කොළඹ අවසන් කොරෝනා පොකුරු දෙකද නිවී යයි.. කෙසෙල්වත්ත හා දාබරේ මාවතත් විවෘත වෙයි.. දැන් කොරෝනා වැලිසර කදවුර ඇතුලේ පමණයි..
Posted on May 9th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොළඹ 12 බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාබරේ මාවත යන ප්‍රදේශවලින් මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

එනිසා දින කිහිපයක් ඇතුළත එම ප්‍රදේශයද විවෘත කිරීමට හැකි වනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළේය.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිපුර හඳුනා ගැනෙන්නේ නාවික හමුදාවේ වැලිසර කදවුර ආශ්‍රිතව බවද ඔහු සඳහන් කළේය.

මේ තත්වය මත මෙරට සක‍්‍රිවය පවතින එකම කොරෝනා පොකුර වැලිසර නාවික හමුදා කඳවුර බවට පත්ව ඇත.

බණ්ඩාරනායකපුර හා දාබරේ මාවත ද සම්පූරුණයෙන්ම පාහේ නිෂ්ක්‍රීය වී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress