නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම සම්බන්ධවයි.
Posted on May 7th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

විද්‍යුත් තැපෑලෙනි (2020.05.07)

සී. ඩී. වික්‍රමරත්න මහතා
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථාන,
කොළඹ 01,

විද්‍යුත් තැපෑල :- igp@police.lk

නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් (2020.04.28 ආර්ටීඑම් 999 සංශෝධන‍ය කර) නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම සම්බන්ධවයි.

1. ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති පණිවිඩයට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට ඇදිරි නීතිය පවතින අවස්ථ සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දී තිබූණි.

2. සියලු අවස්ථානුගත තත්ත්වයන් සළකාබලා උක්ත ආර්ටීඑම් 999 හි කරුණු අංක 03 සංශෝධනය කරමින් වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට නීතිඥ හැදුනුම්පත යොදාගැනීමට අවසර දීම සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරමි.

මෙයට,

විශ්වාසී,

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

(දුර. 0712063394)

විද්‍යුත් තැපෑල :- arunaunawatuna@gmail.com

පිටපත් –

1.නීතිඥ හරිගුප්තා රෝහනධීර, අධ්‍යක්ෂ ජනරාල්(නීති), ජනාධිපති ලේකම් කාර්යාලය. කොළඹ 01.

විද්‍යුත් තැපෑල :- ps@presidentsoffice.lk

2.සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය. කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- basl.lawnet@gmail.com

3.නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- administration@attorneygeneral.gov.lk

නීතිඥවරුන්ට අධිකරණ කටයුතු සදහා සහභාගීවීමට ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාවල දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට වැඩබලන පොලිස්පති 2020.05.05 සහ ආර්ටීඑම් 175 පණිවිඩය මගින් (2020.04.28 ආර්ටීඑම් 999 සංශෝධන‍ය කර) නීතිඥ හැදුනුම්පතට අවසර ලබා දීම…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress