වතු කම්කරු ජනතාවට රු 5000/= දීමනාව ලබා දීමට කඩිනමි අවදානය යොමුකරන ලෙස ඉල්ලීම
Posted on May 2nd, 2020

සමස්ත ලංකා වතු කම්කරු සංගමය

ගරු ජනාධිපතිතුමා
,කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලූුු මුවදොර,
කොළඹ-01
ගරු ජනාධිපති තුමණි
වතු කම්කරු ජනතාවට රු 5000/= දීමනාව ලබා දීමට කඩිනමි අවදානය යොමුකරන ලෙස ඉල්ලීම
කොරෝනා වෛරස් උවදුරේ බලපෑම හේතුවෙන් සියලූම ශ‍්‍රී ලාංකිකයින් මුහුණදී සිටින්නේ බලවත් අසීරුතාවයකටය. ඔවුන්ට තම තමන් නියැලූණ ආර්ථික කටයුතු වලින් ඉවත් වන්නට සිදුවී ඇත. එහි ප‍්‍රථිපලයක් ලෙස ඒ සියළුදෙනාම ජීවත්වීමේ අර්බුදයකට මුහුණපා සිටී. එම අර්බුදයට මුහුණ දීමට නොහැකිව සිටි ජනතාවට යම් අස්වැසිල්ලක් වූයේ රජය විසින් ලබාදුන් රු 5000 දීමනාවයි.
තම ආදායම් තත්වය ඉතාමත් පහත් මට්ටමක වන වතු කම්කරුවන්ද මේ වනවිට ජීවත්වීමේ අර්බුදයකට මුහුණ දී සිටී. මාසයේ දින 25 ම වැඩ කළත් ඔවුන්ට උපයා ගත හැකි වන්නේ රු 19,000 කට අඩු මුදලකි. පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසාත් මාර්තු මස 20 වන දිනෙන් පසු ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වීම නිසාත් වතු කම්කරුවන් හට අඛණ්ඩව වැඩ කිරීමට නොහැකි විය. කොරෝනා වෛරසය නිසා තම ආර්ථිකය කඩා වැටුන අනෙකුත් ජනතාවට මෙන් තම ගෙවත්තේ පොල්, කොස් වැනි බෝග වලින් ලැබෙන අතිරේක ආදායම් මාර්ග කිසිවක් නොවීමද කොළඹ වැනි දුරබැහැර නාගරික ප‍්‍රදේශවලට ගොස් කුලී වැඩක් කිරීමෙන් තම පවුලේ සාමාජිකයින් හරහා ලැබුන ආදායමද මේ මොහොත වනවිට ඇහිරිගොස් ඇත. එවැනි හේතු කාරණා නිසා ගෙවෙමින් තිබෙන කාලපරිච්ෙඡ්දය ඔවුන්ට දරාගත නොහැකි පීඩනයකින් ජීවත්වීමට සිදුව ඇත. එබැවින් ලක්‍ෂ එකහමාරක් පමණ වන වතු කම්කරු ප‍්‍රජාවට රු 5000/= සහන දීමනාව කඩිනමින් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි
මෙයට,
කේ. සෙල්වරාජ් ජේ.එම්.ඒ. පේ‍්‍රමරත්න
සභාපති ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress