ශාරියා/ඉකුවාන් ආක්‍රමණිකයින්ට පාර කපා දීමේ විපාක – 3
Posted on June 13th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL,B,, Ph.D.

අගමැතිලා ජනාධිපතිලා නාස් ලණු දමා ගැනීම

මෙහි දෙවන කොටස අවසානවූයේ මුස්ලිම් ජයග්‍රහණ ලැයිස්තුවකින්‌ය. ඒවා <ජයග්‍රහණ> වන්නේ ඒවා නැතිවූ අයිතියක් නැවත ලබාගැනීමක් නොව, අළුතෙන් සිංහල දේශපාලකයින් ඔහේ, ඇඟට නොදැනීම ඔවුන්ට ලබාදුන් වරප්‍රසාදවූ නිසාය. දිවුරුම් පෙත්සමකින් පුරවැසිකම් දුන් එකම රට ලංකාව නොවේද? මේවා බෞද්‌ධ දශරාජ ධර්‌මයක් රකින අයවළුන් විසින් මධ්‍යම ප්‍රතිපදාව අනුව යමින්, අනිත්‍යය සිහිකරමින් කල වෙස්සන්තර ප්‍රදාන (දොල පිදේනි?) නොව, සිරි සංඝබෝ වර්‍ගයේ ජාතියේ බිලි පූජාය. ඒවා තම පංචස්කන්‌ධ වලට බලයේ සිටීමට සිතා දුන් වරදානය.

සෝම හාමුදුරුවන්ගේ ඩව්‌රි එක

දෙවන කොටස අවසානයේදී පෙනීගිය කරුණක් නම් දෛවෝපගතව ඒ කරුම වලට කරගැසීමට සිදුවූයේ මහින්ද රාජපක්‍ෂ පාලනයට වීමය. ලෝකයම විෂ්මිත කරමින් දෙමළ ඊළම් යුද්‌ධය අවසන් කල එයට, ඉස්ලාම් ත්‍රස්තවාදයක් කෙසේ වෙතත්, සිවිල් මුස්ලිම් ව්‍යාප්තවාදයක් වත් ගැන අහන්නට ඕනෑ වුනේම නැත. සෝම හාමුදුරුවන් 1990 දශකයට පෙර සිට බණ මඩුවේ සිට දේශනාකල මුස්ලිම් බල අසමමිතික උවඳුර, උන්වහන්සේගේ හදිසි, සැකසහිතවූ වියෝවෙන් හා ඉන්පසු උන්වහන්සේගේ මව සමඟ චන්ද්‍රිකා ජනාධිපති ගත් පින්තූරයෙන් වැසී ගියේය. අගමැති රනිල් හා චන්ද්‍රිකා ආණ්ඩු ක්‍රිස්තියානි බලය පෙන්‌වූ පාලන කාලයක් විය. එවැනි පසුබිමක, අසරණව සිටි සිංහල බෞද්‌ධයාට, සෝම හිමිඳුන් ඇතිකල නව බෞද්‌ධ ප්‍රභොධය නමැති දායාදය ජාතික වශයෙන් උරුමවූයේ මහින්ද රාජපක්‍ෂටය. ඔහු විදේශ බලවේගද පරදා, 2005 චන්දයේදී රනිල් ගෙන් නූලෙන් බේරුණේ ඒ නිසාය. ද වර්ක් ඔෆ් කිංස් පොත ලියා හාමුදුරුවරුන්ට ඔච්චං කල ඇමෙරිකාවේ වසන එච්. එල්. සෙනෙවිරත්න එය විග්‍රහකලේ ජාතික (මහින්ද)-ආර්ථික (රනිල්) ද්‌වන්‌ධ සටනක් ලෙසටය.

පටිසෝතගාමී වුන දේවදත්ත

යුද්‌ධය ජයගත් පසුව ජාතික හෙළ උරුමයට සිංහල බෞද්‌ධ අයිතීන් වෙනුවෙන් කිසිවක් කරගත නොහැකි විය. ඔවුන් කතාකලේ ක්‍රිස්තියානී මූලධ‌ර්‍මවාදී අන්‍යාගමීකරණය ගැනය. මේ නිසා ඇතිවූ සිංහල බෞද්‌ධ අසහනය නිසා 2012 මැයි මස පිහිටවූ බොදු බල සේනාව, ආරක්‍ෂක ලේකම් ගෝඨාභයට හැර, සෙසු රාජපක්‍ෂ ආණ්ඩුවට පෙණුනේ දේවදත්තයෙක් ලෙසටය. ඊට හේතුව වූයේ ලිස්සා යාමේ න්‍යාය, පැලැස්තර න්‍යාය යොදා ගනිමින් ගැලවී යාමට තවදුරටත් ඉඩක් නැතිව යාමය. සිංහල බෞද්‌ධයින්ට නායකයෙක් නැතැයි යන කියමන නිසා, අතේ කඹ වැනි පිරිත් නූල් බැදගෙන ඉන්නා බොහෝ ඇමතිවරු, මන්ත්‍රීවරු අන්ද මන්ද වී ගියේය. බොදු බල සේනාව යළි පණ දුන්නේ සෝම හාමුදුරුවන්ගේ බල අසමමිතික මතවාදයටය, හලාල් හා ස්ත්‍රීන් පාරේදී මුහුණ වසා ගැනීමෙන් එලියට පැන්න, සැඟවුණු ඉස්ලාම් ආක්‍රමණයය. මෙය ඉදිරියේ ආණ්ඩුවට කලහැකිවූයේ පණිවුඩකරුවා නෝර්වේ ඒජන්ත කෙනෙක් යයි ඔප්පු කල නොහැකිවූ ප්‍රචාරයක් ගෙන යෑම පමණය. ඒ ගැන කොමිෂමක් දානවා යයි බොරුවට කීම පමණය. මෙම ක්‍රියාකලාපයත්, බහු ජාතික, ඉන්ටර්ෆේත් කතා නිසාත්, බුද්‌ධාගම භාරව සිටි මහළු ඇමති දි. මු. ජයරත්නගේ මුස්ලිම් ලෙබ්බේ ලා වත් සම්බුද්‌ධ ජයන්ති සැමරුම සඳහා පත්කිරීම වැනි දේ නිසාත් 2014 දී සිංහල බෞද්‌ධ චන්ද අහිමිවී ගියේය.

බලු සේනා බලු කූඩුවට

බොහෝ මැති ඇමතිලා ඥානසාර හාමුදුරුවන් අල්ලා හිරේ දමන ලෙස යෝජනා කලත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යටතේ එවැනි සංඝ දමනයකට ඉඩක් නොලැබුණේය. ඒ සඳහා මිථ්‍යා දෘෂ්ටික, ඕ මයි ගෝඩ් චන්ද්‍රිකාලාට, මංගලලාට, ඉඩක් සපයා දුන්නේ මිචෙල් සෙසන්ගේ ලණුවක් කෑ මාදුළුවාවේ සෝභිත හිමියන්‌ය. මුස්ලිම් රැස්වීමකදී බොදු බල සේනාවට බලු සේනාවක් යයි කිව හැක්කේ, අත් බෝම්බ ඔඩොක්කුවේ තබාගෙන යාහැකි, විස්කි බොන චන්ද්‍රිකා වැනි අයෙකුට පමණය. එක අතකින් බලන විට උන්වහන්සේ ක්‍ෂණික ලෙස අපවත්‌වීම යහපතක් වන්නේ තමන් කල පාපකර්‍මය ගැන සිත සිතා කම්පාවී නොමැරී මැරෙණවාට වඩා එය සුදුසු විසඳුමක්‌වූ නිසාය. උදාහරණයක් වශයෙන්, රොබෙට් බ්ලේක් හා රාජ යෝගය නිසාවෙන්, අදටත්, පුනරුත්ථාපනය නොවී, සිය කීර්තිනාමය දිගින් දිගටම කෙළෙසා ගනිමින් ඉන්නා සරත් ෆොන්සේකා ගැන සිතන්න. මේ අනුව සිතන විට ජනාධිපති සිරිසේන ඓතිහාසික වන්නේ ඔහු විසින්ම, ඉවසා බැරිම තැන, කෘතගුණ සැළකීමේ කෙළවරටම පැමිණ, 2018 ඔක්තෝබර් 26 දා, යහපාලන බෝම්බයක් ගසා ඔහුගේ <රනිල් සර්> ව නෙරපීම නිසාය (රනිල් හා චන්ද්‍රිකා, සිරිසේන ජනාධිපතිට නිල වශයෙන් හෝ <සර්> කිව්වාද කියා මීට පෙර ලිපියක මම ප්‍රශ්ණයක් ඇසුවෙමි).

මහින්ද රාජපක්‍ෂ පාලනය (2004-2014)

සෝම හිමියන්ගේ දායාදය හෙවත් සිංහල බෞද්‌ධ ආශීර්‍වාදය ලැබුණා වගේම ඒ පසුපසින් ආවේ දුගඳ හමමින් තිබෙනා, පහතින් දැක්‌වෙන, මුස්ලිම් බරව කකුල්‌ය. මින් බැසිල් රාජපක්‍ෂගේ නම ගෑවී ඇති, රිෂාඩ් ගේ විල්පත්තු සංහාරය හා ඩලස් අලහප්පෙරුමගේ නම ගෑවී ඇති හිස්බුල්ලාගේ අරාබි විශ්ව විද්‍යාලයේ මුල් ගල හැරෙන විට සෙසු අර්බුද ඔහුට කලින් බලයේ සිටි අය විසින් ගිනියම් කරණ ලද <දේශපාලන හොට් අර්‌තාපල්> විය. 2014 පරාජයෙන් පසු, දයාන් ජයතිලක, නාලක ගොඩහේවා හා රජීව විජේසිංහ විසින් අයිලන්ඩ් පත්තරේට ලියන ලද මරණ පරීක්‍ෂණ ලිපිවල, මෙම මුස්ලිම් අර්බුදයට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති දැක්‌වූ ඇල්මැරුණ ආකල්පය අඩංගු වූයේ නැත. මීට හේතුව මොවුන් ඥානසාර විරෝධී, සිංහල නොව ශ්‍රී ලාංකික යයි කියාගන්නා අන්‌ධයින් වීම නිසාය.

ස්ත්‍රියක් ගර්‍භනීවීම දිගටම හංගා ගෙන සිටිය නොහැකිවා සේ දැන් 2020 දී ගෝඨාභය ජනාධිපතිට මුහුණ දීමට සිදුවී ඇති අභියෝගයක් වන්නේ යාදෙක නොරත රථ සේ පෙනෙන මුස්ලිම් සංහිඳියා කතාවය. උදාහරණයක් වශයෙන්, එක රටක්, එක නීතියක් යනුවෙන් සිංහල ජනතාව බලාපොරොත්තු වන දෙයත්, මුස්ලිම් නායකයින් හා උලෙමා සභාවල් දැනටමත් ලබාගෙන ඇති <ජයග්‍රහණත්> අතර ඇති පරස්පරය නමැති ගොනා අංදෙකෙන්ම අල්ලා ගන්නට සිදුවන්නේය. මෙය, සියළු සත්‌වයෝ (මිනිසා පමණක් නොවේ) සුවපත් වේවා යන බෞද්‌ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය අනුව විසඳිය හැකිය, විසඳිය යුතුය.

මුවර් ජයග්‍රහණ රාශිය එක මිටකට ගැනීම-ඔක්‍ෂිජන් බට කපාදැමීම

තනි තනිව ලබාගත් දිගුකාලීන ජයග්‍රහණ, මුස්ලිම් තරුණයින් අතට ගියේ තනි තනි ඉරට වශයෙන් නොව ඉරටු මිටි වශයෙනි. එසේ මිටිබැන්ඳේ අරාබි ශාරියා-සලෆිසම්-ඉකුවාන් නූල් වලට ඩොලර් තෙල් ගාලාය. එය බෞද්‌ධ දේශපාලකයින්ගේ පිරිත් නූල් මෙන් ප්‍රෝඩාවක් නොවීය. සහරාන් යනු ඉන් එක් උදාහරණයක් පමණය. ඒ පාරේ දණගාන දහස් සංඛ්‍යාත පිරිස් ලංකාවේ විසිරී සිටී. ඔවුන්ට අවශ්‍ය මතවාදී ඉන්‌ධන පමණය. ඔළුවිල් ප්‍රකාශණය, හිස්බුල්ලාගේ රට ඉඳි හිටවූ අරාබි නගරය, මුස්ලිම් මන්ත්‍රීන් 21 ම එකට සිට ගැනීම වැනි දේ ඔවුන් කුල්මත් කරවන්නේ, දිව්‍යාංගනාවන් ගැන ඇති කෑදරකමක් නොව, මෙලොවදීම ලැබෙමින් ඇති සෝම හාමුදුරුවන් පෙන්‌වා දුන් අසමමිතික බල ප්‍රාක්‍රමයය. මොහමඩ් රාජිත හරහා එන බලයක් ඇතත් නැතත්, අළුත්ගම මුස්ලිම් ජනයා ඔවුන් අල්ලාගත් ගමක ඉතිරිව ඇති එකම පන්සල ඉදිරියේ හරක් ඔළු දැම්මේ ඒ නිසාය. බේරුවල හෝ කාන්තන්කුඩියේ හෙල්මට් නොදාන්නේ ඒ නිසාය. රෑ දොලහට අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවන් බදාගෙන මූණට කහින්නේ ඒ නිසාය. මුස්ලිම් පල්ලි විසින් නිරෝධායන නීති කැඩුවේ ඒ නිසාය. අටළුගම කචල් වලට බණ්ඩාරගම අජිත් පෙරේරා හිටියත් නැතත් කම් නැත.

කලින් මාවනැල්ල බුදුපිළිම කැඩුවේ යහපාලනකාරයින් ඇතුළු 2020 ට පෙර සිංහල පක්‍ෂ නායකයින්ගේ නිවට හැසිරීමේ අනිසි ප්‍රතිඵලයක් වශයෙනි. මෙම අවසන් ලිපි කොටසෙන් පෙන්නා දීමට හදන්නේ, මෙහි පහත ඇති ලැයිස්තුව, අවංක සිංහල ජනාධිපති කෙනෙකුට අන්තෝජටා බහිජටා, උභතෝකෝටික ඉරටු මිටියක් නොවන බවය. රටේ එක නීතියක් යන සටන් පාටය මේ ලැයිස්තුවේ ඔක්‍ෂිජන් බට බොහොමයක්ම ගලවා දමන්නේ දීපිකා උඩගමලාගේ හා යස්මින් සූකා ලාගේ, මංගල සමරවීරලාගේ, ජේවීපීකාරයින්ගේ හා පෙරටුගාමී හෙමිජ්ජන්ගේද තටු කපා දමමිනි.

  1. සංවිධානාත්මක ලෙස ඉඩම් හා නිවාස මිලට ගැනීමේ ව්‍යාපාරය‌
  2. චින්තන ජිහාදය යටතේ රාජ්‍ය සේවයේ හා වෙනත් මර්‌මස්ථාන වල, ඉකුවාන්-ජාමියා නලීම්වරු ස්ථානගත කිරීමේ රහසිගත ව්‍යාපාරය
  3. හලාල් අන්‍යාගමිකයින්ටපැටවීම
  4. ස්ත්‍රීන් මුහුණ සම්පූර්‍ණයෙන් වසාගෙන පාරේ යාම
  5. පිරිමි හෙල්මට් නොදා තොප්පියෙන් යතුරු පැදිවල යාම
  6. අරාබි භාෂාවෙන් පොදු ස්ථානවල නාම පුවරු දැමීම
  7. පාරවල් වල සිංහල නම් ඉස්ලාම් නම් වලට හැරවීමේ උත්සාහ
  8. ස්ත්‍රීන් වහළුන් කල කාති උසාවි විවාහ-දික්කසාද අර්බුදය
  9. මුස්ලිම් බහු විවාහ අර්බුදය
  10. බාල වයස්කාර විවාහ අර්බුදය
  11. මුස්ලිම් සලෆිෂම් ගර්‍භාෂ යුද්‌ධය
  12. සිංහල-දෙමළ ස්ත්‍රීන් ඉස්ලාම් කිරීමේ ප්ලෑන
  13. පෝය දිනවල හරක් මස් විකිණීමේ අර්බුදය
  14. විල්පත්තු වන සංරක්‍ෂණ කැලෑ කැපීමේ අර්බුදය
  15. ලංකා ඉතිහාසය විකෘතකල (මුස්ලිම්) පාසැල් පොත් රජයෙන් මුද්‍රණය කිරීම
  16. බුදු දහම විකෘතිකල පොත් මුද්‍රණය කර බෙදා හැරීම
  17. එක තැනක් වෙනුවට වෙන වෙනම ආගම් අමාත්‍යාංශ පිහිටුවීම
  18. මද්‍රසා විෂයමාලා පාසැල් අර්බුදය
  19. හිස්බුල්ලාගේ ශාරියා අරාබි විශ්ව විද්‍යාල පලහිලව්ව
  20. ශාරියා බැංකු අර්බුදය
  21. කුරගල ප්‍රශ්ණය
    22 මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය
  22. දෙවනගල/දීඝවාපි අනාගතය

<බුදු අම්මෝ> බෞද්‌ධ නායකයෙක්

දොන් ජුවන් ධර්‌මපාල ක්‍රිස්තියානි රජෙක් බව හැමෝම දනී. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ බෞද්‌ධයෙක්ද? ලංකාවේ සිංහල බෞද්‌ධයින්ට පක්‍ෂ දේශපාලන නායකයින් ගැන ඇත්තේද මෙවැනි සංකාවකි. බොදු බල සේනාව 2012 දී, සිංහල බෞද්‌ධයින්ට හරි හමන් නායකයෙක් නැතැයි කීමෙන් ද්‌වනිත වූයේද මෙයය. ඕ මයි ගෝඩ් බෞද්‌ධයෝ කළු සුද්දන් පරම්පරාය. තෙම්පරාදු ඕල්කොට් බෞද්‌ධයෝය. එහෙයින් හරියට බුදු දහම අදහන නායකයෙකු ඉදිරියේ ඇත්තේ සංකීර්‌ණසේ පෙනෙන එහෙත් සරල අභියෝගයකි. මහින්ද සුළඟට නුගේගොඩදී හොට දමා, ඉන් පසුව මෛත්‍රීපාලට හේත්තු‌වී, අන්තිමේදී ගෝඨාභය භය හෝ උන සැදී, ඔහු වෙනුවට දිනේෂ් ගුණවර්‌ධනගේ නම ප්‍රොමෝට් කර ලිපි ලියා, දැන් සජිත් කටුස්සෙක් වීමට යන දයාන් ජයතිලක වැන්නන් ඔහුගේ කෝකටත් තෛල සූත්‍රය වන ලෝකයේ ඉන්නා මුස්ලිම් හෝ ක්‍රිස්තියානි සෙනඟ බිලියන් සංඛ්‍යා පෙන්නා සිංහල බෞද්‌ධයින් භය කිරීමට සිතා වැඩ අරඹා ඇතත්, ක්‍රිස්තියානී-මාක්ස්වාදි කළු සුද්දන්ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. කොරෝනාව නිසා සිංහල ස්ත්‍රීන් අරාබි වහල් සේවයට යාම නතර වෙනවා නම් ඊට වඩා භාග්‍යයක් සිංහල ජාතියට තිබේද? පිරිමි ගිහින් කාණු කැපීම වෙනම කතාවකි.

ශ්‍රී ලාංකික පොකුණේ වතුර, ජාතිවාදී බට වලින් බොන ජන වර්‌ග

එක් ජාතක කතාවක සඳහන්වන රාක්‍ෂයාගෙන් බේරීමට පොකුණට නොබැස එහි ගැට්ටේ සිට බටලීයෙන් වතුර බිව්, බෝධිසත්‌ව වඳුරා මෙන් නොව, තමන් ශ්‍රී ලාංකික යයි කියන සුළු ජනවර්‌ග වල නායකයින් මුස්ලිම්-දෙමළ බට ඒ සඳහා යොදාගැනීම හාස්‍යජනකය. මෙය පෙන්නා දෙන්නේ කුරුණෑගල ශාෆි සහබ්දීන්ගේ වඳ සැත්කම් නඩුවට මැදිහත්‌වූ නීතීඥ චානක අබේවික්‍රමය (නිදහස් සංවාද වැඩබිම- චාපා බණ්ඩාර, ජූනි 12, 2020, එපිසෝඩ් 136). නීතීඥ අලි සබ්‍රි තමන් ශ්‍රී ලාංකිකයෙක් යයි කියන ගමන්, ශ්‍රී ලාංකික කොරෝනා මරණ පිච්චීමට, ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරින් ගත් තීරණයට, මුස්ලිම් ආගමික කෝණයක් මතුකරන්නේ කෙසේදැයි ඔහු විමසයි. ශ්‍රී ලාංකික පදය ගසන හෝ නොගසන හෝ සිංහලයින් බෞද්‌ධ පාංසුකූල කෝණයක් මතු කලේ නැත. මෙම දෙබිඩි-කුහක හැසිරීම, මීට කලින් ලිපි කොටසක සඳහන් කල ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස් නොහොත් හිත හොඳ ගෑණී සංකල්පය, සිංහල බෞද්‌ධයා නම් පොදු දේපලට ආදේශ කිරීමය.

ඇතිවී-නැතිවන පංචස්කන්‌ධ වර්‌ග කිරීම

ජනාධිපති ගෝඨාභයට උපදෙස් දෙන අයගේ වගකීම නම්, ස්ථාවර මතවාදී පදනමක් මත මුස්ලිම් ඉකුවාන් අනතුරට මුහුණ දීමය. සිංහල දේශපාලක පරම්පරා හතරක් විසින් කල පව් සෝදා හැරීමය. මුස්ලිම්, දෙමළ, හින්‌දු, ක්‍රිස්තියානි යන ජන කොටස් වලට හිංසාවක් නොවන අයුරින්, සිංහල බෞද්‌ධයාගෙන් උඳුරාගත් අයිතීන් ඔවුන්ට ලබා දෙන්නේ කෙසේද යන්නේ පදනම වන්නේ ලෝකයේ පංචස්කන්‌ධ දෙකක් එක සමාන නොවේය යන බෞද්‌ධ ධ‌ර්‌මය විය යුතුය. පාලකයා විසින් කලයුතු වන්නේ, සෑම දෙනාම සබන් පැක්ටේරියෙන් එන සබන් කෑලි කිරීමට සිතීම නොව, අසමාන පංචස්කන්‌ධ වලට සමාන ඉඩ ප්‍රස්ථා සලසා දීමය (equal access to opportunities). ගවයාට හා සිංහයාට එකම නීතියක් තිබුනොත් එතැන ඇත්තේ අයුක්තියය, මර්‌ධනයය (one law for the lion and ox is oppression ) යනුවෙන් අදහස් කරන්නේ එයය. ලංකාවේ සම සමාජ පක්‍ෂයට 1935 සිට 1964 දක්‌වාම මෙය තේරුණේ නැත. මාක්ස්ගේ, යන ප්‍රකාශය කුමක් වුවත්, මානව හිමිකම් නමැති අළුත් යුරෝපීය-ඇමෙරිකානු යටත් විජිතවාදී ආයුධය ඉදිරියේදීත්, දැන් පැහැදිලිවී ඇත්තේ, සමානාත්මතාවය කියා අයිතියක් නැති බවත්, තිබිය හැක්කේ, තිබිය යුත්තේ, සමාන ඉඩ ප්‍රස්ථා සපයා දීම බවත්‌ය ලංකාවේ මුස්ලිම් ජනයාට මෙය ඕනෑවටත් වඩා වැඩියෙන් ලැබී ඇත. දේශපාලන, වෘත්තීය, වානිජ, වෙළඳ,ආගමික යනාදී සියළු ක්‍ෂේත්‍රයන්හි සෝම හිමිඳුන් පෙන්වා දුන් අයුරු අසමමිතික බලයක් ඔවුන් අත්පත්කරගෙන ඇත. මෙය සාමකාමි ලෙසින් පේන්නේ පුද්ගලික රෝහල්වල වැඩියෙන්ම ඉන්නේ මුස්ලිම් ලෙඩුන් වීමෙන්‌ය.

සමාන ඉඩ ප්‍රස්ථා අවභාවිතය

ලංකාවේ පන්සල් අසල නිශ්ශබ්ද වෙනු යයි සංඥා පාරේ නැත. නමුත් සමහර මුස්ලිම් පල්ලි අසල එය ඇත. කුරුණෑගල දොස්තර ශාෆි විසින් මුස්ලිම් දරුවෙකු සැත්කමින් එලියට ගත් විට ඔහුව උඩට ඔසවා අල්ලා දෙවියන්ට ස්තුති කරන්නේත් (ශල්‍යාගාරයේ හෙදියන් දකින අන්දමට), සිංහල හෝ දෙමළ උපතකදී එසේ නොකරන්නේත්, ඒ පංචස්කන්‌ධය, එක් ශ්‍රී ලාංකික පංචස්කන්‌ධයක් වශයෙන් සළකා නොව, එය මුස්ලිම් පංචස්කන්‌ධ වලින් එකක් නිසාය. මහජන ටැක්ස් මුදලින් ඉගෙනගෙන, ලෙඩ්ඩුන්ගේ විරෝධය නිසා මූණ වසාගෙන දොස්තර රක්‍ෂාවට නොෙන ලෙස දැන්‌වූ විට, දොස්තර වීමට රජය දැරූ වියදම ආපසු නොගෙවා, රක්‍ෂාවෙන් අස්වී රටින් පැන යන්නේ, අසමාන ඉඩ ප්‍රස්ථා අනිසි ලෙස ලැබී තිබීම නිසාය.

දොස්තර ශාෆි කතාව, සහරාන් කතාවට වඩා භයානකය. සහරාන් ඉකුවාන් යුද්‌ධය කෝටිපති තරුණයින් සමඟ එක්ව එලිපිට පුපුරවා හැරියේය. ඉහතින් නීතීඥ චානක එලිදරව් කල ශාෂිගේ ඉකුවාන් යුද්‌ධය දිය යටින් ගින්දර ගෙන යන මොහමඩ් රාජිතලා, ශානි අබේසේකරලාද හවුල් ජාලයක් සහිත ශීතල යුද්‌ධයකි. ඉස්පිරිතාලේ මුස්ලිම් ටෙක්නිෂියන් කෙනෙකුගේ ලඟ තිබී අසුවූ ගිණුම් කාඩ් හයෙන්, එකක් ශාෆිගේ‌ය. එහි කෝටි හතරක් විය. මේ සල්ලි ආවේ කොහෙන්ද? ඒවා පාස්කු ප්‍රහාරයට යෙදුවාද? සිසේරියන් සැත්කම් 8,000 ක් කලේ කෙසේද? ඔහු එය කල සිංහල ස්ත්‍රීන් ඉන් පසු වඳවූයේ කෙසේද? මේ සියල්ල යට ගැසීමට, ලංකාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදවා ගැනීමට, යූ.එන්.පී මන්ත්‍රී අපේක්‍ෂක ශාෆිට හැකිවූයේ අල්ලා දෙවියන්ගේ බලය නිසාද එසේ නැත්නම් ඔවුන් දැනට ලබා සිටින අසමමිතික බලයද?

මේ සිංහල අපගෙ රටයි!

1965 දී සාරවිට චිත්‍රපටියේ නන්දා මාලිනී ගැයූ මේ ගීතය, ඇය හා සුනිල් ආරියරත්න මඩ්‍රාස් වල සැඟවී සිටි කාලයෙන් පසු ලන්ඩන් වලදී ගායනා කිරීමට ප්‍රතික්‍ෂප කලේය. මේ සිංදුවේ හරය නැවත ප්‍රසිද්‌ධියේ ප්‍රකාශ කලේ ගෝඨාභය මහතා විසින් රුවන්වැලි මහාසෑය බිමේ දුටුගැමුණු ප්‍රතිමාව ඉදිරියේ 2019 නොවැම්බර් 18 දාය. මේ සිංහලයාගේ රටය කියන්නට අදිමදි කරණ සිංහලයා මොකෙක්ද? 1815 දී සුද්දාට පාවා දුන් සිංහලේ නම් රටේ සෙසු ජනවර්‌ග ජීවත්‌වුනේ අසතුටින්ද? ඒ සමඟම දෙමළ රට තිබුණේ මැඩ්‍රාස් ප්‍රාන්තයේය. ඉස්ලාම් රටවල් ආරම්භවුනේ අරාබිකරයේ මිස ඉන්දියාවේ, මැලේසියාවේ හෝ ඉන්දුනීසියාවේ නොවේ.

ශ්‍රී ලාංකී-කරණය යටින් දුවන අරාබිකරණය

කලින් ලිපියේ පෙන්‌වූ මුවර් නායකයින් ලබාගත් ජයග්‍රහණ ලැයිස්තුව, මේ වනවිට දුප්පත්, සම්ප්‍රදායික මුස්ලිම් ජනයාගේ ගෙලේ එල්ලූ ගල්‌මෙන් අර්බුදයක් වී ඇති අන්දම, රටේ සිංහල බෞද්‌ධයාට, සිංහල දේශපාලකයින් විසින් කල අසාධාරණකම් ඔවුන්ටම පාරාවළල්ලක් වීමකි. මින් රට ගලවා ගැනීමේ අන්තිම අවස්ථාව දැන් 2020 දී ලැබී ඇත. ගාන්‌ධිට (හා සුබාෂ් චන්ද්‍රබෝෂ්ට) හා හිට්ලර්‌ට පින්සිදුවන්නට පෙත්සම් ගසා, ඒ වන විට ඉන්දියාව අතහැර යාම මිස වෙන වරණයක් නැතිව තැතිගෙන සිටි සුද්දගෙන් 1948 දී බලය මාරු කරගත් සිංහල කළු සුද්දන් මෙන්, මුවර් නායකයින්ද මේ සිංහල කළු සුද්දන්ට බටර්‌ගාමින්, ආගම ඉස්සරහට දමා ගනිමින්, හෙමින් හෙමින් තම බලකොටු ශක්තිමත් කරගත්තේය. තොන්ඩමන් දිවුරුම් පෙත්සම් වලින් පුරවැසිකම් ලබාගත්තා මෙන් ලියුමකින්, ටෙලිෆෝන් කතාවකින් මුස්ලිම් නීති, රෙගුලාසි, ගැෂ්ට් පත්‍ර පිටකරවා ගත හැකි විය.

දකුණු ඉන්දියන් ක්‍රිස්තියානී චෙල්වනායගම් සූත්‍රයේදී මෙන් සිංහලීකරණයක් යන චෝදනා වෙනුවට මුවර් නායකයින්, එකින් එක වශයෙන් ලබාගත් ඉල්ලීම් එකිනෙක හා අනුබද්‌ධ දම්වැල් පුරුක් වැනිය. පුද්ගලික මන්ත්‍රී යෝජනා වශයෙන් කාටවත් නොදැනී සම්මත කරගත් ආගමික සංස්ථා, ආයතන කෙරම්ද? පිරිත් නූල් බෞද්‌ධ මන්ත්‍රීලා එක්කෝ නිදාගෙන නැත්නම් කැන්ටිමේය. එලන ලද දැල හෙවත් මුළු දිවයිනම දිය යටින් මුස්ලිම්-කරණයේ සිට ප්‍රචන්ඩ අරාබිකරණයකට යටකිරීමේ ඉලක්කය පේන්නේ සියල්ල එකට එක්‌වුනවිට දැන්‌ය. හිස්බුල්ලාගේ රට ඉඳිගස් අස්සෙන්‌, චම්පික රණවකගේ පොතේ සඳහන්, ඉන්දියාවේ මුස්ලිම් බෙදුම් වාදය පැතිරවූ රහමත් අලි චෞදරිගේ (1933) ඉස්ලාම් අධිරාජ්‍යයේ, සපිස්ථාන් (බටහිර: පුත්තලම්-මන්නාරම්-විල්පත්තු) හා නසරිස්ථාන් (නැඟෙනහිර: ඔළුවිල්) යන ප්‍රදේශ දෙක මතුවෙන්නේ ඇමෙරිකන් මිලේනියම් ට්‍රෝජන් අශ්වයාද සමඟය. හිස්බුල්ලාගේ යෝධ ශාරියා විශ්ව විද්‍යාලය මුළු ආසියාවටම ඉකුවාන්/සලෆි පූජකයින් සැපයීමට සූදානම්‌ය. ඉහත ලැයිස්තුවේ සඳහන් කාරණා එකිනෙකට සම්බන්‌ධ නොවේද කියා සිතා බලන්න. 2003 ඔළුවිල් ප්‍රකාශය එන තුරුම, ඊළම වැනි වෙනම ප්‍රදේශයක් ඉල්ලීම වෙනුවට තම ජනපොකුරු සිටින ලංකාවේ විසිරී ඇති තැන් (ලොකේෂන්ස්) කුඩා කුඩා මුස්ලිම් ඊළම් වැනි විය.

විසදුම: ඵලයට හේතුව (catastrophic theory of planning)

1971, 1988/89, 1976/2009 මේ වර්‌ෂ වැදගත් වන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීමේ අවස්ථා වශයෙනි. එසේ නැත්නම් වඳුරන් වැස්සට ගෙවල් හදනවා මෙන් දේශපාලකයින් හැසිරුණු අන්දම ගැනය. 1990 තරුණ කොමිෂම් වාර්‌තාව මඟින් ජේවීපී, පෙරටුගාමී වැන්නන් තරුණයින් නොමඟ යැවීම වැලැක්‌වීමට අසමත් විය. පාස්කු ප්‍රහාරය හා ඒ පිළිඹඳ ජනාධිපති කොමිෂමෙන් දැන් නග්න වන යහපාලන හෙළුවෙනුත්, කොරෝනා ඇඳිරි නීතිය එලිකල මිනිසුන් අශීලාචාරවී ඇති මට්ටමෙනුත්, සාමකාමී මුස්ලිම්-කරණයක්, ප්‍රචන්ඩකාරී අරාබී-කරණයක් කරා ගොස් ඇති තරම රටට පෙන්‌වූයේය. විනාශයක්, හානියක් ඇතිවූ විටවත් විධිමත් ලෙස එවැනිදේ නැවත සිදුවීමට පියවර ගැනීම බුද්‌‌ධාගමේ හේතු-ඵල න්‍යායය (ක්‍රයිසිස් ඇන්ඩ් ඔපර්චුනිටි, කැටැස්ට්‍රොෆික් තියරි ඔෆ් ප්ලෑනින්).

2020 ට පෙර සිදුවූ පරිදි පැලැස්තර දමනවා වෙනුවට ලංකාව අරාබිකිරීම දමණය කල හැක්කේ මතවාදී අරගලයකින් පමණය. මෙම ඵලයට හේතුව ඉකුවාන්-ශාරියාකාරයින්ට, මිලේනියම් කෝපරේෂන් කාරයින්ද එක්‌වීමය. මෙම හේතු ගැන 2002 චන්ද්‍රිකා පත්කල කොමිෂම් වාර්‌තාවේ සිට එකතුකල තොරතුරු බොදු බල සේනාව සතුව තිබේ. පාස්කු කොමිෂමට ඥානසාර හිමිඳුන් දුන් ශාක්‍ෂි වලට කුමක් වුවත්, මේ ප්‍රශ්ණය මතවාදී ලෙස විසඳීම සඳහා කාර්යසාධක බලකායක් පත්කරවා ගැනීමට ජනාධිපති උපදේශකයින් ක්‍රියාකල යුතුය. මහසෝන් බලකායේ සුමිත් වීරසිංහ නැතත්, ඒ සඳහා අනිවාර්යයෙන්ම ‌ඥානසාර හිමියන් සභභාගි කරගත යුතුමය. අලි සබ්‍රිට මන්ත්‍රීකමක් දෙනවා නම්, ගෝඨාභය පාලනය ඥානසාර හිමියන්ට කුඩම්මාගේ සැළකිලි පෑම බෞද්‌ධ මධ්‍යම ප්‍රතිපදාව නොවේ. චන්ද පැත්තෙන් බැලුවත්, මෙම වෙනස්කම් කිරීම බෞද්‌ධයින්ගේ විමතියට හේතුවෙමින් පවතී. බොහෝ සංඝ සාකච්චාවලට අරාධනා ලබන බොහෝ හාමුදුරුවරුන්ට ඥානසාර හිමියන්ට ඇති බිම් මට්ටමේ අත්දැකීම්, දැණුම නැත. වයෝවෘධවීම, ජෙෂ්ඨත්‌වය සාමාන්‍ය රක්‍ෂාවකදී මෙන්ම මෙවැනි උපදේශක සභාවලදීද එකම සුදුසුකම නොවිය යුතුය.

2020 ට පෙර ලංකාවේ පාලක තන්ත්‍රය බොදු බල සේනාව නම් පණිවුඩ කරුට වෙඩි තියන්නට සැදීමේ හේතුව, එය ඔවුන් හැම දෙනාවම ගලේ පැහැරූ බළලුන් කල නිසාය. ඥානසාර හිමිඳුන් පක්‍ෂ දේශපාලන කළු සුද්දන් කියන ලෙසට නෝර්වේ ඒජන්ත කෙනෙක් නම් උන්වහන්සේගේ පස් අවුරුදු ඇමෙරිකන් වීසාව ඇමෙරිකන් රජය විසින් හේතුවක් නොදී අවලංගු කරනවාද? ඊළඟට මේ බළලුන් (හා සමහර ඕ මයි ගෝඩ් බෞද්‌ධයින්ද) කිව්වේ හාමුදුරුවන්ගේ වාග් විලාශය සිල්වත් නැති බවය.

ධ‌ර්‍මපාලතුමාටත් ඒ කාලයේ මෙසේ කිව්වාදැයි මම නොදනිමි. ගාන්‌ධි, මාටින් ලූතර් කිං, ස්කොට් ජාතික පෝල් හැරිස් (රනිල්ගේ 2002 සාම විරාම ගිවිසුම ලෝකයේ මහාම පාවාදීම යයි කී නිසා බාලසිංහම්ගේ ඉල්ලීමට ජී. එ‌ල්. පීරිස් විදේශ ඇමති විසින්) ලංකාවෙන් පිටු වහල් කල) වැනි අමුතු අන්දමේ පුරුෂයින් ලෝකයේ සිටී. දිවි පරිත්‍යාගයෙන් සිංහල ජාතිය රක්‍ෂාකල නොයෙක් හාමුදුරුවරුන් සිටියෝය. මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් හා ඥානසාර හිමියන් තුල මා දකින්නේ ධ‌ර්‍මපාලතුමාගේ තුල මෙන් තිබෙන දුර්ලභ ගතියකි. ඉතාමත් අවංක ලෙස ජාතියේ ඉරණම ගැන ඔවුන් කතාකරණ විට ඔවුන් එක්තරා මානසික පරළවීමකට පත්වේ. සෝම හිමියන්ගේ බණ මඩුව ඔවුන්ට අමතකවේ. ඩිලාන් පෙරේරා, රාජිත, මංගල වැනි අයට ඥානසාර හිමියන් දුන් උත්තර පිහියකින් අණිනවාට වඩා තියුණු විය. පාරේ, ගමේ සිංහල බෞද්‌ධයා උන්වහන්සේගේ පැත්තේ ඉන්නේ ඒ නිසාය. බොදු බල සේනාවේ එක වරදක් ඔප්පු කරන්නට මෙතෙක් කිසි ජගතෙක් සමත්‌වී නැත. නීතිපති දෙපාර්‌තමේන්තුව උසාවි අල්ලාගෙන දඟලන්නේ ඒ නිසාය.

ප.ලි.
මේ වනවිට පිටිපස්ස බිම ඇණී සිටිනා, ටී.එ‌න්.ඒ සුමන්තිරන්ලාගේ අළුත්ම ඊළම් ඇම පිළිඹඳව ලිවිය යුතු නිසා මේ ලිපි පෙළ අවසන් කරමි. ඉදිරියේ දිනක ඉස්ලාමී-කරණය, අරාබි-කරණයක් කිරීම පෙන්වන සිතියම් දෙක තුනක් බලාපොරොත්තු වන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress