තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවධානම්කාරි බව පෙන්වා දීම
Posted on April 24th, 2020

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

සභාපති තුමා
මැතිවරණ කොමිෂන් සභාව
මැතිවරණ කාර්යාලය
රාජගිරිය

ගරු සභාපති තුමනි

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවධානම්කාරි බව පෙන්වා දීම

මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 28 වන දිනය තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය ලෙස මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇත.

පවතින වාතාවරණය අනුව  එම දිනය වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දැඩි අවධානම්කාරී බව අපගේ අදහසයි. තැපැල් ඡන්ද අයදුම් පත් නිලධාරීන් කිහිපදෙනෙකු අත හුවමාරු වෙයි.  ඒ අතර  එක් ආසාධිතයෙකු හෝ සීටීමේ දැඩි අවධානමක් මේ වනවිට පවතින බව අප කවුරුත් දන්නා කරුණකි.

තවද පවතින තත්වය අනුව සියලුම රජයේ කාර්යාල අප්‍රේල් 27 වන දිනය වන විට යථා පරිදි සේවාකටයුතු ආරම්භ කරනු ඇතැයි ද අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා තැපැල් ඡන්ද අයදුම් කළ යුතු රාජ්‍ය නිලධාරීන්ට එය ප්‍රායෝගික ගැටළුවක් වනු නොඅනුමානය.

ඉහත කරුණු පිළිබඳව සලකා බලා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පිළිබඳ සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත තීරණයක් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමු.

මීට

අහමඩ් මනාස් මකීන්                           සුරංගි ආරියවංශ

විධායක අධ්‍යක්ෂ                                 විධායක අධ්‍යක්ෂිකා

කැෆේ සංවිධානය                             ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress