කාදිනල් හිමිපාණන් ගැන හරීන් කළ ප්‍රකාශය මල්වතු පාර්ශවය හෙළාදකී (වීඩියෝ)
Posted on June 24th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදත් පූජ්‍ය පක්ෂය සහ දේශපාලනඥයින් සිය අප්‍රසාදය පළ කළා.

මෙම ප්‍රකාශය හෙළාදකිමින් අද මල්වතු පාර්ශවය විශේෂ නිවේදනයක් නිකුත් කරා.<br /><br />ඒ පිළිබඳව අදහස් දක්වමින් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සඳහන් කළේ කාදිනල් හිමියන් සතුව දේශපාලන පරමාර්ථ කිසිවක් නොමැති බවයි.

මේ අතර අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසුවේ මෙවැනි දේශපාලඥයන් තවදුරටත් මෙරටේ දේශපාලනයේ නියැලීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල කතෝලික ප්‍රජාව සහ සිංහල බෞද්ධ ප්‍රජාව එක්වීම ඇතැම් දේශපාලකයින්ට දරාගැනීමට නොහැකිව මෙවන් ප්‍රකාශ සිදුකරන බවයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළේ.

මේ අතර හරීන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය හෙළාදකිමින් කේ ඒ එච් ඒ කලියුල් රහුමාන් මව්ලවිවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවන්නට ගිය  කළබලකාරී තත්ත්වයන් පාලනය කළ කාදිනල් හිමියන්ට මුස්ලිම් ප්‍රජාව ණයගැති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress