ඥාණසාර හිමි ත‍්‍රස්තවාදියෙකු ලෙස නම් කරයි..
Posted on June 14th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පසුගිය ආණ්ඩුව විසින් තමන් ත්‍රස්තවාදියෙකු ලෙස ෆේස්බුක් ආයතනය වෙත දැනුම් දී ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

ඥාණසාර හිමි ත‍්‍රස්තවාදියෙකු ලෙස නම් කරයි..

ඒ හේතුවෙන් ෆේස්බුක් ආයතනය විසින් ෆේස්බුක් ජාලයේ තම පිංතූර හා නම වාරණය කර ඇතැයිද උන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පරීක්‍ෂණ කරන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

තමන් මෙරට ඇති ඉස්ලාම් අන්තවාදී අනතුර සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම කරුණු හෙළි කළද ඒ සම්බන්ධයෙන් යම් හෝ අවධානයක් දැක්වූයේ එවකට හිටපු ආැරක්‍ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා පමණක් බවයි.

දැන් ඔහු මෙරට ජනාධිපති නිසා අන්තවාදය මැඩලීම සඳහා ඔහු යම් සාධනීය පියවරක් ගනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි යැයිද උන්වහන්සේ කියා සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress