කෝවිඩ් 19 වසංගතයේ බලපෑම මත යැයි පවසමින් වසා දැමූ ඇගඵම් කර්මාන්ත ශාලාවල රැකියා සුරක්ෂිත කිරීම සඳහා රජයට පවරා ගන්නා මෙන් ඉල්ලීම
Posted on June 2nd, 2020

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

අතින් භාරදීම.
2020 ජුනිි මස 02 වන දින.
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
නිපුණතා සංවර්ධන, රැකී රක‍ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය,
නිපුණතා සංවර්ධන, රැකී රක‍ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශය,
zzමෙහෙවර පියසZZ,
06 වන මහල,
නාරාහේන්පිට,
කොළඹ 05.
ගරු අමාත්‍යතුමනි,
කෝවිඩ් 19 වසංගතයේ බලපෑම මත යැයි පවසමින් වසා දැමූ ඇඵම් කර්මාන්ත ශාලාවල රැකියා සුරක්ෂිත කිරීම සඳහා රජයට පවරා ගන්නා මෙන් ඉල්ලීම

කෝවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් තව දුරටත් පවත්වා නොගත හැකි යැයි කර්මාන්තශාලා වසා දමා සේවකයින්ගේ රැකියා අහිමි කිරීම වැලැක්වීම සඳහා ඔබගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය විසින් එකගවන ලද, පසුව 2020 මැයි මස 11 වන දින පවත්වන ලද ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී අනුමත කළ එකගතාවයන් මගහරිමින් නොයෙක් හේතු පෙන්වමින් කර්මාන්තශාලාවල සේවකයින් සේවයෙන් ඉවත්කරලීමට ඇතැම් හාම්පුතුන් කටයුතු කරමින් සිටින බව දිනපතා වාර්තාවෙමින් පවතී. මේ සඳහා උපයෝගී කර ගන්නා ක්‍රම අතර සේවකයින්ගේ ප්‍රවාහන පහසුකම් අත්හිටුවීම එකකි. ඇගළුම් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් සේවයේ පිහිටුවීමේදී ප්‍රවාහන පහසුකම් ලබාදීම සේවා කොන්දේසියක් බවට පත්ව තිබූණකි. කෝවිඩ්-19 සමග ඇතැම් හාම්පුතුන් විසින් එම ප්‍රවාහන පහසුකම අහෝසි කරමින් සේවයට වාර්ථා කරන ලෙස සේවකයින්ට දැනුම්දීම් කරති. එබැවින් බොහෝ සේවක සේවිකාවන්ට සේවා වාර්තා කිරීමට නොහැකිවේ. එළෙස සේවා වාර්ථා කිරීමට නොහැකිවන සේවකයින්ට සේවය අතහැර ගියා සේ සළකන බව දන්වා ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට හාම්පුතුන් පියවර ගනු ලබයි. තවත් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් එම සමාගමට අයත් කි.මී. 50 ටත් වඩා වෙනත් සේවා ස්ථානවලට මාරුවීම් ලබාදී එA සඳහා ප්‍රවාහන පහසුකම් ද ලබා නොදෙමින් සේවයට පැමිණිය නොහැකි සේවක සේවිකාවන් සේවය අතහැර ගියා සේ සලකා සේවයෙන් ඉවත් කිරීමට පටන්ගෙන ඇත.
මෙවැනි කර්මාන්තශාලා පිළිබඳව සම්පූර්ණ තොරතුරු විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අප සංගමයට හැකිය.
මෙවැනි කි්‍රයාවන්ට ඉඩ දුනහොත් ඉදිරි කාලයේ දහස් ගණන් සේවක සේවිකාවන්ගේ රැකියා හාම්පුතුන්ගේ ලාභය වෙනුවෙන් අහෝසි කෙරෙනු ඇත. එයට විසඳුම් ලබාදීමට ආණ්ඩුවට වගකීමක් හා හැකියාවක් ඇතැයි අපි විශ්වාස කරමු.
මේ වන විට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (ඹභෂක‍ෑත‍) විසින් ලංකාණ්ඩුවට පුද්ගලික සෞඛ්‍ය ආරක‍ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා විශාල ඇණවුමක් ලබාදී ඇති අතර, එය මේ රැකියා අහෝසියට පිළියමක් ලෙස යොදාගත හැකි යැයි අපි යෝජනා කරමු. දැනට එම සෞඛ්‍ය ආරක‍ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම ලබාගෙන ඇත්තේ යෝධ සමාගම් කිහිපයකි. ඒ වෙනුවට, ඉන් අඩක්
වසා දමනු ලබන කර්මාන්තශාලාවල සේවකයින්ගේ රැකියා තහවුරු කිරීම වෙනුවෙන් යොදා ගත හැකි යැයි අපි යෝජනා කරමු. ඒ සඳහා කළ යුතු වන්නේ එළෙසින් වසා දැමූ කර්මාන්ශාලා රජයට පවරාගෙන ආණ්ඩුව ඔස්සේ රටට ලැබුණු සෞඛ්‍ය ආරක‍ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම එම කර්මාන්තශාලාවලට කෝටා ක්‍රමයට ලබාදීමය. ඒවායේ ඒ සඳහා අවශ්‍ය පලපුරුදු සේවක සේවිකාවන් හා අවශ්‍ය යන්ත්‍ර සූත්‍රද ඇත.
මේ පිළිබඳව ඔබ විසින් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගනු ඇතැයි අප සංගමය බලාපොරොත්තු වන්නෙමු.
ස්තූතියි.
මෙයට විශ්වාසී

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය
පිටපත් -:

  1. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යතුමා
  2. ගරු ලේකම්, නිපුණතා සංවර්ධන හා රැකී රක‍ෂා හා කම්කරු අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress