Jayasundara and oil tanks
Posted on May 3rd, 2020

Dr. SARATH OBEYSEKERA 

I read the editorial of Divaina today during the wee hours and decided to pen my views. 

Part of the editorial which drew my attention is the proposal to repair the oil tanks in Trinco and put to service. 

I myself mooted a similar idea to be taken up with the Task Force with help from forward-thinking industrialists who love the country where we have to use not only tanks but also the whole of Trinco Harbour for parking ships oil tankers and oil rigs during lay-up times enforced by lack of worldwide trade and exploration of oil.

Finally, it may have opened the eyes of the Taskforce for development and we are invited to discuss the way forward.

The army cannot do this task on their own as the experienced Sri Lankan industrialists and experts who have worked worldwide can join the team to develop Trinco. talk farm and the Harbour basin.

We have a lot of stumbling blocks to overcome. 

We have a strict health regime to enforce a quarantine on ship crews on board ship and oil drill which deters them coming in Trinco Training Airforce flight paths over Trinco Harbour is also a problem as the height of oil rigs up to 80 m can be a hindrance.

Government has to devise a revolutionary non – conventional way to tackle these issues Hopefully head of Trinco Health Director can accept the proposal to use supply boats to transport them from ships to hotels in eastern province which are empty in and keep them for few months during lay-up period under quarantine. 

Oil companies will gladly pay a premium price for looking after the crew during lay-up times. Marble Beach in Trinco run by Airforce can be a seven-star resort to earn money!

Airforce helicopters can also earn money by transporting them as many oil rigs have helipads. 

This country with forward-thinking experienced industrialists can contribute to developing such schemes to go forward and convert the calamity into a dream. 

The problem could be that the bureaucrats who may object this proposal by claiming that this exercise may bring more Corona patients. 

Just like army airforce and Navy  have Lessons Learnt, we can overcome these problems. 

But we need a Task Master who can help The President to achieve this goal.

Our planned first meeting may give some light in these aspects. 

Quote 

Hayleys Energy Services Lanka (Pvt) Ltd – Providing Support Services for Oil & Gas Assets: Marine & Offshore Sector: Rig offloads, repairs, servicing, Lay-ups, Logistics & SCM, etc

Impacts on operations resulting in financial impact and FOREX earnings;

·         All imports of ship spares, good, equipment have halted

·         Customs Clearance on the above goods and delivery/transport of the above goods have ceased.

·         Garbage collection and disposal from the 02 Oil & Gas vessels on Lay-up at Hambantota is challenged with difficulties to obtain approval by the vendor from authorities

·         Crew Changes from both vessels have ceased and crew is staying over 03 weeks without change. No Sign on/off of crew

·         No orders from International companies to export stored tools/equipment from the Customs Bonded Warehouse for Oil & Gas Tools operated by Hayleys Energy Services in Sri Lanka as a hub

·         Planned repairs and servicing of the vessels have ceased

·         Planned FPSO moves from Hambantota Port to Trincomalee Port for a long term lay-up has been severely impacted, resulting in delays to provide FOREX earnings to SLPA. (plan sailing from 25th Mar, all preparation was impacted as no movement of the technical crew (foreign)

·         Oil & Gas Engineering Drafting BPO Center – due to holidays and no staff present, the Engineering Drafting Center is severely impacted without been able to function.

The above are high-level summarized points stemming from our current operations.

Unquote 

Dr. SARATH OBEYSEKERA 

Ex Oil and Gas Industry Professional 

ජයසුන්දර සහ තෙල් ටැංකි

sa

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර පසුගියදා සිය මසක වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කළේය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවක ධුරාවලියේ ඉහළම තලයේ සිටින අංක 01 දරණ නිලධාරියා ජනාධිපති ලේකම්ය. මේ අනුව පී.බී.ජයසුන්දර සෙසු සියලූ‍ රාජ්‍ය සේවකයන්ගේ පරමාදර්ශී චරිතයය. ඔහු සිය මාසයක වැටුප ආණ්ඩුවට පරිත්‍යාග කරන්නේ කිසියම් පාඩමක් දෙනු පිණිස බව අපගේ වැටහීමය. මේ රටේ රාජ්‍ය සේවකයෝ පසළොස් ලක්ෂයක් සිටිති. මේ එක් රාජ්‍ය සේවකයකුට සිය මාසික වැටුපෙන් රුපියල් දහසක් මේ වෙලාවේදී ආණ්ඩුවට පරිත්‍යාග කළ හැකි නම් එමගින් රුපියල් 150,000,000ක් උපදී. (මෙය ආචාර්ය ජයසුන්දරගේ යෝජනාවක් නොව අපගේ යෝජනාවකි.) අපේ යෝජනාව අසන අය දුප්පත් රාජ්‍ය සේවකයා රුපියල් දාහක් දෙන්නේ කොහොමදැයි කියමින් හතර අතේ හෙන ඉල්ලන්නට පටන් ගන්නවා ඇත. මාසයක පමණ කාලයක් රාජ්‍ය සේවකයන් වැඩට ගොස් නැත. එහෙත් ඔවුන්ට මාසයක පඩිය ලැබී ඇත. ගතවූ මාසය තුළ ඔවුන්ට කිසිදු ගමන් වියදමක්ද නැත. අරක්කු බොන අයට අරක්කු වියදමද නැත. ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්, කාර් ලීස්, බැංකු ණය වාරික ගෙවීම්ද හරි ආකාරව සිදුව නැත. නිසා පහළම ශේණියේ රාජ්‍ය නිලධාරියකුට වුව රුපියල් දාහක් පරිත්‍යාග කිරීමට බැරි නැත. දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර් කෙනකුට නම් රුපියල් හාර පන්දහසක වුව පරිත්‍යාගයක් කළ හැක. පින්වත් මහත්වරු නොදුවන දුම්රිය ගැන කම්පා වෙමින් සිට රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි මාසික වැටුපක් ලබාගෙන ඇත. පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපස්දෙනාටද පරිත්‍යාගශීලීන් බවට පත්විය හැක. ඔවුන්ගේ මාසික වේතනය රුපියල් ලක්ෂය ඉක්මවන අතර ඔවුන් අතරින් සමහරුනට ලැබෙන ආදායම සුවිශාලය. ආචාර්ය ජයසුන්දරගේ පඩි පරිත්‍යාගය හොඳ ආරම්භයකි. රටට කොරෝනාව හැදී තුන් මාසයක් පමණ ගතවී ඇති නමුදු කොරෝනා අරමුදල රුපියල් බිලියනයක් කරගන්නට තවමත් හැකිව නැත. පී.බී.ජයසුන්දර යනු දෘඩ රාජ්‍ය නිලධාරියෙකි. අප‍්‍රමාණ මූල්‍ය විනයක් ඇති හෙතෙම වැඩිපුර හිනා වීම සහ වැඩිපුර කතා කිරීම ප‍්‍රතික්ෂේප කරන අතර මහ මගදී මූණට මූණ හමුවුවද අහක බලාගෙන ගොස් අපගේ සිත් පාරා ඇත. එහෙත් මුවින් සිනා නොවුනද ආචාර්ය ජයසුන්දර හදවතින් සිනාවෙන කෙනකු බව ඔහුගේ පඩි පරිත්‍යාගයෙන් පෙනී යයි. 
 
 ………………………………………………..
 
 
අප දන්නා ඉතිහාසයේ මුල් වතාවට බොර තෙල් බැරලය ඩොලර් එකොළහට පහත බැස ඇත. යුරෝපයේ ශීත කාලයේදී තෙල් මිල ඉහළ යන නමුදු මෙවර එබන්දක් නොවූයේ කොරෝනාව නිසාය. සාමාන්‍යයෙන් වෙනත් ශීත කාල වලදී ඩොලර් හතලිහට පනහට නගින තෙල් බැරලය ඩොලර් එකොළහට බසින්නේ ලෝකයෙන් සියයට හැත්තෑ පහක්ම මේ මොහොතේදී වැඩ නොකර නිහඬව සිටීම නිසාය. මෙතැන් සිට අප කියන්නේ අඩුවූ තෙල් මිලෙන් ප‍්‍රයෝජනයක් ගන්නා හැටි ගැන අප තුළ ඇතිවන අදහසක්ය. 
 
 
බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් අපට ලබාදුන් හොඳ දේවල් කීපයක් තිබේ. එයින් පළමුවැන්න මහා මාර්ග පද්ධතියයි. දෙවැන්න ඉංග‍්‍රීසි භාෂාවයි. තුන්වැන්න රාජ්‍ය පරිපාලන ක‍්‍රමයයි. අපගේ වැටහීමට අනුව ඔවුන් ලබාදුන් සිව්වැනි යහපත් දෙය ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි තොගයයි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියා 1924 – 1930 කාලය තුළදී තෙල් ටැංකි එකසිය එකක් ඉදි කළේය. ඝනකම් වානේ සහ තඹ තහඩු යොදාගෙන අක්කර අටසිය පනහක භූමියක් පුරා ඉදිකරන ලද මෙම සෑම තෙල් ටැංකියකටම ඛනිජ තෙල් ටොන් දොළොස් දහස බැගින් පිරවිය හැකිය. සාමාන්‍ය ගණන් හිලව් වලට අනුව නම් මේ තෙල් ටැංකි සියල්ලටම පිරවිය හැකි තෙල් ප‍්‍රමාණය ටොන් ලක්ෂ දොළහකි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියා ශ‍්‍රී ලංකාව තුළ මෙපමණ විශාල ආයෝජනයක් කළේ කවදා හෝ දවසක ලංකාව අත්හැර යාමට තමන්ට සිදුවෙතැයි කවදාවත් නොසිතූ හෙයිනි. එහෙත් 1948 දී ශ‍්‍රී ලංකාවට නිදහස දීමත් සමගම ඔවුන්ට තෙල් ටැංකි තොගය අහිමි විය. ලංකාවේ තිබෙන මෙම විශාල දේපොළට අයත් තඹ තහඩු සහ වානේ තහඩු තොගය පවුම් කොටි ගණනක් වටින බැවින් ඒවා ගලවාගෙන කිසියම් රටකට විකිණිය යුතු බව 1949 දී එංගලන්ත පාර්ලිමේන්තුවේදී කතා බහට ලක්වූ නමුත් එයද කරගත නොහැකි විය. එයට හේතුව ලංකාවට නිදහස දීමත් සමගම බි‍්‍රතාන්‍යය ලංකාවේ කරන ලද සියලූ‍ම ඉදිකිරීම්ද ලංකාවේ දේපොළ බවට පත්වීමය. අපගේ යෝජනාව කෙටියෙන් කියමු. මේ තෙල් ටැංකි එකසිය එකෙන් කොටසක්වත් පිරිසිදු කර ගනිමු. ඉන්පසු කොහෙන් හෝ මුදලක් ණයට ගෙන ඩොලර් එකොළහේ මිලට බොරතෙල් ලබාගෙන මේ ටැංකි සියල්ල පුරවමු. ඉන්පසු මේ තෙල් ඛනිජ තෙල් සංස්ථාව හරහා ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට පමණක් ලබාදෙමු. ආණ්ඩුව ලාබෙට තෙල් මිලට ගෙන මෙවැනි කටයුත්තක් කළොත් විපක්ෂයේ හැතිකරය කියනු ඇත්තේ ඞීසල් සහ පෙට‍්‍රල් මිල අඩු කරන ලෙසය. ඞීසල් සහ පෙට‍්‍රල් මිල අඩුකළ සෑම කාලයකදීම සාමාන්‍ය ජනතාවගේ ඉන්ධන පරිභෝජනය ඉහළ යයි. පාන් මිල කොතරම් අඩු කළද පාන් කෑ හැකි ප‍්‍රමාණය සීමිත බැවින් පාන් ඉල්ලූ‍ම අසීමිත ලෙස ඉහළ යන්නේ නැත. එහෙත් ඉන්ධන මිල අඩුවූ විට ගමන් බිමන් වලටත් ජෙනරේටර් කරකැවීමටත් කිසිදු සීමාවක් පැනවිය නොහැකි බැවින් තෙල් පරිභෝජනය ඉතා වේගයෙන් ඉහළ නගී. බොර තෙල් බැරලයක මිල බොන වතුර බැරලයක මිලටත් අඩුවෙන් පිහිටා ඇති මේ මොහොතේදී මේ රට එයින් ප‍්‍රයෝජනයක් ගත යුතුමය. අනෙක ඇමරිකාවේ, ප‍්‍රංශයේ සහ ජර්මනියේ හැර අන් කිසිදු රටක ත‍්‍රිකුණාමලයේ තරම් තෙල් ටැංකි තොගයක් නැත. අපේ අවසන් යෝජනාව මෙසේය. මේ තෙල් ටැංකි පිරිසිදු කර අලූ‍ත් වැඩියා කිරීම සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායට භාර දෙමු.

Dr Sarath Obeysekera
CEO Walkers Colombo Shipyard
Colombo
Sri Lanka

One Response to “Jayasundara and oil tanks”

  1. aloy Says:

    ” convert the calamity into a dream”

    This should be the key phrase and is an excellent idea. There should be many infrastructure projects too. But with emphasis on local participation. The team must be small and no big businessman should head it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress