උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල වරම් නොලැබූ සිසුන්ට පාකිස්ථානයේ විශ්වවිද්‍යාල වරම්
Posted on June 26th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් නොලැබූ සිසුන්ට පාකිස්ථානයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව උපාධි ලබා ගැනීම සඳහා අවස්ථාව උදාවී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකාවේ – පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කාතත් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර, අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress