මහජන මන්ත්‍රීවරයෙකු විය යුත්තේ කුමන අරමුණක් ඉටුකිරීම සඳහාද
Posted on June 15th, 2020

මතුගම සෙනෙවිරුවන්

           එක් දහස් නවසිය හතලිස් අටේ අප බ්‍රිතාන්‍ය අධීරාජ්‍යා ගෙන් ලද දේශපාලන නිදහස මත ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසට නැගී සිට දැන් වසර හැත්තෑ දෙකක් ගතවී තිබේ.1815 මාර්තු 02 අත්සන් කරන ලද මහනුවර ගිවිසුමට අනුව නම් මෙම පිවිසීම  වැරදි සහගත වුවද ලබන ලද නිදහස තුළ රටක් වශයෙන් අත්පත් කරගත් වාසි සහ අවාසිද අද අප භුක්ති විඳිමු.මහජන කැමැත්තෙන් නියෝජිතයන් පත් කර මහජනයාගේ වුවමනා එපාකම් ඉටු කර ගැනීම මෙලෙස වර්ධනයට පත් වූ සම්මතයකි.වර්තමාන රටේ භෞතික දියුණූවට  මෙම ක්‍රමය බෙහෙවින්ම සහාය වී ඇත.නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන නියෝජිතයෙකු සතු වගකීම් සහ යුතුකම් මොනවාදැයි අදටත් බොහෝ අය නොදනිති.මේ නිසාම ජනතාව තුළින් නැගෙන මැසිවිලි බොහෝය. උගතුන් පාර්ලිමේන්තු යැවීම දූෂිතයන් පාර්ලිමේන්තු නොයැවීම ආදී කරුණු ගැන බරපතල සංවාදයක් ඇතිව ඇත්තේ මේ නිසාය.නමුත් මහජන නියෝජිතියෙකු තෝරා පත් කර ගත යුත්තේ කුමන් අරමුණක් ඉටු තරගැනීමටද යන්න නිවරදිව තෝරා බේරා ගතහොත් මෙවැනි මැසිවිල ජනතව අතරින් යලි මතු නොවනු ඇත.

           මහජන මන්ත්‍රී ආසනයක් යනු යම් කිසි චන්ද දායකයන් සංඛ්‍යාවකින් සමන් විත බල ප්‍රදේශයකි.එහි ජීවත් වන වැඩි පිරිසක ගේ කැමැත්ත ලබන පුද්ගල නායකත්වය පාර්ලිමේන්තුවට නියෝජිතයෙකු වශයෙන් තේරී පත් වේ.සර්ව ජන චන්ද බලය ලැබුණු මුල් කාල වකවානුවේ එය එලෙස විය. පසුව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම නිසා පක්ෂ වලින් නම් කරන නියෝජිතයෙකුට තමන්ට කැමති පරිදි චන්දය භාවිත කල හැකි විය.එහිදී පුද්ගලයාගේ උගත් කම හෝ දක්ෂතාවය මත නොව පක්ෂයේ ප්‍රබලත්වය සහ ආටෝපය මත කැමැත්ත පළ කිරීම සිදු විය.1956 න් පසු ලංකාවේ පාර්ලිමේන්තුව තුළට පක්ෂය විසින් නම් කරන විවිධ තරාතිරමේ පුද්ගලයන් පත්ව පැමිණෙන්ට පටන් ගැනෙනුයේ මේ පසුබිමෙනි.පසුව 1977 කඩඉමේ දී සිදු වූයේ ධන බලය හිමි නමුත් සමාජ පිළිගැනීම නැති ඒහෙත් චන්ඩි කමෙන් චන්ද පැහැර ගත හැකි පිරිසකට තැනක් අත් වීමයි. සමාජයේ පහත් මට්ටමේ දූෂිතයන් බාර් අයිතිකරුවන් ව්‍යාපාරිකයන් මහජන නියෝජිතයන් බවට පත් වන්නේ මේ නිසාය. එය නැවත මනාප චන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු විශාල පිම්මකින් ඉදිරියට පරිවර්තනය විය. අලුත වත්පොහොසත්කම් වර්ධනය කරගත්තා වූ පිරිසක් හරි හම්බ කිරීමේ චේතනාවෙන්ම පාර්ලිමේන්තුවට පිවිසියහ. වසර හැත්තෑ දෙකකට පසුව මේ විකෘති වූ දේශපාලන ක්‍රමය තුළ අප තවමත් පසු වෙතැයි ගණන් බැලීම සැබවින්ම මෙරට දේශපාලනයේ බලවත් ඛෙදවාචකයකි.

        2019 වසරේ ජනපතිවරණ චන්දය පවත්වන අවස්ථාව වන විට රට ඉදිරියේ බලවත් අභියෝග රැසක් තිබුණි.දෙමළ බෙදුම්වාදය මුස්ලිම් අන්තවාදය විදෙශිකයන් ගේ ග්‍රහණය ආදී කරුණු රැසක අභීයෝග වලට මුහුණ දුන් ජනතාව හැට නව ලක්ෂයක් චන්දය පාවිචිච කරන ලද්දේ එයින් මිදීම සඳහාය.ඒ තරම් පීඩනයක ඔවුන් සිටි බව පැවසීමෙහි වැරැද්දක් නැත.දැන් මේ ජනපතිවරයාට ගැලපෙන පාර්ලිමේන්තුවක් තෝරා පත් කරලීම පිණිස මැතිවරණයක් පවත්වන වේලාවයි.මෙම අවස්ථාවේ මහජන නියෝජිතයන් තේරීම ජනතාවගේ පැත්තෙන් බරපතල වකකීමකි. මන්ද තේරී පත් වීමෙන් පසු ඔවුන් වෙතින් ජනතා පරමාධිපත්‍ය නිවරදිව පිළිබිඹු විය යුතු බැවිනි. මහජන මන්ත්‍රී වරයෙක් සතූ ප්‍රධාන යුතුකම ලෙසට අද සැලකෙන්නේ තමන් නියෝජනය කරන ආසනය තුළ සංවර්ධන වැඩ කිරීමයි.මේ අරමුණ ප්‍රමුඛ වීම නිසා මෙම නියෝජිතයන් අතරින් කොන්ත්‍රාත්කරුවන් ව්‍යාපාරිකයන් සමාගම් කොටස් හිමියන් පමණක් නොව බාර්අයිතිකරුවන් සහ කොමිස් ලබා ගන්නන්ද අල්ලස් ලබා ගන්නන්ද බිහි වී තිබේ.නමුත් ප්‍රජාතන්ත්‍රීය ක්‍රමය තුළ මහජන මන්ත්‍රී වරයෙකු ගේ ප්‍රමුඛතම කාර්ය වන්නේ ප්‍රතිපත්ති සම්පාදනයයි. එය පාර්ලිමේන්තුවේ දී කළ හැකි වන්නේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ සමාජ සංස්කෘතික ප්‍රවණතාවයන්ට අනුකූල වන පරිද්දෙනි. පාර්ලිමේන්තුව තුළ පණත් කෙටුම් පත් සම්පාදනයේ දී බුද්ධිමත්ව එයට දායක වීම මේ නියෝජිතයන්ගේ යුතුකම වෙයි. මෙම මන්ත්‍රී වරයෙකු කැබිනට් අමත්‍යවරයෙකු බවට පත් වූ පසු ඔහු හෝ ඇය කැබිනට්ටුවේ දී සම්මත කරන සෑම පනතක්ම කියවා බලා නිර්දේශ ඉදිරිපත් කොට බලන්නෙකු බවට පක් විය යුතුය.නමුත් අවාසනාවකට පසුගිය අඩ සියවස පුරාවටම මෙවැනි දූරදර්ශී මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුව තුළින් බිහිවූයේ නම් ඒ අතලොස්සකි. 1948 සිට පාර්ලිමේන්තුවේ පළ කරනු ලබන හැන්සාඩ් වාර්තා කියවා බලන්නෙකුට ඒ බැව් හොඳින් තේරේ.මෑත කාලයේ විශේෂයෙන්ම 1977 න් පසු පක්ෂයේ වුවමනා එපාකම් අනුව සහ  ජනපතිවරයාගේ අරමුණු අනුව මහජන මැතිසබේ සිට අත උස්සන මන්ත්‍රී වරු පිරිසක් අපට හමු විය. කැබිනට් අමත්‍යවරුන් ගේ තත්වය ඊටත් වඩා ඛෙදජනක වෙයි. ඔවුන් ගේ බහුතරයක් කැබිනට් පත්‍රිකාවක් කියවා නිර්දේශ ඉදිරිපත් නොකරති. ඇතැම් විට මේ කැබිනට් පත්‍රිකා බහුතරයක් මේසය උඩට පැමිණෙනුයේ ඉංග්‍රීසි භාෂාවෙනි.ඒවායේ ගැඹුරු තේරවිලි වල අගමුල කියවා බලා හරි වැරදි තීන්දු ගැනීම කිසිවකු අතින් සිදු නොවේ. පසුගිය කාලයේ විශේෂයෙන්ම අනූව දශකයෙන් පසු සම්මත වුණූ මුස්ලිම් අන්තවාදී සංවිධාන ඔවුන්ට ගැලපෙන කාති උසාවි කෙටුම්පත් දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කරන පනත් කෙටුම් පත් සම්මත කරගන්නා ලද්දේ මහජන මන්ත්‍රී වරුන් ගේ ඇස් වසාලමිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ දී ව්‍යවස්තා විරෝධී කරුණු ගැන අවධානය යොමු කළ මනුත්‍රීවරුසහ ඇමතිවරු සිටියේ ඒ අතලොස්සකි. මේ නිසා මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට යැවීමේදී ඔහුගේ තර්ක හැකියාව විචක්ෂණ භාවය වැරදි දැකීමේ ප්‍රවණතාවය මෙන්ම අවංක බව පැහැදිලිවම අවශ්‍ය වේ. එහිදී උගත් කම වැදගත් වන නමුත් බුද්ධි ගෝචර විචක්ෂණ හැකියාව උගත් කමින් පමණක් ඇති නොවන්නක් බව තේරුම් ගත යුතුය.

         මන්ත්‍රීවරයෙකු වීමෙන් පසු කළ යුතු අනෙක් වැදගත්ම කාරණය නම් මූල්‍ය අධීක්ෂණයයි.පාර්ලිමේන්තුව තුළ පිහිටුවා තිබෙන  කාරක සභා ආශ්‍රයෙන් රජයේ මුදල් භාවිතය සොයා බැලෙන අතර ඒ පිළීබද වාර්තා නිකුත් කරති. වැරදි සොයා බැලීම පමණක් නොව මූදල් නිසි පරිදි රට තුළ මෙහෙයවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයද මෙහිදී වැදගත්ය. මුදල අව ප්‍රමාණය වීම විදේශ සංචිත ආදිය ශක්තිමක් කිරීම පිණිස ගත යුතු නව ක්‍රියා මාර්ග සම්බන්ධව නිර්මාණාතමක අදහස් පාර්ලිමේන්තුව තුළ කතා බහ නොවන තරම්ය. බ්‍රිතාන්‍ය සම්මත ක්‍රමයට ගතානුගතිකව මහ බැංකුව විසින් මුදල පාලනය කරන අතර කිසිම අලුත් අදහසකින් ඒවා යාවත්කාලීන නොවේ. පසුගියදා කල්බදු ආයත.නයක සිදු වූ මිනී මැරුමට හේතුව වූයේ රටේ මූල්‍ය විනය අන්තිමටම පිරීහීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේවා සම්බන්ධව ජනතාව පැත්තෙන් සිට කතා බහ කළ එක මන්ත්‍රීවරයෙකුවත් අපට සොයා ගන්නට නැතිය.

       මන්ත්‍රීවරයෙකුගේ තෙවනි අරමුණ වන්නේ තමන් නියෝජනය කරනු ලබන ආසනය තුළ සංවර්ධන වැඩ සැලසුම් කිරීමයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ප්‍රදේශීය සංවර්ධන කමිටුව ආදී වශයෙන් රජයේ නිළධෘරීන් සාභාගි වන අවස්ථාවන් නිරිමණය වන බැවින් එවැනි තැන් වලදී නිර්මානාත්මකව අදහස් ඉදිරිපත් කිරීමටත් ඒ සඳහා නිළධාරීන් පෙළඹවීමටත් පිළිවන. නමුත් මන්ත්‍රීවරයෙකුට ලැබෙන ලක්ෂ පණහක පමණ ප්‍රතිපාදන බොහෝ විට නිසි පරිදි කල මනාකරණය නොවේ.ඒ සඳහා නිළධෘරීන් ගේ අදහස් එකතු නොවේ. මන්ත්‍රී වරයා තමන්ට අවශ්‍ය කොන්ත්‍රාත්තුව ලබා ගැනීමේ චේතනාවෙන් වැඩ කරයි.මේ නිසා කාර්මික නිළධාරිවරයෙකු ගේ තත්වයට ඔහු පහළට වැටේ.අතැම් මන්ත්‍රීවරු ජනතාවට වැඩ පෙන්වනු අටියෙන් නගරයේ කාණු වලට බැස ඒවා සුද්ද පවිත්‍ර කිරීමට උත්සාහ ගත් අවසථාවන්ද දැකතිබේ.ඒවා මනත්‍රීවරයෙකු ගේ කාර්ය භාරයන් යයි සිතනවා නම් ඔහු මැතිසභයට සුදුස්සෙකු නොවේ.සැබවින්ම මෙලෙස රටේ වැදගත්ම කාර්යයයන් ගණනාවකට උරදෙන මහජන නියෝජිතයෙකු හට තවත් වැදගත්ම සුදුසකමක් තිබිය යූ යැයි සිතමි. එනම් දේශප්‍රේමීත්වයයි.. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පැත්තෙන් නොව තමන්ජීවත්වන සමාජ වටපිටාව සංස්කෘතිය ආගම දහම මත පිහිටා මතුවන දෙශප්‍රේමීත්වය හා අභිමානය නිසා බොහෝ විට වැරදි කරන්නට පෙළඹවීමද අඩු කරගත හැකිය.පරිසරය කෙරෙහි දක්වන ලෙන්ගතුබව මිනිසා කෙරෙහි දක්වන කර්ණාව.වැනි ගුණ ධර්ම මහජන නියෝජිතයෙකුතුළ තිබෙන විට ඔහු සාර්ථක පුද්ගලයෙකු බවට පත් වේ. ඔහුද සමාජය තළ ජීවත්වන මනුෂ්‍යයෙකි. ඔහුටද ජීවිතයක් තිබේ. නිදහස ඔහුටද අවශ්‍ය වේ. පුද්ගලික නිදහසද කැප කරමින් මහලු වියට පත් වන විට රෝගියෙකු බවට පත් වන මනුෂ්‍යයකු සමාජය තුළ ඇති කිරීම සුදුසු නොවේ. ජනතාව නිතරම රොද බදිමින් මන්ත්‍රීවරුන් ගේ කාර්යලා තුළ රස්තියාදු වීමට වඩා පහසු වෙන් යටකී කරණුතුල ජීවත්වන මහජන මනත්‍රීවරයෙතු අතින් සේවයක් සිදු වනු නියතය.ඒ සඳහා මෙවර මැතිවරණය යොදා ගත් හැක්කේ කෙසේද යන්න තීරණය කරගත යුත්තේද මහජනතාව විසිනි.මන්ද ජනතා පරමාධිපත්‍ය ඔහු සතු බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress