ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළට
Posted on April 18th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් පුද්ගලයන් 6 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු කර ගැනීමත් සමගයි.

ඔවුන් 6 දෙනා ද වාර්තාවී ඇත්තේ වැලිසර නිරොධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

ඒ අනුව අද දිනයේ පමණක් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 10ක්.

මේ වන විට පුද්ගලයන් 161 දෙනෙකු වෛරස ආසාදනයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

86 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 7ක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress