කොරෝනා තුලින් යකාද යලි හිස එසවීමට දරන වෑයම පරදවමු.
Posted on May 10th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මේ රටේ අමුම අමු පෙරේතයින් රංචුවක් දේශපාලනය කරමින් සිටින බව අපි දන්නෙමු. මේ රංචුවට ජනාධිපතිවරුන්ව සිටිය වුන්, මැති ඇමතිවරුන්ව සිටිය වුන්, ඇතුළුව සියලුම ජනසමාජයන් නියෝජනය කරන්නන්ගෙන් සමන්විතය. මොවුන්ට නිතිය කැඩීමත් නිත්‍යානු කුල වන අතර, නිතිය රකිමින් ව්යාවස්තානුකුලාව කටයුතු කිරීමත් නීති විරෝධී කටයුත්තක ලෙස අර්ථගැන්විය හැක.

මේ පෙරේත ප්‍රජාව 2009 මයි මස ලද පරාජයත් සමග විවිධ ස්වරුපයෙන් මෙරට බලය හා ගැනීමට වෙර දරු අතර අවසානයේදී, වර්ෂ 2015 ජනවාරි මස 8 වෙනිදා එම කාර්ය සාර්ථක කරගන්නා ලද්දේ, වර්තමාන මැතිවරණ කොමසාරිස්ගේ නායකත්වයෙන් යුතුව පවත්වන ලද මැතිවරණයක හාස්කමකිනි.

එදා මහින්ද රාජපක්ෂයන්ව පරාජයට පත්කරන ලද්දේ මෙරට ජනතාව විසින්ය යන මිත්‍යාව ඉදිරියට දමාගෙන සිටියද ඇත්ත වශයෙන්ම එදා මහින්ද රාජපක්ෂයන්ව පරාජයට පත්කරන ලද්දේ මෙරට ජනතාව විසින් නොවේ. ඒ සඳහා සුදානම් කොට තිබු විශේෂ යාන්ත්‍රණයක් මගිනි. මහින්ද රාජපක්ෂ මහතා එදා මැතිවරණ සටනේ ජග්‍රහකයා වුවද පරාජයට පත්විය. මේ වර්තමාන දේශපාලන පිටියේ නීතියයි. ජග්‍රහයකයා ජයගෙන තිබනද, ඔහුව පරාජය කර පරාජිතයා ජග්‍රහකයා ලෙස ඔටුනු පැළදවීම වත්මන් සමාජයේ ඇති නීතියයි. එය මැතිවරණ කොමිසම තුලින් නොහැකි නම්, වෙනයම් ආකාරයකින් හෝ සිදුකිරීමට වෙර දැරීම ජරාවට පුරුදුවූ ප්‍රේත ජන සමුහයාගේ ස්වරූපයයි. එම ක්‍රියාදාමය වර්තමානයේදීද ඉතා මැනවින් සිදුකරමින් සිටි.

උන්ට වඩා අපට බලයක් තිබේ, නමුත් උන්ට නැති ගෞරවනීය ජීවන රටාවක් අපට තිබේ. එබැවින් උන්මෙන් අපි බලය හා ගැනීමට උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නැත. උන් ලංකාවට එනවිට

1. තුවක්කුව,
2. බයිබලය,
3. නිතිය

රැගෙන විත් එදා සිට අද දක්වා මෙරට ජනතාවට ඔය තුනෙන්ම පහරදෙමින් තලමින් සිටි.1818, 1848, 1915, 1971, 1977-2009 දක්වා උන් තුවක්කුවෙන් අපට ශිල්ප පෙවූ අතර, 2009 මැයි මස 18 වෙනිදා මෙරට දේශප්‍රේමී පරපුර ඔවුන්ගේ තුවක්කු සෙල්ලමට තිත තැබීමට සමත්විය.

එදායින් පසු උන් සෙල්ලම ආරම්භ කරන ලද්දේ අනිකුත් ආයුධ භාවිතා කරමිනි. උන් එම සටන් වලින් සමහරකින් ජයගත්හ.

දැන් අපි බෞද්ධ දර්ශනයේ ප්‍රධාන ඉගැන්වීමක් වන “වෛරයෙන් වෛරය නොසන්සිඳේ” යන්න මදකට පැත්තකින් තබා අප යතාරුපි භගවත් ගීතාවේ ආරම්භයේදීම ශ්‍රී ක්‍රිෂ්ණා විසින් අර්ජුනට කියා දෙන ප්‍රබලම පාඩම වන අපව හඹා එමින් පහර පිට පහරදෙන සතුරාට අනුකම්පා විරහිතව පහරදී විනාශ කල යුතුය. ඒසඳහා සුදානම් වීමට කාලයයි මේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress