විපක්ෂය ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ සුභ සහ යස නාටකය යළි රඟ දක්වා හිස දන් දෙන ලෙසයි!
Posted on April 29th, 2020

ගෙවිඳු කුමාරතුංග සභාපති – යුතුකම

විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, පාඨලී චම්පික, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර් දීන් සහ මනෝ ගනේෂන් යන හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාෂනයක් මඟින් අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ එතුමා විසින් සිදු කරන ලද  පාර් ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන ලෙස ය. එසේ නො කරන්නේ නම් අඩුම තරමින් විසුරුවා ඇති පාර් ලිමේන්තුව නැවත කැඳවන ලෙස ය.

ජනාධිපතිතුමා ගෙන් මේ ඉල්ලීම කරන්නෝ ඔවුන් බලයේ සිටිය දී එතුමාව බොරු චෝදනා මත කෙසේ හෝ සිරගත කිරීමට, අපරාධකාරයෙකු ලෙස හංවඩු ගැසීමට බොහෝ දුෂ්ට ප්‍රයත්නයන් දැරූවෝ ය. එතුමාගේ පුරවැසිභාවය පිළිබඳ පදනම් විරහිත චෝදනා නඟමින් එතුමා ගේ ජනාධිපති අපේක්ෂකත්වය ම සුණුවිසුණු කරදැමීමට අශිෂ්ට ප්‍රයත්නයක නිරත වූවෝ වෙති. 15 ලක්ෂයක වැඩිඡන්දයකින්  ජනාධිපති තනතුරට පත් වූ පසුව ද මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීමට ඉඩ නොදුන්නෝ වෙති.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ම පැවති පාර් ලිමේන්තුව විසුරුවා හැර නව පාර් ලිමේන්තුවක් පත් කරගැනීමට ජන වරමක් ද පතමිනි. ඒ හා සමඟම බෙදුම්වාදීන් ගේ, ෆෙඩරල්වාදීන් ගේ, ආගමික අන්තවාදීන් ගේ සහයෙන්, කිසිවිටෙකත් රජයක් නොපිහිටුවන බවට ප්‍රතිඥා දෙමිනි. මේ අනුව විපක්ෂය ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ 69 ලක්ෂයක් ජනතාව එතුමාට දුන් ජනවරම ම පාවාදෙන ලෙස ය.

එ පමණක් ද නො වේ. බෙදුම්වාදීන් ගේ හා ආගමික අන්තවාදීන් ගේ බලයට නතුව ඇති, පැවති  පාර් ලිමේන්තුව කැඳවූ සැනින් ජනාධිපතිතුමාට සුදුසු පරිදි මුදල් වියදම් කිරීම වළක්වාලනු ඇත. කොරෝනා මර් දනයට  ගෙන ඇති සාර්ථක පියවර අවුල් වන යෝජනා සම්මත කරනු ඇත. එම්. සුමන්දිරන් මහතා කර ඇති ප්‍රකාශවලින් පැහැදිලි වනුයේ ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට දැනට ම කුමණ්ත්‍රණයක් පවතින බව යි. කුමණ්ත්‍රණකරුවන් ගේ ම කතානාකවරයෙකු ද වන බැවින් එවන් යෝජනාක් පිළිගැනීමට අවශ්‍ය වනුයේ සාමාන්‍ය බහුතරය පමණි. එ විට ජනාධිපතිතුමාට පාර් ලිමේන්තුව විසුරුවීමේ බලය ද අහිමි වේ.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, මවුබිමට එරෙහි වූ, සමස්ත රට වැසියාට ම එරෙහි වූ මේ දුෂ්ට කුමණ්ත්‍රණය සහමුලින් ම පරාජය කිරීමට නායකත්වය දීම ඔබතුමා ගේ ප්‍රමුඛ යුතුකම යි. එහි දී සාතිශය බහුතරයක් ජනතාව ඔබතුමා සමඟ සිටගන්නා බවට සැකයක් නැත. එ ලෙස ම මාරාන්තික කොරෝනා වෛරසය පරාජය කිරීමට අප සමත්වනු ඇත්තේ ද මේ බෙදුම්වාදී ආගම්වාදී අන්තවාදීන් ගේ කුමණ්ත්‍රණය පරාජය කළහොත් පමණක් බව අප ගේ සදාදරණීය ජනතාව ද තේරුම්ගත යුතු ව ඇත.   ——-

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress