ලංකාවේ සුප්‍රීම් උසාවිය හා සංඝ පාතාලය
Posted on April 28th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

මහජන විශ්වාසය හා හිතෛෂීභාවය ගොඩනැඟීම ඇපැල් හා සුප්‍රිම් උසාවි දෙකේ මොටෝ එක

මීට කලින් මා ලියූ, <කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රිම් උසාවිය>, යන ලිපිය, මා විසින් සුප්‍රිම් උසාවියේ හා ඇපැල් උසාවිවල රෙජිස්ට්‍රාර්ලාට, අධිකරණ සේවා කොමිෂමට, නීති සංගමයට, මැතිවරණ කොමිෂම යනාදීන්ට ඊමේල් කර යවන ලදී. එම ලිපියේ මා කල අනතුරු ඇඟවීම නම්, උසාවිය විසින්, 2019 නොවැම්බර් 18 මහජනයා දුන් තීරණය, නීතියේ ආධිපත්‍යය නමැති සුදු හෝ කළු සළු පටෙන් වසා දැමීමට හොඳටම ඉඩ ඇති බවය. මේ සම්බන්‌ධයෙන් ලංකාවේ ජීවත්‌වන අය කිසිවෙක් නොලියන්නේ (චාපා බණ්ඩාර නිදහස් සංවාද වැඩබිම හා උදය ගම්මන්පිල පර්ලිමේන්තුවේදී නඩුකාරයින් ඇමෙරිකාවට ගෙනයාම ගැන කල ප්‍රකාශය හැර) නීතියේ ආධිපත්‍යයට ඇති බියම නිසා විය යුතුය! තමන්ට බලපෑම් කලා යයි, තානාපති කාර්යාලය ශූක්‍ෂම ලෙස තෝරාගත් (ලොතරැයියකින් නොව) ඒ නඩුකාරයින් 9 දෙනා උසාවියට අපහාස කලායයි නීතිපතිට වාර්‌තා කලාද?

1802 දී අග්‍ර විනිශ්වයකරු, එවකට උසාවිය අසල තිබූ බැරැක්ක හා යුද අභ්‍යාස කිරීමේදී ආ ශබ්දය නිසා උසාවියේ වැඩ කටයුතු වලට බාධා වූවා යයි, හමුදා ප්‍රධානියාගෙන් උසාවියට අපහාස කිරීම උඩ නිදහසට කරුණු විමසා සිටි විට, නෝත් ආණ්ඩුකාරයා මැදිහත්‌ව එය විසඳුවේය! සුද්දන්ගේ තිබූ ඒ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය කළු සුද්දන්ට තිබේද? උසාවියට අපහාස කිරීම, නීතියේ ආධිපත්‍යයට පහරක් යනුවෙන් තීරණය කර, තමන්ව වටකර ගෙන ආරක්‍ෂක ප්‍රාකාරයක් බන්ඳවා ගෙන (ව්‍යවස්ථාදායකය හරහා), එය අසාධාරණ (අන්‍රීසනබල්) ලෙස සිය පංචස්කන්‌ධ වල වැරදි වසා ගැනීමට උපයෝගීකර ගැනීම, බටහිර නීති විද්‍යාව (වෙස්ටර්න් ජුරිස්ප්‍ර‌ැඩන්ස්) දූෂ්‍ය කිරීමේ එක්තරා සියුම් උපක්‍රමයකි. රටක නීති ක්‍රමය යනු ඒ රටේ සුළු පාලක පන්තිය (ලංකාවේ නම් කළු සුද්දන්) විසින් සෙසු ජනතාව පාලනය කරණ ආයුධයක් යන මතය ඉදිරියේ මෙය විවෘත ඒකාධිපතිවාදයකි.

රංජන් රාමනායක විසින් ටෙලිෆෝන් කතා පටි එලියට දමා කලේ එක අතකින් බලනවිට, ඔහුට විරුද්‌ධව උසාවිය මෙම ආයුධය පාවිච්චි කිරීමට යෑමට විරුද්‌ධව බෝම්බයක් ගැසීමය. උසාවිය නිහඬයි යන වික්ටර් අයිවන්ගේ නිර්භීත ක්‍රියාවටත්, සුගන්ධිකා ප්‍රනාන්දුගේ එලිදරව් කිරීම් වලටත්, නාගානන්ද කොඩිතුවක්කුගේ සුප්‍රිම් උසාවියේ නඩුකාරයින්ට විරුද්‌ධ නඩු වලටත් වඩා, රංජන්ගේ උපක්‍රමය අතිශයින්ම සාර්‌ථකවුනා යයි මම සිතමි. ලංකාවේ තිබෙන දුෂ්ඨ ත්‍රිකෝණයට නීතීඥයින්, නීති සංගමය, හා බොහෝ නඩුකාරයින්ද ඇතුලත් නොවේද යනු මහජනයා විසින් අසණ, සිතන, කාරණයකි.

උසාවියේදී යම් සරම ඇඳගත් හෝ නොගත් ගැමි ගොවියෙකුට හෝ කම්කරුවෙකුට කිමිහුමක් ගියත් එය උසාවියට කරණ අපහාසයක්සේ සළකන මහේස්ත්‍රාත්ලා ලංකාවේ සිටිති. කලකට පෙර බද්දේගම උසාවියේ මහේස්ත්‍රාත්ටත්, නඩුවලට එන විත්තිකරුවන්ටත් තිබුණේ පෝලිමේ යායුතු එකම මුත්‍රා කරන තැනැක් යයි ඒ කාලයේ ඒ පැත්තේ ඩී. ආර්. ඕ. ව සිටි මගේ මිත්‍රයෙක් මට කී විට මා පුදුමවූයේ එය රජයෙන් මිනිසුන් ලවා උසාවියට අපහාස කරවීමක් නොවේද කියා මට සිතුන නිසාය. ඇමෙරිකාවේ නම් ඉහළ උසාවි තීන්‌දු වාර්‌තා කපා, කොටා, තලා ඇන බලා, මිරිකා, විශ්ලේෂණය කිරීම, රටේ නීති ක්‍රමයේ පොදු සංසිද්‌ධියකි. නඩුකාරයින් යනු ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධය යන අදහස හොඳින්ම පිළිගන්නේ ඇමෙරිකාවේය. නීති විද්‍යාල සඟරාවල මෙවැනි විශ්ලේෂණ බහුලය, නිරන්තරය. ඉන් සමස්ත නීති සංස්ථාවද, නඩුකාරයින්ගේ දැණුමද වර්‌ධනය වේ. සමහර විට මීට හේතුවක් වන්නේ ප්‍රාන්ත රාජ්‍යවල නඩුකාරයින් පත්‌වන්නේ මහජන චන්දයෙන් වීම නිසා, නඩුකාරයින් තම ක්‍රියා හා හැසිරීම සම්බන්‌ධයෙන් චන්දදායකයාට වගකිව යුතුය යන්න විය හැකිය.

බළලා මල්ලෙන් එළියට පැනීම

මෙම දෙවන ලිපිය ලිවීමට මට සිතුනේ දිනපතාම එලියට එන නොයෙක් ප්‍රකාශය. ඒ සියල්ල දෙස ඇමෙරිකාවේ සිට බලන විට, හරියට හෙලිකොප්ටරයක සිට පහත බලන විට මෙන්, සමස්ත පින්තූරයම පෙන්වන්නේ කොරෝනාව, දෙවියන් ඔවුන්ට දුන් කදිම අවස්ථාවක් ලෙස සළකන සිංහල බෞද්‌ධ විරෝධි පිරිසක් (යහපාලන කල්ලිද සහිත) විසින් උසාවිය ඔවුන්ගේ
හිර අඩස්සියට ගන්නට හැකිය යන විශ්වාසයෙන් මත්‌වී සිටිනා බවය. කොළඹ සරසවියේ ත්‍යාගරාජා නම් කොල්ලාගේ ප්‍රකාශය ලියා ඇත්තේ ඔහු නොව, එය ඔහුට වෙන කෙනෙක් විසින් ලියාදී ඇති බව පැහැදිලි වන්නේ, සිංහල භාෂාව එසේ හසුරුවන්නට, සිංහල මව් භාෂාව නොවන කෙනෙකුට නොහැකි නිසාය. එය තේරුම්ගැනීමට බුද්‌ධි අංශ සේවකයෙකු වීම අවශ්‍ය නැත. මෙහි පහතින් ඇති ලැයිස්තුව දෙස බලන විට පෙනීයනුයේ නොයෙක් පැති වලින් වටකරගෙන එන්නේ පරණ යහපාලන පාර්ලිමේන්තුව මිණී වලෙන් ගොඩට ගැනීම නොවේදැයි සිතා බලන්න. වික්ටර් අයිවන් විසින් කලින් කොලයක ලියාගත් කතාවක් එය බලාගෙන කියවීම (කලින් අවස්ථාවේ තානාපතිලා පාර්ලිමේන්තුවේ හා අරලියගහ මන්දිරයේ සැරිසරුවා මෙන්), ජාත්‍යයන්තරය බලාගෙන ඉන්නවා යන පණිවුඩය දීමට ඔහුව ඉත්තෙක් කරගත්තා නොවේද කියා සිතේ.

  1. ගන්න කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස්… ඒ වුනාට ගත්තේ සංඝ පාතාලයෙන්… -බෞදිය- වරා ත්‍යාගරාජා
  2. කොරෝනා මූල්‍ය ආධාර විශාල තොගයක් ලැබුණා. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ ඒවා මාටියා ගහන්නයි – තලතා අතුකෝරල
  3. අනවශ්‍ය හා මින් පෙර කවදාවත් මුහුණ නොදුන් ව්‍යවස්ථාමය අර්බුදයක් වැළැක්‌වීම සඳහා, ජූනි 2 දාට පෙර පරණ පාර්ලිමේන්තුව නොකැඳවීමට ජනාධිපති ගත් තීරණය නීත්‍යාණුකූලද යන්න ගැන සුප්‍රිම් උසාවියේ විවරණය අවශ්‍යමය. මැකෝට එය ඉල්ලා සිටිය හැකිය – හර්‌ෂ ද සිල්වා
  4. කෝපය වැඩිවෙමින් පවතී. මේ ලොක්ඩවුන් එක අවසන් විය යුතුයි- කුමාර් ඩේවිඩ්
  5. මම ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ සාකච්චා වලට යාමට බයයි; මැතිවරණ කොමිෂම ස්වාධීනද; මැකෝ සභාපති මට විරුද්‌ධව ක්‍රියා කරණවා; මට කොළඹට ඒමට වාහනයක් දෙන්නේ නෑ – මැකොසා හූල්
  6. නීති විරෝධී පාලනයක් ගෙනගියොත් තත්‌වය භයානකයි,; ජාත්‍යන්තර බලපෑම් එල්ලවිය හැකියි- වික්ටර් අයිවන්

කලින් ලිපියේ ලියූ කරුණු ආපසු ලිවීමේ අවශ්‍යතාවයක් නැත. සුප්‍රිම් උසාවියේ නඩුකාරවරු මෙම බෞද්‌ධ විරෝධී, මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ යයි 2009 මැයි 18 ට කලින් බෙරිහන් දුන්, පිරිසේ පැත්තේයයි කීම අසාධාරණය. එහෙත් මේ පිරිස ලියන්නේ, සිතන්නේ, සංවිධානය වන්නේ උසාවිය ඔවුන්ගේ අන්තිම, මරාගෙන මැරෙන තුරුම්පුව යයි සළකා ගෙනය. ඔවුන්ගේ විශ්වාසය උසාවිය ඔවුන් සමඟය කියාය. ඒ සඳහා, 19 සංශොධනයේ ඇති ව්‍යාකූල ස්‌වාභාවය (70 වගන්තිය හා 33 (2) (සී)) දෙවන වරටත් (සිරිසේන විසින් රනිල් ඉවත්කල නඩුවේදී මෙන්) ඔවුන්ට පිහිට වේයයි ඔවුන් සිතන්නේ, සුප්‍රිම් උසාවිය නීතියේ ආධිපත්‍යය නමැති මිථ්‍යාවේ හිරකාරයින් වී සිටින නිසා විය හැකිය. 1954 දී බ්‍රවුන්/බෝඩ් ඔෆ් එඩියුක්ක්ක්‍ෂන්, ටොපිකා, කැන්සාස්, යන ඓතිහාසික නඩු තීන්‌දුවෙන්, නඩු වා‌ර්තා හා නීති පොත් වලින් පිට පැන, වෙනත් බාහිර ශාක්‍ෂි (එක්ස්ට්‍රා ජුඩිෂියල් එවිඩන්ස්) පිළිගැනීමට ඇමෙරිකන් සුප්‍රිම් උසාවිය තීරණය කලේය.

ප්‍රශ්ණය වී තිබෙන්නේ කලින් සුප්‍රිම් උසාවිය දුන් ඒ තීරණය, කබරගොයා තලගොයා කිරීමක් යයි මහජනයා විසින් සිතීමය. මෙය උසාවියේ මොටෝ එකට හානියකි. ගෝඨාභයගේ ජයග්‍රහණය මෙම උසාවි තීරණයට විරුද්‌ධව 69 ලක්‍ෂයක් විසින් දුන් තීන්දුවය. රජ්‍යයේ සර්‍වබලධාරියා මහජනයා නම් උසාවියට සිය බලය එන්නේ මහජනයා මේ බලයෙන් කොටසක් එයට මාරු කල නිසා නම්, මහජනයාට විරුද්‌ධව තීරණ දීමට උසාවියට පුළුවන්ද? එංගලන්තයේ මහරැජිනට ඩ්‍රයිවින් ලයිසන් එකක් ගතයුතුයයි එරට උසාවිකයට තීරණය කල හැකිද? මේ රටේ කළු හා යහපාලන බලවේග විසින් සුප්‍රිම් උසාවිය ගිරයට අසුවූ පුවක් ගෙඩියක් කර ඇත. ඉහත සඳහන් ත්‍යාගරාජා කොල්ලාගේ යයි කියන කියමන මාක්ස්වාදයෙන් අන්‌ධකල රැවුල වවාගත් අහිංසක දෙමළ ළමයෙක්, මුහුණු පොත නමැති ලෝකයේ හැම දෙනාටම සමාන අවස්ථාවක් ලබාදෙන උතුම් ප්‍රජාතන්ත්‍රවාදි යාන්ත්‍රණය කෙළෙසීමක් ලෙස සළකන්නට වන්නේ ඔහු තාමත් දණගාන උගතෙක් නිසාය. ඔහු විසින් ප්‍රසිද්‌ධ කල පර්යේෂණාත්මක ලිපි මොනවාද? ඔහු නිර්‍මාණය කල දෙයක් තිබේද? ඔහු ඉගෙන ගත්තේ මැත් ද? ඔහු දන්නේ කොම්පියුටර් කී බෝඩ් එකට කොටන්නද? නිර්‍මාල් රංජිත් දේව සිරි, සරත් විජේසූරිය, ජයදේව උයන්ගොඩලා ඔහුගේ ගුරුවරුද?

උගත් මිථ්‍යාව!

හූල් ලංකාවේ ඉහළම උගතා යයි, මහින්ද දේශප්‍රියත්, දයාන් ජයතිලකත් කියයි. ඩොක්ටර් ඔෆ් සයන්ස් කියා ඔහු පාස්කල ව්භාගය කුමක්ද? හොයාගත් දේ කුමක්ද? ලංකාවේ විද්‍යාඥයින් ගැන නලින් ද සිල්වා විසින් කියන පරිදි ඔහු විසින් ලොවට දුන් එක සුළු අළුත් නිර්‍මාණයක් වත්, එච්-ටූ-ඕ- වැනි ෆෝමියුලා එකක්වත් තිබේද? ඔහු ලියූ පර්යේෂණාත්මක ලිපි වෙනත් විද්‍යාඥයින් විසින් උපුටා දක්‌වා තිබේද? ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සාමාජිකයෙකුව සිටියදී (2003-6) මගේ මිත්‍රයෙකු ඊට ඉදිරිපත් කල පර්යේෂණ යෝජනාවක් ඔහු විසින් මගේ මිත්‍රයා රවටා සොරාගත් බව මගේ මිත්‍රයා ඔහු හදිසියේ මිය යාමට පෙර මට කිව්වේය. ඔහු ඇමෙරිකාවේ ඉගෙන ගන්නා කාලයේදී මා ඔහුගේ ඊළම් තර්‌ක වලට විරුද්‌ධව ඊමේල් හුවමාරු කර ගත් බව මට මතකය. ලංකාවේ මිනිසුන් මේ උගත් මිථ්‍යාවෙන් ගැලවිය යුතුව ඇත. උපාධි, ආචාර්ය උපාධි කියන්නේ අන් අයට නොලැබෙන අවස්ථාවක් යමෙකුට ලැබීම මිස ඒ තැනැත්තා පුංචි අයින්ස්ටයින් කෙනෙක් යනු නොවේ. අයින්ස්ටයින් ගේ වැඩ පවා කලේ ඔහු නොව ඔහුගේ බිරිඳ යයි දැන් කියැවේ. හූල් ගේ දැන් හැසිරීම බලන විට ඔහු සමබර මනසක් නැත්තෙක් නැත්නම් යහපාලන ගැත්තෙක් මිස උගතෙක් කියා නොසිතේ.

කොළඹ කොල්ලාගේ කියමන ඔහු විසින් එහි බැරෑරුම්කම නොදැන කල දෙයකි. ඔහු හරහා වෙන අයෙක් කල දෙයකි. උසාවිය හා සංඝයා යන සංකල්ප දෙක ගැන ඔහුට උගන්වා ඇත්තේ කවුද? මේ දෙක අතර වෙනස අහසට පොලොව වැනිය. ලංකාවේ ශිෂ්ටාචාරය කියන්නේ සංඝයා විසින් අවුරුදු 2,500 ක් පුරා ගොඩනැඟූ විෂ්මිත දෙයකි. යුදෙව්, අයිරිස්, චීන, ඉන්දියන් ශිෂ්ටාචාර වලට වඩා අඛණ්ඩ ඉතිහාසයක් සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරයට ඇත. 1505, විශේෂයෙන් දොන් ජුවන් ධ‌ර්‍මපාල කෝට්ටේ කතෝලික රජවූ 1551 න් පසුව, 2018 දී මේ බව රටට (චන්ද්‍රිකා, රනිල්, රෝසි සේනානායක, මංගල සමරවීරලාට) හා ලෝකයට පෙන්වා දුන්නේ කතෝලික පල්ලියේ මැල්කම් රංජිත් කාදිනල්තුමාය.

ගෝඨාභය විසින් සංඝ පාතාලයෙන් උපදෙස් ගත්තේ, ගෝඨාභය නම් පංචස්කන්‌ධයක් රටේ ජනාධිපති කලේ මේ සංඝ පාතාලය නිසාය. පුරා අවුරුදු 40 ක් වනගතව සිටි හාමුදුරුවරු චන්දය දීමට ආවේ සුප්‍රිම් උසාවියට විරුද්‌ධවය. ඒ සඳහා 69 ලක්‍ෂයක් මදිනම් එය 2020 මැතිවරණයේදී තවත් ඉහළ යනු නිසැකය. මෙය යහපාලන මර බියය. මොන උප්පරවැට්ටියක් හෝ කරන්නට නම් පරණ පාර්ලිමේන්තුවට පණ දිය යුතුය. මේ කූඨ යහපාලන ව්‍යාපාරයේදී ඇමෙරිකන් තානාපති කාර්‌යාලය පිටු පසින් සිටින්නේ 2009 දී ප්‍රභාකරන් මළදා සිටමය. මිලේනියම් හරහා රට දෙකඩ කිරීමේ දෘඨ ප්‍රයත්නය ඔවුන් අතාරින්නේ නැත. උදාහරණයක් වශයෙන්, රුසියාව කැබලි කිරීමට, ලෝක වෙළඳ සංවිධානය පිහිටුවා ගැනීමට, ඔවුන් දශක හතරක්, පහක් තිස්සේ ඉවසීමෙන් ක්‍රියා කලේය.

අනිත් අතට සුප්‍රිම් උසාවිය කියන්නේ, සුද්දගෙ නීතිය අපිට එපා කියන බලවේගයේ හතුරාටය. ඊට හේතුව, ඒ නිතිය රැකීමේ වගකීම, හිසරදය උසාවියට පැවරී තිබීමය. 1950 ස් ගණන් වල ඉන්දියාවේ නේරු සමයේත්, 1940 ස් ගණන් වල ඇමෙරිකාවේ ෆ්‌රැක්ලින් රුසවේල්ට් සමයේත්, සුප්‍රිම් උසාවිය හා ගැටුම් ඇතිවූයේ මේ හතුරු සංකල්පය නිසාය. ලංකාවේ එය උග්‍රවී ඇත්තේ 13 වන සංශොධනයට පසුවය. මෙහිදී සිදුවන්නේ කුමක්ද? කුමණ අන්දමකින් හෝ ජාම් බේරා ගන්නවා මිස රැඩිකල් වීමට උසාවියට නොහැකිය. ඔවුන්ට ඒ සඳහා සාමූහික ශක්තියක් නැතිවා පමණක් නොව ලංකාව දෙකට කැඩීමට රහසින්වත් පතන පංචස්කන්‌ධ ඉන්නවා නිසැකය. හොඳම උදාහරණය විග්නේෂ්වරන් නඩුකාරයාය. මොනතරම් බරකින්, ආතතියකින් ඔහු පෙළෙමින් සිටියාද යන්න දැන් පේන්නේ සිංහලයා දෙමළා සමූල ඝාතනය කරනවා, බුදු පිළිම එපා යන ඔහුගේ කතා වලිනි. සිංහල ස්ත්‍රීන් දෙන්නෙක් ඔහුගේ පුතුන් දෙන්නා කරේ ගහ ගැනීම මීට යටි හිතේ කැකෑරෙන හේතුවක් වුනාද?

ආණ්ඩුකාරයා පත් කරන්නේ ජනාධිපති නිසා 13 සංශොධනය ව්‍යවස්ථාවට එකඟ බවත්, ඒකීය රාජ්‍යය දිගටම පවතින බවත්, ඒ නිසා ජනමත විචාරණයක් අනවශ්‍ය බවත්, 5-4 බෙදුනු තීන්‌දුවකින් ශ්‍රවානන්ද අග විනිසුරු තීරණය කලේය. මෙය නීති පොත වුනත්, මෑත භාගයේදී, නැඟෙනහිර හිස්බුල්ලා, බස්නාහිර අසාත් සාලි හා උතුරේ රඝුවාන් ගේ ක්‍රියාකලාපයවූයේ කුමක්ද? නැවත වරක් මේ උසාවියම තීරණය කලේ 13 යටතේ ලංකාව පෙඩරල් බවත්, ඒ නිසා දෙමළ පක්‍ෂය පෙඩරල් ඉල්ලීම නීති විරෝධී නොවන බවත්‌ය! පෙඩරල් යනු දෙමළ පක්‍ෂයට ඊළම කරා යන පාරේ ඉණිමඟ බව මේ නඩුකාරයින් දැන සිටියේ නැද්ද?නොදන්නවාද? නඩුකාරයින් නීති පොතට හිරකාරයින්‌වී සිටිනවා නම්, මහජනයා කලයුතු බකංනිලාගෙන සිටීමද? රිශාඩ් බතියුර්දීන්ලා මන්නාරමේදී කලා මෙන්
උසාවියට ගල් ගැසීමද? නැත්නම් ජේ. ආර් ගේ කාලයේ මෙන් නඩුකාරයින්ගේ ගෙවල් ඉදිරිපිට පෙලපාලි යැවීමද?

මීට කලින් ලිපියේ කරු ජයසූරිය යනු හීතල හොරෙක් යයි සඳහන් කලාට පසු, දැන් එය ඔප්පු වී තිබේ. ඔහු රංජන්ගේ බබාට වඩාත් පුංවි බබෙකි. ඔහු කිව්වේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිකරන්න ඔහු සූදානම් නැතිය කියාය. දැන් ඔහු කියන්නේ, හැබැයි සුප්‍රිම් උසාවිය තීරණයක් දුන්නොත් ඔහු පරණ පාර්ලිමේන්තුව කැඳවන බවය. සුමන්තිරන් ගෙන් ඇරඹූ දැල, දැන් සියළු පරණ යහපාලන පක්‍ෂ වල යෝජනාවක් ලෙස ජනාධිපතිට ඉදිරිපත් කර ඇත. අපි ආණ්ඩුවට උපරිම සහයෝගය දෙනවා කියා කෙසේ හෝ දියවන්නා හෝටලයට රිංගා ගැනීම ඔවුන්ගේ ප්ලෑනය. එසේ රිංගා ගත් ගමන්ම ආණ්ඩුවට විරුද්‌ධව විශ්වාසභංගයක් ගෙන ඒම ඔවුන් විසින් මහජනයා වෙනුවෙන්, නාස්ලණුවාදය වෙනුවෙන්, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කරණ යුතුකමයයි ඇමෙරිකන් තානාපති විසින් ප්‍රකාශ කරණු ඇත. දියවන්නා හොටලයට යුද හමුදා මුර දැමීම, ගෝඨාභය ජනාධිපති විසින් ගත් තීරණය සුප්‍රිම් උසාවියට කරණ ලද අනතුරු අඟවීමකි. සුප්‍රිම් උසාවියේ වගකීම රටේ ලක්‍ෂ 69 යේ මතයට ගරු කර නීති පොතෙන්ම කබරගොයා-තලගොයා මඟක් සාදාගෙන මෙම ගුලෙන් ගැලවීමය.

ඇමෙරිකාව විසින් වෙන රටවල කලා මෙන් මේ කතානායක පාර්ලිමේන්තුවට, ඇතුලත් වීමට සැදුවොත්, කලින් රනිල් විසින් අරලියගහ මන්දිරයේ කල සෙල්ලම මෙවර සිදු නොවේ. ඔවුන්ට සිදු වන්නේ දියවන්නා හෝටලය වෙනුවට වෙන කොළඹ හෝටලයකට යාමටය. බලෙන් ඇතුළු වන්නට ඇවිත් ප්‍රථම වෙඩිල්ලට මුහුණ දෙන <හසලක වීරයා>, සුමන්තිරන්ද, මනෝ ගනේෂන්ද, හර්‍ෂ ද සිල්වාද, අජිත් පෙරේරාද, සුජීව සේරසිංහද, මර්වින් සිල්වාද, සරත් ෆොන්සේකාද කියා රටම බලා සිටී. සජිත්, මංගල සමරවීර හෝ චන්ද්‍රිකා හෝ රනිල්/රවි නම් නොෙන බව නම් නිසැකය. පෙන්ෂන් එක නැතිව ගිය මන්ත්‍රීවරයෙක් වත් ඊට ඉදිරිපත් වේවිද? යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්නේ මීටය. සාලාව අවි ගබඩාව පුපුරවා හැර, වටිනා අවි ආයුද මුහුදට දැමූ, ජීනීවා වලදී රට පාවාදුන්, චීනයට අවුරුදු 200 කට වරාය විකුණූ, හම්බන්තොට ගුවන් තොටුපලේ වී ගබඩාකල, පාස්කු ප්‍රහාරයට ඉඩ ඇර දුන්, යුද අපරාධ කියා රණවිරුවන්ට දස වද දුන් මේ හැතිකරයට පාඩමක් ඉගැන්‌විය හැකි දැනට රටට ඉන්නා එකම පුද්ගලයා, අවුරුදු 30 කට පසුව ප්‍රභාකරන්ට සයනයිඩ් කරල අමතක කරවූ ගෝඨාභයය.

භගවත් ගීතාවේ, විෂ්ණු අවතාරය විසින් අර්ජුනට කියා සිටියේ තම රාජකාරිය (වගකීම), නෑයින් ගැන කණගාටුවීමට වඩා ඉහළ, ශ්‍රේෂ්ඨ ඩියුටියක් බවය. නන්දා මාලිනීගේ සිංදුවේ කියන්නේ කඩුව අවශ්‍ය තැන එය පාවිච්චි කර, නවගුනවැල ගැනීම පසුවට තබන ලෙසය. දුටුගැමුණු රජතුමාගෙන් ආරම්භවී පලවෙනි විජයබාහු රජතුමා දක්‌වා (ඉන් පසුව රජවරු දුර්‍වල අය විය) සිංහල රජවරුන්ට රටේ හාමුදුරුවරු ආශිර්‍වාද නොකලා නම් අද සිංහල රටක් වත්, ථේරවාද බුද්‌ධාගමක් වත් ලෝකයේ නැත.

One Response to “ලංකාවේ සුප්‍රීම් උසාවිය හා සංඝ පාතාලය”

  1. Vaisrawana Says:

    Excellent, Dr Wijayawickrema. I totally agree with your ideas about Hoole, Kumar David, Wigneswaran, Sumanthiran, etc; what levels them is their shared hate of the Sinhalese, and lack of humanity. Please comment on Mongala S’s letter to the president published in lankacnews today (April 29). He warns that Gota could even lose his civic rights for 7 years besides incurring other penalties unless he reconvenes the dissolved parliament!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress