රටම තිගැස්සුනු කරුණට සැනසිල්ලක්.. කොළඹ අවදානම අඩු වෙයි.. මේ එන්නේ තීරණා්මක දින හතරයි..
Posted on May 6th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඊයේ දිනයේදී කොලොන්නාවෙන්, රාජගිරියෙන් හා ජාතික රෝහලෙන් හදුනාගත් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව අවසන් වරට සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවෙන් හෙලිව තිබේ.

අද දිනයේ ඔවුනට සිදු කරන ලද පරීක්‍ෂායවලදී මේ බව හෙලි වූයේ යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කොරෝනා සදහා සිදු කරන PCR පරික්‍ෂණයේ නිවරද්‍යතාවය 70%ක් පමණ වන බව ලෝකයේම මතයයි.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරි සදුදා වනවිට රට සීමා ලිහී කිරීමකට ලක් කරන බැවින් මේ තීරණාත්මක දින කිහිපය ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

මේ තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවති කොරෝනා පොකුරු මතුවීමේ අවදානම් සහගත තත්ත්වය යම් ප්‍රමාණයකට අඩු වී ඇතත් කොළඹ මෝදර ප්‍රදේශයෙන් මියගිය ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතව සම්බන්ධයෙන් ගැටලුව තවදුරටත් පවතී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress