසින් ලංකාවේ භූගෝල විද්‍යාව යටත් කරගෙන සිටීම කොරෝනා වෛරසය විසින් නිවැරදි කලේය. මයි ගෝඩ්ලාගේ අතට අත දීම ආයුබෝවන් කීමට මාරුවීම භූගෝල විද්‍යාවට පටහැනි නීති පැනවිය නොහැකිය යන විශ්ව ධර්‌මයේ ශූක්‍ෂම ජය ගැනීමකි. ශ්‍රීෂ්ම රටේ ටයි කෝට් දැමීමේ නීතිය වැනිය. 1948 නිදහස ලැබුණා කියන උත්සවය දවසේ ටයි කෝට් දමාගත් අය දාඩිය දමමින් සිටි හැටි පරණ කැමරා පටිවලින් බලාගත හැකිය. ටයි දැමීමේ නීතියට නව පණක් දුන්නේ කෙහෙල්වත්තේ ලැවරියා විකුණුවා යයි කියන සරම ඇන්ඳ ප්‍රේමදාස උන්නැහේය! ඇමෙරිකාවේ විධායක ශ්‍රේණියේ රක්‍ෂා කරද්දී ශීත කාලයේ වත් මට නම් ටයි දමා බෙල්ල තද කරගෙන සිටිය නොහැකි විය. ටයි හා ත්‍රී පීස් සූට් වලින් වැසී තිබෙන්නේ මොන විධියේ පංචස්කන්‌ධද? බොහෝ විට ලෝක හොරු නොවේද? උදාහරණයක් වශයෙන් ලංකාවේ මිනිසුන්ට සුද්දන් ඉදිරියේ තිබූ අතට අත දීමේ හීනමානය කොරෝනාව නිසා අන්තර්‌ධාන විය!

Oනෙ ලw ෆොර් ඨෙ ලිොන් අන්ඩ් ඔෂෙන් ඉස් ඔප්ප්‍රෙස්සිොන්

සිංහයාට හා ගවයාට තිබෙන්නේ එකම නීතියක් නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත
එවැනි නීතියකට ආධිපත්‍යයක් තිබිය හැකිද? ලොකු මාළුවා පොඩි මාළුවා ගිල ගනී. අසාද් සාලිට නෝනලා දෙන්නෙක් දෙපැත්තෙන් තියා ගෙන නිදහස් සමරු උළෙලට යාමට ඉඩදීමත්, සිංහල මිනිසෙකු එසේ කර අසුවුණොත් හිරේයාමත්, මුස්ලිම් අයට අවුරුදු 12 ටත් කලින් විවාහ වීමට ඉඩ තිබීමත්, අනිත් අය හිරේ දැමීමත් යනු මොන ප්‍රජාතන්‌ත්‍රවාදයද?

Tහෙ wඔර්ල්ඩ් ඉස් නොට් අස් මොබිලෙ ඔර් අස් ඉන්ටෙර්චොන්නෙච්ටෙඩ් අස් wඑ ලිකෙ ටො ඨින්ක්… Iන් ච්‍ර‌ැචිල් wඅය්ස්–ෆ්රොම් ඨෙ උනෙවෙන් ඩිස්ට්‍රිබුටිොන් ඔෆ් නටුරල් රෙසොුර්චෙස් ටො ඨෙ උනෙqුල් අවෛලබිලිට්‍ය් ඔෆ් ඔප්පොර්ටුනිට්‍ය්–ගෙොග්‍රඵ්‍ය් චොන්ටිනුෙස් ටො හොල්ඩ් බිල්ලිොන්ස් ඔෆ් පෙොප්ලෙ ඉන් ඉට්ස් ග්‍රිප්. Wඑ අරෙ අල්ල් බොර්න් ඉන්ටො නටුරල් අන්ඩ් චුල්ටුරල් එන්විරොන්මෙන්ට්ස් ඨට් ස්හපෙ wහට් wඑ බෙචොමෙ, ඉන්ඩිවිඩුල්ල්‍ය් අන්ඩ් චොල්ලෙච්ටිවෙල්‍ය්. Fරොම් ඔඋර් “මොඨෙර් ටොන්ගුෙ” ටො ඔඋර් ෆඨෙර්’ස් ෆෛඨ්, ෆ්රොම් මෙඩිචල් රිස්ක්ස් ටො නටුරල් හශර්ඩ්ස්, wහෙරෙ wඑ ස්ටර්ට් ඔඋර් ජොුර්නෙය් හස් මුඡ් ටො ඩො wඉඨ් ඔඋර් ඩෙස්ටින්‍ය්.
Hඅර්ම් ඩෙ ඹ්ලිජ්, Tහෙ Pඔwඑර් ඔෆ් Pලචෙ, (Oෂ්ෆොර්ඩ් U. Pරෙස්ස්, 2009)

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මහජනයා ඉදිරියේ මිථ්‍යාවක් වී ඇත්තේ පාලක කළු සුද්දන්, රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදැනීම නිසාය යන කියමනේ ප්‍රායෝගික සත්‍යය නම් රටේ පවතින ස්‌වාභාවික සම්පත් අසමාන ලෙස, විවිධ ලෙස, රටේ භූමිය මත විසිරී තිබීම හා ඒවා උපයෝගී කරගැනීමට නීති පද්‌ධති මඟින් සපයා දී ඇති අවස්ථා අසමාන බව යන සාධක දෙක වටහා නොගෙන, පාලකයා විසින් එය අවුල් කර දැමීමය. උදාහරණයක් වශයෙන් ලංකාවේ ඇත්තේ මේ සාධක දෙක නිසා ඇති ප්‍රශ්ණයක් මිස, යම් සුළු ජන වර්‌ගයකට වෙනස්කම් කිරීමක් නොවේ. උතුරේ ජනයාට මතුපිට ගංඟා නැත්තේ එහි ඇත්තේ හුණුගල් පාෂාණ නිසාය. කැළණි ගඟ ශීඝ්‍රයෙන් දූෂණය වන්නේ, අපවිත්‍ර වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය භාර දුෂ්ඨ ත්‍රිකෝණය (දේශපාලකයා-නිලධාරියා- එන්ජිිෝ කාරයා) නිසාය. පගා දෙන හෝටල්කාරයෝ, පැක්ටරිකාරයෝ ලාභ ලබති. මහජනයා දුක් විඳිති.

කොළඹට කිරි, අපිට කැකිරි

ඕ මයි ගෝඩ්-බුදු අම්මෝ ලංකාව, 1948 දී පිළිවෙලින් කොළඹ ලංකාවක්-ගමේ ලංකාවක් එසේත් නැත්නම් ඉංග්‍රීසි කතා කරණ හා නොකරණ, පෝසත් හා දුප්පත් ලංකාවක් හා 1971 න් පසු කොළඹට කිරි අපිට කැකිරි ලංකාවක් විය. ප්‍රභාකරන්ගෙන් මරණයෙන් ගැලවී පැන ආ කර්‌නල් කරුණාගේ උදෘත පාඨය වූයේද කොළඹට ලැබෙන දේ අපටත් දෙන්න (ගිව් අස් වට් කලම්බු ගෙට්ස්) යනුය. මේවා ආර්‌ථික-ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්‌ථක බව පෙන්වන කියමන්‌ය. නාගානන්ද කොඩිතුවක්කු ඔහුගේ ව්‍යවස්ථා විප්ලවය ඉදිරිපත් කල විට ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයක් නම් ඔහු ගන්නේ ධනවාදී, සමාජවාදී, කොමියුනිස්ට්වාදී පාරක්ද යනුය. ඔහුගේ පිළිතුර වූයේ එංගලන්තයේ හා යුරෝපා රටවල මිනිසුන් වැඩියෙන් ටැක්ස් ගෙවන බවත් එහෙත් ඒ වෙනුවෙන් රජය විසින් මරණය තෙක්‌ම ඒ මිනිසුන්ගේ දුක-සැප බලාගන්නා බවත්‌ය. එය කුමණ වාදයද යනුවෙන් ඇසීම අනවශ්‍යය යනුය! ඒබ්‍රහම් ලින්කන්ගේ මිනිසුන්ගේ ආණ්ඩුවක්, මිනිසුන් සඳහා වන ආණ්ඩුවක් හා මිනිසුන් විසින් කරණ ආණ්ඩුවක් යන කියමන ඉෂ්ටකරගත හැකිවන්නේ යම් රටක භූගෝල විද්‍යාවට අනුකූල වන පාලන ක්‍රමයක් මඟින් පමණය. ලෝක බැංකුව විසින් පවා රටවල් දියුණු කිරිමේ උපාය යයි කියමින් නොයෙක් බේත් යෝජනා කරමින් රවුම් ගසා, රටවල් තව තවත් අමාරුවේ දමා, දැන් භූගෝල ‌විද්‍යාව දඩමීමා කරගෙන අළුත් ගමනක් යෝජනා කරමින් සිටී (වර්ල්ඩ් ඩිවෙලොප්මන්ට් රිපෝට් 2009: රිෂේපින් ඉකොනොමික් ජෝග්‍රෆි [ඩෙන්සිටි-ඩිස්ටන්ස්-ඩිවිෂන්, භූමි ඒකක කේන්ද්‍රීය වූ සංවර්‌ධනය]).

ලංකාවේ අගනුවර රජරටට (අනුරාධපුරය දෙසට) ගෙනයන ලෙස 1955 දී බෞද්‌ධ තොරතුරු විමර්‍ශන (බුඩිසම් බිට්‍රේයිඩ්) කොමිසම විසින් කල යෝජනාව, අනාගාරික ධර්‍මපාලතුමාගේ, කළුකොඳයාවේ ප්‍රඥාශේඛර නාහිමියන්ගේ, කොළඹ ක්‍රමයට (කලම්බු පැරඩයුම්) ප්‍රතිවිරුද්‌ධ ගම් මඟින් රට ගොඩනැඟීමේ සංකල්පය සංකේතවත් කලේය. එහෙත් ඒවා කඩාකප්පල් කල කළුසුද්දෝ නොයෙක් නම් වලින් නොයෙක් ගම කරට ගැනීමේ ව්‍යාපාර ආරම්භකලේය. යහපාලකාරයින් ගෙනා ගම්පෙරළිය අළුත්ම නමය. ගමේ මට්ටමින් පක්‍ෂ පාට අනුව මිනිසුන් එකිනෙකා මරාගන්නට ලෑස්‌තිකර මහජන මුදල්ම එහෙන් මෙහෙන් විසිකර පක්‍ෂ සංවිධායකලා තොරන් ගසා කුට්ටි කඩාගන්නා මේ ක්‍රමය කෙතෙක්දුරට ගෙන යනවාද?

කොරෝනාව කඩා වැටුන විට ප්‍රත්‍යක්‍ෂවූ කරුණක් නම් ලංකාවේ පරිපාලන පද්‌ධතිය කෙතරම් අකාර්‌යක්‍ෂමද යන්නය. මීට අමතරව 1978 ජේ. ආර්-ප්‍රේමදාස කාලයේ සිට සමූපකාර ව්‍යාපාරය, සතොස, අලෙවි සංවර්‌ධන ශාඛා යනාදිය විනාශකර හෝ දූෂණය කර ඇති අන්දමය. පුද්ගලික අංශයට ඉඩදීමෙන් වූයේ ජනයා සූරාකෑම මිස නිසි සේවයක් ලබා දීම නොවේ. හරියට ලංගමට වූ දේමය. මිනිසුන්ට, ලොරි චෙසි උඩ, දෙකට නැමී, කන් බීරි කරණ සද්දෙන් කෂඩ සිංදු අසමින් බස්‌‌වල යන යුගය කවදා අවසාන වේවිද? ලංකාවේ ග්‍රාම සේවා වසම් 14,000 ක් ඇත. ග්‍රාම සේවකට අමතරව, එහි තවත් ආණ්ඩුවේ නිලධාරීන් 4 ක් (සමෘධි නියාමක, කෘෂි පර්යේෂණ නිලධාරී, ආර්‌‌ථික සංවර්‍ධන නිලධාරි, සෞඛ්‍ය නිලධාරී)සිටී. මේ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්‍යාලයකම කෙතරම් ආණ්ඩුවෙන් පඩි ලබන ශ්‍රම බලකායක් සිටීද? මොවුන් හරහා ඕනෑම බඩු බෙදාහැරීමක්, ගොවි නිෂ්පාදන එකතු කිරීමක් කිරීමට නොහැකිද? මොවුන් කඩිනමින් විනය ගරුක හා කාර්‌යක්‍ෂම කලහැක්කේ බණ මඩුවෙන්ද, කැරට් අලයෙන් හෝ වේවැලෙන්ද? මේවා නිසි මඟට ගැනීමට ලීක්වාන්ලා අවශ්‍යද?

මේ ගැන සිතන විට මා දුටුවේ බක් පෝයදා (අප්‍රියෙල් 7, 2020) අරලියගහ මන්දිර භූමියේදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් කල අනුශාසනාවය. කොරෝනා මිණියක් ආදාහණය කිරිමට විරුද්‌ධව ඇති උද්ගෝෂණ, මතවාදයෙන් පරාජය කිරීමට අමතරව හාමුදුරුවන් අගමැතිට පෙන්‌වා දුන්නේ රටට ග්‍රාම රාජ්‍ය සංකල්පයේ (ගම් සභාවේ) ඇති අවශ්‍යතාවයය. සිගරැට් විකිණීමේ බද්ද, ඒවා පවිච්චි කිරීම නිසා ඇතිවන පිළිකා වැනි රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා රජය දරණ වියදම්ද රටක ආර්ථික වර්‌ධන වේගය මැනීමේදී දළ ජාතික නිෂ්පාදනය ලෙස එකතු කිරීම වෙනුවට භූතානයේ භාවිතා කරණ මිනිස් සතුට මිණුම් දණ්ඩක් ලෙස ලංකාවේ යොදා ගන්නා දිනයක්, බටහිර කෘෂිකර්‌මය වෙනුවට අපේ අනාදිමත් ගොවිතැන කරලියට එන අවධියක් උන්වහන්සේ අපේක්‍ෂා කරන්නේය. රටේ ආර්ථික, සාමාජීය හා දෙමළ බෙදුම්වාදයට විසඳුමක් වශයෙන් මෙම ග්‍රාම රාජ්‍ය සංකල්පය යෝජනා කරමින් 2010 දී උගත් පාඩම් හා සංහිඳියා කොමිෂම ඉදිරියේදීත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී දෙවරකත් කරුණු (සංදේශ) ඉදිරිපත් කලත්, ඒ වෙනුවට රටට ලැබුනේ දිවි නැඟුම නම් වැඩ සටහන‌ය. උපදේශකයින් හීතල හොරුන්‌ය.

ඉඳුරාගාරේ හාමුදුරුවන් මූලිකව නිර්‌මාණය කල ධර්‌මපාල පරපුර යන සංවිධාන ජාලාවත්, කලකට පෙර ලංකාවේ හැම බෞද්‌ධයෙක්ම නිල නොලත් පොලිස් නිලධාරියෙක් ලෙස සිතා ක්‍රියාකලයුතුය යන බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ අදහසත් මෙම ග්‍රාම රාජ්‍ය සංකල්පය ඉදිරියට ගෙන යෑමේදී ඉතාමත් වැදගත්‌ය. ගමින් ගමට මේ අදහස පැහැදිලිකරදීම ගෝඨාභය මහතාගේ ජන මූල සභා අදහස වඩා අර්‌ථවත් කරණු නිසැකය. මධ්‍යම-පර්යන්ත බලය බෙදීමක් වශයෙන්, යහපාලන සුමන්තිරන්-ලාල් විජේනායක-(හා දැන් රටින් පැනගොස් සිටින රසායන විද්‍යා විභාගය වංචාකර අසුවූ) ජයම්පති වික්‍රමරත්න, විසින් තුන්වන පාලන තට්ටුවක් ලෙස නම්කර රටබෙදීමේ ප්ලෑන ඒ මඟින් සඟවන්නට සැදූවේය. රටවැසියා බිම් මට්ටමින් බලගන්වන මෙම ග්‍රාම රාජ්‍ය සංකල්පය පශ්චාත් කොරෝනා ලංකාවේ ගැලවුම්කාරයා වශයෙන් දියුණුකර ගැනීම අප සැමගේ අරමුණ වියයුතුය. මේ නිසා චපා බණ්ඩාර විසින් මධ්‍යම රජය විනාශ කිරීමේ කුමණ්ත්‍රනයක් ලෙස සළකන යහපාලන-ද්‍රවිඩ සංවිධානයේ තුන්වන ස්ථර ප්ලෑන, පලාත් සභා හා ප්‍රාදේශීය සභා වෙනුවට යෝජිත ග්‍රාම රාජ්‍ය සංකල්පය සමඟ පටලවා ගත යුතු නැත.

ඊට අමතරව මිලේනියම් චැලේජ් ඇමෙරිකන් ට්‍රෝජන් අශ්වයා ගෙන්ද මෙම ග්‍රාම රාජ්‍ය ක්‍රමය වෙන්කර ගතයුතුය. මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් ඩොලර් සංවිධානය හා සම්බන්‌ධ පුද්ගලයින් ජනාධිපති ගෝඨාභයගේ ලඟ උපදේශකයින්ව සිටිනවාය යන චාපා බණ්ඩාරගේ කරුණු දැක්‌වීමද මෙහිදී අමතක නොකල යුතුය. මෙම ඇමෙරිකන් ලණුවට මිලින්ද මොරගොඩ හරහා ගෝඨාභය පාලනය අසු නොවේය යනු කළු සුද්දන් නොවන හැම දෙනාගේම පැතුමය. මිලින්ද මොරගොඩ රටේ පවතින ආර්ථික අර්බුදය ගැන දක්‌වන සංඛ්‍යාලේඛන හා නිගමන (උදාහරණයක් වශයෙන් ඉතා විශාල රාජ්‍ය සේවක පිරිසක්) නිවැරදි වුවත්, ඒවා නිවැරදි කල හැක්කේ ලෝක බැංකු පාරේ යමින් නොව, ලංකාවේ භූගෝල විද්‍යාවට අනුකූල පාරේ යමිනි. පාත් ෆයින්ඩර්‍වත්, ලෝක බැංකුවවත්, සුළු ජන ව‌ර්‌ගවල මානව අයිතිවාසිකම් රැකීමටය යන කඩතුරාවෙන් වසාගෙන ගේන යෝජනා හරහා, රටවල් කඩා දුර්‍වල කරන බටහිර-ඇමෙරිකන් මහාචාර්යවරුන්වත්, ඉන්දියාවේ පංචයාත්, ලංකාවේ ගම් සභාව ගැන වත් සඳහන් නොකරන්නේ ඇයි? ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය (සමාජ-ආර්ථික-දේශපාලන මොඩලය) මිලින්ද මොරගොඩ විසින් අධ්‍යයනය කලයුතුව ඇත.

බුද්‌ධාගම-නීතිය-භූගෝල විද්‍යාව

ඇමෙරිකාවේ හැදුන වැඩුන මිලින්ද මොරගොඩ නමැති භූමිකාවට, ගෝඨාභය කිරිකලයට ගොම බිංදුවක් දැමීමේ අවදානම ඉදිරියේ රටේ හාමුදුරුවරුන් විසින් දැන් ඉදිරියට ගෙනෙමින් සිටින ග්‍රාම රාජ්‍ය පාලන ක්‍රමය, බටහිරට-යුරෝපයට ගැති අය විසින් හෙලා දකින්නට සදන්නේ ඔවුන්ගේ නොදන්නා කමටමය. බලතල බෙදීමේ න්‍යාය ඔවුන් විසින් පිටපොට පටලවා ගත් අන්දම මීට පෙර කොටසක පෙන්‌වා දී ඇත. මොන්ටෙස්කිගේනියම අදහස ග්‍රාම රාජ්‍ය සංකල්පය වන්නේ ඉන් විශාල ඒකක සංඛ්‍යාවකට රාජ්‍ය බලය බෙදී යන නිසාය (කාර්යක්‍ෂම මධ්‍යම ආණ්ඩුවක් සහිතව). රූල් ඔෆ් ලෝ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කතා බෞද්‌ධ සමාජයේ තිබූ බව ලෝඩ් ෂෙට්ලන්ඩ් 1931 දී පෙන්‌වා දුන්නේය.

මින් ඉදිරියට ගොස් බුද්‌ධාගම, නීතිය හා භූගෝල විද්‍යාව, ග්‍රාම රාජ්‍ය සංකල්පය තුලින් එක්වන බව අප වටහා ගතයුතුවා පමණක් නොව, ඒ බව හාමුදුරුවරුන් විසින් මිලින්ද මොරගොඩලාගේ තින්ක් ටෑන්ක් වලට දැණුම් දිය යුතුය. බුද්‌ධාගමේ මූලික දර්‍ශනයක් වන මධ්‍යම ප්‍රතිපදාව, නූතන නීති විද්‍යාවේ (ජුරිස්ප්‍ර‌ැඩන්ස්) රීසනබල්නස් ඩොක්ට්‍රින් සහ භූගෝල විද්‍යාවේ පදනම වන, පොලෝ තලයේ විවිධත්‌වය යන සංසිද්‌ධීන් තුන, ප්ලේස් (පෙදෙස/ප්‍රදේශය/ස්ථානය[ජන සභාව]) නමැති සංකල්පයේ ත්‍රිකෝණ පැතිය. සෑම නීතියකම මායිම වන්නේ එම නීතිය හා එය කැඩූවිට දෙන දඬුවම රීසනබල්ද (සාධාරණද) යන්නය. නීතියේ ආධිපත්‍යය හා කැළෑ නීතිය අතර වෙනස එයය. ගාන්‌ධි විසින්, මාටින් ලූතර් කිං විසින්, නීති කැඩුවේ මේ අනුවය. අනිත් අතට යමක් රීසනබල්ද යන්න එම ප්‍රදේශයේ භෞතික, සාමාජික සාධක අනුව තීරණයවේ. සව්දි අරාබියේ ගල් ගසා මැරීමත්, හොරකමට අත කැපීමත්, සිංගප්පූරූවේ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමට දරුණු දඩුවම් දෙන්නේත්, කොරියාවේ, වියට්නාමයේ බලු මස් කන්නේත්, ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට ගෑණු පහක් තියාගත හැක්කේත් ඒ ඒ රටේ සමාජීය/මානව භූගෝල විද්‍යා සාධක අනුවය. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කම්ප්‍රොමයිස් යනුය. යම් අන්තවාදයකට නොයෑමය. ලංකාවේ අද සුළු ජනවර්‌ග තම තමන්ගේ ඇදහීම් කරගෙන යන්නේ (මුන්නේශ්වරම් සතුන්ගේ බිලි පූජා, ඉස්ලාම් හලාල්, ශාරියා බැංකු, යාපනේ තේසවලම් නීතිය) බුදු දහමේ ඇති මේ ගුණාංගය නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය යනුද එවැනි අනොන්‍ය ඉවසීමකි. සහජීවනය කියන්නේ ජාතික ගීය දකුණේ භාෂා දෙකෙන්ම ගයන විට උතුරේ එය දෙමළෙන් පමණක් ගැයීම නොවේ. මෙය මධ්‍යම ප්‍රතිපදාවක් නැතිකමය.

පොලොව තලයේ විවිධ‌ත්‌වය, ස්‌වභාවික පරිසරය හා මිනිසා අතර ඇතිවන සම්බන්‌ධතාවයේ මතුපිට දර්‍ශනය (ලෑන්ඩ්ස්කේප්) නීතිවල ප්‍රතිඵලය. උදාහරණයක් වශයෙන් කඳුකරයේ තේවතු ජාලය, ඊට සම්බන්‌ධ ප්‍රවාහන ජාලය, ඉන්දියන් ලැයින්, මිරිකී ගිය ගම්මානවල ජනයා වියලි කලාපයේ ගොවි ජනපදවලට ගෙනයාම, පාංශු ඛාදනය, නායයාම් පෙන්‌වා දිය හැකිය. සෑම මිනිසෙක්ම තවත් වෙනත් මිනිසෙකුගෙන් වෙනස්‌ය යන බෞද්‌ධ න්‍යාය, සෑම මිනිසෙකුගේම ගැලවීම ඇත්තේ ඔහුගේ/ඇගේ හැසිරීම, ක්‍රියාකලාපය උඩය යන අදහස අනුව බලනවිට, නීතිය, යමෙකු මවකගේ ගර්‍භාෂය තුල පිළිසිඳ ගැනීමට පෙර (මව සිගරැට් බීම නිසා දරුවාට වන හානිය ගැන සිගරැට් කොම්පැණියෙන් වන්දි ලබා ගැනීම) සිට ඔහු/ඇය මියගිය පසු (අන්තිම කැමති පත්‍රය) දක්‌වාම පුද්ගලයා හසුරවන්නේය! අනෙක් අතට එය නිදන කාමරයේ සිට කොම්පැනි බෝඩ් රූම් දක්‌වා ස්ථානවලට අතපොවන්නේය.

රටක ඉතිහාසය කියන්නේ ඒ රටේ අතීත භූගෝල විද්‍යව හෙවත් ලෑන්ඩ්ස්කේප් ය. වෙනත් වචනවලින් කියනවා නම් පොලෝතලය මත සිදුවන ක්‍රියාවලීන් (ප්‍රොසෙසස්) නිසා එක් එක් රටාවන් (පැටර්න්ස්) හටගනී. යම් ග්‍රාම සේවා වසමක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වශයෙන් මෙම රටා වෙනස් වියහැකිය. එහෙත් වැදගත් කරුණ නම් කෘතිම මායිම් වෙනුවට පරිසර විද්‍යාවට අනුකූල වන සේ මෙම පරිපාලන ඒකක වල මායිම් හඳුනා ගැනීමය. තිරසර සංවර්‌ධනය නියම ලෙසම අර්‌ථවත් වන්නේ එවිටය. ඇමෙරිකාවේ සිට නිව්සීලන්තය දක්‌වා ලොකු කුඩා බොහෝ රටවල දේශපාලන ඒකක ජල විද්‍යාවට (හයිඩ්‍රොලොජි) අනුව මායිම් කර ඇත. ලංකාවේ අනාදිමත් ත්‍රිත්‌වය, ගම-වැව-දාගැබ යනු ජලවිද්‍යා ඒකකයකි! කොරෝනාවත් සමඟ රටවල් ගස් වලට, ගංඟා වලට, පුද්ගලයින්ට මෙන් නීතිමය අයිතිවාසිකම් දීමට ක්‍රියාකරමින් සිටී. ඉක්වඩෝර් එක් උදාහරණයකි.

ගෝලීය වශයෙන් හිතන්න, ගම් මට්ටමින් ක්‍රියාකරන්න යන අවවාදය, කර්ක්පැට්‍රික් සේල්ගේ හියුමන් ස්කේල් සංකල්පය හා එකඟය. සියළු දේශපාලන කටයුතු අන්තිමේදී බලනවිට ලෝකල් හෙවත් ගම් මට්ටමේය. ජේවීපී අය 1971, 1988/9 කාලයේදී සිතුවා මෙන් දේශපාලන බලය එන්නේ තුවක්කු බඳෙන් නොව ග්‍රාම රාජ්‍ය සංකල්පය තුලින්‌ය. ඊජිප්තුවේ පිරමිඩ් හා ලංකාවේ යෝධ දාගැබ් අතර වෙනස අපේ රජවරු ශ්‍රමය සූරාගත් වහල් හිමියන් නොවූ බව වන්දනාවේ යන අයගේ යටිහිතේ කිමිදී තිබීමය. ඊජිප්තුවේ සංචාරයේ යන අයට එවන් මානසික සහනයක් නැත. 1978 ට කලින් ලංකාවේ පැවති ලෝකල් දේශපාලනය දිස්ත්‍රික් මනාප බලු පොරයක් මඟින් විනාශ කර, මුළු රටමත් විනාශ මුඛයට හසු විය.

මෙම ලිපි කාණ්ඩයේ අවසාන ලිපිය, ලී ක්වාන්ලා ගැන නොසිතා, හිට්ලර් කතා නොකියා, ලංකාවේ දැන් ඇති නාස්ලණුවාදය (බොරු ප්‍රජාතන්ත්‍රවාදය), බෞද්‌ධ ප්‍රතිපත්ති අනුව සංශොධනය කලහැකි ආකාරය සළකා බලයි. දශරාජ ධ‌ර්‍මය හෝ මල නොතලා රොන් ගැනීම වැනි තර්‌ක නොව, විනය ගරුක සමාජයක් ගොඩනැගීම හරහා මෙම ශල්‍යකර්‌මය සිදුකිරීමට ජනාධිපති ගෝඨාභයට මහජනයා බලය පවරා දී තිබේ.

One Response to “ප්‍රජා -තන්ත්‍ර-වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු! (හතර‌‌වෙනි කොටස)”

  1. DR M D P DISSANAYAKE Says:

    Nanda is now regretting having sung the song. She has not sung it in public or in private get togethers since 1980s..We need to get a new singer and relay it. It is the best song next to Nano nano Matha
    .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress