අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1 – B
Posted on July 1st, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

හැඳින්‌වීම

<…චෙල්වනායගම් ලෝකයේ ඉන්නා භයානකම ගනයේ මිනිසෙකි… ඔහුට යමක යථාර්‌ථය කුමක්ද යන්න ගැනවත්, එහි ප්‍රායෝගිකත්‌වය ගැනවත් අබමල් රේණුවක තරමේවත් දැණුමක් නැත. අති භයානක මෙවැනි පුද්ගලයින්ට තමන්‌ව සම්පූර්‍ණයෙන්ම ඔල්මාද (ඩිලූඩ්) කරවා ගැනීමටත්, අනිත් අයව ඔල්මාද (ඩිලූෂන්) කරවීමටත් හැකියාවක් ඇත.. >

-අගමැති බණ්ඩාරණායක (හැන්සාර්ඩ්, 31 වෙළුම (1958 ජූනි 3) කොලම් 244-5)

පුරාවිද්‍යා නීතියට ආගමක්/ජාතියක් නැත

පුරාවිද්‍යා නීතිය අනුව අවසර නැතිව පුරාවිද්‍යා ඉඩමක පන්සලක ඉන්නා හාමුදුරුවරු වැසිකිලියක් සඳහා වළක් හෑරුවත් එය හිරේට යන වරදකි. එහෙත් උතුර-නැඟෙනහිර පුරාවිද්‍යා ඉඩම් අල්ලාගෙන ඒවා කුඹුරු වලට හරවන්නට, ඒවායේ ගෙවල් හදන්නට, දෙමළ හා මුස්ලිම් ජාතිකයින්ට තහනමක් නැත. මෙය ජඩ දේශපාලකයින්ගේ ආධාරයෙන් කෙරෙනවා යයි පවසා ඇඟ බේරාගන්නා පුරාවිද්‍යා නිලධාරීන්, මෙසේ අහක බලාගෙන ඉන්නේ පගා අරගෙන යයි මතයක්ද රටේ බෞද්‌ධයින් අතර පවතී. සම්බන්‌ධන්ට හදිසියේම දෙමළ බෞද්‌ධ පුරාවස්තු වගයක් මතක්‌වී ඇත්තේ, අතීත දෙමළ බෞද්‌ධයින්ගේ නෂ්ටාවශේෂ රැකගැනීමේ තන්හාවකින් වත්, ඒවා හින්‌දු-බෞද්‌ධ සංහිදියාවකට හේතුවනවාය යන ශුද්‌ධ විශ්වාසයක් වත් නිසා නොවන බව ඔහුගේ පෙත්සම පේලි අතරින් හඬනගා පවසන්නේය. ඔහුගේ අරමුණ පුරාවස්තුවලට ආගම පටලවා ඒ මඟින් ඊළම් මතවාදයට ඔක්‍ෂිජන් දීමය. ඒ සඳහා ඔහුට මුහුණ පෑමට සිදුවූ දෙමළ බෞද්‌ධ පුරාවස්තු වල ඇති හිඟය පියවා ගන්නේ, මිහිඳු හාමුදුරුවන්ට පෙර කාලයේ සිටම ලංකාවේ දෙමළ බෞද්‌ධයින් සිටි බවත්, පසු කලෙක ඔවුන් බුද්‌ධාගම අතහැර ඔවුන් කලින් ඇදහූ හින්‌දු ආගමටම ආපසු ගිය බවත් පවසන, විනේෂ්වරන්ගේ කතාව බදා ගැනීමෙනි.

පන්සල් අතරමංකල ලංකාවේ හා දකුණු ඉන්දියාවේ දෙමළ බෞද්‌ධයා

විග්නේෂ්වරන්ගේ මේ ඔල්මාද හැසිරීම, චෙල්වනායගම්, අමිර්‌තලිංගම්, ප්‍රභාකරන් ආදීන්ටද තිබී දෙමළ ජනයාට දුක ගෙනාවේය. දැන් විග්නේෂ් පාරේ යන සම්බන්‌ධන් මුහුණ පාන අර්බුදය නම් සමහර පුරාවිද්‍යා පන්සල්වල ඉඩම් ප්‍රමාණය විශාල වීමය. 1959 දී එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් විසින් මුහුදු මහා විහාරයේ නටබුන් මුහුදු වෙරළේ රැළි අතරින් සොයාගත් විට එහි දෙමළ බෞද්‌ධයින් සිටියේ නැත. රටේ කොහේවත් පෝය දාට පන්සල් වලට යන දෙමළ බෞද්‌ධයින් කණ්ඩායම් නොවීය. දකුණු ඉන්දියාවේ පොළොවේ හැමතැනම බෞද්‌ධ නටබුන් විසිරී ඇතත්, ලංකාවේ සිංහල බෞද්‌ධ පන්සල් මෙන් අඛන්ඩව පවතින දෙමළ පන්සල් එහි නැත. පන්සල් සඳහා රජවරු ඉඩම් පූජා කලේ, බුද්‌ධ ශාසනය යන්නට භික්‍ෂූ-භික්‍ෂුණී-උපාසක-උපාසිකා යන අංග හතරක් ඇතුලත් නිසා පමණක් නොව, පන්සල හා ගම ගහට පොත්ත මෙන් බැඳී ඇති නිසාය. පන්සල් වටේ ඉන්නේ උග්‍ර හින්දු හා මුස්ලිම් අය නම් පන්සල නඩත්තු කරන්නට දායකයින් පිරිසක් නැත. දෙමළ බෙදුම්වාදය මුහුණ දෙන්නේ මේ අර්බුදයටය. පන්සල් අවට සිංහලයින් සිටීම, සිංහලීකරණයක් ලෙස පේන්නේ දෙමළ නිජබිම් මිථ්‍යාවෙන් අන්‌ධවූ අයටය. සම්බන්‌ධන්ගේ පෙත්සම් කියන්නේ, පුරාවිද්‍යා ඉඩම් හඳුනාගෙන මායිම් කිරීම ඊළමට තර්‍ජනයක්‌ය යන කතාවය. ඔහුට මෙය කෙළින්ම කියන්නට නොහැකි ඔවුන්, ගෝඨාභයව බලයට පත්කල සිංහල ජනබලයට ඇති භය නිසාය.

පුරාවිද්‍යාව කන්නද?

අළුත් දෙමළ බෞද්‌ධ කතාවක් හරහා පරණ සිංහලීකරණ කතාව මතුකරණ සම්බන්‌ධන් මෙන් නොව, ඕස්ට්‍රේලියාවේ සිට ලියන අමීර් අලි විසින් මුස්ලිම් පැත්තෙන් කෙළින්ම කියන්නේ පුරාවිද්‍යාට වඩා වැදගත් මිනිසුන්ට ජීවත්‌වීමට ඉඩම් සැපයීම බවය (කලම්බු ටෙලිග්‍රාෆ් ජූනි 17). උදාහරණයක් වශයෙන්, මුහුදු මහා විහාරයට අක්කර 70 ක්ම අවශ්‍ය දැයි ඔහු අසයි. පරණවිතාන මහතා 1951 පුරාවිද්‍යා ලෙස මායිම් කල ඉඩම්, අමීර්‌ට අනුව නිකම්ම හිස් ඉඩම්‌ය! කාත්තන්කුඩිය වැනි තැන්වල ඇති දැඩි ඉඩම් පීඩනය නිසා ඒ හිස් ඉඩම් වල ඔවුන් පදිංචියට ගියේය; පුරාවිද්‍යා නීතියක් ගැන ඔවුන් දන්නේ නැතැයි ඔහු කියයි! අගමැතිණි බණ්ඩාරනායකගේ අධ්‍යාපන ඇමති බදියුද්දීන්, 1960න් පසු ඉතිහාසය පාසැල්වලින් ඉවත් කල නිසා ඉතිහාසය කන්නද කියා මුස්ලිම් හා දෙමළ මිනිසුන් අසන්නේය. පිළිම වල හිස් ලිග්ගල් වන්නේ ඒ නිසාය. තවද, අල් ටකියා න්‍යාය අනුව යමින් අමීර් බොරු කියයි. එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේ මූදු මහාවිහාර නටබුන් සොයා ගත්තේ 1959 දී කියාය. නමුත් අමීර් කියන්නේ ඒවා මතුවුනේ 2004 ෂුනාමි රැල්ල නිසා යනුවෙනි (අමුණා ඇති වීඩියෝව බලන්න). මේ අනුව සිතන විට බැමියන් බුදු පිළිම විනාශ කිරීම හෝ ඉරාක ජාතික කටු ගෙවල් වල පුරාවස්තු කුඩුකිරීම වැනි ආකල්පයක් මුස්ලිම් ජනයා නැඟෙනහිර පුරාවස්තු ගැන දැරීම අමීර් අලිට ප්‍රශ්ණයක් නොවන්නට පුළුවන.

හිත හොඳ ගෑණු යුගයේ අවසානය

බන්‌ධනාගාර වලට ආගමක්, ජාතියක් නැත. එහෙත් ඒවා කෙතරම් අශීලාචාර දුෂ්ට ආයතනද යන්න එලිවුනේ සිංහල බෞද්‌ධයින් විසින් පත්කල සිංහල බෞද්‌ධ ජනාධිපති කෙනෙක් නිසාය. 2011 දී හිරගෙවල් භාරව සිටි මාක්ස්වාදී ඩිව් ගුණසේකර කියන්නේ මේ හොර ගුහාවල් ගැන ඒ කාලයේ ඔහු දැන සිටියත් ඔහුට කිසිවක් කල නොහැකිවූ බවය. පුරාවිද්‍යා නීතියද මේ හිරගෙවල් වල නීතිය වැනිම විය. හිර ගෙවල් වල මේ කණගාටුදායක තත්‌වය මුළු රටේ හැම නීතියකම, ආයතනයකම තත්‌වයය. ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස් (රට, රටේ නීතිය, රටේ මහජාතිය හිත හොඳ ගෑණුන්සේ සැළකීම) කියන්නේ මෙයටය. සිංහලයින්ගේ රට මෙසේ අයුතු ලෙස සූරා කෑම දෙමළ බෙදුම්වාදයේ හා මෑතක සිට ශාරියා මුස්ලිම්වාදයේ පිලිවෙතය. අවාසනාවට එය කෙරුණේ සිංහල පක්‍ෂ දේශපාලක කළුසුද්දන්ගේ නිවට හැසිරීමේ උපකාරයෙනි. දෙමළ ජනයාගේ අභිවෘධිය හා දෙමළ බෙදුම්වාදය එකක් නොව දෙකක් යන්නත්, සිංහල මහජාතියට සිදුවූ අයුක්ති, අසාධාරණකම්, නිසි ආකාරයට නිවැරදි කිරීම සුළු ජන ව‌ර්‍ගවලට වෙනස්කම් කිරීමක් නොවන බවත් නොබියව රටට, ලොවට ප්‍රකාශ කල හැක්කේ නියම, තෙම්පරාදු නොවුන, බුදු අම්මෝ බෞද්‌ධ ජනාධිපති කෙනෙකුට පමණය.

රැවටීමේ න්‍යාය

ඉංග්‍රීසියෙන් පෙඩරල් කියාත් දෙමළෙන් අරෂු කියාත් 1949 දී දෙමළ පක්‍ෂයේ ආරම්භයේ සිටම චෙල්වනායගම්ලා රට රැවටූ බව කියන අමීර් අලි, කෙළින්ම බහින්නේ මුස්ලිම් ජනයාට උන් හිටි තැන් නැතිවී යාමේ අවදානම ගැනය. ඒකීය රටක් කියන්නේ ඔරුමිත්තනාඩුද නැද්ද යනුවෙන් 2017 වනවිට යහපාලන ව්‍යවස්ථාකාරයින් නැටූ නැටුමද මෙවැනි අරෂු ගනයේ අර්බුදයක් වූයේය. කාත්තන්කුඩියේ 50,000 ක් වසන්නේ වර්‌ග කිලෝමීටර් 3 ට ටිකක් වැඩි භූමි ප්‍රමාණයකැයි කියන අමීර් අලි, ඒ කාලයේ තේවතු නිසා උඩරට ගැමියා මුහුණ දුන් අන්දමේම, ඉඩම් නැතිකමේ අර්බුදයකට මුස්ලිම් ජනයා වැටී සිටින බව කියයි. මේ කුඩා බිමේ සමහර විට ලෝකයේ වෙන කොහේවත් නැති තරම් මුස්ලිම් පල්ලි අති විශාල ප්‍රමාණයක් තිබෙන්නේ ඒ දුක නිසාදැයි යමෙකුට සිතෙන්නටද ඉඩ ඇත!පාස්කු ප්‍රහාරය මේ දුකට හේත්තු කිරීමට ඔහු දරණ උත්සාහය අසාධාරණ වන්නේ එය ඉකුවාන්/ශාරියා අරාබිකරණයේ තෙල් සල්ලි හා බැඳී ඇති නිසාය. ඩුබායි මෙන් උස තට්ටු නිවාස හදන්නට හිස්බුල්ලාට ඉඩ තිබුණි. ගර්‍භාශ යුද්‌ධයේ එක් අංගයක් නම් වැඩි වැඩියෙන් මුස්ලිම් දරුවන් ලොවට ගෙන ඒමය.

ඉත්තෑවාගේ ගෙට කැබැල්ලාවා රිංගීම

අදහන ආගම කුමක් වුවත්, දෙමළ කතාකරණ ජනයා කියා දෙමළ නිජබිම් මිථ්‍යාවට මුස්ලිම් බොරු කකුලක් ඈඳාගන්නට ආරම්භයේ සිටම චෙල්වනායගම්ලා ක්‍රියා කලේය. මෙය ස්‌වයං-රවටා ගැනීමක් වුයේ, <දෙමළවී යාමෙන්> බේරී තම අරාබි අනන්‍යතාවය රැක ගැනීම මුල සිටම මුවර් නායකයින්ගේ යටි අරමුණ වූ බව චෙල්වාට නොතේරීමය නිසාය. මේ වන විට දෙමළ නොව අරාබි භාෂාව පදනම් කරගෙන ගෙනයන මේ අරාබිකරණය, ගිනිකොණදිග මුස්ලිම් නිජබිමක් වශයෙන් උඩුදුවා ගොස් ඇත (ඊළම් වෙනුවට සපිස්ථාන්-නසරිස්ථාන්- රහ්මන් අලි චෞදරිගේ විශාල පකිස්ථාන් ප්ලෑනේ [1933], බටහිර හා නැඟෙනහිර ලංකා කෑලි දෙක). මුවර් නායකයින්ට (මේ වන විට සර්‍පයින් වී සිටින) කිරිපෙවූ සිංහල කළුසුද්දන්ගේ අළුත් පරම්පරාද දැන් ගලේ ඉන්නා බළලුන් වී සිටී.

චන්ද්‍රිකාගේ 1994-2000 පැකේජ් ඩීල් කාලයේදී, නීලන් තිරුචෙල්වම්ට මුහුණ දෙන්නට වූ අකරතැබ්බය නම්, උතුරු-නැඟෙනහිර එකතු කලත්, එය ඉන්දියාවේ පොන්ඩිචෙරි මොඩලයේ මෙන් කාවුන් කෑවා වැනි හිල් සහිත ප්‍රදේශයක් මිස, පිරිසිදු-අඛණ්ඩ දෙමළ ප්‍රදේශයක් නොවනවා යන්නය. මෙහි අර්‌ථය නම් දෙමළ ප්‍රදේශය තුල, මුස්ලිම් හා සිංහල දූපත් බිහිවෙනවා යනුය. ඊට අකමැත්තෙන් වුවත් එකඟවූ ඔහු ජීව‌ත්‌ව සිටියා නම් අද වනවිට දකින්නේ, 1976 වඩුකෝඩ්ඩෙයි ප්‍රකාශය මෙන්, 2003 ඔළුවිල් ප්‍රකාශණය හරහා සිදුවීමට යන ඉත්තෑවගෙ ගෙට කැබැල්ලා රිංගුවා වැනි නැස්පත්තියකි. ඊනියා ඓතිහාසික දෙමළ හෝම්ලන්ඩ් එකේ භූමි ප්‍රමාණය තව තවත් කුඩාවී යෑමත්, මුස්ලිම් හතුරෙක් ගෙයි පිළිකන්නේ සිටීමත්‌ය!

විග්නේෂ්වරන්ගේ දේවානම් පිය-තීෂන් පාර

සම්බන්‌ධන්ගේ වැල්වටාරම් පෙත්සමෙන් ඔහු රට ගෙන යන්නට හදන රවුම්, අන්තිමේදී බලන විට පරංගියා කෝට්ටේ ගියා මෙන් විග්නේෂ්ගේ අළුත් තීෂන් පාර මඟින් දෙමළ බෙදුම්වාදයෙන් කෙළවර වේ. මේ තීෂන් පාර, පණ අදිමින් සිටිනා දෙමළ නිජභූමි මිථ්‍යාවට අළුතෙන් ඔක්‍ෂිජන් දීමේ උත්සාහයකි. උතුරට බුදු පිළිම එපා, පන්සල් එපා යයි කීමට පෙර, උපන්දා සිට කොළඹින් හැමදේම ලබාගත්, පුත්තු දෙන්නාට සිංහල ස්‌ත්‍රීන් දෙන්නෙක්ද ලබාගත්, මේ විග්නේෂ්වරන්, එක පැත්තකින් 1948 න් පසු ලංකාවේ දෙමළ ජන සංහාරයක් වෙනවා යයි කියමින්, අනිත් අතට, මිහිඳු මාහිමියන්ට කලින් ලංකාවේ දෙමළ බෞද්‌ධයින් සිටියා යයි කියමින් සිංහලයාට කලින් දෙමළා ලංකාවේ සිටියා යයි, චෙල්වාගේ නිජබිම් කතාව උඩු යටිකුරු කර ඇත. සම්බන්‌ධන් විසින් ඔහුගේ පෙත්සමෙන් මේ පාරුවට නගින්නට තතනා ඇත.

තේසවලමෙයි වෙල්ලාල මනස

මේ නිසා කෙටියෙන් කියනවා නම් මේ අය දකින්නේ පුරා විද්‍යා ප්‍රශ්ණයක් නොව, සිංහලීකරණය යයි කියන පරණ බිල්ලා මය. එනම් ලන්දේසි කාලයේ ආරම්භවී ඉංග්‍රීසි කාලයේදී වෙල්ලාල ජනයා බලගැන්‌වූ තේසවලාමේ නීතිය සිංහල විරෝධී වැටක් ලෙස පාවිච්චි කිරීමය. එසේ නොවේ නම් සම්බන්‌ධන්ගේ හා නිර්‌මලාගේ (අයිලන්ඩ්, ජූනි 12) පෙත්සමේ/ලිපියේ කතාකරන්නට දෙයක් ඇත්තේම නැත. මෙතෙක් ගැයූ දෙමළ නිජබිම් සිංදුව (මිථ්‍යාව) වෙනුවට, සිංහල බෞද්‌ධයින් හොඳින්ම දන්නා, ලංකාවේ දෙමළ බෞද්‌ධයින් සිටියා විය යුතුය යන කාරණයට, අමුතු, (තීෂන්) ජාතිවාදී නවපණක් දෙමින්, පුරාවිද්‍යා නටබුන් තුලින් අළුත් සංහිඳියා නාටකයක් ගෙන ඒමට වලිකෑම, සැඩපාරේ ගසා ගෙන යන මිනිහා පිඳුරු ගහෙත් එල්ලෙනවා යන ප්‍රස්ථා පිරුළ සිහිකරවන්නේය.

පුරා විද්‍යා මුව හමට තඩිබෑම

නැඟෙනහිර පලාත සඳහා පුරාවිද්‍යා කාර්‌ය සාධක බලකායක් පත්කල විට, සම්බන්‌ධන් මහතාට (සම්බා), හදිසියේම, විජය රජුට පෙර දකුණේ තිබුණා යයි කියන තොන්ඩේස්වරන් නම් කෝවිලක් මතක්‌වී තිබේ! මෙය හොයා දුන්නේ නැතැයි සම්බා පුරා විද්‍යා දෙපාර්‌තමේන්තුවට (පුරාවිද්‍යාව) චෝදනා නඟන්නේ, යහපාලන කාලයේ, ඔහුට <බලය> තිබූ කාලයේ ඔහු කලේ දියවන්නා හෝටලයට ගොස් නිදා සිටීම (පාර්ලි විවාද වීඩියෝ පටි වල අප මෙය දැක ඇත) නොවේද යන්න අමතක කරමින්‌ය. එහි නටබුන් තිබෙනවා යයි කතාවක් ඇතැයි කියන ඔහු එය තිබෙනවා යයි කියන ස්ථානය ගැන යම් හෝඩුවාවක් දැන්වත් පුරාවිද්‍යාවට නොදෙන්නේ ඇයි? මුන්නේෂ්වරම් දේවාලය ගැනද ඔහු සඳහන් කරයි. එය අපට මතක, මර්වින් සිල්වා ඇමතිකාලේ එහි ගොසින් එහි කරගෙන ගිය එළුවන්, කුකුළන් ගේ බිලි පූජා තහනම් කර සතුන් මුදා හල ආකාරය නිසාය.

පුරා විද්‍යාව එක ආගමක් පමණක් ප්‍රොමෝට් කරමින්, අනිත් ආගම් වල නීත්‍යානුකූල ඉන්ටරස්ට්ස් (රයිට්ස් යන වචනය ඔහුට අමතක වෙලාද?) වලට හානිකර ලෙස කටයුතු කරතැයි චෝදනා කරන, සම්බාට හිටපු හැටියේ පන්සල්වල ඇති දෙමළ ශිලාලිපි මතක් වන්නේ, හරියට පුරාවිද්‍යාව හෝ හාමුදුරුවරු ඒවා මකා දමන්නට හැදුවා වගේය. බුදු හාමුදුරුවෝ හින්‌දු ආගමට විරුද්‌ධ වූයේ නැතැයි කියන සම්බා, බුදුන්, හින්‌දු ආගම පිරිසිදු කරන්නට තැත්කලා යයි විශ්වාසයක් ඇතැයි කියයි! තම පෙත්සම මඟින් සම්බා කරන්නේ, විග්නේෂ්වරන්ගේ තීසන් පිස්සුව ටී.එ‌න්.‌ඒ නිල ප්‍රකාශණයක් ලෙස වහෙන් ඔරෝ ක්‍රමයට එලියට දැමීමය. දැන් මේ තීසන් මිථ්‍යාව, පුරාවිද්‍යාව පක්‍ෂග්‍රාහී ලෙස (බෞද්‌ධයින්ට) ක්‍රියාකරණවා යයි චෝදනා කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. සම්බා කියන්නේ මේ පුරාවිද්‍යා බලකායෙන් සිදුකරන්නට යන්නේ බුද්‌‌ධාගම රක්‍ෂාකිරීම, සුරැකීම හා ප්‍රවර්‌ධනය කිරීම යන මුවාවෙන්, එම <දෙමළ බෞද්‌ධ> පුරා විද්‍යා නටබුන් ස්ථාන වල සිංහල ජනයා පදිංචිකරවා උතුරු-නැඟෙනහිර සිංහලීකරණය කිරීම තහවුරු කර ගැනීම යනුය.

ඔල්මාදකාරයින් රැළක්

මෙම ඔල්මාදය සමාන කල හැක්කේ අගමැති බණ්ඩාරනායක චෙල්වනායගම් ගැන 1958 දී පාර්ලිමේන්තුවේදී කී කතාවටය. දැන් ඉතින් දෙමළ ජනයාට උපකාර කල (ගලවාගත?) හැක්කේ දෙවියන්ට පමණක් යයි 1970 ජූලි චන්දයට පසු චෙල්වනායගම් සිතූවා යයි, ඔහුගේ දුවගේ සැමියාවූ ඒ. ජේ. විල්සන් ලියුවේය. 1975 දී ඔහු, ත්‍රස්තවාදියෙකුවූ ශිවකුමාරන්ගේ පිළිරුවට මල්මාලාවක් දැම්මේය. දෙමළ රටක් සඳහා මාරාන්තික සටනක් කිරීම හැර වෙන කල හැකි දෙයක් නැතැයි ඒ වන විට ඔහුට ශාක්ශාත්‌ව තිබුණායයි විල්සන් ලියයි. ලක්‍ෂ්මන් වික්‍රමසිංහ නම් පාදිලිතුමා (රනිල්ගේ බාප්පා) විසින් 1977 චෙල්වනාගම් මියගිය විට ඔහු දෙමළ මෝසස් කෙනෙක් යයි පැවසුවේ මේ නිසා විය යුතුය. නමුත්, කලින් අමිර්‌තලිංගම්, දැන් සුමන්තිරන්, සම්බන්‌ධන්, විග්නේෂ්වරන්ලාගේ හැසිරීම දෙස බලන විට, 1958 දී චෙල්වා ගන අගමැති කල ප්‍රකාශය කිරි ගහට ඇන්නා වගේ නොවේද?

පන්සලේ කෝවිල්!

පන්සලක දෙමළ ශිලාලිපියක්, දෙකක් තිබෙනවා නම් ඒ පන්සල් අතීත දෙමළ බෞද්‌ධයාගේ පන්සල් ලෙස පුරාවිද්‍යාව විසින් ප්‍රචලිත කල යුතුව තිබුණේය යන්න සම්බාගේ තර්‌කයය! එසේ කලා නම් බෞද්‌ධ-හින්දු සංහිදියාවක් ගොඩ නැඟෙනවා නොවේදැයි ඔහු අසයි. ලංකාවේ පන්සල් වල හින්දු-බෞද්‌ධ සංහිඳියාව ගැන ක්‍රිස්තියානි නිර්‌මලා හෝ හින්දු සම්බන්‌ධන් නොදන්නා දෙයක් ඇත. එය නම් ලංකාවේ පන්සල්වල වන්ඳනා අවකාශයෙන් (සේක්‍රඩ් ස්පේස්) සියේට 10-20 අතර ප්‍රමාණයක් වෙන්‌වී ඇත්තේ හින්‌දු දෙවි දේවතාවියන්ට යන්නය. ඒ නිසා මේ ගැන කොමිටියේ හාමුදුරුවරුන්ට බණ දෙසීමට යෑමේ අවශ්‍යතාවයක් නැත. මෙය දෙමළ බෞද්‌ධ <අයිතියක්> යයි නොකියා දෙමළ <ඉන්ටරස්ට්> යයි සම්බා කියන්නේ, විග්නේෂ්වරන්ගේ පාරේම යාමට ඔහුගේ හිතේ යම් චකිතයක් ඇති නිසා විය යුතුය. සිද්‌ධාර්‌ථ කුමාරයන් උපන්නේ ලංකාවේ යයි කියන පිස්සන් අතරට විග්නේෂ්වරන්වද එකතු කිරීමට හොඳටම ඉඩ ඇත!

නවගුන වැල හා කඩුව

නන්දා මාලිනීගේ සිංදුවෙන් කියන මුගුර නොගත් නිසා ඉන්‌දියාව ඇතුළු ආසියාවේ බොහෝ රටවලින් බුද්‌ධාගම අතුගෑවී ගියේය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ යක්‍ෂාරූඪ වූවා වැනි පින්තූරයක් පිටකවරයට දමා ලියූ පොතක, ඇමෙරිකාවේ හාවර්ඩ් සරසවියේ සිට ඊළම ප්‍රචාරයේ යෙදී සිට මියගිය ක්‍රිස්තියානි ස්ටැන්ලි තම්බයියා ඇසු කෛරාටික ප්‍රශ්ණයක් නම්, බෞද්‌ධයින් මිණී මරන්නේ ඇයි? යන්නය. මෙයත්, ඒ පොතේ ඇති වෙනත් සාවද්‍ය ප්‍රකාශ ගැනත් දිගු පිළිතුරක් ඒ කාලයේ මා ඔහුට යැව්වත් ඔහු නිහඬව සිටියේය. දැන් සම්බා කියන්නේද මේ කතාව මය. බුදු හාමුදුරුවන් මෛත්‍රීය දේශනා කලත්, රජවරුන්ගේ යුද්‌ධ වලට මැදිහත්‌වූයේ නැත. බෞද්‌ධ තරුණයින් යුද හමුදාවේ සිටින එක ගැන පවා යුරෝපීය පර්යේෂකයින් උපාධි කලේ තම්බයියලාගේ පොත් කියවාය. බිලියන් 6 කට කිට්ටු ලෝක ජනගහනයක, ක්‍රිස්තියානි, මුස්ලිම්, දෙමළ හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑම් ඉදිරියේ, ලංකාවේ සිංහල මිලියන 100 ක් පණ බේරාගෙන ඉන්නේ කෝරාණය හෝ බයිබලය පරම සත්‍යය ලෙස අදහන අයමෙන් නොව (කම් ඇන්ඩ් බිලීව්), ධම්මපදය සම්බන්‌ධයෙන් පවා, ඒහි පස්සිකෝ (කම් ඇන්ඩ් එක්සැමින්) රීතිය අනුගමණය කරමින්‌ය. එහෙත් සම්බා ජනාධිපතිට දේශනා කරන්නේ, එසේ කලොත් රට සාමකාමි, අවුල් රහිත, රටක් වන බවය!

දෙමළ නිජබිම (හෝම්ලන්ඩ්) වෙනුවට දෙමළ බෞද්‌ධ බිම

මහවැලි එල් කොටස යටතේ, වැලි ඔය, සිංහල ජනයා පදිංචිකර, උතුරු හා නැඟෙනහිර පලාත් දෙකේ භාෂාමය අඛණ්ඩභාවය කඩන්නට ආණ්ඩු ක්‍රියාකරණවා යයි ඔහු කියයි. දෙමළ නිජභූමි කතාව වෙනුවට දැන් මෙසේ භාෂා කතාවක් කියන්නේ ශාරියා අරාබි භාෂා අළුත් මුස්ලිම් බිමක් නිසා මිථ්‍යා දෙමළ නිජබිම කුඩාවීම නිසා පමණක් නොව, මුළු රටම හැමෝගේම, එනම් ශ්‍රී ලාංකිකයින්ගේ, නිජබිම කියා බොරුවට හෝ කතාවක් තිබෙන නිසාය. මේ අනුව සිංහලයාට ඇත්තේ ලංකා පොකුණේ වෙන්කල කොටසකි. එහෙත් දෙමළා හා මුසල්මාණුවාට මුළු පොකුණේම, පලාත් නවයේම, පිණුම් ගැසිය හැකිය! ලෝකයේ සිංහල ජාතියට නිජබිමක් තිබෙන්නේ කොහේද යනුවෙන් ප්‍රශ්ණයක් ඉදිරියේදී හෝ අසන්නට අවකාශයක් ලබාදෙන අයුරු, රුවන්වැලි මහාසෑය ඉදිරියේ දිවුරුම් දෙන්නට, ශක්තිය ඇති සිංහල දේශපාලකයෙක්, 2020 වන තෙක් රටේ නොසිටියේය.

ඇනෝපිලීස් මඳුරුවා

ලන්දේසිකාරයින්ගේ අසාර්‍ථකවූ දුම්කොල වගාවේ සිට, පසුව ඉංග්‍රීසිකාරයින් විසින් වන්නි හිස් බිම්වල, දෙමළ-මලබාර් ජනයා පදිංචිකරවීමේ ව්‍යාපාරයක් ගෙන ගියද, එය බකල් කලේ ඇනෝපිලීස් මඳුරුවාය. තම පර්යේෂණ මඟින් විශ්‍රාමලත් භූගෝල විද්‍යා මහාචාර්ය ජී. එච්. පීරිස් මහතා මේ බව පෙන්‌වා දුන්නේය. මැලේරියාව නිසා, නැඟෙනහිරට අළුතින් ආගමනයවූ දෙමළ හා මුස්ලිම් ජනයා නැඟෙනහිර මුහුදු වෙරළාසන්නයට සීමාවූ බවත්, එහෙත් පුරාණ සිංහල ගම්වල ගැමියා රට ඇතුලේ දිගටම තම ජනාවාස රැකගෙන ජීවත්‌වු බවත් සංඛ්‍යාලේඛන වාර්‌තා මඟින් ඔහු ප්‍රසිද්‌ධ කලේය. ඉංග්‍රීසි සිවිල් සේවකයින් විසින් 1800 දශක වලදී මේ පුරාණ ගම්වාසීන් විඳි දුක සිය නිල වාර්‌තාවල සඳහන් කර ඇති අන්දම ඔහු සටහන් කරයි. කිසිදු ආකාරයකින් <දෙමළ පාරම්පරික> ඉඩම් සිංහල ජනපද සඳහා උඳුරාගෙන නැත. 1970 දශකයේදී පවා යාපනේ කම්කරුවන් පුත්තලම සිමෙන්ති කම්හලට ඒමට අකමැතිවූ නිසා, කෑගල්ල වැනි ප්‍රදේශ වලින් සිංහල කම්කරුවන් ගෙන ඒමට සිදුවිය. කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටරියේ නිලධාරීන් පවා පුත්තලමට මාරු කිරීමට සිදුවූයේ බලෙන්‌ය.

3 වන කොටස: බණ්ඩාරණායක-ඩඩ්ලි අගමැති දෙන්නා රට පාවාදීම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress