මහින්ද රාජපක්ෂ මහතාට තම ප්‍රතිවාදියා මෙවර පරාජය කල හැකිද?
Posted on June 23rd, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

මෙවර මහා මැතිවරණ සටන ආරම්භව ඇත. මෙරට කොටි ත්‍රස්තවාදය නිමකල ජනාධිපතිවරයාවූ මහින්ද රාජපක්ෂ මහතා, 2015 ජනවාර් මස 8 වෙනිදා ලද පරාජයෙන් පසු, තවමත් ස්ථාවර රජයක් මේ භුමියේ  පිහිටුවා ගැනීමේ වරම අහිමිව ඇත. මෙවර ඇත්තේ  ඒ අහිමි කල ජනවරම යලි ස්ථාපනය කොට නැවත මේ රට සංවර්ධයේ දිසාවට ගමන් කරලීමේ කටයුත්ත ආරම්භ කිරීමේ සටනයි.

දැන් මේ සටන ඇත්තේ කා සමගද? ප්‍රතිවාදියා කවරෙක්ද යන්න පළමු කොට මේ සටනට අවතීර්ණව සිටින කණ්ඩායම් මනාව අවබෝධ කරගත යුතුය.පවතින සටනේ දක්නට ඇති ස්වරුපය මුළු මහත් රටත් ජාතියත් මුලාවට පත්කළ හැකි බව අප පළමුව අවබෝධ කරගත යුතුය. 2015 ජනවාරි මස ජනාධිපතිවරණ සටනත්, එම වසරේදී පැවැත්වූ මහමැතිවරණ සටනත් සම්බන්ධව යලි සිතන්න. ඒ සටන් දෙකම ජයග්‍රාහි ස්වරුපයෙන් ගලාගෙන ගිය සටනක්  වූ අතර ඒ මෝහනීය  තත්වයෙන් සතුටුව සිටි  ජනතාව, තමන් මුලාවූ බව දුටුවේ පරාජයෙන් පසුවය. මහින්ද රාජපක්ෂව පරාජය කලේ ජනතාව අතර, ඉතාම කීර්තිමත්ව සිටි ජන නායකයෙකු වූ මෛත්‍රිපාල සිරිසේන නොවන බව පළමුව අවබෝධ කරගත යුතුය.

එදා මෙරට මැතිවරණ සටන තිබුනේ බටහිර අධිරාජ්‍යවාදය හා දේශප්‍රේමී බලමුළු අතරය. සටන තීරණය කලේ මෙරට ජනතාව ගැසූ කතිර ප්‍රමාණය මත නම්, එදා ජයග්‍රාහකයා වන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශප්‍රේමී බලකායය. නමුත් සටන ජනතා මතයට අනුව සිදු නොවිය.දේශප්‍රේමී බලය දේශප්‍රියගේ බලයට නැතුව පරාජයට පත්විය. එදා කිසිවෙක් ඒ මැතිවරණ ප්‍රතිපලය අභියෝගයට ලක් කිරීමට ඉදිරිපත් නොවූවාට වඩා, එසේ ඉදිරිපත්වීම වලකා දැමු තත්වයක් අපි දුටුවෙමු. ජයග්‍රාහි  මහින්ද රාජපක්ෂ පරාජිතයෙකු ලෙස නිවස වෙත ගියහ.

එම තත්වය දුටු අප එම වසරේදීම පැවැත්වූ,මහා මැතිවරණයටද එම ඉරණමම උරුම කර දෙන බව දුටුවෙමු. එබැවින් අපිටද කල හැකි මට්ටමින් අපේ හඬ ඉස්මතු කොට මෙසේ ලීවෙමු.

http://www.lankaweb.com/news/items/2015/07/06/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2/

නමුත් ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල සතුරාගේ අවශ්‍යතාවයට අනුව නිර්මාණය කල දේශපාලන උගුලෙහි, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශප්‍රේමින් පැටලිණි.

එම මහා මැතිවරණයේ චන්ද වල හැසිරීම තුල මහා නොගැලපීමක් තිබුණි.අප එය දුටුවෙමු. එය අප ප්‍රකාශ කලේ මේ අයුරිනි..

http://www.lankaweb.com/news/items/2015/08/30/%e0%b6%b8%e0%b6%b1%e0%b7%9c-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%b8/

එදා ඒ මැතිවරණ ප්‍රතිපල වලට අනුව රෝසි සේනානායක මහත්මියට පාර්ලිමේන්තු වරම් අහිමි වූ බැවින්, ය ඒ සම්බන්ධව අධිකරණය වෙත යාමට ගත උත්සාහයද කුමන ආකාරයේ හෝ බලපෑමක් මත නැවතිණි. එම නැවතීමත් සමග ඒ මැතිවරණයේ එලි දැක්වීමට තිබු සැබෑ තතු යලි විවර කල නොහැකි සේ යටපත් විය.

යහපාලන රජය හා මැතිවරණ කොමිසම හැමවිටම මැතිවරණ වලට මහත් බියක් දක්වන ලදී.පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම අමු අමුවේ ව්යාව්ස්තාව උල්ලංගනය කිරීමකි. එසේ කීරීමට හැමවිටම නීතියෙන් කිසිදු බාධාවක නොවීම විශේෂත්වයකි. එවන් තත්වයක් තුලදී හදිසි දේශපාලන තත්වයක් මතුව යලි මහින්ද රාජපක්ෂ මහතාව අගමැති බවට එවකට ජනාධිපතිවරයා විසින් පත්කරගෙන නව රජයක් පිහිටුවා ගන්නා ලදී. එහිදී නිවැරදිව ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ මහතා  මෙරට පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගෙන් විමසා තීන්දුවක් ගැනීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවන ලදී. එයට ජාතිකව හා ජාත්‍යන්තර ප්‍රබල ලෙස මැදිහත්වීමක් සිදුවිය. ජනතාවට නව රජයක් බිහි කිරීමේ වරම් අහිමි කල අතර, ඒ අධිකරණය විසින් යලි ස්ථාපිත කල ඒ රජය පාස්කු ප්‍රහාරයට මග සලසමින් මහා මිනිස් ඝාතනයකට මග විවර කර දුන් බව ජනතාව සිහිකර ගත යුතුය. එදා මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණයකට ගොස් නව රජයක් පිහිටුවා ගැනීමට දුන්නේ නම් අද අපිට පාස්කු ප්‍රහාරයක් සම්බන්ධව කතා කිරීමට ඉඩක් ඉතිරිවන්නේ නැත. ඒ වරද පැටවෙන්නේ කාටදැයි තීරණය කිරීම ජනතාව සතු කාර්යකි.

මැතිවරණ කල් දැමීම මහා මිනිස් ඝාතන ක්‍රියාවලියකට ආරම්භයක් බව ඉතිහාසය අපට පෙන්වා දී ඇත. 1988/89 කැරැල්ලට හේතුව මැතිවරණ භිතිකාවයි.අද පවතින රජයට මැතිවරණයක් පැවැත්වීමට අවැසි වුවද ප්‍රතිගාමීත්වය විසින් ඊට බාධා පමුණුවන්නේ, පවත්වන මැතිවරණයේ ප්‍රතිපල කුමක්දැයි ඔවුන් ඉතා හොදින් දන්නා බැවිනි. දැන් ජාත්‍යන්තර ප්‍රතිගාමිවයට මෙරට මැතිවරණ සඳහා විපක්ෂයට මුදල් පොම්ප කිරීමට තරම් ශක්තියක් නැත. ඒ කොරෝනා වයිරසය ඒ සියලුම රටවල් ආර්ථික අර්බුදයකට තල්ලුකර දමා දැති බැවිනි. එවැනි තත්වයක් තුල වර්තමාන් විපක්ෂය නන්නත්තාරවී ඇත.නමුත් ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වය විසින් මෙරට ස්ථාපිත කල ස්වාධින මැතිවරණ කොමිසමට ක්‍රියා කිරීමට සිදුව ඇත්තේ, ඔවුන්ගේ හාම්පුතුන් විසින් දෙන උපදෙස් වලට අනුවය. එබැවින් මෙවර මහා මැතිවරණයේ පොහොට්ටුවට ඇති ප්‍රධාන අභියෝගය මැතිවරණ කොමිසම වන අතර තරගය ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණ හා මැතිවරණ කොමිසම අතරයි. මෙහිදී ජනතාවට විශාල වගකීමක් ඇත. තමන් දමන චන්දයට නිසි වටිනාකමක් ලැබුනේද යන්න ජනතාව දැනගත යුතුය.එබැවින් චන්ද පෙත්සම් දැමීමට විශාල වශයෙන් සුදානමක් ඇතිව රැදී සිටින්න.

“අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය”.

ජනතා සටනට ජයවේවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress