මළ ව්‍යවස්ථාදායකයට පණ දීම- විකෘතිය කි.
Posted on May 5th, 2020

විමල් පටබැඳිගේ


ජනාධිපති ව්‍යවස්ථාවට අනුව පසුගිය මාර්තු 2 වෙනි දා ව්‍යවස්ථාදායකය විසුරුවා හැරියේය. ඒ සමග ම අඵතින් ව්‍යවස්ථාදායකය ආරම්භ කිරීම සඳහා තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාවට ඇති අනුල්ලංගණීය අයිතිය කි‍්‍රයාත්මක කිරීමට දින නියම කළේය. (ව්‍යවස්ථාදායකය ප‍්‍රජාතනත‍්‍රවාදී පාර්ලිමේන්තුවේ එක් අංශයක් පමණ කි.* ඉන් සතියකට පමණ පසු මාරක කොරෝනා වයිරසය හිස ඔසවන්නට වීය. ජනාධිපති, භාරකාර ආණ්ඩුවේ අගමැති සහ ඇමති ඇතුඵ සෞඛ්‍ය, ආරක්‍ෂක, සිවිල් ආදී මු`ඵ මහත් රාජ්‍ය යන්ත‍්‍රය කොරෝනාට එරෙහිව සිටී.

ඒ අතර ‘‘පරණ පාර්ලිමේන්තුව වහා කැඳවව්’’ මහා ඝෝෂාවකි. කොරෝනා සටන්පාඨය ඔසවා ගත්, පසුගිය වසර හතරහමාරක් රට පාලනය කළ සහ වර්තමාන විධායක ජනාධිපතිට එරෙහි සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලන පක්‍ෂ, අනුගත වූ සකලවිධ සංවිධාන සහ කණ්ඩායම් මේ ඝෝෂකයෝ ය. තිරය පිටුපස ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමය, මානව හිමිකම් කොමිසම, විසිරුණු දෙමළ ජනයා ඇතු`ඵ ලංකාවට විරුද්ධ ජාත්‍යන්තර මාෆියාව කෑම බීම සපයති.

නියම කළ දිනයේ ඡුන්දය නො පවත්වන නිසා විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත වී ඇතැ’යි තර්ක කරමින් ඝෝෂකයන්ගේ නීති විසාරදයන්ගෙන් විසුරුවා හැර ඇති ව්‍යවස්ථාදායකය (පරණ පාර්ලිමේන්තුව* කැඳවීමට විශ‍්‍රාමික මන්තී‍්‍ර හිටපු කථානායකට උපදෙස් ගලන විට ඇන්නෑවේ කිව් ඉබ්බා වාගේ ය. ජනාධිපතිට ද ඉල්ලීම් ලැබෙති. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඊට ඉඩ නැති බවට නීති තර්ක ඉදිරිපත් වීය. අධිකරණයට යන බවට ඝෝෂක තර්ජනය කි. ජනාධිපති ද තමන්ට එවැනි බලයක් නැති බවත් තමන්ට එවැනි උවමනාවක් ද නැති බවත් ස්ථිරව ම ප‍්‍රකාශ කරයි. ඒ අතර විශ‍්‍රාමික මන්තී‍්‍ර කරු ජයසූරිය ‘කථානායක’ තනතුරු නාමය ද භාවිත කරමින් ‘ව්‍යවස්ථා සභාව’ කැඳවූ අවස්ථාවේ නගන ලද විරෝධතාවයක් නිසා ඒ වෙන විට තමා කථානායක නො වෙන බව පිළිගැනීමට සිදු වීය. ඒ නිසා ඝෝෂක නීති විශාරදයෙකුගෙන් දැඩි ලෙස දොස් ඇසීමට සිදු වූ බවට ද වාර්තාවක් වීය. ඝෝෂකයන් මාර්තු 2 වෙනි දා ගැසට් නිවේදනය ආපසු කැඳවන්නැ’යි ජනාධිපතිට ආයාචනා කරමින් තැටිය මාරු කොට ‘කෙක්කෙන් හෝ කොක්කෙන්’ වැඩට බැස ඇත. මේ අතර මැතිවරණ කොමිසම රටේ පුරවැසියන්ට ඡුන්දය දීමට දින නියම කොට ඇත.

විසුරුවා හැර ඇති ව්‍යවස්ථාදායකය ආපසු කැඳවිය හැකි ද? එසේ කිරීමට ජනාධිපතිට නියෝග කිරීමට අධිකරණයට බලයක් තිබේ ද? විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ආපසු කැඳවන්නැ’යි ජනාධිපතිගෙන් ඉල්ලීමට දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වලට හැකි ද? එසේ කැඳවිය යුතු ද? හැකි ද? නීති විසාරදයන්ට තම තමන්ගේ දැනුුම, අභිමතය සහ අරමුණ වෙනුවෙන් නීති තර්ක ඉදිරිපත් කළ හැකි ය. ඔවුන්ගේ විවාදයට මැදිහත් වීමට මට උවමනාවක් නැත. එහෙත් අවශ්‍ය නම් තවත් අයට දැනගැනීම සඳහා මේ සම්බන්ධයෙන් මට හිතෙන හැටි දැක්වීමට ඉඩ ඇතැ’යි මට සිතේ.

පළමුවෙන් ම අප මතකයට ගත යුතු කරුණකි. එනම්, අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තු ක‍්‍රමය අපට පාර්ලිමේන්තු ක‍්‍රමය හඳුන්වා දුන් බි‍්‍රතාන්‍යයේ තිබෙන පාලිමේන්තු ක‍්‍රමය නො වේ. බි‍්‍රතාන්‍යයේ, මන්තී‍්‍ර මණඩලය (හවුස් ඔෆ් කොමන්, සාමිමන්තී‍්‍ර මණ්ඩලය (හවුස් ඔෆ් ලෝඞ්ස් සහ රැුජින/රජ පාර්ලිමේන්තුව ලෙස සලකනු ලබයි. මන්තී‍්‍ර මණ්ඩලයට මහජන ඡුන්දයෙන් නියෝජිතයන් තෝරා ගනු ලබන අතර සාමිමන්තී‍්‍ර මණ්ඩලය එලෙස ඡුන්දයෙන් තෝරා ගනු ලබන අයගෙන් සමන්විත නො වේ. නීති කෙටුම්පත් පිළිවෙලින් මන්තී‍්‍ර මණ්ඩල දෙක විසින් ම විවාද කොට සම්මත කළ යුතු වෙයි. විධායක බලය අගමැති සහ කැබිනට් මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක වෙයි. රැුජින/රජු විධායකය නො වේ. (පාසලේ විෂය හදාරන කාලයේ ‘රැුජින රජ කරතත් පාලනය නො කරයි’, ‘රැුජින රබර් මුද්‍රාවකි’ ආදි මාර්තෘකා යටතේ අපට රචනා ලිවිමට සිදු වූ බව මතක ය.*

අපේ රටේ පාර්ලිමේන්තුවට පුරවැසියන් විසින් ඡුන්දයෙන් තෝරා ගනු ලබන විධායක ජනාධිපති සහ ව්‍යවස්ථාදායකයක් ඇත. ඡුන්දයෙන් තෝරා ගත් බව මැතිවරණ කොමිසම ගැසට් කිරීමෙන් පමණක් කෙනෙකුට ව්‍යවස්ථාදායකයේ කථා කිරීමට හෝ ඡුන්දය පාවිච්චි කිරීමට නො හැකි ය. ව්‍යවස්ථානුකූල ලෙස දිවුරුම නො දුන් විට ඔහු ‘මන්තී‍්‍ර’ නො වෙන අතර තෝරා ගනු ලැබීම ද

අහෝසි වෙයි. දිවුරුම් නො දුන් විට මහජනයා දුන් නියෝජිත බලය අහෝසි වෙයි. ඔහුට සභාගැබේ අසුනක් හිමි නො වේ. තමන්ට පැවරී ඇති බලතල අනුව විධායකයේ ප‍්‍රධානියා වෙන ජනාධිපති තමන් විසින් අගමැති සහ ඇමැති ලෙස පත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ගේ සහයෙන් විධායකය මෙහෙය වයි.

මළ ව්‍යවස්ථාදායකය

මාර්තු දෙවෙනි දින විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිතුත් කිරීමත් සමග ම :-

1. එතෙක් පැවති ව්‍යවස්ථාදායකය නිරුද්ධ වීය. මියගියේ ය. එය නියෝජනය කළ සාමාජිකයන්ට ජීවය දුන් ජනතා නියෝජනය අහෝසි වී ය. ඔවුන්ගේ ‘මන්තී‍්‍ර’ ප‍්‍රාණය ද මියගියේ ය. ඒ නිසා ‘හිටපු’ වචනයක් ඔවුන්ට එකතු විය. (ඉංගිරිසියෙන් ‘එක්ස්’ හෝ ‘ලේට්’ කියා කැමැති ලෙස යොදා ගැනීමට හැකි ය.* රටේ අති බහුතර ඡුන්දදායක පුරවැසියෝ තමන්ගේ පරම අයිතිය භාවිත කිරීමේ අවස්ථාව උදා වී ය’යි උද්දාමයට පත් වූහ.

2.සාමාජිකයන් විසින් තෝරාගනු ලැබූ කථානායක, උපකථානායක, සභානායක, විරුද්ධ පක්‍ෂයේ නායක, කාරක සභා ආදි සියලූ ම තනතුරු සහ කමිටු අහෝසි වූ අතර ‘මන්තී‍්‍ර’ ප‍්‍රාණය නිරුද්ධ වීම සමග ම ඒ තනතුර නාම දැරීමේ සහ භාවිත කිරීමේ අයිතිය ද අහෝසි වීය.

3.විශ‍්‍රාමික, කරු ජයසූරිය හිටපු මන්තී‍්‍රට, තමන් ‘කථානායක’ නො වෙන නිසා ව්‍යවස්ථාදායකය කැඳවීම හෝ මූලාසනය ගැනීම, රැුස්වීමේ කැඳවීම කළ නො හැකි අතර විපක්‍ෂ නායක ආදී සියලූ තනතුරු අහෝසි වී ඇති බැවින් නීති රීති පැණවීමට, සම්මත කිරීමට ඡුන්දය විමසීමට විසුරුවා හැර ඇති ව්‍යවස්ථාදායකයේ රැුස්වීමක් ‘සභාගැබ’ තුළ පැවැත් වීමට හෝ ඒ සඳහා සභාගැබට පිවිසීමට හෝ අයිතියක් බලයක් නැත.

4.විසුරුවා හරින අවස්ථාවේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් වූ අය තමන් තව දුරටත් එහි සාමාජිකයන් නො වෙන බව පිළිගෙන අ`ඵත් ව්‍යවස්ථාදායකයට යාමට යළිත් තමන්ට ඡුන්දය දෙන ලෙස ආයාචනා කරමින්, පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ඉල්ලූම් පත් (නාම යෝජනා* ඉදිරිපත් කිරීමෙන් ම තමන් ‘මන්තී‍්‍ර’ නො වෙන බවත් පසු ගිය මාර්තු 2 වෙනි දිනට පසු කැඳවීමට හෝ රැුස්වීමට ව්‍යවස්ථාදායකයක් නැති බවත් ඔවුන් විසින් ම පිළිගෙන ඇත.

5.ජනතා නියෝජිත බලය අහෝසි වූ, ව්‍යවස්ථාපිත ‘දිවුරුම’ අහෝසි වූ, ‘මන්තී‍්‍ර’ ප‍්‍රාණය මියගිය, පාර්ලිමේන්තු වරප‍්‍රසාද අහිමි වූ, කිසිවෙකුට ව්‍යවස්ථාදායක රැුස්වීමක සාමාජිකයෙකු ලෙස, ජනතා පරමාධිපත්‍යයේ සංඛේතය වෙන ‘සෙංකෝලය’ සහිත ව්‍යවස්ථාදායක සභාගැබේ අසුන් ගැනීමට විවාද කිරීමට, ඡුන්දය පාචිච්චි කිරීමට, නීති රීති පැණවීමට, සම්මත කිරීමට හෝ ඒ සඳහා සභාගැබට පිවිසීමට අයිතියක් බලයක් නැත. නැති බලයක් අයිතියක් දීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි වීම කි.

6.කෙටියෙන් ම කියතොත් පසුගිය මාර්තු 2 වෙනි දා මියගිය ව්‍යවස්ථාදායකය සප‍්‍රාණික ලෙස කැඳවීමට නො හැකි ය.

ව්‍යවස්ථාවේ අසුවල් වගන්තිය අනුව කැඳවිය හැකි බවට ඝෝෂකයෝ දැනට ම නීති තර්ක ඉදිරිපත් කරති. ඊට එරෙහි නීති තර්ක ද ඉදිරිපත් කොට ඇත. විසුරුවා හැරි ව්‍යවස්ථාදායකය නීතියෙන් තමන්ට හිමි ‘අභිමතය’ පරිදි යළි කැඳවන්නේ නැති බවත්, බලයක් නැති බවත්, ඒ සඳහා ‘හදිසියක්’ තමන්ට නැති බවත් ජනපති නිශ්චිතව ප‍්‍රකාශ කොට ඇත. ජනපතිගේ නීතිමය අභිමතයට එරෙහිව අධිකරණය කුමක් කරත් දැ’යි මා දන්නේ නැත.

‘පරණ පාර්ලිමේන්තුව කැඳවීම’ අපැහැදිලි කරුණ කි. පාර්ලිමේන්තුව විසුරුවා හැර නැත. විසුරුවා හැර ඇත්තේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක අංශය පමණ කි. ජනතා පරමාධිකාරිය පිළිපැදීමට සහ ආරක්‍ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටින ජනතාව පවරා දුන් පූර්ණ අධිකාරිත්වය සහිත ජනාධිපති ප‍්‍රමුඛ විධායකය සහ අධිකරණය කි‍්‍රයාත්මකව පවතී. මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක, මළ

ව්‍යවස්ථාදායකය ජනපති විසින් කැඳවනු ලැබිය හැකි ය’යි ව්‍යවස්ථාවේ ඇතුළත් වීම යම් විකෘතියකි. අඵත් ව්‍යවස්ථාදායකයට පරණ සාමාජිකයන් හෝ අඵත් සාමාජිකයන් හෝ ඒ දෙපිරිස කලවමේ හෝ තෝරා ගැනීමට ඡුන්දය භාවිත කිරීමේ ජනතාවට ඇති පරම අයිතියට එරෙහි විධිවිධාන ඇතුළත් වීම ගැට`ඵව කි. කෙසේ වුව ද මැතිවරණයට පෙර යම් හදිසි අවශ්‍යතාවක් වේ නම් විධායක ජනපතිට අභිමතය පරිදි ව්‍යවස්ථාදායකය නියෝජනය කළ සියලූ පක්‍ෂ, කණ්ඩායම් පමණක් නොව නියෝජනය නො වෙන ලියාපදිංචි පක්‍ෂ, විදවතුන්, ආගමික සහ සිවිල් සංවිධාන කැඳවීමේ බලය ව්‍යවස්ථාපිත කිරීමට ව්‍යවස්ථා සම්පාදකයන්ගේ, කෙටුම්පත් කරන්නන්ගේ අදහස වී නම් එය ‘පරණ පාර්ලිමේන්තුව කැඳවීම’ ලෙස දැක්වීම ඔවුන් අතින් සිදු වූ වචන පටලැවිල්ලක් විය හැකි ය. කෙසේ වෙතත් නිවැරදි කළ යුතු කරුණ කි.

‘ව්‍යවස්ථා සභාව’- ඔත්පල වෙයි.

විශ‍්‍රාමික මන්තී‍්‍ර කරු ජයසූරිය ‘ව්‍යවස්ථා සභාව’ කැඳවා මළ ව්‍යවස්ථාදායකයට දිරච්ච කරුවක් ගසා පණ පෙවීමට හැදුවේ ය. ‘ව්‍යවසථ්ා සභාව’ කුමක් කරන්න ද? මාර්තු 2 වෙනි දිනට පසු එය කිසිවක් කරකියාගත නො හැකි ‘අංශභාග’ රෝගයට ගොදුරු වී ඇත. එහි සභිකයන් අතර:-

1. ව්‍යවස්ථාදායකයේ කථානායක ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපති වීය.

2. අගමැති, විපක්‍ෂ නායක තනතුරු දරන අය

3. අගමැති, විපක්‍ෂ නායක නම් කරන ‘මන්තී‍්‍ර’ පදවි දරන අය

4. ජනපති නියෝජනයට අයෙක්

5. සිවිල් සංවිධාන වෙනුවෙන් දේශපාන පක්‍ෂ අනුමැතිය ලැබූ අය වහු.

ව්‍යවස්ථාදායකය මියයන විට ම කථානායක තනතුර, විපක්‍ෂ නායක තනතුර සහ මන්තී‍්‍ර පදවි ද මළ නිසා ව්‍යවස්ථා සභාව බරපතල ලෙස රෝගී වී ඇත. රාජ්‍යය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටඵ රැුසකට මුහුණ දීමට සිදු වෙයි. අග විනිසුරු පදවියට ද දේශපාලනය මුල් වෙයි. ‘ව්‍යවස්ථා සභාව’ නමින් ‘ස්වාධීන’ ලේබලය අලවා පිහිටු වන ලද දේශපාලන ආයතනය මගින් ව්‍යවස්ථා කෙටුම්පත්කරුවන්/ සම්පාදකයන් මුඵ රට ම, රාජ්‍යය ම විශාල අර්බුධයකට හෙළා ඇත. බරපතල ලෙස සලකා බැලිය යුතු ව්‍යවස්ථාවෙන් නිර්මාණය කළ ගැට`ඵව කි.

එහි සභාපති වූයේ ‘කථානායක’ තනතුර මිස විශ‍්‍රාමික කරු ජයසූරිය නො වේ. තමන් කථානායක නො වෙන බව ඔහු ම පිළිගත් නිසා ඔහු සභාපති නො වේ. පදවි පදනමින් පත් වු අය සාමාජිකයන් නො වේ. ‘කථානායක’ හෝ ‘සභාපති’ හෝ ‘විශ‍්‍රාමික මන්ත‍්‍රී’ පදවි නාමයෙන් ඔහුට ‘ව්‍යවස්ථා සභාව’ කැඳවීමට, සභාව පැවැත්වීමට හෝ මෙහෙයවීමට කිසිම නීතිමය අයිතියක් බලයක් නැත. බරපතල වරදකි. (නූල් අදින්නා මිස තමන් කරන්නේ කුමක් දැ’යි රූකඩය දන්නේ නැත.*

ගැසට් නිවේදනය ආපසු කැඳවීම

පසු ගිය අවුරුදු හතරහමාරක් ආණ්ඩු කළ පක්‍ෂ නායකයන්, මළ ව්‍යවස්ථාදායකයේ විශ‍්‍රාමික මන්ත‍්‍රීන් පිරිසක් මාර්තු 2 වෙනි දින ගැසට් නිවේදනය ආපසු කැඳවන ලෙස ජනපතිට ආයාචනය කොට ඇත. නීතිමය වශයෙන් සහ සදාචාරමය වශයෙන් ඔවුන්ට එසේ කළ හැකි ද?

1. මාර්තු 2 වෙනි දින ගැසට් නිවේදනය නීති විරෝධී ය’යි අධිකරණයට ගියේ නැත.

2. ‘විශ‍්‍රාමික’, ‘හිටපු’ මන්ත‍්‍රී තත්වය භාර ගෙන ඇත. එසේ ඇමතුම් ලැබීම ප‍්‍රතික්‍ෂේප කොට නැත.

3. ගැසට් නිවේදනයෙන් බලය ලත් මැතිවරණ කොමිසම මැතිවරණ නීති ප‍්‍රකාර කළ ‘ඇප මුදල් බැඳීම’ සහ නාමයෝජනා දීමේ දින නියමයට එරෙහිව අධිකරණයට ගියේ නැත.

4. නියමයට අනුව තමන් අඵත් ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තේරීමේ තරගයට ඉදිරිපත් වෙන බව මැතිවරණ කොමිසමට දැනුම් දුන්හ.

5. නියමය අනුව ‘ඇප මුදල් බැඳීම’ ජයග‍්‍රාහී ස්වභාවයෙන් කළහ.

6. මාර්තු 13 වෙනි දින නාමයෝජනා ඉදිරිපත් කිරීම උජාරුවෙන් කළහ.

7. තමන්ගේ කි‍්‍රයා මගින් ගැසට් නිවේදනය සහ ඒ හා අනුගත වූ නීතිමය හා පරිපාලනයම කි‍්‍රයා පරිපාටිය පිළිගෙන අනුමත කොට තමන් ද එහි කොටස්කරුවන් වී ඇත.

8. තමන් චේතනාත්මකව සහ කි‍්‍රයාත්මකව කළ කි‍්‍රයා මගින් මාර්තු 2 දින ගැසට් නිවේදනය සහ මැතිවරණ කොමිසමේ කි‍්‍රයාපටිපාටිය ප‍්‍රතික්‍ෂේප කිරීමට නො හැකි සේ ප‍්‍රතිබන්ධනය වී ඇත.

තම කි‍්‍රයා මගින් තමන් ම නීතිමය වශයෙන් බැඳී ඇති ඔවුන්ට බලාත්මක ව කි‍්‍රයාත්මක වෙන ගැසට් නිවේදනය ආපසු කැඳවන ලෙස ජනපතිට ආයාචනා කිරීමට සදාචාරමය අයිතියක් නැත. ඡුන්ද ප‍්‍රචාරක කටයුතු කිරීමට අවස්ථාව නැති නිසා තමන්ට අසාධාරණයක් ය’යි හේතු දැක්වීම තුත්තිරි ගහට මුවා වීමක් වැනි ය. පසු ගිය වසර හතරහමාරක පාලන කාලයේ කළ ජනතා සේවාව, රටේ ආර්ථික, සංස්කෘතික සමාජ සංවර්ධනය පුරවැසියන්ට රහසක් නො වෙන නිසා සහ මාස කීපයකට පෙර ජනාධිපති තර`ගයේ දී එකල ආණ්ඩුවේ පොදු අපේක්‍ෂක මගින් ඉදිරිපත් කළ ඉදිරි වැඩ ගැන පැහැදුනු පුරවැසියන් ඡුන්දය දීම ස්ථිර ය. අවශ්‍ය ඔවුන්ට ඒවා යළි මතක් කිරීම පමණ කි. සම්මත අය වැයක් වත් නැති මාස කීපයේ සහ වැඩ බලන ආණ්ඩුවට ඒ අතින් අවාසිය වැඩි ය.

ජනාධිපති රටේ ප‍්‍රධාන ම නීතියට, ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකයට තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීම පුරවැසියන්ට භාර දී ඇත. මාර්තු 2 දිනෙන් පසු කටයුතු මැතිවරණ කොමිසමට අයත් ය. නාමයෝජනා භාරගෙන මැතිවරණයට දින නියම කොට ඇත. මැතිවරණ නීතියට අනුව කටයුතු කරයි. ජනවාරි මාසයේ සිට මූලික කටයුතු කොට පත්වීම් ලිපි භාරගෙන තිබූ උපාධිධාරීන්ගේ පුහුණුව කොමිසම නතර කළ නිසා පුහුණුව හැර ඔවුන්ට දීමනාව පමණක් ලබා ගැනීමට සිදු වී ඇත. කොමිසම ස්වාධීන ය. දේශපාලන බලපෑම්වලින් නිදහස් ය. (වල් බූරු නිදහසක් භාවිත කරන අය සිටියත් කොමිසම ‘ස්වාධීන’ ය.* මැතිවරණය පැවැත් වීම කොමිසමට පැවරී ඇති නීතිමය වගකීම කි. ව්‍යවස්ථාමය ගැට`ඵවක් ඇති නො වෙන ලෙස කටයුතු කිරීම කොමිසමේ වගකීමකි.

මෙවර අධිකරණයට ගිය විට ද 2019 ඔක්තෝබර් මාසයේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබූ ප‍්‍රතිඵලය ම ලැබෙන බව ඝෝෂක නීති විශාරදයෙකු දුන් ප‍්‍රසිද්ධ සහතිකය සහ පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ අධිකරණයේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව යම් යම් කරුණු විවෘත අධිකරණයට මෙන් ම විවෘත ජනතා අධිකරණයට රහසක් නො වෙන බැවින් විසුරුවා හැර ඇති ව්‍යවස්ථාදායකය නැවත කැඳවීමට හෝ/හා ගැසට් නිවේදනය ආපසු කැඳවීමට ජනාධිපතිට නියෝග කිරීමේ අධිකරණ බලය ගැන නිහ`ඩ වීමට සිදු වී ඇත.

මළ ව්‍යවස්ථාදායකයේ සිටි, වසර පහ සම්පූර්ණ කළ සාමාජිකයන් ‘විශ‍්‍රාමික’ සහ ඒ සුදුසුකම නැති අය ‘හිටපු’ යන විශේෂණ සහිතව හැඳින්වීමට හෝ ඔවුන්ට නැවත ජනතාවගෙන් පත්වීම් ලැබීමට බාධාවක් නැත. කෙසේ වෙතත් පරණ ව්‍යවස්ථාදායකයේ සිටි 65කට පමණ ‘හිටපු’ විශේෂණයට සහ අනෙක් අයට ‘විශ‍්‍රාමික’ විශේෂණයට සුදුසුකම් ඇත. එමෙන් ම එහි සිටි ‘මන්තී‍්‍ර’ලාගෙන් භාගයක් පමණ ‘සාමාන්‍ය පෙළ’ සමත් නැතැ’යි වාර්තා විය. පාසල් ලමුන්ගේ දැනුම මනින රජයෙන් පවත් වන පළමු විභාගය වෙන පහේ පන්තියේ විභාගයෙන් සාමාන්‍යයෙන් හෝ සමත් වූයේ නම් සාමාන්‍ය පෙළ අසමත් වීමට තරම් හේතුවක් නැත. නීති සම්මත කරන්නේ මෙවැනි අයයිෟ

ඇත්තට ම කොරෝනාවෙන් ජනතාව ගලවා ගැනීම එක ම අරමුණ නම් ඝෝෂකයන් කළ යුත්තේ පසු ගිය ජනපති ඡුන්දයේ දී හෝ ප‍්‍රාදේශීය ඡුන්දයේ දී ඡුන්ද ලැබූ ආකාරය ආදර්ශය ලෙස ගෙන අඵත් වයවස්ථාදායකයට තම තමන්ගේ නියෝජිත සංඛ්‍යාව කොමිසම මගින් නියම කරවා ගැනීමට හා දෙශ්පාලන පක්‍ෂ නාමයෝජනා ලැයිස්තුවලින් පුද්ගලයන් තෝරා දීමට ආණ්ඩු පක්‍ෂය සමග එකග වී කොමිසම මගින් අවශ්‍ය විධිවිධාන පනවා ගෙන කි‍්‍රයාත්මක කරවා ගැනීම ය. රු. කෝටි දහස් ගණනක් ඉතිරි ය. තමන්ගේ ජාමබේරා ගැනීමට ද හැකි වෙනු ඇත. බොහෝ විට ඝෝෂකයන් නිතර කී ‘ලිච්ඡුවී පාලනයක්’ කෙසේ වෙතත් ‘ලිච්ඡුවී ඡුන්දයක්’ දැකීමට ද හැකි වෙනු ඇත.

විමල් පටබැඳිගේ

One Response to “මළ ව්‍යවස්ථාදායකයට පණ දීම- විකෘතිය කි.”

  1. Vaisrawana Says:

    විමල් පටබැඳිගේ, you have written a very enlightening piece in clear plain Sinhala. Well done! Some yahapalana zombies of the dead parliament/legislature are spreading a contagion of doubt and fear among the silent public who are eagerly waiting to get rid of them. This is because, although dead, the yahapalana apathayas have not been properly interred yet; they have not been given a proper burial for which a new parliament must be elected. They are using the national health emergency created the unexpected Covid-19 pandemic as a pretext for them to be recalled to life to complete fulfilling their treacherous commitments to the satanic forces waiting to devour our motherland. The president and the caretaker government are within their rights to do whatever they are doing at this critical moment and the politically mature public are fully behind them. The yahapalana appointees to various ‘independent’ commissions who are still in powerful positions may still remain a temporary snag, though; but not all of them are crooked. The proper person is at the helm after five years of deliberate anarchy. Right will win; wrong will lose. Democracy and order will ultimately be restored. Let’s keep our fingers crossed.

    That all the 225 who were in parliament are apathayas is a false argument, something NOT repeated in this article, but peddled by the ‘3%’ rascals who form a significant proportion of the haunting yahapalana zombies, but who will never see the light of day again in a legitimately elected new parliament. There were re-electable MPs in that parliament, and they must be allowed to continue their political careers. One of them is Udaya Gammanpila. He did reasearch and showed with statistical proof that the following argument about the alleged lack of a proper formal education among the MPs of the dissolved parliament is NOT true:

    එමෙන් ම එහි සිටි ‘මන්තී‍්‍ර’ලාගෙන් භාගයක් පමණ ‘සාමාන්‍ය පෙළ’ සමත් නැතැ’යි වාර්තා විය. පාසල් ලමුන්ගේ දැනුම මනින රජයෙන් පවත් වන පළමු විභාගය වෙන පහේ පන්තියේ විභාගයෙන් සාමාන්‍යයෙන් හෝ සමත් වූයේ නම් සාමාන්‍ය පෙළ අසමත් වීමට තරම් හේතුවක් නැත. නීති සම්මත කරන්නේ මෙවැනි අයයිෟ.

    However, Wimal Patabendige’s casual reference to that argument is NOT a serious lapse on his part. I for one completely agree with his view that the call to recall the dissolved legislature is an aberration. It is actually more than an aberration. It is an abomination.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress