මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න යන්න එපා’යි අපේම පිරිසක් ජාත්‍යන්තර පොලීසියට කිව්වා’
Posted on June 3rd, 2020

ඩයනා උදයංගනී උපුටාගැණීම ලංකාදීප

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නැයි තම පාලන සමයේ ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් විට ඒ රජයේම පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීමට මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා බරපතල මූල්‍ය වංචාවකට සම්බන්ධ බැවින් ඔහු අත් අඩංගුවට ගන්නැයි දන්වා මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් අවස්ථාවේ, මෙය මූල්‍ය වංචාවක් නොව දේශපාලන ප්‍රශ්නයක් නිසා එයට මැදිහත් නොවන ලෙස රජයේම පිරිසක් මෙලෙස දැනුම් දී තිබූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්පසු මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට තමන්ට මැදිහත්විය නොහැකි බව ජාත්‍යන්තර පොලීසිය පැවසූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

 අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කළේ මහ බැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල ආදිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර යළිත් දැනුම්දීමක් කළ පසුව බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයෙදී අද (3) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව අත්සන් 21,000 ක් යොදා ලිපිලේඛන යොමු කළ පසුවද පසුගිය රජයේ ඇතැමුන් සිංගප්පූරු බලවතුන් සමඟ ඇති මිත්‍ර සබඳතා භාවිතා කර එය වැළැක්වූ බව සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

 මෙලෙස අදෘෂ්‍ය බලතල භාවිතා කර එය වැළැක්වූයේ මහ බැංකු වංචාවේ මුදල් බෙදාගත් අය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 ඔවුන් එසේ නොකළේ නම් හිටපු මහ බැංකු අධිපතිවරයා ගෙන්වා ගැනීමට තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මහේන්ද්‍රන් මහතා මේ වන විට නම වෙනස් කරගෙන ඇති බවටද තොරතුරු ඇතැයි කීවේය.

ඒ නිසා ඔහු ගෙන්වීමට යළිත් මුල සිට ලිපි හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

2 Responses to “මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න යන්න එපා’යි අපේම පිරිසක් ජාත්‍යන්තර පොලීසියට කිව්වා’”

  1. Gunasinghe Says:

    This is BS. He knew what was going on withe scam. Now he wants to be nice. He should be kick out of SLFP. This guy is ungrateful scum bag.

  2. dhane Says:

    If this stupid man මෛත්‍රීපාල සිරිසේන allowed DEW Gunasekera Cope report to submit to parliament මහේන්ද්‍රන් would have arrested and put behind bars. සිරිසේන is the biggest crook allowing Ranil & Mahendra to robbed CB twice within their 100 days program. Before Ranil & Mahendra සිරිසේන should be arrested and wipe by Madu Valige. After doing all possible damaged to Sri Lanka now සිරිසේන trying to be a saint. සිරිසේන should be defeat in next General Election by Polonaruwa voters as a punishment.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress