ශ්‍රී ලංකා මහා බැංකුව දැන් සිදුකල යුත්තේ කුමක්ද?
Posted on June 17th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

ශ්‍රී ලංකා මහා බැංකුව පිහිටුවා මේ වනවිට වසර 70කි. මේ රටේ වසර 70වක කාලය පුරා විවිධ දේශපාලඥයින් විසින් සිදුකල සෑම සියලු දෙයක්ම සුපහදිලිව දන්නා එකම ආයතනය, මේ ශ්‍රී ලංකා මහා බැංකුවයි. වසර 70ක් පුරා මේ රටේ සිදුව ඇති සෑම සියලු ආර්ථික ක්‍රියාවලියකටම වගකිව යුතු ආයතනය වන්නේද  ශ්‍රී ලංකා මහා බැංකුවයි.

වර්තමාන මහා බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් පඹ ගාලක පැටලී ඇති බව අපි දකිමු. සාම ගැටළුවකටම විසදුමක් ඇත. මේ මහා බැංකුවේ වත්මන් අර්බුදයන්ටද ඉතා සුපහදිලිව විසදුම් තිබේ. ඒවා නිසි ලෙස අවබෝධකරගෙන ක්‍රියාවට නැංවීම වහ වහා මහා බැංකුවේ පාර්ශවයෙන් සිදුකල යුතු කට යුත්තකි.

අපි උදාහරණයක් වශයෙන් මෙරට ප්‍රධාන විදේශ විනිමය උත්පාදනය වූ විදේශීය ශ්‍රම බලකාය සම්බන්ධව සිතමු. මෙය මහා බැංකුවේ කිසිම සහයක් නැතිව මෙරට ජනතාව විසින් සිය ගේ දොර ඉඩකඩම් උගසට තබමින් ආරම්භකළ කටයුත්තක් බව කිව යුතුය. එසේ ආරම්භ කොට මෙරටට විදේශ විනිමය උපයන උල්පත නිර්මාණය කල ඒ ශ්‍රම බලකායට, විශ්‍රාම වැටුප් ක්‍රමයක්, අඩුම තරමින්, බදු රහිත වාහනයක් ගෙන්වීමට ඉඩදී මේ මිනිසුන් දිරිමත් කිරීමට තරම්වත් ප්‍රඥගාවක් නැති මිනිසුන්ගෙන් පිරි ආයතනයක් බව ජන සමාජය තුල ප්‍රකටය.

අද තත්වය බලන්න! මෙරට ධෛර්යමත් තරුණ පරපුර පෙරමුණගෙන මෙරට පුරන් කුඹුරු වපුරනමින් මහා සංවර්ධන ක්‍රියාවලියකට මුල පුරමින් සිටින අවස්තාවක, ඒ මහා සංවර්ධන ව්‍යාපෘතියට තමගේ දායකත්වය කුමක්දැයි නොදන්නා අන්ධ මිනිසුන්ගෙන් පිරි රටේ සංවර්ධනය උදෙසා පිහිටුවන ලද මුල්‍ය ආයතනයක් බවට පත්ව ඇත. සත්‍ය පින්තුරය එයයි.

කාලාන්තරයක් පුරාම හොරු සමග වැඩ කොට හොරකමට නතුවූ ආයතනයක් නැවත පුනරුත්තාපනය කොට ගත යුතුය.එසේ කල නොහැකිනම් මේ ආයතනයට කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට සිදුවූ දේ සිදුවීමට ඉඩදී, අප අපේක්ෂා කරන මහා බැංකුවකින් සිදුකරන කාර්යන් කල හැකි නව මධ්‍යස්ථානයක් රටට හදුන්වා දිය යුතුය. ඒ ගත යුතු අවසන් පියවරයි.

මහා බැංකුවේ එකම කාර්යට සමාජ සමීක්ෂණයන් සිදුකොට මහා බැංකු වාර්තාවක් පල කිරීම නොවන අතර මෙරට සිදුවෙන සෑම ආර්ථික ක්‍රියාවලියක්ම දැනෙන හදුනන මහා බැංකුවක් මෙරටට අවශ්‍යව තිබේ. ඒ සඳහා ඉතාමත් වැදගත් කටයුත්ත වන්නේ, මහා බැංකුව මෙතෙක් නිකුත්කර ඇති, මුදල් ඇත්තේ කොහේදැයි මනාව අවබෝධයකින් සිටීමයි. මේ ආයතනය ආරම්භයේ සිට සමාජයට නිකුත්කර ඇති ඇති විශාල මුදල් කනදරා රටේ කොතන කා අත්හද ඇත්තේ යන්න හොදින් දන්නා මහා බැංකුවක අවශ්‍යතාවය අපි ඉස්මතුකර පෙන්වන්නෙමු.

මහා බැංකුව යනු මුදල් කාසි වශයෙන් හෝ නෝට්ටු වශයෙන් මුද්‍රණය කර සමාජගත කරන ආයතනය පමණක් නොව ඒ මුදල් සමාජයේ සංසරණය වෙන ආකාරය සම්බන්ධව මනා අවබෝධයක්ද ඇති ආයතනයක් විය යුතුය. මේ කටයුත්ත, මහා බැංකුව ආරම්භ කල වර්ෂ 1949 යේ සිටගෙන කල නොහැක. අදත් ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් සම්බන්ධව අනුගමනය කරන්නේ මිට වසර 70කට පෙර කල දේම වීම වර්ෂ 2020 සිටින රටකට කොහෙත්ම නොගැලපේ. එබැවින් මුළු රටම හා මුදල් සංසරණ ක්‍රියාවලියේ මහා පරිවර්තනයක් මහා බැංකුව විසින් රටට හදුන්වා දිය යුතුය. මේ මහා බැංකුව රටේ සිටින සැම පුරවැසියෙක් ලගම ඇති මුදල සම්බන්ධව මනා දැනුමක් ඇති ආයතනයක් විය යුතුය. එමෙන්ම තමන් සමාජයට මුදාහල මුදල් තමන්ට ඕනෑම අවස්තාවක පාලනය කල හැකි මහා බැංකුවක් විය යුතුය. මේවා මේ වනවිට ලෝකයේ සිදුවෙන පරිවර්තනිය ක්‍රියාවන් වෙන අතර ඒවා සම්බන්ධව මෙරට ජනතාව දැනුවත් කිරීමේ වගකීම මහා බැංකුව සතුව ඇත.

මහා බැංකුවේ සිටින මේ උගත් විශේෂඥයින් මේවා කල හැකි ආකාරයන් සම්බන්ධව මනාව හදාරා ඇත. නමුත් ගැටලුව වන්නේ මේවා රටට අනුගත කිරීම තුලින් තම තමන්ගේද වත්කම් හෙලිවිමයි. එය මුළු ලෝකයේ සිටින බලවතුන් අකමැති කටයුත්තක් නිසා මේ ක්‍රම ගලා එන්නේ බඩගාමි ස්වරයෙන්ය. නමුත් අවුරු 30ක යුද්ධය අවුරුදු 2 1/2කින් නිම කල මිනිසුන් සිටින රටකට මේ ක්‍රමය අප රටට හදුන්වාදී, මුළු රටේම ධනය  මනාව කළමනාකරණ ඒ ක්‍රමවේදය මෙරට ස්ථාපනය කොට ඒ ගෞරවය දිනාගන්න.. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress